**මමත් යම් දෙයක් එකතු කරන්නම්.**
*තමන්ට කල හැකිනම් පමණක් රැකියාව තොර ගන්න.
* ආයතනයේ සුළු සේවකයන් සමග පවා සුහදව සිටින්න මන්ද සුළු සේවකයෙකුට පවා ඔබගේ රැකියාව තීරණය කල හැක.
*සැම විටම අවංක වෙන්න.
උදා:- අපේ ආයතනයේ සම්මුක පරීක්ෂණයකට එක්තරා පුද්ගලයෙක් පැමිණිය. ඔහුගේ සුදුසුකම් ඔක්කොම හොදයි. පළපුරුද්දත් තිබ්බ මොහුත් එක්ක කතා කරනකොට මම දැනගත්ත මොහු කලින් රැකියාව කර තිබුනේ අපගේ තරගකාරී සමාගමක බව. එම සමාගමේ කළමනාකරු මගේ මිතුරෙක් මම ඔහුට කෝල් කරලා මොහු ගැන ඇහුවම මොහු තවමත් ආයතනයේ සේවකයෙක්. එදින තම මවට අසනීපයි කියා නිවාඩු දමා තමා අප ආයතනයේ සම්මුක පරීක්ෂණයට පැමිණ තිබෙන්නේ. අන්තිමට ඔහුට උනේ අප ආයතනයේත්. ඔහුගේ ආයතනයේත් රැකියා දෙකම අහිමි වීමයි.
* ඔබගෙන් බලාපොරොත්තු වෙන වැටුප අසනවිට වැඩි මුදලක් කියන්න. මොකද ඔබ අඩු මුදලක් පැවසුවොත් සමහර විට ඔවුන් වැඩි මුදක් ඔබට ලබා දීමට සිතා සිටිය හැක. එය ඔබට අවාසිය.
* ඔබට තිබෙන ගැටළු පිලිබදව ඔවුන් විමසුවිට ඔබ අනිවාර්යෙන් අසන්නේ. ලැබෙන වැටුප, නිවාඩු දින ගණන, ප්රවාහන පහසුකම්, අමතර දීමනා, රැකියාව කරන කාලය. කිසිම විටක ඔබ අසන්නේ නැත ඔබ විසින් ආයතනයට විය යුතු කාර්ය කුමක්ද කියා. ඒ ගැන අසන්න.