~සමනළයෙකුට වෙඩි තැබීම~

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    රොන් සොයුර , සමාවෙන්න මම අදයි මේ සටහන දැක්කේ.
    සමනලයෙකුටත් වඩා අහිංසක සතෙක් ඉන්නවනම් ඒ හා සමානයි විජය. ඔහුගේ දේශපාලන ජනප්‍රියත්වය විඳදරා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් ඔහුව ඝාතනය කළත්, ඔහු කිසිදා මියගියේ නැහැ. ඔහුව මරන්න කිසිවෙකුටත් බැහැ.
    මෙවැනි පුද්ගලයන් වැඩි වැඩියෙන් ඇවැසි අදවැනි සමාජයකට ඔහුගේ අඩුව කිසිදා පිරවිය නොහැක.
     
    • Like
    Reactions: ronsilva

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඒක නම් ඇත්ත තමයි මල්ලියා.. අද ඒ ගොල්ලොම ඒ ගීත තමන්ගේ ජන්ද ව්‍යාපාරවලටත් උපයෝගී කරගෙන..

    මා දන්නා තරමින් රෝහණ විජේවිරගේ කැමතිම සිනමා නළුවත් විජයමයි.. විජය මරා දමන්න පෙලඹුනෙත් ඒ අයමයි..

    බොහොමත්ම ස්තුතියි මල්ලියා අදහස්වලට..

    **site feedback එකේ දැම්මේ මේ මනුස්සයට ලැබෙන්න ඕනෙ උපහාරය වැඩි දෙනෙක් ලවා ලබා දෙන්න හිතපු හින්දයි.. වෙන site එකක දැම්ම නම් විනාඩි 5න් ඕක යට ගිහින් කිසි කෙනෙකුට දකින්න ලැබෙන්නේ නෑ..

    කෙල්ලෙක්ගේ පොඩ්ඩක් අඟ පසඟ පෙන්නලා pic එකක් දැම්මොත් ඒකට වැල නොකැඩී ප්‍රතිචාර ලියමින් ඒවාම bump කරමින් ඉන්නා තැනක මේවා ගැන කුමන කථාද මල්ලී**....
    man danna tharamin wijayawa maruwe UNP eken eth anthimata ahu une JVP eka.
    dan e degolloma tama wijayage nirmana mathin thaman ge pakshikayanwa bala ganwanna uthsaha karanne.
    eka vijayage nirmana saha ohuta karana loku apahasayak.

    **meke inna godak untanam mewage thread penne ne tama. eth mewata kamathi sanwedi aya godak innawa. e aya wenuwen api me thread 1 udin thiyagamu :)**
     
    • Like
    Reactions: ronsilva

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    [FONT=&quot]ආදරණිය විජය ඔබ මිය ගොස් නැත….[/FONT]

    අද සමාජයට ඔහුගෙන් ගන්න හා වෙන්න තිබුන සමානාත්මතා මිනිස් මෙහෙවර අතරමග ලොප් කරපු අපේම සිත් පිත් නැති එක් මිනිස් කොට්ඨාශයක් හිත යටින් හිතල සතුටු වෙනව ඇති ඔහුව අප අතරින් තුරන් කිරීම ගැන..

    නමුත් ඒක ජාතික අපරාධයක් බව ඒ අධමයෝ දන්නේ නෑ..උන් උන්ගේ රටට, දූ දරුවන්ට කොටින්ම ජාතියක් වශයෙන් උන්ටම කර ගත්තේ ගෙවල ඉවර කර ගන්න බැරි මහා පාප කර්මයක්..

    ඒ ඔක්කොම ගෙන සලකල බලන කොට විජය නෙවෙයි මැරුනේ...මැරුනේ පවුල් පිටින් උන්.......

    බොහොම ස්තුතියි සටහන කියෙව්වට........
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් සොයුර , සමාවෙන්න මම අදයි මේ සටහන දැක්කේ.
    සමනලයෙකුටත් වඩා අහිංසක සතෙක් ඉන්නවනම් ඒ හා සමානයි විජය. ඔහුගේ දේශපාලන ජනප්‍රියත්වය විඳදරා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් ඔහුව ඝාතනය කළත්, ඔහු කිසිදා මියගියේ නැහැ. ඔහුව මරන්න කිසිවෙකුටත් බැහැ.
    මෙවැනි පුද්ගලයන් වැඩි වැඩියෙන් ඇවැසි අදවැනි සමාජයකට ඔහුගේ අඩුව කිසිදා පිරවිය නොහැක.

    සමන්ත සොයුර මං දන්නවා ඔයාට ආයේ විජය ගැන මොනවා අමුතුවෙන් කියන්නද...
    ධර්මසේන පතිරාජගේ හොඳම හිතවතෙක්නේ අපේ විජය අය්යා...

    ඒ සුසංයෝගයෙන් බිහිවුන හා වෙනස්වුන ලාංකීය සිනමා ගමන ගැන කවර කථාද...ඒක තරම් සුන්දර ප්‍රබෝධමත් සිනමාවක් තවම බිහි වෙලා නෑ..

    හන්තානේ කථාව..අහස් ගව්ව....බමරු ඇවිත්...එයා දැන් ලොකු ලමයෙක්...පාර දිගේ
    මේවා සිංහල සිනමාවේ නොමියෙන මග සලකුණූ...

    බොහොම ස්තුතියි සහෝදරයා සටහනට යමක් එක් කලාට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    man danna tharamin wijayawa maruwe UNP eken eth anthimata ahu une JVP eka.
    dan e degolloma tama wijayage nirmana mathin thaman ge pakshikayanwa bala ganwanna uthsaha karanne.
    eka vijayage nirmana saha ohuta karana loku apahasayak.

    **meke inna godak untanam mewage thread penne ne tama. eth mewata kamathi sanwedi aya godak innawa. e aya wenuwen api me thread 1 udin thiyagamu :)**

    මල්ලියා සැබෑ පුවත නම් මෙහෙමයි..

    ජේ.ආර් ගෙ කාලේ
    UNP එක මුල ඉඳන්ම කලේ විජයව "නැක්සලයිට්"(Naxalite or Naxalvadis are a group of far-left radical communists, supportive of Maoist political sentiment and ideology. The movement has originated from the village of Naxalbari in the Indian state of West Bengal.) කෙනෙකු විදිහට හංවඩු ගහලා බොරු චෝදනා ගොතලා හිරේ විලංගුවේ දාලා තිබ්බ එකයි...

    මොකද UNP එකේ රාජ්‍ය ආරක්ෂක අංශවලට හොයා ගන්න බැරිව හැංගිලා හිටපු උපතිස්ස ගමනායක (JVP දෙවෙනි නායකයා)පවා ඉන්න තැනින් එලියට ගෙනත් බාර කලේ විජය...

    ජේ.ආර් උතුරේ ත්‍රස්තවාදයට පිලියමක් වශයෙන් 1987 ඉන්දීය සාම හමුදාව ලංකාවට ගෙනාපු වෙලේ එය අනුමත කරල මුලින්ම ප්‍රකාශයක් කලේ විජය විතරයි...අන්න එතැන් පටන් තමයි JVP එක විජයට එරෙහිව ඔහුගේ ඝාතන සැලසුම දියත් කලේ..

    පස්සෙ බලයට පත්වුන ප්‍රේමදාස විජය සමඟ මුලදී හොඳින් කටයුතු කලත් පසුව සුළු සුළු විරසකකම් තිබුනා..නමුත් ඔහුව මරා දාන්න ඔහුට වුවමනාවක් තිබුනේ නෑ..
    JVP එක ඒ අවස්ථාවේ ලොකු උත්සාහයක් දැරුවා ඒක ප්‍රේමදාස පිටින් යවන්න..නමුත් අවසානයේ සැකකරු අසුවීමෙන් පසු ඔහුගේ පාපොච්චාරණයට අනුව එය JVP එකේ සැලසුමක් බව අනාවරණය වුනා...

    මල්ලියා පුලුවන් නම් හොයාගෙන බලන්න විජය රඟ පෑ...ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කල "පාර දිගේ" කියන සිංහල චිත්‍රපටය...අද දවසේ තරුණ තරුණියන් බැලිය යුතුම සම්භාව්‍ය ගණයේ සිනමා සලෙරුවක්...

    පාර දිගේ’ චිත‍්‍රපටය අජිත් තිලකසේනගේ ගේ විශිෂ්ට තිර නාටකයක්.

    අවතැන් වූ තාරුණ්‍යය පිළිබඳ පතිරාජ නිර්මාණය කළ සිනමාති‍්‍රකයේ (‘අහස් ගව්ව‘, ‘පාර දිගේ’ හා ‘මතුයම් දවස’) ඉතා වැදගත් කොටසක් ලෙස ‘පාර දිගේ’ දක්වන්න පුළුවන්.

    ‘සමාජ සත්තා යථාර්ථවාදය’
    (SOCIALIST REALISM) වැනි සංකල්ප සාහිත්‍ය කලාවේ මුල්බැහැගෙන තිබුණු සමාජ වකවානුවක අජිත් තිලකසේනගේ මේ නූතනවාදි මතිමතාන්තර අපේ ඔළුවල තිබුණු මළකඩ පිහදාලා දාන්න හොඳ බුරුසුවක් වුණා යැයි කියන්න පුළුවන්.

    මල්ලිලත් ඕවා අත පත ගාලා පරිශීලනය කරන එක මල්ලිලගේ අනාගතයට ලොකු පිටුවහලක් හා රුකුලක් වෙයි...

    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සමාවෙන්න රොන් අය්යා, මම අදයි මේ සටහන දැක්කේ. ඉතින් යමක් නොලියා යන්නෙ කොහොමද?
    මම විජයගේ සිනමා රසිකයෙක් නොවුනත්, ඔහුගේ මානව දයාවත්, නිර්ව්‍යාජ බවත් ඉහලින්ම අගය කරනවා. ජාති ආගම් වශයෙන් මනුෂ්‍ය ජාතිය බෙදා වෙන්කල නොහැකි බව ඔහු දැඩිලෙස විශ්වාස කලා.අප රටේ සිංහල සහ දෙමළ ජනතාව අතර සමඟිය නගා සිටුවීමට ඔහු ගත් උත්සාහය ඉතා අගනේයි. එසේම දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව ඔහුගේ සටන් පාඨය වුනා. ඉතින් මම ඔහුව සැමදාම සමාන කෙරුවේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියාවූ ගාන්ධි තුමාටයි. මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට එකට සමඟියෙන් ජීවත් විය නොහැකි නම්,අහිංසක මිනිසුන්ගේ ලේ සලනවාට වඩා, මුස්ලිම් භක්තිකයන් ඉන්දීය රාජ්‍යයෙන් වෙන්වී පාකිස්ථානය පිහිටුවා සාමය උදාකරනු හැර වෙන විකල්පයක් නොමැති බව ඔහු කියා සිටියා. ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ මෙම මානව හිතවාදී අදහස් නිසාමයි. විජයට අත්වූයේද ඒ හා සමාන ඉරණමක්.
    විජය සැමරීම පිණිස මේ දිනවල ඔහුගේ චිත්‍රපට රැසක් රූපවාහිනී නාලිකා මඟින් පෙන්වනවා. ඔබ සඳහන් කල ක්‍රිස්තු චරිතය ඊයේ (බදාදා)විකාශනය වුනා. නමුත් මට කිසි දිනක එම චිත්‍රපටය බලන්නට තරම් ආත්ම ශක්තියක් නැත්තේ, ජේසුස් වහන්සේ විඳි දුක් ගැහැට, කුරුසියේ ඇණ ගැසීම සහ උන්වහන්සේගේ උකුත්වීමේ දර්ශන බලා සිටිය නොහැකි නිසායි.
    විජයගේ ඝාතකයන් ගැනත් කිව යුතුයි. සමනලයාට කොකා ගැස්සූ නොමිනිසාගේ සොහොයුරියක් අපගේ සේවා ස්ථානයේ සේචය කලා. එම නිවසේ තවත් මළගමකට අපට යන්නට සිදුවුනේ යුතුකම් ඉටුකිරීමටයි. එදා තරම් මගේ සිතට පිළිකුලක් දැනුනු තරම් කියන්නට වචන නැහැ. මමත් සාමාන්‍ය පෘතග්ජන හැඟිම් ඇති අයකු නිසයි. නමුත් විජයගෙන් ඇසුවානම්, තමාට වෙඩි තැබූ පාපතරයාට පවා ඔහු අනුකම්පා කරනවාට සැක නැහැ. ජේසුස් වහන්සේගේ චරිතය රඟපෑමට විජය තරම් සුදුස්සෙක් තවත් කොහේද? ජේසුස් වහන්සේද තම දෙවි පියාණන්ගෙන් අයැද සිටියේ තම ඝාතකයන් නොදැන කල වරදට සමාව දෙන ලෙසයි.
     
    • Like
    Reactions: EPCO

    කමක් නෑ ක්‍රිෂාන්ති නංගි දැන් ඒකටත් හරි යන්න දිගම දිග වටිනා දේවල් ගොඩක් මගේ සටහන එලිය කරන්න ලියලා එකතු කරලා තියෙනවනේ...

    හොඳ මිනිස්සු එක්කෙනා එක්කෙනා අප අතරින් නික්මෙනවා..අවාසනාවන්ත වෙලා තියෙන්නේ අපියි..මේවා දකින්න හා අහන්න...

    විජය ඝාතකයාගේ නැගණිය මොන වගේ ස්ථාවරයකද මේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්නේ??

    නංගියට බොහොම ස්තුතියි මේ සටහන අගය කලාට.....
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    රොන් සහෝදරයා අහපු නිසයි මේ කියන්නේ.
    විජය ඝාතකයාගේ නැගනිය හැසිරුනේ ඒ ගැන කිසිත් නොදන්නා ලෙසයි. ඒ කුරිරු සිද්ධිය ගැන කිසිවෙකු එළිපිට කථා කලේ නැහැ. මා හිතන්නේ සේවා ස්ථානයේ බොහෝ අය දැනගෙන සිටියේ නැහැ ඇය ඔහුගේ නැගනියක් බව. ඇය මගේම අංශයේ සේවය කලත්, මමත් ඒ පිළිබඳව දැනගත්තේ බොහෝ කාලයකට පසුවයි. සිද්ධිය දන්නා අය පවා එය ඇයට ඇඟවූයේ නැහැ.
    අපගේ සිංහල සමාජය කොයිතරම් ඉවසිලිවන්තද,කොයිතරම් සමාවදෙන සුලුද, කොයිතරම් ත්‍යාගශීලීද කියා අපට සතුටු විය හැකියි. ඉන්දියාව හෝ පාකිස්ථානය වැනි රටක ඇයට යහතින් රැකියාව කරගෙන ඉන්න හැකි වෙයිද?
     
    අපි ඒ රටවල් එක්ක බලනකොට මානූෂීය පැත්තෙන් කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ...ටික දෙනක් ඇරුනාම..

    බොහොම ස්තුතියි සොයුරිය කරල තියෙන පැහැදිලි විස්තරයට...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විජය ඝාතනය අදටත් අභිරහසක්.. ඝාතනයට හේතුව අදටත් ප්‍රශ්නයක්
    නොවිසදුනු සිදුවීම් පෙළක එක පුරැකක් පමණක් වීම කෙතරම් දුක්බරද

    ඇත්තටම විජය යනු එක්වරක් ලොවට ලැබෙන නිර්මාණයක්...එය කෙටිකලක්
    විම කොතරම් අභාග්‍යක්ද..

    ස්තුතියි රොන් සොහෝදරයා.. ඔබගේ උත්සාහයට...
    විජය ඔබ සදාකල් මත‍කයේ රැදෙනු ඇත...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විජය ඝාතනය අදටත් අභිරහසක්.. ඝාතනයට හේතුව අදටත් ප්‍රශ්නයක්
    නොවිසදුනු සිදුවීම් පෙළක එක පුරැකක් පමණක් වීම කෙතරම් දුක්බරද

    ඇත්තටම විජය යනු එක්වරක් ලොවට ලැබෙන නිර්මාණයක්...එය කෙටිකලක්
    විම කොතරම් අභාග්‍යක්ද..

    ස්තුතියි රොන් සොහෝදරයා.. ඔබගේ උත්සාහයට...
    විජය ඔබ සදාකල් මත‍කයේ රැදෙනු ඇත...

    හදවතින්ම ස්තුතියි සටහන අගය කලාට හා අදහස් පල කලාට..

    විජය ඝාතනයට හේතුව හා ඊට සම්බන්ධ හේතුන් කීපයක් මා විසින් මෙම සටහනේ 5 වෙනි පිටුවේ දක්වා තිබෙනවා..මල්ලියා කියවලා බලන්නකෝ...

    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    සංවේදී සටහනක් අයියා...
    ඇත්ත. මේ අද කාලයේ අප අතර සිටිය යුතු මනුස්සයෙක්... අපේ අවාසනාවට අද අප අතර නොසිටිය යුත්තන් ඉතුරු වෙද්දි සිටිය යුත්තන් අපෙන් වෙන්වෙලා...
    බොහොමත්ම ස්තුතියි අයියා ඔබේ සටහනට...
    :yes::yes::yes::yes: gud!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාලයකට අවැසි වූ මිනිසෙකු පිළිබද සංවේදී සටහනක්.

    අද වෙනුවෙන් යුතුකම ඉටු කිරීම ගැන මෙන්න මගේ ගෞරවය ron අයියට.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලයකට අවැසි වූ මිනිසෙකු පිළිබද සංවේදී සටහනක්.

    අද වෙනුවෙන් යුතුකම ඉටු කිරීම ගැන මෙන්න මගේ ගෞරවය ron අයියට.

    බොහොම ස්තුතියි මල්ලියා මේ සටහන කියෙව්වට....
     
    Similar threads