සමස්ත කොරෝනා ආසාදිතයන් 23,000 ඉක්මවයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොරෝනා වෛරසය ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද 17,000සේ සීමාව ඉක්මවා ගියා.

    ඒ, කොරෝනා ආසාදිතයින් 346 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගයි. රෝහල් සහ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 32ක ප‍්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබුණා. ඉන් වැඩි පිරිස වූ 50 දෙනෙකු පිටව ගොස් තිබුණේ කහවත්ත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන්.

    අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,331ක්. කෙසේවෙතත් තව දුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,877ක් පමණයි. මේ වන විට මෙරටින් කොරෝනා මරණ 109ක්ද වාර්තා වී තිබෙනවා.

    මේ අතර, බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද අද දහසේ ඉක්මවා ගියා. ඒ, මහර බන්ධනාගාරයෙන් අලූතින් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 183 සමගින්. ඒ අනුව මේවන විට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1091ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සමස්ත ආසාදිතයින්ගෙන් 1033 දෙනෙකු රැුඳවියන්. ඉන් 877 දෙනෙකු පිරිමි රැුඳවියන් වන අතර කාන්තා රැුඳවියන් 156 දෙනෙකුද ඒ අතරට අයත්.

    වැලිකඩ බන්ධනාගාරයේ 383 දෙනෙකු, මහර බන්ධනාගාරයේ 198ක්, බෝගම්බර බන්ධනාගාරයේ 175ක්, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ 157ක්, මැගසින් බන්ධනාගාරයේ 46ක් සහ වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ආසාදිතයින් 22ක්ද වාර්තා වනවා. මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 58 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කාන්තා නිලධාරීන් 8 ක් ඒ අතරට අයත්.

    නෙත්
     
    • Sad
    Reactions: NRTG