සමාවෙන්න රොන් අය්යා, මම අදයි මේ සටහන දැක්කේ. ඉතින් යමක් නොලියා යන්නෙ කොහොමද?
මම විජයගේ සිනමා රසිකයෙක් නොවුනත්, ඔහුගේ මානව දයාවත්, නිර්ව්‍යාජ බවත් ඉහලින්ම අගය කරනවා. ජාති ආගම් වශයෙන් මනුෂ්‍ය ජාතිය බෙදා වෙන්කල නොහැකි බව ඔහු දැඩිලෙස විශ්වාස කලා.අප රටේ සිංහල සහ දෙමළ ජනතාව අතර සමඟිය නගා සිටුවීමට ඔහු ගත් උත්සාහය ඉතා අගනේයි. එසේම දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව ඔහුගේ සටන් පාඨය වුනා. ඉතින් මම ඔහුව සැමදාම සමාන කෙරුවේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියාවූ ගාන්ධි තුමාටයි. මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට එකට සමඟියෙන් ජීවත් විය නොහැකි නම්,අහිංසක මිනිසුන්ගේ ලේ සලනවාට වඩා, මුස්ලිම් භක්තිකයන් ඉන්දීය රාජ්‍යයෙන් වෙන්වී පාකිස්ථානය පිහිටුවා සාමය උදාකරනු හැර වෙන විකල්පයක් නොමැති බව ඔහු කියා සිටියා. ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ මෙම මානව හිතවාදී අදහස් නිසාමයි. විජයට අත්වූයේද ඒ හා සමාන ඉරණමක්.
විජය සැමරීම පිණිස මේ දිනවල ඔහුගේ චිත්‍රපට රැසක් රූපවාහිනී නාලිකා මඟින් පෙන්වනවා. ඔබ සඳහන් කල ක්‍රිස්තු චරිතය ඊයේ (බදාදා)විකාශනය වුනා. නමුත් මට කිසි දිනක එම චිත්‍රපටය බලන්නට තරම් ආත්ම ශක්තියක් නැත්තේ, ජේසුස් වහන්සේ විඳි දුක් ගැහැට, කුරුසියේ ඇණ ගැසීම සහ උන්වහන්සේගේ උකුත්වීමේ දර්ශන බලා සිටිය නොහැකි නිසායි.
විජයගේ ඝාතකයන් ගැනත් කිව යුතුයි. සමනලයාට කොකා ගැස්සූ නොමිනිසාගේ සොහොයුරියක් අපගේ සේවා ස්ථානයේ සේචය කලා. එම නිවසේ තවත් මළගමකට අපට යන්නට සිදුවුනේ යුතුකම් ඉටුකිරීමටයි. එදා තරම් මගේ සිතට පිළිකුලක් දැනුනු තරම් කියන්නට වචන නැහැ. මමත් සාමාන්‍ය පෘතග්ජන හැඟිම් ඇති අයකු නිසයි. නමුත් විජයගෙන් ඇසුවානම්, තමාට වෙඩි තැබූ පාපතරයාට පවා ඔහු අනුකම්පා කරනවාට සැක නැහැ. ජේසුස් වහන්සේගේ චරිතය රඟපෑමට විජය තරම් සුදුස්සෙක් තවත් කොහේද? ජේසුස් වහන්සේද තම දෙවි පියාණන්ගෙන් අයැද සිටියේ තම ඝාතකයන් නොදැන කල වරදට සමාව දෙන ලෙසයි.