සමරිසියෙක්

Blacker

Member
May 15, 2015
277
35
0
හදිසි අනතුරක් වීලා -මියගිය එක සමරිසියෙක්
පෙර කල යම් පිනක් නිසා දෙව්ලොව වැඩියා

දොරටුවෙ පාලක දෙවියා-නිල් රතු පොත පෙරලාලා
සෑහීමට පත්වීලා අවසර දුන්නා


අලුත් පොරගෙ කාමරේට-යන්න පාර පෙන්නන්නට
යතුරු කැරැල්ලත් අරගෙන දෙවියා එනවා

දෙන්න ටිකක් දුර යනකොට- ඇඟිලි අගින් ලෙස්සාලා
දෙයියන්ගේ අතින් යතුරු කැරැල්ල වැටුනා

ඒක ගන්න නැමුනු සැනින්-අපේ පොරට පරණ සැපක්
මතක් වෙලා පුරුදු වැඩේ දෙයියටත් කලා

දෙවියා කෝපෙන් රතුවී-ආයි එහෙම ඔහොම කලොත්
බලාගෙනයි කියලා තර්ජනයක් දැම්මා

නැවත ටිකක් දුර යනකොට-ආයිත් ඒකම වැටුනා
ආයිත් ඒකම කෙරුනා-මලේ මල් පනී

තවත් එකම එක සැරයක්-ඔය පාහර වැඩේ කලොත්
අපායටයි යවන්නෙ තෝ දෙවියා කීවා

කාමරයේ ලඟට ඇවිත්-යතුර හිලට දමන සැනින්
අතින් ගිලිහිලා අයියෝ කැරැල්ල වැටුනා

සමරිසි තැන උන් හිටිතැන්-අමතක වීලා විගසින්
පරණ පුරුදු සත්කාරය කරන්න හැදුවා

දොරටුව පාලක දෙවියා-වචනයකුදු දෙඩුවේ නෑ
ලීවරයක් ඇද මේකව අපායෙ හෙලුවා

සති දෙක තුනකට පස්සේ-අපායෙ හෙලු පාපියාව
ගිහිං බලන්නට ඕනැ යි දෙවියා සිතුවා

අපාය පැත්තේ ගියවිට-බලන්න පුදුමයි දෙවියනි
හිමාලයට ගියා වගේ එතුමට දැනුනේ

ගිනිදැල් කිසි තැනක නැතී-හිම මිදිලා සුදට සුදේ
ලෝදිය පොකුණේ හිටයේ පෙන්ගුයින් පැටව්

කටු ඉඹුලද හිමෙන් වැසී- ඒ ගහයට ගුලි ගැහිලා
පොරෝනයක් ඇතුලේ යම රජු වෙව්ලනවා

මොකදෑ මේ වෙලා ඇත්තෙ-කෝ අපායෙ ගිනි රශ්මිය
කොහොම තිබුණු අපායක්ද මේක ඉස්සර

සීතලයෙන් වෙව්ලමිනී-කේන්තියෙන් පුපුරමිනී
යමරජු මේ විලසින් අභියෝග කරන්නේ

තමුසේ මහ කෙරුමෙක්නම්-ලිපට දාන්නට ඔතනින්
දර කොටයක් අහුලන්නට නැමිල බලනවා
 

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
තමුසේ මහ කෙරුමෙක්නම්-ලිපට දාන්නට ඔතනින්
දර කොටයක් අහුලන්නට නැමිල බලනවා

:shocked::shocked::shocked::lol::lol::lol:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තමුසේ මහ කෙරුමෙක්නම්-ලිපට දාන්නට ඔතනින්
    දර කොටයක් අහුලන්නට නැමිල බලනවා

    :lol::lol::lol::lol::lol::lol: