කොසොල් රජු දුටු එකොලොස් වැනි සිහිනය මෙසේය,
කොසොල් රජතුමා : " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ : " රජතුමනී අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ උතුම් ශ්රී සද්ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම"