සම්බන්ධන්ට එරෙහිව පැමිණිල්ලක් නෑ!
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට යුධ හමුදා කඳවුරකට ඇතුළු වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එම නිසා සම්බන්ධන් මහතාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් කිලිනොච්චි පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළු වූයේ ඉකුත් 16 වනදා හෝ ඊට ආසන්න දිනකදීයි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආර්. සම්බන්ධන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ කඳවුරට ඇතුළු වූ බව පිළිගන්නා බවයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සිය නිළ රථයෙන් පොලිස් පෙරගමන් යතුරු පැදියක් ද සහිතව අදාළ බලඇණි මූලස්ථානයට ඇතුළු වී තිබෙනවා.
පොලිස් පෙරගමන් යතුරු පැදියක් ද සහිතව ඔහු පැමිණීම නිසා බලඇණි මූලස්ථානයේ ප‍්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරී කළ යුධ හමුදා සෙබලුන් සම්බන්ධන් මහතාට ඇතුළු වීමට අවසර ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් විමසීමක් කළා.
ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින්ක් ප‍්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කර ඇති බවයි.
කෙසේවෙතත් එය පැමිණිල්ලක් නොවන බවයි බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ප‍්‍රකාශ කළේ.
යුධ හමුදා කඳවුරකට ඇතුළු වීමේදී පූර්ව දැනුම්දීමක් සිදු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු යුධ හමුදා කඳවුරකට ඇතුළු වන්නේ නම් ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදු කළහොත් ඔහුට හිමි පිළිගැනීම සහ ගෞරවය නිසි පරිදි ලබාදිය හැකි බවයි බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
....................................................................................................................................................................................................
හමුදා කඳවුරකට යන්න අවසරගත යුතු නෑ - සම්බන්ධන් (05.39)
කිලිනොච්චි පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළු වීමට පූර්ව අවසරයක් ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බව දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කථා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ සන්ධානයේ නියෝජිතයන් පිරිසක් බලහත්කාරයෙන් පරවිපච්චාන් හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට ඇතුළුවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අදාළ බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණේ ඉකුත් 16 වනදා හෝ ඊට ආසන්න දිනකදීයි.
දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ මූලස්ථානය පවත්වා ගෙන යන බවත් එම නිසා තමන්ට එය නිරීක්ෂණය කළ යුතු බවත් පවසමින් ඔවුන් ඊට ඇතුළු වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලීන් ප‍්‍රනාන්දු මහතාටද පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන්ද ඊයේ (24)විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අවසරයකින් තොරව යුධ හමුදා කඳවුරුවලට බලහත්කාරයෙන් ඇතුළු නොවන ලෙස ආර්. සම්බන්ධන් මහතාට මීට පෙරද දැනුම්දීමක් සිදු කර තිබූ බවයි.
යාපනයේ ඇතිවූ සිද්ධියක් මුල්කර ගනිමින් එම දැනුවත් කිරීම සිදුකර තිබූ බවද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
වර්තමාන සිද්ධියෙන් පසුවද යුධ හමුදාපතිවරයා පවා පුද්ගලිකවම ආර්. සම්බන්ධන් මහතා දැනුවත් කළ බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.
නිසි අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව යුධ හමුදා කඳවුරකට ඇතුළු වීමේදී දෙපාර්ශවයම අපහසුතාවයට පත්වන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා යුධ හමුදාවෙන් සමාව ගතයුතු බව ජාතික හෙළ උරුමය ප‍්‍රකාශ කළා.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ හමුදා කඳවුරු ඉවත් කිරීමට හෝ ඒවාට බලහත්කාරයෙන් ඇතුළු වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවයි.
http://nethfm.com/article/104354