සමහර අයගේ Alcohol ගැන දැනුම..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    සමහර අයගේ Alcohol ගැන දැනුම..

    මේ දවස් වල share වෙන post ගොඩක් දැකල මේක ලියන්න හිතුව. මේක ඉන්න අපි ඔක්කොම බේබද්දෝ වුනාට සමහර අයගේ alcohol ගැන දැනුම ගොඩක් අඩු බව දැක්ක.

    • ඇත්තටම alcohol කියන්න මොනවද?
    alcohol කියල අපි ප්‍රදාන වශයෙන් බොන්නේ ethanol

    • එතකොට ethanol හදන්නේ කොහොමද?
    yeast කියන agent එකට පුළුවන් sugar වලින් ethanol අපිට වෙන්කරලා දෙන්න. sugar තියන ඕනෑම දෙයකින් alcohol හදන්න පුළුවන්. පලතුරු, අර්තාපල්, corn, wheat, rye, barley වැනි ඕනෑම මගුලකින් එතනෝල් distill කරන්න පුළුවන්. සීනි අධික කෑම කෑවට පස්සේ පොඩි මත් ගතියක් එන්න එක හේතුවක් මේක.

    • ෂා මරුනේ මම හෙටම බඩු ටිකක් හදනවා
    හෝව් හෝව්. එහෙම බෑ. හරියට distill කලේ නැත්තම් alcohol poisoning වලින් මරණය, අස් අන්ධ වීම, නොනවත්වා බඩ යෑම, නොනවත්වා පඩ යෑම, බොන්න එපා වෙනතරම් hangover එන්න පුළුවන්.

    • අම්මට උඩු. එහෙනම් කොහොමද බන් ඕක කරන්නේ?

    distillation (බාගික ආසවනය) කියන්නේ art එකක් සහ science එකක්. ඒක perfect කරන්න ගොඩක් කාලය සහ experience ඕනි. සරලව කිව්වොත් ferment වෙන්න තියපු mash එක distill කරනකොට පියවර කීපයක් තියනවා.

    1. distillation වලදී පළමුව එන extract එක (5% පමණ) අනිවාර්යයෙන් විසි කල යුතුමය. මෙතෙන්දි එන්නේ methanol. Methanol කියන්නේ වස. බිව්වොත් වල කජ්ජ තමයි. First extract එකට කියන්නේ foreshots කියල.

    2. දෙවනියට එන extract එකට (30% පමණ) කියන්නේ heads කියල. මේකත් බොන්න බෑ. මේකේ වැඩිපුර තියෙන්නේ acetone. තේරෙන බෂාවෙන් කිව්වොත් නෝනගේ nail polish remover. මේක අදුරගන්න හරි ලේසි. මොකද එනකොට පට්ට තිනර් ගදය්. හැබැයි ලංකාවේ හදන කසිප්පු වලට මෙටිකත් දානවා. කාසිය ගද ගහන්න හේතුව මේක තමයි. extreme hangover එකක් එන්න හේතුවත් එක තමයි.

    3. තුන්වැනියට එන්නේ එතනෝල්(30% සිට 40%). මේක තමයි සුමිහිරි පානේ. එතනෝල් හරිම මිහිරි සුවදයි. හොද triple distilled වොඩ්ක එකක්, single malt whiskey එකක් මුඩිය ඇරලා සුවද බැලුවම හම්මේ......... ලියන එකත් අමතක වුනා. Distillation වලදීත් මේ මිහිරි සුවද එනවා. හදුනාගැනීමට පහසුයි.ethanol extract එකට කියන්නේ hearts කියල. මෙතෙන්දි එන ethanol 70% විතර alcohol percentage එකක් තියනව. හොදටම සැර වැඩි. Distilled water දාල 40% පමණ තනුක කරනවා normal use වලදී.

    4. අන්තිමට එන ටිකට කියන්නේ tails (35% පමණ). මේකත් බොන්නේ නෑ. මොකද මේකේ එන්න පටන් ගන්නවා mash එකේ තියන protein, carbohydrates වගේ දේවල්. carbs ඕනි නම් බත් කාපන්.

    distillation setup එකකදී hydrometers, thermometers වගේ දේවල් පාවිච්චි කරනවා නිවැරදිව ethanol extract කරගන්න.

    • එහා කැලේ කසිප්පු පෙරන නිමල ගාව ඔය මොන මීටරයක් වත් නැනේ?

    ඔව්. එකට තමයි කියන්න experience කියල. අම්ම කිරි හොද්ද හදද්දී ලුණු දාන්නේ kitchen scale එකෙන් කිරල නෙමේ නේ. හොද්දට දෙහි දාන්නෙත් හොද්දේ උෂ්ණත්වය බලල නෙමේ නේ. Experienced distiller කෙනෙකුට පුළුවන් වැඩේ අනාගන්නේ නැතුව කරන්න. හැබැයි නිමලටත් ඉදල හිටලා පදම වරදිනවා. එක තමයි කසිය ගහන එකේ risk එක.

    මම දැක්ක ගොඩක් පෝස්ට්ස් share වෙනවා distill කරන්නේ නැතුව mash එකත් බොන්න හදනව. fermented mash එකේ බහුලව yeast තියෙන්නෙ. බිව්වොත් බඩ යන එක යනවා. තවත් මම අර කියපු methanol 5% mash එකේ තියනවා. ඊට හොදයී thinner බීල මැරෙනවා.

    මේක ඔයාලට දැනුම දෙන්නයි කිව්වේ.

    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.

    මිට,
    පී පී තාරාව