සමලිංගික_සාදු

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    භික්ෂූන්ගේ සමලිංගික චර්යා ගැන ලියා අපහාස කළැයි දින 129ක් රිමාන්ඩ් ගතවී සිටි ශක්තික සත්කුමාරට ඇප

    collage.png


    බෞද්ධ භික්ෂූන්ගේ සමලිංගික චර්යාවන් විස්තර කෙරෙන 'අර්ධ' නමින් කෙටිකතාවක් පළ කිරීම හේතුකොටගෙන දින 129 ක් රිමාන්ඩ් භාරයේ පසුවූ ශක්තික සත්කුමාර ඊයේ (5) ඇප මත නිදහස් විය.

    ඔහුගේ අත්අඩංගුවට පත්වීම පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ අතර බුද්ධාගමට අපහාස කළ බවට චෝදනා ලැබ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ඔහු රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි. ඔහුව ඇප මත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊයේ (5) නියෝග කළාය.
    පුවත්පත් විශේෂාංග ලිපි රචකයකු වන වාරියපොල පියුම්ගල්ලේ පදිංචි දෙලංකාගේ සමීර ශක්තික සත්කුමාර (33) මහතා දින 129කින් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙසේ නිදහස් විය.
    බෞද්ධ භික්ෂූන් ගේ සමලිංගික චර්යාවන් පිළිබඳව ලිවීම හේතු කොටගෙන භාෂණ නිදහස පිළිබඳ සම්මතයන් කඩ කළැයි භික්ෂූන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොල්ගහවෙල නගරයෙහි දී 33 හැවිරිදි ශක්තික සත්කුමාර ඉකුත්දා අත් අඩංගුවට ගෙන තිබිණි.

    භික්ෂු සමාජය තුළ සමලිංගික චර්යාවන් පවතින බව පැවසීමෙන් බෞද්ධාගම අප කීර්තියට පත් කොට ඇති බවට පැමිණිල්ල මගින් කියැවිණි. ’’අර්ධ’’ කෙටිකථාව ලිවීම තුළින් ශක්තික සත්කුමාර විසින් සිදු කරනු ලැබ තිබෙන බරපතල වරද කුමක් දැයි' පසුව කතාබහක් ඇති විය.
    පශ්චාත් නූතනවාදී නිර්මාණශීලී ලේඛනය පිළිබඳ අගැයිය යුතු පර්යේෂණමය ප‍්‍රයත්නයක් ලෙසද මෙම කෘතිය හඳුන්වා තිබිණි.

    පැවිදි බව ලැබූ ‘‘ශ‍්‍රමණ’’ නැතහොත් යතිවරයන්ගේත් ලිංගික පැවතුම් පිළිබඳ කරුණු විනය පිටකයෙහි සඳහන්වූ බව ඒ සමග කියැවිණි.
    ‘‘අර්ධ’’ යනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂුවක් පිළිබඳ කථාවකි. සිවුරු හැර යන හෙතෙම මිත‍්‍රයකු ගේ ‘‘බෝඩිමක’’ ලැගුම් ගනී. ඔහු ලොකු හාමුදුරුවන් සමලිංගිකව ඇසුරු කළ හැටි එහි දැක්වේ. හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූ හැටි කතාවේ දැක්වේ.

    සැකකරු විසින් රචිත කෙටිකතාවක් මගින් බුද්ධාගමට අගෞරවයක් වූ බවට බෞද්ධ සංවිධානයකින් පොල්ගහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
    2007 අංක 56 දරන ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබූ බැවින් සැකකරුට ඇප ලබා ගැනීම සඳහා කුරුණෑගල මහාධිකරණයට අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයන්ට සිදුවිය. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග සහ නීතිඥ චමින්ද අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටියේය.


    Source: Gossiplankanews
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකා ලිව්ව කතාවේ හොදම කෑල්ල දාලා නෑහෑනේ. ඔන්න පල්ලෙහා දෑම්මා. සිද්ධාර්ථගෙ පිරිමිකම ගෑන යසෝධරාගේ චපල කම ගෑන රාහුලගේ පියා කවුද කියන එක කතා කල යුතු දේවල්ද? ජීවතුන් අතර නෑති, මිනිස්සු ගවුර කරන පිරිසක් ගෑන මේ වගේ වාචාල කතා ලියන්න මූට තියෙන අමාරුව මොකක්ද? මෙච්චර ද ලන්කාවේ රචකයෙකුට ලියන්න තිබ්බේ. නීතියට අනුව ඌ වෑරදිද නිවෑරදිද කියලා උසාවිය තීරණය කරයි. උබලත් කියවල බලපල්ලා පල්ලෙහා ටික



    යශෝධරා සිටියේ ඉකිබිඳිමින්ය. චන්නගේ ක්‍රියාවට විරුද්ධ වීමට හැකියාවක් තිබුණත් එය ඉවසා සිටියේ යටි හිත ඊට කැමැත්තක් තිබූ නිසා යැයි යශෝධරා සිතුවාය. සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? සිද්ධාර්ථගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද? යශෝධරාගේ සිත නැගූ පැනවලට ඈ පිළිතුරු සොයනවා වෙනුවට දිගු හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගැනීමේ බොල් උත්සාහයක නියැළුණාය.


    මුලු කතාව පහල ලින්ක් එකෙන් කියවපල්ලා



    https://www.newstube.lk/entertainment/5984-sakthika-sathkumara
     
    • Like
    Reactions: silent one