සම්බුද්ධ_රජමාලීගාව

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාලිගාවල් වලින් වෙන්නේ සසරට තවත් ඇලීමක් වෙන එක විතරයි සහෝදරවරුනි. විහාරස්ථානයක් තියෙන්නේ සංඝයාවහන්සේලාට වාසය කරන්න සහ ප්රිතග්ජන මිනිස්සුන්ට ගිහින් වන්දනාමාන කරන්න මිසක් මිනිස්සුන්ට ගිහින් නරඹන්න නෙවෙයි. මේක තවත් නිකායක ආරම්භයක් වගෙයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි. රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න.

    බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්. දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.

    Oba pawasana paridi wikurthi karana lada Buddha deshana pilibada wisthara apa siyalu dena gena anukampawen methana idiripath karanna
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පෝරිසාදයා;13118700 said:

    මේවත් බුදු පිලිමද?

    ගැහැණු රූප ලෙස බුදුපිළිම අබා දෙතිස් මහා පුරුෂලක්ෂණ තිබෙන මහා පුරුෂයාණන් වහහන්සේ පිලිබදව ස්රධව වලලා දැමීමේ ක්‍රියාපිළිවෙත සම්බුද්ධ රජ මාලිගාවෙන් දැකගනු ...! බුදුපිළිම සම්ප්‍රධාය අතුරුදහන් කෙරීම නරබනු ..


    558041_112916152188505_507310042_n.jpg



    -------------------------------------------------------------
    බුද්ධ ප්රඳතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි.

    “බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...
    අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...
    ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා...
    පුංචි ළමයින්ට ශ්රාද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...”

    යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්රදන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ.
    “පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ.
    නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)”


    ------------------------------------------------------------
    යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්යො කරන ආකාරය කටයුතු කරන්න.
    “පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා...
    අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්රටශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය)


    -----------------------------------------------------------------

    “ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි.
    අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්රබතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්යාදඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය)
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්ර්තිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්රාද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්රෙතිමා වහන්සේලා දකින විට ශ්රනද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ...
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්රිතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන ප්ර්කාශයෙන් මනාව උධෘත වේ.
    සිවුරැ පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්රාකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...?
    නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්යැ ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්රැණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්රිනයාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....?
    නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස;
    “බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...?
    බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව)

    කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරැවා තිබීම බුදු සසුන වනසන අන්යද ආගමික කුමන්ත්රනණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරැන්ට දොරගුළු විවර කරදීමක් බඳුය.


    ---------------------------------------------------------

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්රීි සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්රශන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්රොමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත.
    “පුද්ගල කණ්ඩායම් වලටත් ‘%නිකාය’ යන වචනය යොදනවාද...?
    පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්ය , අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම %සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්රගදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්රීඅ සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ %නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ.
    මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්රටතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්ර දාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක ධර්ම පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්රෛයනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් %නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය.
    -----------------------------------------------------------
    “බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්රෙන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.

    “අමරපුර නිකායේ බුදු හාමුදුරැවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරැවෝ...
    අපි දන්නවා වැව්රැකන්නල විශාල බුද්ධ ප්ර තිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරැවොයි...
    ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරැවෝයි....”

    ------------------------------------------------------------------
    මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්ර වූ ධර්ම විනයධර මහතෙරැන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්ර න්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
    “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්රිතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්රුතිමාවක් හෝ චිත්රවයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රවතිමාව ඒ චිත්රිය ඒ පුද්ගලයාගේ ප්රාතිමාව ලෙසත්, චිත්රයය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්රමතිමාවක් හෝ චිත්රයයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රපතිමාව , ඒ චිත්රවය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්රචතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්රනතිමාවක්ම බුද්ධ ප්රැතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්රේතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්රිතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”

    නුවණැති බෞද්ධයෝ පිළිගනුයේ රේරැකානේ මහ නාහිමිගේ අර්ථ දැක්වීමද...? නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් වසා ගැනීමේ අරමුණ මත මත ශාසන සම්ප්ර්දායට ගරහමින් දෙවරක් උපසම්පදා වූ භික්ෂුවක් කරන අර්ථ දැක්වීමද....?
    -------------------------------------------------------------
    වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත.
    “ප්රදතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරැවක්...
    කෙනෙකු කියනවා නම් බුද්ධ ප්රේතිමා වහන්සේ නමක් දැක්කහම ශ්රාද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්රවද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්ය්යක් නොවෙයි.”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව)


    Source: FB

    අනිවා. මේක අපහසයක්! ශිහාන් මිහිරංග වගේ ස්වරූපයක් ලොව්තුරා බුදුන්ට ආදේශ කිරීම අපහසයක්!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මාලිගාවල් වලින් වෙන්නේ සසරට තවත් ඇලීමක් වෙන එක විතරයි සහෝදරවරුනි. විහාරස්ථානයක් තියෙන්නේ සංඝයාවහන්සේලාට වාසය කරන්න සහ ප්රිතග්ජන මිනිස්සුන්ට ගිහින් වන්දනාමාන කරන්න මිසක් මිනිස්සුන්ට ගිහින් නරඹන්න නෙවෙයි. මේක තවත් නිකායක ආරම්භයක් වගෙයි.

    බුද්ධ ශාසනයට මෙච්චර අභියෝග තියෙන වෙලාවක මේ වගේ තව තවත් භික්ෂූ ශෘසනය බෙදා වෙන් කිරීමට උත්සාහා කිරීම දරුණු තත්වයක්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Oba pawasana paridi wikurthi karana lada Buddha deshana pilibada wisthara apa siyalu dena gena anukampawen methana idiripath karanna
    මේ ප්‍රශ්නෙට මටවඩා හොඳ උත්තරයක් දෙන්න පුළුවන් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේටයි. ප්‍රධානම කාරනාව අභිධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියන කතාව. එක එහෙම වෙනකොට ත්‍රිපිටකය දෙපිටකය වෙනවනේ මහත්තයෝ.
    මේ පොත් ටික කියවල නියම සද්ධර්මය ගැන අවබෝධයක් ලබාගන්න උත්සහ කරන්න.

    http://www.rerukanemahanahimi.lk/book.php
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ ප්‍රශ්නෙට මටවඩා හොඳ උත්තරයක් දෙන්න පුළුවන් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේටයි. ප්‍රධානම කාරනාව අභිධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියන කතාව. එක එහෙම වෙනකොට ත්‍රිපිටකය දෙපිටකය වෙනවනේ මහත්තයෝ.
    මේ පොත් ටික කියවල නියම සද්ධර්මය ගැන අවබෝධයක් ලබාගන්න උත්සහ කරන්න.

    http://www.rerukanemahanahimi.lk/book.php


    After reading your comment, one thing is understood. You have not read the Tripitak.
    All the sermon in Abhidhamma pitka had been preached by monks who lived during King Asoka's era. There are no talks by Lord Buddha in Abhidhamma pitaka.

    There are lots of people hoot without knowing the facts. One of them is
    polwattacom


     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා. මේක අපහසයක්! ශිහාන් මිහිරංග වගේ ස්වරූපයක් ලොව්තුරා බුදුන්ට ආදේශ කිරීම අපහසයක්!

    buduhamuduruwange jeewamana swaroopaya dakapu kenek me prathima waradee kiyanna...!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    After reading your comment, one thing is understood. You have not read the Tripitak.
    All the sermon in Abhidhamma pitka had been preached by monks who lived during King Asoka's era. There are no talks by Lord Buddha in Abhidhamma pitaka.

    There are lots of people hoot without knowing the facts. One of them is
    polwattacom



    Give reasons for your claim...?
    it's an interesting fact to know!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුද්ධ ශාසනයට මෙච්චර අභියෝග තියෙන වෙලාවක මේ වගේ තව තවත් භික්ෂූ ශෘසනය බෙදා වෙන් කිරීමට උත්සාහා කිරීම දරුණු තත්වයක්

    බුද්ධ ශාසනයට කිසිම අභියෝගයක් නැහැ සහෝදරයා. තියෙන්නේ ජාතිවාදය පමණයි. අභියෝගයක් තියෙනවනම් තියෙන්නේ විජාතික බලවේග වලින් සිංහල ජාතියට මිසක් බුද්ධශාසනයට නෙවෙයි. ගෞතම බුදුසසුන අවුරුදු 5550 ක් පවතිනවාමයි. ඒ අතරේ නිර්වාන මාර්ගයට අවහිර කරන්න මාර තුමා නොයෙක් බලවේග මෙහෙයවනවා. ඒ බලවේගවලට අවාසනාවන්ත විදිහට ගොදුරුඋන අහිංසක මිනිස්සු කොට්ටාශයට ඔබත් අයිතියි. භික්ෂු සාසනය බෙදා වෙන්කරගන්නේ උබලාගේ ලොකු ස්වාමින්වහන්සේ වගේ මමත්වය වපුරන තන්හාවෙන් පිරුන අටලොදහමෙන් කම්පාවෙන සංඝ කියාගන්න කාසාවඛන්ටක පිරිස මිසක් නියම සංඝයාවහන්සේලා නෙවෙයි. අපේ කරුමෙට අද වෙනකොට එහෙම සංඝ පිරිස බොහොම අඩුයි. කිරෙන් දිය වෙන් කරගන්න හා සමාන අසීරුයි මේ කාරනාවේ හරි වරද තෝරාගන්න. ප්‍රඥාව මෙහෙයවල හරි වරද තෝරාගන්න.බුද්ධ ශාසනයට අභියෝගයක් තියෙන්නේ කිරිබත්ගොඩ ඥානානන්දල / සිරිවර්දනල/ සිරිධම්මල වගේ උන්දලගෙන් මිසක් වෙන කාගෙන්වත් නෙවෙයි.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    All the sermon in Abhidhamma pitka had been preached by monks who lived during King Asoka's era. There are no talks by Lord Buddha in Abhidhamma pitaka.

    ඔන්න එහෙනම් ඔයාට උත්තරේ Thread එකකින්ම දුන්නා...තරහ වෙන්න එපා හොඳේ...ඔයා ගැන අපිට අනුකම්පා හිතෙනවා..ඒත් මාර බන්ධනේ ගලවන්න ලේසි නෑ..තවත් මහමෙව්නාවට ආවඩන්න.
    :D:D:D

    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1466234

    ත්‍රිපිටකයෙන් එක් පිටකයක් වන අභිධර්මය හෙවත් 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක් වන අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ඇතැම් අය තර්ක කරති..

    අතීතයේද මෙම ප්‍රශ්නය ඇති විය...
    නූතනයේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට තම මතය ප්‍රකාශ කරයි.

    මුලා වූ සුවහසක් බෞද්ධයන් වෙනුවෙන් අභිධර්මය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට මෙම ධර්ම සාකච්ඡාවෙන් පිළිතුරු සපයන්නේ;

    ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
    සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
    අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ...
    2579133_orig.png

    Download කරගෙන ශ්‍රවණය කරන්න.


    http://220.247.244.206:88/dharmadhana/Dharmadhana/08-06-2012/Download/01%20Ven.%20NaUyane%20Ariyadhamma%20Maha%20Thero/01%20Audio/007%20Abidham%20Nimthera.mp3


    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේ යයි කීම බුදු රජාණන් වහන්සේට කරන අපහාසයකි...
    තථාගත බව අහෝසි කිරීමකි.
    සියලු බෞද්ධයෝ "අභිධර්මය" පිළිබඳ සැක දුරු කර ගනිත්වා..
    මුලා වූ බෞද්ධයෝ උතුම් නිවන් මගට පිවිසෙත්වා...

    අභිධර්මය අවබෝධ කරගැනීමට නැණස පෑදේවා..
    ~අභිධර්මය පිළිබඳ බෞද්ධ ග්‍රන්ථ~
    සාහිත්‍ය චක්‍රවර්ති,පණ්ඩිත,ප්‍රවචන විශාරද,
    ශාසන ශෝභන,ශ්‍රි සද්ධර්ම ශිරෝමණි
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත;

    250px-Most_Ven_Rerukane_Chandawimala_Maha_Thero.jpg


    ~අභිධර්මයේ මූලික කරුණු~



    ~අභිධර්ම මාර්ගය~


    සැමට තෙරුවන් සරණයි!!!
    ධර්මයෙන් තොර සැපතක් නැත.
    බුදු සසුන බැබලේවා!!!


    :D:D:D:D:D
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔන්න එහෙනම් ඔයාට උත්තරේ Thread එකකින්ම දුන්නා...තරහ වෙන්න එපා හොඳේ...ඔයා ගැන අපිට අනුකම්පා හිතෙනවා..ඒත් මාර බන්ධනේ ගලවන්න ලේසි නෑ..තවත් මහමෙව්නාවට ආවඩන්න.
    :D:D:D

    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1466234

    ත්‍රිපිටකයෙන් එක් පිටකයක් වන අභිධර්මය හෙවත් 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක් වන අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ඇතැම් අය තර්ක කරති..

    අතීතයේද මෙම ප්‍රශ්නය ඇති විය...
    නූතනයේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට තම මතය ප්‍රකාශ කරයි.

    මුලා වූ සුවහසක් බෞද්ධයන් වෙනුවෙන් අභිධර්මය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට මෙම ධර්ම සාකච්ඡාවෙන් පිළිතුරු සපයන්නේ;

    ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
    සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
    අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ...
    2579133_orig.png

    Download කරගෙන ශ්‍රවණය කරන්න.


    http://220.247.244.206:88/dharmadhana/Dharmadhana/08-06-2012/Download/01%20Ven.%20NaUyane%20Ariyadhamma%20Maha%20Thero/01%20Audio/007%20Abidham%20Nimthera.mp3


    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේ යයි කීම බුදු රජාණන් වහන්සේට කරන අපහාසයකි...
    තථාගත බව අහෝසි කිරීමකි.
    සියලු බෞද්ධයෝ "අභිධර්මය" පිළිබඳ සැක දුරු කර ගනිත්වා..
    මුලා වූ බෞද්ධයෝ උතුම් නිවන් මගට පිවිසෙත්වා...

    අභිධර්මය අවබෝධ කරගැනීමට නැණස පෑදේවා..
    ~අභිධර්මය පිළිබඳ බෞද්ධ ග්‍රන්ථ~
    සාහිත්‍ය චක්‍රවර්ති,පණ්ඩිත,ප්‍රවචන විශාරද,
    ශාසන ශෝභන,ශ්‍රි සද්ධර්ම ශිරෝමණි
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත;

    250px-Most_Ven_Rerukane_Chandawimala_Maha_Thero.jpg


    ~අභිධර්මයේ මූලික කරුණු~



    ~අභිධර්ම මාර්ගය~


    සැමට තෙරුවන් සරණයි!!!
    ධර්මයෙන් තොර සැපතක් නැත.
    බුදු සසුන බැබලේවා!!!


    :D:D:D:D:D


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    තෙරුවන්සරණයි
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Looks like somebody is following Mahasi or Pa-Auk meathod or something came from Thailand or Berma........I've done these before giving them up. Feel really sorry.......with metta