සැ.යු: මෙහි දක්වා ඇති සියල්ලම ප්‍රායෝගිකව කර ලබාගත යුතු දේවල් මිස, කටපාඩමින් තර්ක විතර්ක කිරීමට නොවේ.සම්මා සමාධි යනු ලෝකෝත්තර ධ්‍යාන 4යි, බ්‍රහ්ම චර්යාව ආරම්භ කරන්නේ පළවෙනි ලෝකෝත්තර ධ්‍යානයෙන්ය.
"විච්චේජ කාමෙහි" - කාම ක්ෂේත්‍ර ඇසුරින් වෙන්වී,
"විච්චේජ අකුසල ධම්මේහි" - පංච ඉන්ද්‍රිය ඇසුරු නොකොට (අධි ශීල සංවරය),
"සවිතක්කං" - නොඇලී අරමුණට පැමිණ,
"සවිචාරං" - නොඇලී අරමුණේ හැසිරී,
"විවේකජං" - නොඇලී අරමුණෙන් චුතවී,
"ප්‍රීති සුඛං" - මිදීමේ සුවයෙන්ම,
"පඨමඣානං" - ප්‍රථම ධ්‍යානය,
"උපසම්පජ්ජ විහරති" - උපදවා සිටිය යුතුය.
ධ්‍යාන දෙකක් එකවර එකවිට සිතක නොවැඩෙයි. "ධ්‍යාන" යනු, හිතේ මිදීමේ, විවිධ අවස්ථාවන්ය. සමාධිය, සමථය යනු හිත, අරමුණු වලින් මුදවා ගැනීමය. මුදවා තබා ගැනීමය. එක අරමුණක තබා හිත සමාධිගත කිරීමක් බුදුදහමේ නැත. අරමුණු වලින්, හිත, සම්පූර්ණයෙන්ම නිදහස්ව තබා ගැනීම, බුදු දහමේ සමාධියයි.
සැමට තෙරුවන් සරණයි!