සම්බන්ධන් කරුණු දක්වයි
ජෙනරාල්ට සහය දක්වන්නේ ඇයි? සම්බන්ධන් කරුණු දක්වයි
ප්‍රධාන පුවත 2010 ජනවාරි 18 වෙනි සදුදා, 09:54
මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය (TNA) කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් විවිධ චෝදනා එල්ල වන්නට විය. මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් මහතා තමන් ජෙනරාල්ට සහය දක්වන්නේ කුමන පදනමකින්දැයි කරුණු දක්වා නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම නිවේදනයේ සිංහල පරිවර්තනයයි.
"ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට දෙමළ ජාතික සන්ධානය සහය දක්වන බව ප්‍රකාශ කෙරිණි. එතැන් පටන් සමහර මාධ්‍ය ඔස්සේ මෙසේ සහය දක්වනුයේ කවර පදනමක මතදැයි යන්න පිළිබඳව අනුමානයෙන් පළ විය. මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්රචාරයන්ද පතුරුවා හැරිණි.
අප මෙසේ සහය දක්වන්නේ කවර පදනම මතදැයි යන්න පිළිබඳව මවිසින් කිසිදු මාධ්‍යයකට කිසිදු ආකාරයේ හෝ සම්මුඛ සාකච්ඡාවක් දී නොමැත.
දෙමළ ජාතික සන්ධානයේ තීරණය දැනුම්දීම සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී සහ 2010 ජනවාරි 06 වැනිදා අප විසින් නිකුත් කළ පුවත් නිවේදනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තවත් වාරයක් ජනාධිපති ධූරය දැරීම සඳහා දෙමළ ජාතික සංධානයේ සහය ලබා නොදීමට හේතු පැහැදිලිවම සඳහන් කළෙමු. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වූ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට හේතු සාධක ද ඒ නිවේදනයෙන් ප්රකාශිතය.
කෙසේ නමුත් පහත දැක්වෙන කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි හඟිමි.
ජනවාරි 06 වැනිදා පුවත් නිවේදනයේ සඳහන් කළ පරිදි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සමඟම සාකච්ඡා කළෙමු. දෙමළ ජනතාව සම්බන්ධයෙන් වහාම සැලකිල්ල යොමු විය යුතු කරුණූ මෙන්ම උතුරු හා නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව සම්බන්ධ දේශපාලන විසඳුමක් පිළිබඳවද සාකච්ඡා කළෙමු. මේ කරුණු පිළිබඳව මෙරට සියලුම දේශපාලන පක්ෂ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
විශේෂයෙන්ම හ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ඉලන්කයි තමිල් අරසුකච්චි, ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ජාතික සංධානය සහ වාමාංශික පක්ෂ කාලයක් තිස්සේ මේ කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබේ. මේ සියලු සාකච්ඡාවලට පදනම වූයේ ඕනෑම විසඳුමකට එළඹිය යුත්තේ එක්සත් සහ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බවය.
ඉලන්කෙයි තමිල් අරසුකච්චි - ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනෙකුත් දෙමළ දේශපාලන සංවිධාන එක්වී සැදුණු දෙමළ ජාතික සංධානය මේ සම්බන්ධයෙන් තමන් තුළ ඇති පැහැදිලි කැපවීම පාර්ලිමේන්තුව තුළදීති, ඉන් පිටතදීත් පෙන්නුම් කර ඇත.
මේ සන්දර්භය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් සර්ව පාක්ෂික නියෝජිත සමුළුව සහ ඊට සහය දීම සඳහා එතුමන් විසින්ම පත් කළ විද්වත් මණ්ඩලයේ මුල්ම රැස්වීම් 2006 ජූලි 11 වැනිදා අමතමින් කළ ප්‍රකාශයක් උපුටා දක්වනු කැමැත්තෙමි. මෙම ප්‍රකාශය 2006 ජූලි 12 වැනිදා සියලුම ප්‍රධාන පෙළේ සිංහල ජාතික පුවත්පත්වල පළ කර තිබිණි.
"ජාතික ගැටළුවට දේශපාලනික සහ ව්‍යවස්ථාමය විසඳුමක් සකස් කිරීමේදී ඒ පුළුල් රාමුව තුළ තිබිය යුතු මූලික කරුණු කීපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම සම සභාපතිවරුන් සහ ඉන්දියාව අපේ ප්‍රවේශය පිළිගෙන ඇත. එය නම් රට කුමන ආකාරයක හෝ බෙදීමකට යටත් නොවිය යුතු බවයි. මෙහි නියෝජනය වන්නා වූ සෑම පක්ෂයක් සතුවම ජාතික ගැටළුව අරබයා තමාට ආවේණික විසඳුමක් ඇත.
අප මේ සියලුම සංකල්පනා එක් කොට අපටම ආවේණික ශ්‍රී ලාංකේය ආකෘතියක් ගොඩනැංවිය යුතුය. අප බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙහි සිට අතීතයේ මේ ගැටළුව විසඳීමට ගත් උත්සහයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලිය යුතුය. එසේම අප අනෙකුත් රටවලින් සුදුසු පාඩම් සහ ආදර්ශයන්ද ලබා ගත යුතුය. මේ සඳහා විසඳුමක් බලහත්කාරයෙන් රට මත පැටවීමට මම නොකැමැත්තෙමි.
එහෙත් මහින්ද චින්තනයෙහි අඩංගු සංකල්පයන්ද උපයෝගී කරගෙන ඔබගේ උගත් සංවාද තුළින් මේ සඳහා පුළුල් රාමුවක් ලබාදීමෙන් මේ සඳහා කැපවන සියලුම පාර්ශවයන්ගේ එකඟතාව එයට ලබාගැනීමට හැකිවනු ඇත."
ජනතාව වෙනුවෙන්ද ජනතාව විසින් බලය බෙදාහැරීම පිළිබඳව එදින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැක්වූ අදහස් මෙසේය.
"තමාගේ දෛවය සහ අනාගතය තීරණය කිරීමත්, තමාගේ දේශපාලනික-ආර්ථික වාතාවරණය පාලනය කිරීමත් ඒ ඒ ප්රදේශයන්ගේ ජීවත්වන ජනතාවට කළ හැකිවීය යුතුය. මධ්‍යගත තීරණ ගැනීම හේතුවෙන් සම්පත් විෂමාකාර ලෙස බෙදීයාම කලක සිට පැවැති ප්රශ්නයකි. එසේම බලය බෙදාහැරීමකදී මධ්‍යය මතම සැමවිට යැලීමකින් තොරව තමාගේ අනන්‍යතාව, ආරක්ෂාව සහ සමාජ ආර්ථික දියුණුව පිළිබඳව කරුණු කෙරෙහිද සලකා බැලිය යුතුය.
ප්‍රදේශිය සුළු ජන කණ්ඩායම් පිළිබඳව ඇති ප්‍රශ්නද දලකා බැලීම ඉතාමත් වැදගත්ය. මේ කරුණු සියල්ල කැටි කර ඉදිරිපත් කළ හොත් මින් ජනතාව තමා පිළීබඳව තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ටම පැවරෙයි. මෙය ලොව පුරා රටවල් රැසක සාර්ථක ලෙස අත්හදා බලා ඇත. අප සැබෑ ශ්‍රී ලංකා ව්‍යවස්ථා රාමුවක් ගොඩනැංවීමේදී අපගේ අසල්වැසි ඉන්දියාවද ඇතුළුව අපට උදාහරණ ලෙස ගත හැකි රටවල් ලොව පුරා වෙති.
එහිදී ජනාධිපතිතුමන් සර්ව පාක්ෂික සමුළුවෙන් සහ විද්වත් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා වන අයුරින් උපරිම සුදුසු බලය බෙදාහැරීමක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙසය. අවාසනාවකට මෙන් මේ සාකච්ඡාවට දෙමළ ජාතික සංධානයට ආරාධනා කර තිබුණේ නැත.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සමඟ මා සාකච්ඡා කරද්දී දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තේ ජනාධිපති මහින්ද මහතා විසින්ම සඳහන් කරුණු කේන්ද්‍ර කොටගෙනය. මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ ඉහත කරුණු අතර රට බෙදීමට තුඩු දෙන කිසිදු කරුණක් අඩංගු වී නැත. එහෙයින් ඒ කරුණු පදනම් කර ගෙන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සමඟ අප කළ සාකච්ඡාවන්ටද රට බෙදීමට තුඩු දෙන කිසිදු කරුණක් අඩංගු නොවිනි.
පටු දේශපාලන වාසි තකා වාර්ගික දියකඩිත්ත වැරදි අර්ථකථනයන්ගෙන් කළතා, බොර කිරීමෙන් රටටත් ජනතාවටත් අත්වන සුගතියක් නොමැත. අපමණ දුක් වේදනා දරා සිටි රටේ ජනතාවට ගෞරවණීය සහ තිරසාර සාමයක් භුක්ති විඳීමට අවකාශ ලබා දිය යුතුය. යුද්ධය අවසන් වීමත් සමඟ ඒ අවස්ථාව උදා කර ගැනීමට පසුබිම සැකසී ඇත.
එහෙයින් මා රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආතමාර්ථකාමී අසත්‍ය ප්රචාරයනට නොරැවටෙන ලෙසය."
(උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත)

Last edited: