සමස්ත විල්පත්තුවම වන ජීවි භූමියක් ලෙස නම්
සමස්ත විල්පත්තුවම වන ජීවි භූමියක් ලෙස නම්කරයි
විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (30දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනපති මෙම උපදෙස් ලබාදී තිබේ.
කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේ, වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.
මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වන විනාශයන් සිදුකරනවා නම් ඊට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී වනාන්තර ප්‍රදේශවලින් දුරස් වූ ඉඩම් ඒ සඳහා යොදා ගැනීමටත්, එම ඉඩම් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.
- http://www.ada.lk/article/203053/සමස්ත-විල්පත්තුවම-වන-ජීවි-භූමියක්-ලෙස-නම්කරයි
President instructs extension of forest cover in Wilpattu
President Maithripala Sirisena today directed the authorities to publish a gazette notification declaring the Wilpattu sanctuary and all forest reserves abutting it as a Wild Life Zones.
The President at a special meeting held this morning at the Presidential Secretariat instructed all heads of departments under the Ministry of Environment, that action be taken forthwith to use modern technology to obtain a bird's eye view of all forests including Wilpattu.
He pointed out that those involved in deforestation in whatever manner should be severely dealt with regardless of their status and said the fines and jail term presently in force should be imposed to the maximum. He said he would request the Judicial Services Commission further, in this regard.
The President also instructed the officers concerned to investigate the allegations of destruction of forests in the Mannar and Puttalam districts and deploy a special team to inquire into it and submit a report. This investigation team would include personnel from the Environment Ministry, Forest Conservation Department, Wild Life Department, representatives from environmental organizations and journalists. He also instructed the officers to implement the law to the very letter, if forests are destroyed illegally in the Wilpattu sanctuary area, and when re-settlements are being made, to select lands situated away from the forest areas and also to implement a plan of action in identifying such lands.
The President's Secretary P.B. Abeykoon, Environment Ministry Secretary Udaya R. Senevirathne and Sustained Development and Wild Life Ministry Secretary R.M.D.B. Meegasmulla were among those who attended this discussion.
- http://www.dailymirror.lk/article/P...nsion-of-forest-cover-in-Wilpattu-121442.html

Last edited: