සමනොල සිරිපා පියුම දොවාගෙන... [SONG]

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,113
    4,253
    113
    Sri Lanka
    සමනොල සිරිපා පියුම දොවාගෙන... [SONG]

    සමනොල සිරිපා - පියුම දොවාගෙන..//
    සීත ගඟුල් රට වට යනවා
    සිංහරාජ වන කංචනාදයෙන්
    මේඝ වලාකුලු රජ වෙනවා.....

    තුරුලිය මල් පල - විහඟ ගීතයෙන්..//
    ආදම් උයනක් සැඟැවෙනවා
    රාවණ ලංකා ඉසුරු පුරාණය
    ගොලු මුහුදෙන් මුතු මතු වෙනවා....

    ගංගා හරවා - වැවු පෙල අමුණා
    මිහි රස මතු කල පරම්පරාවේ..//
    අනුර පොලොන්නරු සීගිරි අවුකන
    විස්කම් පෑ ගුරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ....

    සමනොල සිරිපා....

    පිරිසිදු බුදු බණ පොත්කොට රැකගෙන
    ලොවට බෙදාදුන් පරාම්පාවෙන්..//
    වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
    යුගයක් පෑ හිරු පරම්පරාවේ
    පැතිරේ කිතුරාවේ.....

    එක අම්මාගෙන් - කිරි බිවු අපි සැම..//
    එක ලේ මස් ඇති සොහොයුරැවෝ
    පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
    එකම පියාගේ දූ දරුවෝ

    පරිසරයට සුව සුවද බෙදාදෙන
    සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
    ඒක ධජයේ යට එකටම යන අපි
    ලංකා මවගේ දූ දරුවෝ
    ලංකා දූ දරුවෝ....///



    මේ සිංදුව මතකද කට්ටියට? :angry::angry::love::love::love:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේක ITN තේමා ගීතය.. මාර ලස්සනයි.
    සිරාවටම මාත් මේක කිරියෙ දාන්න හිතාගෙන හිටියෙ... එල මචො...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ලස්සනට තිබුන රට, දැන් කොච්චර කැත කරලද මේ දේශපාලුවෝ කියන හැත්ත හූරගෙන කාල? :angry: