සමයං_who ?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කවුද මේ සමයං ?


අරුණ උදයංග පතිරණ(සමයං)

33-1-191x420.jpg

2015/09/27


කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමිය පුරා පැතිර තිබුණේ දැඩි කලබලකාරී බවකි. නඩු විභාග සඳහා ඉදිරිපත් වීමට පැමිණ සිටි පුද්ගලයන් මෙන්ම තම සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගෙන්ද අධිකරණ භූමිය පිරී තිබිණි.
samayan.jpg
අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසල දැඩි පොලිස්‌ රැකවරණයක්‌ යොදවා තිබුණේය. අධිකරණයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට ඔවුන්ට නියෝග ලැබී තිබුණද ඒවා නියෝගවලට පමණක්‌ සීමා වී තිබූ බවක්‌ පෙනිණි.

කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් පිරිසක්‌ රැගත් බන්ධනාගාර බස්‌ රථය අධිකරණ භූමිය වෙත සේන්දු වන්නේ ඔය අතරතුරදීය. ඒ වන විට උදැසන 9.30 පසුවී තිබිණි.

බස්‌ රථයේ සිටි රැඳවියන් එකා දෙන්නා මාංචු පිටින් බිමට බස්‌සවනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණ මධ්‍යයේය.

රැඳවියෝ අතර විවිධ ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන් රැසක්‌ සිටියහ. රනාලේ සමයං ද ඒ අතර විය. මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් සමයංට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය.

සමයං ඇතුළු රැඳවියන් පෝලිම් ගස්‌සවා ඔවුන් අධිකරණ ශාලාව වෙත රැගෙන යන්නට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ. කඩුවෙල අධිකරණයේ පියගැටපෙළ අසලට රැගෙන ආ රැඳවියන් එකා පිටු පස එකා ඉහළට යවන්නට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ.

සමයං ද පියගැටපෙළ ඔස්‌සේ පියවර කීපයක්‌ ඉහළට ගමන් කළේය.

ඒ මොහොතේ සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. අධිකරණ ශාලාව දෙස සිට කලබලයෙන් දිව ආ නාඳුනන පුද්ගලයකු පිටගැටපෙළ ඔස්‌සේ පහළට බසින්නට වුණේය.

ගත වුණේ නිමේෂයකි. මුළු අධිකරණ ශාලාවම දෙදරුම්කමින් පිටවූ වෙඩි ප්‍රහාරය සමයංගේ සිරුර විනිවිද ගියේය.

අධිකරණය දෙස සිට ආ නාඳුනන පුද්ගලයා සමයංට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර නිරුපද්‍රිතව පහළට දිව ගියේය. ඒ වන විට බන්ධනාගාර නිලධාරීන් සිටියේද ආයුධ සන්නද්ධවය. අධිකරණයට ආරක්‍ෂාව සපයමින් සිටි පොලිස්‌ නිලධාරීන් සිටියේද ස්‌වයංක්‍රීය අවි අත දරාගෙනය.

එහෙත් ඒ මොහොතේ මේ කිසිම නිලධාරියකුගේ ගිනි අවියක්‌ ක්‍රියාත්මක වුණේ නැත. අඩුම තරමින් පලායන අපරාධකාරයා පසුපස ලුහුබඳින්නටවත් සමත්කම් ඇති ධෛර්ය සම්පන්න නිලධාරියකු ඒ මොහොතේ සිටියේ නැත.

මුළු අධිකරණ භූමියම තුෂ්ණිම්භූතය. සිදුවූයේ කුමක්‌ද යන්න කිසිවකුටත් සිතාගත නොහැක. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සමයං බිම පෙරළෙමින් විලාප නඟයි.

තුවාල ලැබූ සමයං රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ. ඒ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ සමයංගේ ගෝල බාලයන් දෙදෙනකු වූ කඩුවෙල චමින්ද සහ ඌරුජුවා හොර රහසේම මාරු වූහ.

අධිකරණයේ උත්තරීතර බව එහි ගෞරවය තුට්‌ටුවකට මායිම් නොකළ සිය ඉලක්‌කය ලබාගත් තුවක්‌කුකරුවා සහ රැඳවියන් දෙදෙනා පලා ගොස්‌ සෑහෙන වේලාවකට පසු ඔවුන් සෙවීමට පොලිසිය මෙහෙයුමක්‌ ආරම්භ කළහ. ඊට බන්ධනාගාර නිලධාරීහුද එක්‌ව සිටියහ. එහෙත් ඒ වන විට මේ අපරාධකාරයන් ආරක්‍ෂිත ස්‌ථාන කරා ගොස්‌ හමාරය.

කෙසේ වෙතත් ඝාතකයාගේ ඉලක්‌කය සාර්ථක වී තිබුණේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ සමයංගේ දකුණු උරහිසටය. සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය.

කඩුවෙල අධිකරණය වැනි ආරක්‍ෂිත ජනාකීර්ණ ස්‌ථානයකදී පුද්ගලයකුට වෙඩි තබා පලා යැම සාමාන්‍ය අපරාධකාරයකුට කළ හැකි ක්‍රියාවක්‌ද? ඒ සඳහා මනා පුහුණුවක්‌ ලැබූ ධෛර්යවන්ත පුද්ගලයකු විය යුතුය.

නොඑසේනම් මේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම පොලිස්‌ නිලධාරීන්ගෙන්ද සහයක්‌ ලැබුණා විය යුතුය.

අධිකරණයක්‌ තුළදී මෙන්ම බන්ධනාගාරය තුළද පසුගිය කාලවල අසන්නට දකින්නට ලැබුණු ඇතැම් සිදුවීම් නිසා මේ ප්‍රහාරයට කිසියම් නිලධාරියකුගේ සහායක්‌ ලැබුණේද යන්න බැහැර කළ නොහැකි සැකයකි.

කඩුවෙල කියූ පමණින් අපගේ සිතට නැඟෙන්නේ කඩුවෙල වසන්ත නමැති අපරාධකාරයාය. වසන්තගෙන් පසු ඒ තැන ගන්නේ කරාටේ ධම්මිකය. මේ නරුම අපරාධකාරයන්ගෙන් කඩුවෙල නගරයට විරාමයක්‌ ලැබුණේ දැනට වසර ගණනාවකට උඩදීය.

කඩුවෙල කේන්ද්‍ර කරගත් අපරාධ ලෝකයට අලුතින් එකතු වූ විෂබීජය වන්නේ රනාලේ සමයංය. රනාලේ සමයා ලෙස ද මේ අපරාධකාරයා හැඳින්වූයේය.

උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග නොහොත් රනාලේ සමයංට හරිහමන් ජාතියක්‌ ජන්මයක්‌ තිබුණේ නැත. සමයං හදාවඩා ගන්නේ රනාල මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක්‌ විසින්ය. ඇගේ සැමියාද ගුරුවරයෙකි. මේ ගුරු යුවළට දරුවන් සිටියේ නැත. ඔවුන් දරුකමට හදාගත්තේ අරුණ උදයංගය.

රනාල මහා විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ අරුණ උදයංග කඩාකල සිටම මහා දඩබ්බරයෙකි. අරුණ උදයංග යහමඟට ගන්නට ගුරු යුවළ නොගත් උත්සාහයක්‌ නැත. එහෙත් මේ පෝරිසාදයා යහපත් මිනිසකු කිරීමට ඔවුන්ට හැකි වුණේ නැත.

රනාල ප්‍රදේශයේ නන්නත්තාර වූ තරුණයන්ගේ සංගමය හා එක්‌ වූ අරුණ උදයංග ගංජා පානයට ඇබ්බැහි වුණේය. ඉන් නොනැවතුණු මොහු හෙරොයින් භාවිතයට ද පුරුදු වුණේය.

පුතේ මං උඹව හදාගත්තේ රටට වැඩදායී මිනිහෙක්‌ කරන්න. උඹ දැන් මුළු පළාතටම එපා කරපු එකෙක්‌ වෙලා.

ගුරු යුවළ අරුණ උදයංගට නොවඳිනා වැඳුම් වැන්දොaය. එහෙත් මේ අවවාද අනුශාසනා කන්නලව් සියල්ල ගඟට ඉනි කැපුවාක්‌ බඳු විය.

ගුරු යුවළ දුක්‌ මහන්සියෙන් උපයන මුදල් මේ පාපතරයා රිසිසේ වියදම් කරන්නට පටන් ගත්තේය. අරුණ උදයංග අත දිගහැර මුදල් වියදම් කරද්දී රනාලේ රස්‌තියාදුකාරයන් මේ පාපතර පුත්‍රයා වටා එකතු වන්නට පටන් ගත්තේය.

පිරිස්‌ බලය මෙන්ම මුදල් බලය නොඅඩුව ලැබෙද්දී අරුණ උදයංගට නිතැතින්ම චණ්‌ඩිකමද ලැබුණේය.

රනාලේ චණ්‌ඩියා වුණේ අරුණ උදයංගය. රනාලේ සමයං යන නම මොහුට පටබැඳෙන්නේ මේ කාල වකවානුවේදීය.

ගුරු යුවළට අයත් වෙළෙඳසල් කීපයක්‌ අඹතලේ නගරයේ තිබුණේය. ඒ වෙළෙඳසල්වල මාසික කුලිය ලබා ගන්නේ සමයංය. ඒ ලැබෙන මුදල් කිසිවක්‌ ගුරු යුවළට ලබා දුන්නේ නැත.

ජාසිංහමුල්ලේ පිහිටි ඉඩමක්‌ සහ නිවසක්‌ රුපියල් කෝටි ගණනකට විකුණා දැම්මේය. ඒ මුදල් සියල්ල ලබා ගත්තේද සමයංය. මුදල් බලය වැඩි වෙද්දී සමයංට තිබෙන පිරිස්‌ බලය දිනෙන් දිනම ඉහළට යන්නට පටන් ගත්තේය.

රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසකට පහරදීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමයං බන්ධනාගාර ගත වන්නේය. වැලිකඩ බන්ධනාගාරයේදී සමයං අපරාධ උපාධිය හොඳින් හැදැරුවේය.

මුළු රටම විනාශ කරන පාපතර කාලකණ්‌ණින් සියලු දෙනා සමීපව ඇසුරු කළ සමයං අපරාධ විද්‍යාව පිළිබඳව හොඳ පාඨමාලාවක්‌ ලබා ගත්තේය.

පිටකොටුවේ ව්‍යාපාරික පවුල් දෙකක්‌ අතර කලක පටන් ආරවුලක්‌ පැවතුණේය. කිත්සිරි ජයසේකර පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පලතුරු වෙළෙ¹ම ජයටම කරගෙන ගිය කිත්සිරි ඉන් විශාල ආදායමක්‌ ලැබුවේය.

නීල් ද පිටකොටුවේ පලතුරු වෙළෙන්දෙකි. නීල්ගේ බිරිඳ රේණුකා ද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියාය.

ව්‍යාපාරික ප්‍රශ්න මත මේ පාර්ශ්ව දෙක අතර පැවතියේ සීතල යුද්ධයකි.

මේ අතර හිටිහැටියේම නීල් වෙඩි තබා ඝාතනය කළේය. වෙඩි තැබීම සිදුකළේ නාඳුනන තුවක්‌කුකරුවකු විසින්ය.

නීල්ගේ ඝාතනයේ චෝදනාව කෙළින්ම එල්ල වුණේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස සිටි කිත්සිරි ජයසේකර වෙතය.

එහෙත් මේ ඝාතනයට ඔහු සම්බන්ධ වූ බවට කිසිදු සාක්‍ෂියක්‌ නොවීය. පොලිසිය පරීක්‍ෂණ පැවැත් වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැත.

කිත්සිරි ජයසේකරගේ පුත්‍රයා විදේශගතව සිට මව් රටට පැමිණියේ කිසියම් ව්‍යාපාරයක්‌ කරමින් යහපත් ජීවිතයක්‌ ගත කිරීමට සිහින මවමින්ය. එහෙත් ඔහුට වැඩි දවසක්‌ ජීවත් වන්නට වාසනාව උරුම වුණේ නැත.

නීල් ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගන්නට කිත්සිරිගේ පුත්‍රයා මරා දමන්නට රේණුකා සහ ඇගේ සොහොයුරා වූ රාජා කටයුතු කළහ. මේ ඝාතනය සඳහා නීල්ගේ පුත්‍රයා වූ දිනුකද සම්බන්ධ වුණේය.

කිත්සිරිගේ පුත්‍රයා මරා දැමූ රාජා සහ දිනුක කොළඹින් පලා ගියහ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්‌ඩායමක්‌ රාජා අත්අඩංගුවට ගත්තේය. පසුව දිනුක ද අධිකරණය වෙත භාර වුණේය.

ව්‍යාපාරිකයන් දෙපිරිස අතර ඇති වී තිබූ වෛරයේ ගිනිදැල් නිම වී තිබුණේ නැත. කිත්සිරිගේ පුත්‍රයා ඝාතනය කිරීමෙන් ඒ වෛරය නිමවී තිබුණේ ද නැත.

කිත්සිරියවත් පරලොව අරින්න ඕනෙ. ඕකා තමයි අපේ තාත්තව මරා ගත්තේ. නීල්ගේ පුත්‍රයා වූ දිනුක බන්ධනාගාරය තුළ සිටම කිත්සිරි පරලොව යෑවීමේ සැලසුම සකස්‌ කළේය.

ඒ වන විට කඩුවෙල රනාල ප්‍රදේශයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ සිදුකරන නරුමයකු බිහිවී සිටින බව දිනුක දැන ගෙන සිටියේය.








 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සමයං නමැති මේ අපරාධකාරයා වෙත කිත්සිරි මරා දැමීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ බන්ධනාගාරයේ සිටින දිනුක හරහාය.

කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්‍ෂ පහකි. ඝාතනයට අවශ්‍ය කරන පිස්‌තෝලය සහ යතුරුපැදිය ද දිනුක ගේ පාර්ශ්වයෙන් ලැබී තිබුණේය.

සමයං සිය ගෝලයකු වූ කඩුවෙල චමින්ද සමඟ යතුරුපැදියෙන් ගොස්‌ පිටකොටුව මිහිඳු මාවතේදී කිත්සිරිට වෙඩි තැබුවේය. කිත්සිරි ඝාතනය කළ සමයං සහ චමින්ද දඹුල්ලට පලා ගියේ රුපියල් පන් ලක්‍ෂයේ කොන්ත්‍රාත් මුදලද ලබාගෙනය.

එහෙත් වැඩි දවසක්‌ සමයංට දඹුල්ලේ සැඟවී සිටින්නට ඉඩකඩ ලැබුණේ නැත. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමයං සහ කඩුවෙල චමින්ද කොටුකර ගත්හ.

සමයං නැවතත් වැලිකඩ බන්ධනාගාරයට එන්නේ සුපුරුදු ජීවිතය ගත කිරීම සඳහාය.

චාමර කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සමයං සමඟ සමීප මිතුදමක්‌ ගොඩනඟා ගෙන සිටි චාමර නිතර නිතරම වැලිකඩ බන්ධනාගාරය වෙත විසිට්‌ දැම්මේය. ඒ සමයංගේ සුවදුක්‌ බැලීමටය.

සරා නමැති තවත් චණ්‌ඩියකු කඩුවෙල පුරවරය ආක්‍රමණය කරමින් සිටියේය. කඩුවෙල පිහිටි ප්‍රසිද්ධ බීම නිෂ්පාදන සමාගමක සේවකයන් සැපයීමේ කාර්ය සඳහා සමයං මෙන්ම සරා අතර තිබුණේ තරගයකි.

මේ තරගය වෛරයක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබුණේය. එකිනෙකා මරා ගන්නා තත්ත්වයටම මේ වෛරය දික්‌ගැස්‌සී තිබිණි.

සරා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් චාමර ඝාතනය කරන්නේ සමයංගෙන් පළිගැනීමටය. චාමර කඩුවෙල බීම නිෂ්පාදන සමාගම අසල සිටියදී එහි පැමිණි සරා ඇතුළු සගයෝ ඔහු පසුපස පන්නාගෙන ගොස්‌ කපා කොටා සාහසික ලෙස ඝාතනය කළහ.

මේ ඝාතනය සම්බන්ධයෙන් සරා ඇතුළු සගයන් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත යන්නේ වසරකට ආසන්න කාලයක්‌ එහි ගත කිරීමටය.

මේ අතරතුර ඇප මත මුදාහරිනු ලැබූ සමයං නැවතත් රනාලට ආවේය. තම හිතවතා වූ චාමර මරා දැමීම පිළිබඳව සමයං සිටියේ දැඩි වෛරයකින්ය.

මම ඕකගෙන් කොයි වෙලාවක හරි පළි ගන්නවා. චාමර කියන්නෙ අහිංසක කොල්ලෙක්‌. උගේ ජීවිතේ නැති කරලා සරා කර ගත්තේ ලොකු වරදක්‌. සමයං සිය සගයන් සමඟ කීවේ කෙසේ හෝ සරාගෙන් පළිගත යුතු බවයි.

මාස ගණනක්‌ බන්ධනාගාර ගතව සිටි සරා නැවත කඩුවෙලට එන්නේ ඇප මත මුදාහැරීමෙන් පසුවය. සරා පරලොව යෑවීමේ සැලසුම ඒ වන විටත් සමයං විසින් සකස්‌ කර හමාරය.

ඝාතනය සඳහා මාතර ප්‍රදේශයේ කුලී ඝාතකයකු සූදානම් කරගෙන සිටියේය.

සරා මේ පිළිබඳව කිසිවක්‌ දැන සිටියේ නැත. ඔහු සිය සගයන් සමඟ රනාල නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානයක ධර්ම දේශනාවක්‌ සංවිධානය කළේය. ධර්ම දේශනය සඳහා රටේ නමගිය හිමි නමක්‌ සම්බන්ධ කරගෙන සිටියහ.

මේ ධර්ම දේශනය පැවැත් වූ දින සමයං ක්‍රියාත්මක වුණේය. ඔහු කුලී ඝාතකයා යොදවා සරා ඝාතනය කළේ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීය.

තමන්ට විරුද්ධව නැඟී සිටින සියලුම බලවේග විනාශ කර දමන්නට සමයං දෙවරක්‌ සිතා බැලුවේ නැත. කඩුවෙල ප්‍රදේශයේ එකම චණ්‌ඩියා වීමේ සිහින දකිමින් සිටි සමයං ප්‍රතිවාදී පාතාල සගයන් එකා දෙන්නා මරා දැම්මේය.

කඩුවෙල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගැනීම සමයංගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක්‌ විය. ඊට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරමෙන් ඔහු ලක්‍ෂ ගණනින් මුදල් ඉපයුවේය.

කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම ද සමයංගේ තවත් ආදායම් මාර්ගයක්‌ විය. ඒ වන විට මහා අපරාධකාරයකු බවට පත්ව සිටි සමයං කඩුවෙලට පමණක්‌ නොව රටටම පිලිලයක්‌ බවට පත්ව සිටියේය.

සමයංට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි කිසිවකුත් ඉදිරිපත් නොවුණේ ඔහුට තිබූ බිය නිසාය. එහෙත් නිර්ණාමික පැමිණිලි රැසක්‌ පොලිසිය වෙත ලැබී තිබුණේය. සමයං වෙත එල්ල වී තිබූ කප්පම් චෝදනා මත අවසානයේ ඔහු අත්අඩංගුවට පත් වන්නේය.

නැවතත් සමයං වැලිකඩ අපරාධ විද්‍යා ආයතනයට ඇතුළු වන්නේ තවදුරටත් එහි රැඳී සිටිමින් අපරාධ පිළිබඳව පාඨමාලාවක්‌ හැදැරීම සඳහාය.

බන්ධනාගාර ගත වුවද ඔහු සියලු පාතාල ක්‍රියා ඒ අයුරින්ම ක්‍රියාත්මක කළේය. මහා පරිමාණයෙන් කප්පම් ගත්තේය. කඩුවෙල ප්‍රදේශය පුරා හෙරොයින් බෙදා හැරියේය.

මේ සියලු ජාවාරම් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් වැලිකඩ බන්ධනාගාරයේදී ලබා ගැනීමට සමයංට හැකි වී තිබිණි.

මුදලට කෑදර ඇතැම් බන්ධනාගාර නිලධාරීහු සමයං ට අවශ්‍ය පහසුකම් ලබාදී ඒ වෙනුවෙන් සන්තෝෂම් මුදලක්‌ ලබා ගත්හ.

දිනේෂ් රුවන් සමයංගේ සමීපතම ගෝලයකු ලෙස කලක්‌ සේවය කළේය. අපරාධවලට සම්බන්ධ නොවූවද දිනේෂ් රුවන් සමයං සමඟ කිට්‌ටු මිතුදමක්‌ ගොඩනඟා ගෙන සිටියේය.

එහෙත් පසු කලෙක මොවුන් දෙදෙනා අතර මොකක්‌දොa විරසකයක්‌ ඇති වුණේය. ඒ විරසකය කොයි තරම් දුරදිග ගියේද යත් දිනේෂ් රුවන්ට එරෙහිව මරණ වරෙන්තු නිකුත් කිරීමට සමයං කටයුතු කර තිබුණේය.

දිනේෂ් රුවන් පසුගිය අප්‍රේල් මාසයේ එක්‌තරා දිනක රනාල බාල්දිපුරය ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටියේය.

ඒ මොහොතේ යතුරුපැදි තුනකින් පැමිණි සමයංගේ ගෝල බාලයන් හයදෙනකු ආපන ශාලාවට කඩා පැන්නේ කඩු මන්නා පිහිවලින් සන්නද්ධවය. ආහාර ගනිමින් සිටි දිනේෂ් රුවන් කපාකොටා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලා ගියහ. දිනේෂ් රුවන් ඝාතනයට නායකත්වය දුන්නේ සමයංගේ හොඳම ගෝලයා වූ කඩුවෙල චමින්දය. ඌරුජුවා ඇතුළු සමයංගේ ගෝලබාලයන් පිරිසක්‌ ඒ අතර වූහ.

දිනේෂ් රුවන් ඝාතනය කර වැඩි දවසක්‌ ගත වන්නට පෙර සමයංගේ ගෝලබාලයන් පිරිස පොලිස්‌ අත්අඩංගුවට පත්වුණේය.

සමයං වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ආධිපත්‍යයක්‌ ගොඩනඟාගෙන සිටියේය. හෙරොයින් අලෙවිය නිසා අත දිගහැර මුදල් වියදම් කිරීම හරහා ඔහු රැඳවියන් පිරිසක්‌ තමන් යටතට ගෙන සිටියේය.

සමයං ලබාදෙන ඕනෑම නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමට මේ ගෝලබාලයන් සැදී පැහැදී සිටියේය.

එදිරිසූරියගේ චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමී වැලිකඩ බන්ධනාගාරයට එන්නේ මීට මාස 09 කට උඩදීය. වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ කීපයක්‌ සම්බන්ධයෙන් චමීට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය. යුද හමුදාවේ සේවය කළ චමී ඉන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකි. යුද හමුදාවේ පාපැදි ශූරයකු වූ ඔහු දක්‍ෂ වෙඩික්‌කාරයකු ද වූවේය.

බන්ධනාගාරයේදී චමී සමයංට එරෙහිව යුද ප්‍රකාශ කළේය. සමයංගේ ගණන්කාරකම් චමී ගණනකට ගත්තේ නැත. ඉන් කෝපයට පත්ව සිටි සමයං සිය ගෝලබාලයන් යොදවා චමී දැඩි පීඩාවන්ට ලක්‌ කළේය.

බන්ධනාගාරය තුළදී චමීට ස්‌නානය කිරීමට අවස්‌ථාව ලබා දුන්නේ නැත. ඔහුට ලැබෙන ආහාර වේල කන්නට ඉඩ දුන්නේද නැත. ගෝලබාලයන් යොදවා චමීට නිතර නිතර පහර දෙන්නට සමයං කටයුතු කළේය.

"උඹ මෙතන චණ්‌ඩිකම් දාන්න එන්න එපා. මේක ඇතුළෙ චණ්‌ඩි දෙන්නෙකුට ඉන්න බැහැ. උඹ වැඩිය දඟලන්න ආවොත් මම උඹව බාවනවා"

සමයං ප්‍රසිද්ධියේම චමීට තර්ජනය කළේය.

චමී සමයං කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය.

මම කවදාහරි තෝව බාවනවා. මට කරන මේ හිරිහැරවලට උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ. චමී සිය දහස්‌ වාරයක්‌ සිතින් ශාප කළේ සමයංගෙන් පළිගන්නා බව සිතමිණි.

මීට මාස කීපයකට උඩදී චමීට ඇප ලැබුණේය. චමී වැලිකඩ බන්ධනාගාරයෙන් පිටවන්නේ සමයංගෙන් පළිගන්නා බවට තර්ජනය කරමින්ය.

ඌට බෑ මට මොනවත් කරන්න. හැබැයි ඌ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත. මම වැඩි දවස්‌ යන්න ඉස්‌සර උගෙන් පළිගන්නවා.

චමී ප්‍රසිද්ධියේම කියා සිටියේය. අංගොඩ ලොක්‌කා යනු අංගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විවිධ අපරාධවල නිරත වූ අයෙකි. ඔහු සිටියේද වැලිකඩ බන්ධනාගාරයේය. චමී අංගොඩ ලොක්‌කා සමීපව ඇසුරු කළේය. අංගොඩ ලොක්‌කා සහ සමයං අතර පැවතියේද වෛරයකි.

උඹ සමයංට වැඩක්‌ දෙනව නම් මම උදව් කරන්නම්. කිසි දේකට බය වෙන්න එපා...

සමයං පරලොව යෑවීමට අවශ්‍ය මයික්‍රෝ පිස්‌තෝලයක්‌ චමීට ලබා දුන්නේ අංගොඩ ලොක්‌කාය. සමයං අධිකරණයට රැගෙන එද්දී ඔහු මරා දැමීමට චමී සැලසුම් කළේය.

පිස්‌තෝලය කකුලේ සපත්තුවට ඉහළින් සඟවාගෙන අධිකරණය වෙත යන්නට චමී සූදානම් වුණේය. දකුණු අත වෙළුම්පටිවලින් ඔතා කරේ එල්ලා ගත් චමී ආබාධිතයකු ලෙස කඩුවෙල අධිකරණය වෙත පැමිණියේය.

තමන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නොවන ආකාරයට හැසිරීමට චමී වගබලා ගත්තේය.

සමයං අධිකරණය වෙත රැගෙන ආවේය. තමන් ඝාතනය කිරීමට චමී සැලසුම් කරගෙන සිටින බව සමයං දැන සිටියේ නැත. එහෙත් අධිකරණය තුළ සිටි චමී එකවරම ඉන් පිටතට ආවේ සපත්තු මේස්‌ තුළ සඟවාගෙන සිටි පිස්‌තෝලයද පිටතට ඇදගෙනය.

සමයං වෙත වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළ චමී තවත් වෙඩි ප්‍රහාරයක්‌ තැබීමට සූදානම් වුණේය. එහෙත් මයික්‍රෝ පිස්‌තෝලය ක්‍රියාත්මක වුණේ නැත. තම ඉලක්‌කය වැරදී ගිය පසු පිස්‌තෝලය හතර අතට එල්ල කරමින් චමී අධිකරණයෙන් පිට වූයේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙනය.

චමී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය වෙත භාර කෙරිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දින කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණ සාර්ථක වුණේය.

චමී දොම්පේ ගලකොන හන්දිය ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්‌තෝලයද සොයා ගත්තේය.

මුළු කඩුවෙලටම මහා පිළිලයක්‌ව සිටි සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය.

හේමන්ත රන්දුණු
 
Last edited:

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
2017-02-27



[FONT=&quot]චලන[/FONT]..[FONT=&quot]අමිල[/FONT]..[FONT=&quot]කැලුම්[/FONT]..[FONT=&quot]සුරංග[/FONT][FONT=&quot]සමයං[/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot]මරා[/FONT][FONT=&quot]දැමුණු[/FONT][FONT=&quot]පිරිසගේ[/FONT][FONT=&quot]තොරතුරු[/FONT][FONT=&quot]මෙතැනින්[/FONT][FONT=&quot]කියවන්න[/FONT]




කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිටි පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එමින් සිටියදී එල්ලවූ වෙඩි පහරින් මිය ගිය පිරිසගේ නම් මේ වන විට පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.
එම්.පී.අරුණ උදයංග පතිරණ(සමයං),සන්තක චලන තිලක් මල්ලිකාගේ,කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්,වාද්දුව පතිරණගේ කැලුම් ප්‍රියංකර,ලිඳමුල්ලගේ සුරංග ප්‍රසන්න කුමාර යන රැඳවියන් මිය ගිය පිරිස අතර සිටිනවා.
මෙහිදී බන්ධනාගාර නියාමක එස්.සන්නිගම් සහ බන්ධනාගාර ජේලර් එස්.ආර්.විජේරත්න යන නිලධාරීන් දෙදෙනාද ජිවිතක්ෂයට පත් වුණා.


[FONT=&quot]කැලුම් ප්‍රියංකර[/FONT]


[FONT=&quot]
11-2.jpg
[/FONT]





[FONT=&quot]සුරංග ප්‍රසන්න [/FONT]
[FONT=&quot] [/FONT]


[FONT=&quot]
22.jpg
[/FONT]





[FONT=&quot]අමිල ප්‍රසන්න [/FONT]
[FONT=&quot] [/FONT]


[FONT=&quot]
44.jpg
[/FONT]
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුන්ගෙ හැටි බලපල්ලකො..... තුට්ටු දෙකේ හාල්පාරුවො වෙපන් එකක් ගත්තම හෙන චන්ඩි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    masa ganak thisse angoda lokkage golayo eka denna maruna
    lagadi maruwe angoda rattaran,athurugiriye banda
    ekko angoda lokka return eka dila
    nattam chande kale mugen wada gatta sujeewa muta gemak dila
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    man okava tikak dannva ban. issara ehema hena thadayek nemayi. normal dial ekek . danata aurudu 8 kata vithra issara. ane manda uta mak unaada kiyala. habayi muva narak wenna mulika hethuwa demaupiyo muta onivata vada athata salli dilaa varadi karama sudda kala daduwm nodi. anthimata ammala thaththla tath koka pennuwa.


    අනිත් උන් නම් වයසේ වැරැද්දට චන්ඩි උනටයි ගංජා ගහන්නයි මුගේ වටේ සෙට් උන උන්... අනේ මන්ද එතින් තරුණ ජිවිතනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    masa ganak thisse angoda lokkage golayo eka denna maruna
    lagadi maruwe angoda rattaran,athurugiriye banda
    ekko angoda lokka return eka dila
    nattam chande kale mugen wada gatta sujeewa muta gemak dila

    බණ්ඩාර කියන එක නම් හොදයි මචං. එහෙම උණෙන්එ හිටපු එකෙක්ති නෙමෙයි. නොර්මල් එකේ හිටපු පොරක්. කුඩු කෙස්න් තිබ්බලු දුමින්දගේ ඩ්‍රයිවර්නේ. අතුරුගිරියේ හිටියට අබිලිපිටියේ කොල්ලෙක් කියල කියන්නේ. සමයන්ගේ සෙට් එක මුව මැරුva කියන්නේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,353
    6,778
    113
    හෙල බිමේ
    පාරවල් වල යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලට අනතුරක් නොකර උන් උන් මරා ගත්තට අපට කිසි අව්ලක් නැ.