සමරමු තෙමඟුල

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු සඳ රැස් ගලයි ලෝ ආලෝක වෙවී
    බෝපත් සැලෙයි බොදු බැතියෙන් ඔකඳ වෙවී
    තෙමඟුල් අසිරියෙන් සඳහම් රසය පෙවී
    නිවනට මඟ සදයි දුක ඳුර හදේ නිවී

    සමිදුන් දිනූ වෙසඟේ පුන් පොහෝ දිනේ
    මෙත් කරුණා ගුණෙන් හදවත සිසිල දැනේ
    බැතියෙන් තිලෝ සත බොදු ගී මුමුණ මිනේ
    සඟමොක් සුවය දෙනුවන් අභියසට ගෙනේ

    සෙත සුව දෙන තෙමඟුල් අසිරිය වූදා
    දොරඟුළු හරින්නට නිවනෙහි නැත බාදා
    බැති කුසුමන් පුදා හද පුදසුන සදා
    දුරුකර ගනිමු මොහදුර නුවනැස පාදා
    .......


    හැමෝටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා.....!!!

    :):):):):):):):):):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ගොඩක් ලස්සන නිර්මාණාත්මක නිර්මාණයක් .....