සම්මුඛ පරීක්ෂණයකදී

NisalPerera

Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    සම්මුඛ පරීක්ෂණයකදී

    සම්මුඛ පරීක්ෂණයකදී රැකියාවක් අහිමි වීමට හේතු 25ක්. :no:



    1) ප්‍රිය මනාප පෙනුමකින් යුක්ත නොවීම.
    2) රැකියාව කෙරෙහි උනන්දුවක් හෝ ආශාවක් නැති බව පෙනීම.

    3) වැටුප හෝ මුදල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම.
    4) පෙර සේවය කළ ආයතන හෝ ආයතන ප්‍රධානීන් විවේචනය කිරීම.
    5) සම්ම්ඛ පරීක්ෂණය මෙහෙයවන්නා සමඟ ඇස් වලින් හොඳ සම්බන්ධතාවයක් පවත්වා නොගැනීම.
    6) ප්‍රමාදවී සම්මුඛ පරීක්ෂණයට පැමිණිම.
    7) අනවශ්‍ය පරිදි වේලාව ඉක්මවා කතා කිරීම.
    8) රැකියාව පිළිබඳව ප්‍රශ්ණ නොඇසීම.
    9) රැකියාව පිළිබඳව අධ්‍යයනයකින් තොරව පැමිණිම.
    10) සීමාවකින් තොරව ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම.
    11) සියල්ල දන්නා බව පෙන්වීමට යාම.
    12) පැහැදිලිව තමන් පිළිබඳව හැඳින්වීමට නොහැකිවීම, කටහඩ දුබල වීම, ව්‍යවහාර විලාශය ප්‍රසන්න නොවීම.
    13) වෘත්තිය පිළිබඳව සැලැස්මක් හා ඉලක්ක අරමුණු නොමැති වීම.
    14) තමා පිළිබඳ විශ්වාසය නොමැති වීම, බිය වීම හෝ අසනීප තත්වයේ පසු වීම.
    15)ක්‍රියාශීලී ලෙස ක්‍රියාකරකම් වලට දායක නොවීම.
    16)ඉතා ඉක්මනින් ඕනෑවට වඩා දේ බලාපොරොත්තු වීම.
    17) කපටි වීම.
    18) ආයතන ප්‍රධානීන් පිළිබඳ නොදැනුවත්කම.
    19) ආචාරශීලී නොවීම.
    20) උද්යෝගීමත් නොවීම.
    21) CV එකෙහි පිටපතක් රැගෙන නොයාම.
    22) පිළිවෙලක් නැති අයදුම් පත්‍ර හෝ CV රැගෙනයාම/ ඉදිරිපත් කිරීම.
    23) ආයතනය හෝ ක්ෂේත්‍රයට ඇල්මක් නොමැති වීම.
    24) නුරුස්නා ස්වභාවය.
    25) ප්‍රබල පූර්ව නිගමන වලට එලඹීම.



    http://techguru.lk/2014/03/15/25-job-interview-mistakes/