සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු

සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය

සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව ආදී නොයෙකුත් දේ පිළිබඳව පුර්ණ නිගමනයකට එළඹිය හැකියි. ඔබට කොතරම් උසස් ගණයේ අධ්‍යාපන සහතික, චරිත සහතික ආදී කොතරම් දේ තිබුනත් ඒ සෑම සුදුසුකමකටම වටිනාකම ලැබෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් අතරතුර දී ඔබේ හැසිරීමත් උසස් මට්ටමක තිබුනොත් පමණයි. ඉතින් අපි විමසා බලමු සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබ විසින් අවධානය යොමු කල යුතු ඔබේ හැසිරීම් රටා කිහිපයක් පිළිබඳව.





නියමිත වෙලාවට මිනිත්තු 15කට පමණ පෙර අදාළ ස්ථානයට යන්න

ඔබ සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නේ නුහුරු ස්ථානයකට. එම නිසා නියමිත ස්ථානයට මදක් කලින් එහි ගොස් සිටීම වැදගත්. එවිට සන්සුන් මනසකින් යුතුව ඔබට එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත.



සම්මුඛ පරීක්ෂණ පැනලයට ආචාර කිරීමේ දී “සර්”, “මැඩම්”, “මිස්”, ආදී ලෙස ආමන්ත්‍රණය කරන්න.

මෙයින් ඇඟවෙන්නේ ඔබ ඔවුන්ට ගෞරව කරන බවයි. ඔබ පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් ඔවුන් තුල ඇති වීමට මෙය හේතුවක් වේවි.



ඔබේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්න

බොහෝ අය කරන දෙයක් තමයි ජංගම දුරකථනය ක්‍රියා විරහිත නොකොට vibrate වීමට ඉඩ හැරීම. ඇතැම් දුරකථන vibrate වීමේදී අධික ශබ්දයක් පිට වෙනවා. එපමණක් නොවෙයි. ඔබේ කලිසම් සාක්කුව තුල ජංගම දුරකථනය දමාගෙන සිටිනවා නම් සිදු වන්නේ ඔබේ අවධානය වෙන අතකට යෑම. එම නිසා ජංගම දුරකථනය කල් තියා විරහිත කොට තැබීම නුවණට හුරුයි.





කතා කරන විට ඔවුන්ගේ ඇස් දෙස කෙලින් බලා කතා කරන්න. ( eye contact )

ඔබ කතා කරන විට, සම්මුඛ පරීක්ෂණ පැනලයෙන් ඔබ වෙත යොමු කරන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන විට eye contact එක පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඔබ එසේ කිරීමට අසමත් වෙනවා කියන්නේ ඔබ පවසන දේ පිළිබඳව ඔබට විශ්වාසයක් නොමැති බවයි. එමෙන්ම යහපත් සංවාදයක් ගොඩ නගා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බවද එයින් කියවෙනවා. Eye contact එක පවත්වා ගැනීම පමණක් ම නොව කතා බහ කරන විට ප්‍රසන්න ලෙස සිනහ වීමද කල යුතුමයි.





නිසියාකාරව අතට අත දෙන්න ( Firm handshake )

මෙහිදී වඩා දැඩිව මෙන්ම ඉතා ලිහිල්ව අතට අත දීම සුදුසු නැහැ. එයින් අනික් තැනැත්තා අපහසුතාවයට පත් විය හැකියි. විශේෂයෙන්ම ඔබ අතට අත දෙන්නේ කාන්තාවකට නම් මේ පිලිබඳ සැලකිලිමත් වෙන්න.



වැඩිපුර කතා කරන්න යන්න එපා. ප්‍රමුඛත්වය ඔවුන්ට දෙන්න.

සෑම විටම මතක තබා ගත යුතු කාරණයක් වන්නේ සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ ඔවුන් මිසක් ඔබ නෙවෙයි යන වග. ඒ නිසා ඔවුන් පවසන දේ සාවදානව අසා සිටින්න. අවශ්‍ය තැන් වලදී ඔබේ අදහස් හා මත වාද පිලිබඳ කතා කරන්න.



ඔවුන් කතා කරමින් සිටින අතරතුර ප්‍රශ්න අසන්නට, බාධා කරන්නට යන්න එපා

ඔවුන්ට ඔවුන් කියනා දේ නිම කිරීමට දෙන්න. ඉන්පසු තත්පර දෙකක් තුනක් නිහඬව සිට ඔබේ අදහස ප්‍රකාශ කරන්න.



සෘජුව වාඩිවෙන්න. යම් තරමක් ඉදිරියට නැවෙන්න

මෙයින් කියවෙන්නේ ඔබ අවධානයෙන් ඔවුන් පවසන දේට ඇහුම්කන් දෙන බවයි. ඔබ පිලිබඳ යහපත් ප්‍රතිරූපයක් මැවීමට මෙම ඉරියව්ව හේතු වේවි.





ඔබට හැකි උපරිම ආකාරයෙන් සම්මුඛ පරීක්ෂණය අවසන් වන තෙක් එයට මුහුණ දෙන්න.

ඇතැම් විට ඔබ බලාපොරොත්තු වන ආකාරයටම සම්මුඛ පරීක්ෂණය සිදු වන එකක් නැහැ. ඔබ අතින් යම් යම් අඩු පාඩු සිදුවෙන්නට පුළුවන්. නමුත් උපරිම ධෛර්යයෙන් යුතුව සම්මිඛ පරීක්ෂණයේ අවසානය වන තෙක් එයට මුහුණ දීම ඉතාම වැදගත්. සම්මුඛ පරීක්ෂණය අවසන් වන්නේ ඔබ අදාළ කුටියෙන් පිටතට පැමිණ රැකියා ස්ථානයේ ගොඩනැගිල්ලෙන් පිටතටත් ගියාට පසුව බව සිහියේ තබා ගන්න.

 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    CMD "elakiri.thread.reply > bump";
    RSP "Waiting for elakiri.thread.reply";
    RSP "Establishing Secure Connection";

    RSP "Connected. Trusted Domain, But Not fully Secure.";
    RSP "Accessing *.reply";
    RSP "All Correct. Waiting for Command";
    RSP "Command = Bump";

    RSP "Successfully Bumped!";
    CMD "OK, exit.";
    RSP "Thank you, Mr.Gadget!"
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,360
    15,632
    113
    උබලා තාම වැඩ වසම් යුගයේද ඉන්නේ සර් මැඩම් කියන්න. ඉන්ටවිව් කරන එකාගෙන නම අහලා මිස්ටර් {නම} කියලා කතා කරපන්