- සමාගම සහ විධායක -

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑ. එ කියනේ සමාගමේම තවත් එක top level නිලදාරියෙක්. අයිතිකාරයට කියන්නේ කොටස්හිමියා (shareholder) කියල.

    CEO, shareholder, Directors ඕව වෙනම ස්වාදීන තනතුරු. shareholder ලට සමාගමේ directors ල වෙන්න පුළුවන්. ඔය directors ල CEO ල අයින් කරන එක තීරණය ගන්නේ AGM meeting වල shareholder ල ගන්න තීරණ අනුව. shareholder ලට කැමති directors ල CEO ල පත් කරන්න පුළුවන්. Private company වල (Pvt LTD සමාගම්) ගොඩක් වෙලාවට shareholder ඔකොම අය තමයි directors වෙන්නේ, එත් Public (PLC) company වල එහෙම වෙනත් පුළුවන් නොවෙඅත් පුළුවන්. ගොඩක් වෙලාවට public company වල කොටස් හිමියෝ ගොඩක් ඉන්න නිස්ස ඔකොම අය directors ල වෙනේ නෑ.

    Supiri explantion ekak ne machan............... :):):) Thankx machan mahasi wela type karata...:):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    CEO - Chief Executive Officer hama welema e company eke founder wenne naha.. CEO kianne company eke administration eka company eka kohomada profitable aran yanne.. simply kohomada profits wadi karagena karagena yanne kiana eka decide karanne eya..
    --------------------------------------------

    Company eka public unata passe share holdersla oya hamotama udin inne.. start kle eyada kauda kiana eka newe balanne return eka e ayata labena eka ganai concern wenne...

    mama expect karata wada hoda answer ekak deela ............... thanx machan valuable info ekata.................

    Really really great explanation Bro...:):):):):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mechchara hoda answers labei kiyala mama expect kare na.......:):)

    answer dunna...... ayata thankx ..... bump karapu ayatath thankax.....:)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Explanation eka labila niyameta ;)

    Im adding few things as my knowledge

    Dan investorsla hugak enne business eka aithi karaganna balan..

    and oya widhiata shares deela compnay eke aithiya wadi denek athata yana eka nawatanna thamai Prasada kotas denne
    and radawagath laba , pragdanitha karannat one unama prasada kotas denwa
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    Please read this:

    https://www.quora.com/Why-was-Steve-Jobs-fired-from-Apple

    This clearly explains how Jobs was fired.

    In the famous 2005 commencement speech at Standford University, Steve Jobs said:

    "We had just released our finest creation - the Macintosh - a year earlier, and I had just turned 30. And then I got fired. How can you get fired from a company you started? Well, as Apple grew, we hired someone who I thought was very talented to run the company with me, and for the first year or so, things went well. But then our visions of the future began to diverge and eventually we had a falling out. When we did, our Board of Directors sided with him. And so, at 30, I was out... and very publicly out. What had been the focus of my entire adult life was gone, and it was devastating."
     
    djvishwa

    Member
    Dec 13, 2011
    15
    1
    3
    #පළමු ප්‍රශ්නයට පිලිතුර තමයි CEO එහෙම නැත්තම් ප්‍රධාන විධායක නිළධාරි කියන්නේ සමාගමේ අයිතිකාරයා වෙන්නත් පුලුවම් නොවෙන්නත් පුලුවම්. ඒ කියන්නේ සී/ස පුද්ගලික සමාගම් වල බොහෝමයක්ම එකේ අයිතිකාරයම තමයි CEO වෙන්නනෙත්. නමුත් සි/ස පොදු සමාගම් වල එනම් PLC සමාගම් වල බොහේ දුරට CEO වෙන්නේ පඩියට වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ වැඩිම කොටස් තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ටික එකතු වෙලා පඩියට වැඩකරන්න CEO කෙනෙක්ව ආයතනයේ සේවකයෙක් විදියට ආයතනයට පත් කර ගන්නවා.

    # අනිත් ප්‍රශ්නයට පිළතුර තමයි මයික්‍රෝසෝෆ්ට් ආරම්භ කරන්නේ බිල් ග්‍රෙට්ස් සහ පෝල් ඇලන් කියන දෙදෙනාගේ එකතුවෙන් වූවත් මෙම ආයතනය ආරම්භ කිරිමට මූල්‍ය ප්‍රාග්ධනය යොදවන්නේ පෝල් බිල් ගේට්ස් යොදවන්නේ දැනුම එනම් මානව ප්‍රාග්ධනය එම නිසා මෙහිදි වැඩි කොටස් හිමිකාරිත්වයක් තියෙන්නේ පෝල් ඇලන්ට ඒත නිසා තමා ඔහු බිල් ග්‍රෙට්ස්ව නෙරපා හරින්නේ
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    1:CEO is a job title
    2:% ekak vidiyata denne
    3:still thinking
    4:if the majority share holders are more than 51% they can.
     
    හොද වටිනා විස්තරයක්...:D

    thank u මචන් ...පැහැදිලි කිරීමට.....මම හිතන් හිටියේ stive ජොබ් විතරයි කියල fire කරේ....බලාගෙන ගියාම bill gates වත් fire කරලනේ...
     
    Adam_West_66

    Member
    Aug 18, 2017
    12
    5
    0
    Canada
    සමාගමක් යනු කුමක්දැයි දැනගමු

    පළමුව කියන්න ඕනේ මම මේ Subject එක ඉගෙනගත්තේ පිටරට Universities වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එක නිසා සමහර වචනවලට සිංහල තේරුම් නොදනිමි. දෙවනුව ශ්‍රී ලංකාවේ සමාගම් පනත ගැන මට හසල දැනුමක් නොමැත, මෙහි ඇති සියලු කාරණා පදනම් වී ඇත්තේ United states of America & Canada යන රටවල සමාගම් සම්බන්ද නීති අනුවය. බොහෝ සමාගම් නීති මුළු ලෝකයේම එකම ස්වභාවයක් ගන්නා අතර නිර්වචන සහ සීමා අතර පමණක් වෙනසක් ඇත.

    පළමුව සමාගමක් යනු කුමක්දැයි දැනගමු, සමාගමක් යනු Legal Entity එකකි සමාගමක මුලික අරමුණ සීමාසහිත වගකීමක් සහිත ව්‍යපරක්යක් ස්ථාපිට කීරීමයි. Legally සමාගමකට unlimited life span එකක් ඇත එනම් ප්‍රධාන කොටස්හිමියන් නීතියෙන් සමාගමක් විසිරුවා (Dissolution) කරන තුරු නීතිය ඉදිරියේ සමාගම් අවලංගු නැත. තනි පුද්ගලයකුට වුවද සමාගමක් පටන් ගත හැක එවිට එම තනි පුද්ගලයා ප්‍රදාන කොටස් හිමිය බවට පත්වන අතර 100% අයිතිය හිමිවේ, ඔහු තම බිරිඳව සම කොටස් හිමියෙක් ලෙස නම්කළහොත් දෙදෙනාට 50% බැගින් කොටස් හිමිවේ, කිසි ලෙසකවත් Ownership Percentage එක 100% ඉකමවා යාමට නොහැක.

    ප්‍රධාන වශයෙන් අයිතිවාසිකම් අනුව සමාගම් වර්ග දෙකකට බෙදේ

    1. පොදු සමාගම් (Public Corporation)- අඩුම වශයෙන් කොටස් හිමියන් 7 දෙනෙකු සහ Dollar million 5 ක ප්‍රාග්ධනයක් තිබිය යුතුයි. කොටස් වෙලදපොලේ කොටස් විකිනීමට අවසර ඇත. උදාහරණ ( Apple , Google , Amazon , General Motors, Boeing, McDonalds)

    2. පුද්ගලික සමාගම් (Private Corporation)- කොටස් හිමියන් සහ ප්‍රාග්ධනය අවම සීමාවක් නැත, කොටස් වෙලදපොලේ කොටස් විකිණීමට අවසර නැත, කොටස් විකිණිය හැක්කේ ඉන්වෙස්ට්මෙන්ට් Bank එකක් හරහා ප්‍රචරයකින් තොරවය, පොදු මහජනයාට මිලදීගැනීම තහනම් අතර ඉතා ඉහල වත්කමක් ඇති අයවලුන් මෙහි මිලදී ගැනීම සිදුකරයි. උදාහරණ- (Koch Industries, Cargill USA, Dell Computers, Bechtel)

    සමාගම් සිය අරමුදල් සහ ප්‍රාග්ධනය සොයාගන්නා ප්‍රදාන ක්‍රම දෙකකි

    1. ණය ගැනීම (Debt Financing)- බැංකු, ආයෝජන අරමුදල් (ඉන්වෙස්ට්මෙන්ට් Funds) ප්‍රදාන වශයෙන් ණය ලබාදෙයි, ණය සදහා පොළිය ගෙවිය යුතු අතර මුල් මුදල (principal ) එකද ගෙවා පියවිය යුතුය. සමාගම් මුලිකවශයෙන් නය ලබාගැනීම සදහා බැදුම්කර නිකුත්කරයි. පොදු මහජනයාට ආයෝජන බැංකු හරහා බැදුම්කර මිලදී ගතහැක.

    2. අයිතිය විකිණීම( Equity Financing)- කොටස්වෙලදපල හෝ Investment Bank හරහා කොටස් විකුණා මුදල් ලබාගැනීම. සමාගම ලියාපදිංචි කරනවිට වත්කම් අනුව විකිණීය හැකි උපරිම කොටස් ප්‍රමාණය තීරණය වන අතර වත්කම් අඩු වැඩි වීම මත Equity Valuation නිකුත් කල හැකි කොටස් ප්‍රමාණය තීරණය වෙයි. වැඩි පුර කොටස් ව්කිනුවහොත් අයිතිකරුවන්ගෙන් අයිතිය දියවෙයි (Ownership Dillution).

    කොටස් වර්ග දෙකකි

    2.1 Common Shares සාමාන්‍ය කොටස්- චන්ද බලය ඇත, අධ්‍යක්ෂක වරුන් තේරීමට බලය ඇත, සමාගමේ ලාභ අලාභ අනුව ලාභාංශ (Dividends) ගෙවයි. සමාගමක් විසිරුවා හැරීමේදී අවසාන ඉතුරුව බෙදෙන්නේ මොවුන් අතරය. (ණය කරුවන් පළමුවද, වරණීය කොටස් හිමියන් දෙවෙනුවද, සාමාන්‍ය කොටස්හිමියන් අවසනයටද ගෙවුම් ලබයි)

    2.2 Preferred Shares වරණීය කොටස්- චන්ද අයිතිය නැත ලාභ ලැබුවද නොලැබුවද අනිවාර්යයෙන්ම ලාභාංශ ගෙවිය යුතුය.(ලාභාංශ අනුපාතය කොටස් නිකුත්කරනවිට තීරණය කරයි)

    සමාගමක සැකසුම (Composition of a Corporation)

    1. කොටස් මිලදීගත් කොටස්හිමියන්

    2 .අධ්‍යක්ෂක මණ්ඩලය (කොටස් හිමියන්ගේ චන්දයෙන් පත්වෙයි අවම වශයෙන් තුන් දෙනෙකි)

    3. සභාපති (Chairman of the Board)- අවසාන වගකීම පැවරෙන්නේ මොහුටය සමාගමේ ඉහලම තනතුරයි, නිතිය ඉදිරියේ සමාගමේ සියලුම වගකීම් ඇත්තේ මොහුටය අධ්‍යක්ෂක මණ්ඩලේ චන්දයෙන් පත්වෙයි.

    4. විධායක නිලදාරීන් (Execuitive Officers) (අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඇතුලතින් හෝ පිටතින් සොයාගනු (Hire) කරනු ලබයි. සමාගමේ කොටස් හිමිවීම මුලික සුදුසුකමක් නොවේ).

    4.1 Chief Executive Officer (ප්‍රධාන විධායක නිලදාරිය) CEO - පත්කිරීම සහ අස්කිරීම අධ්‍යක්ෂක මණ්ඩල විසින් සිදු කරයි.මුලික Duties වනුයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව ව්‍යාපාරයේ සැලසුම් සහ උපක්‍රම ක්‍රියාත්මක කිරීමයි. අධ්‍යක්ෂක මණ්ඩලයට වගකියයි, කොටස් හිමියන්ගේ වටිනාකම වැඩි කිරීම මොහුගේ අභිප්‍රායයි.

    4.2 Chief Financial Officer (ප්‍රධාන මුල්‍ය නිලදාරිය) CFO - පත්කිරීම සහ අස්කිරීම CEO විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව සිදුකරයි. ව්‍යාපාරයේ මුල්‍ය කටයුතු සහ budgeting සිදුකරයි.

    ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනයි සිතමි. මේ ටික කියෙවුවත් Canada &US university එකක first year student කෙනෙක් ගේ මුලික knowledge එක ලැබෙයි.

    Steve Jobs CEO අස් කරේ John Scully කියන Board Chairman, පොදු සමාගමකට අයිතිකාරයින් එක්කෙනෙක් නැහැ අධ්‍යක්ෂක මණ්ඩලය කැමතිනම් ඕනෑම පුද්ගලයෙක් අස් කිරීමට පුළුවන්.

    මේ ටික type කරේ ඉරානයේ සිදුවන කලකෝලාහල Youtube එකේ live බලන ගමන්, ආගමික අන්තවාදීන්ගේ සපත්තුවට පෑගී තමන්ගේ නිදහස උදෙසා සටන්කරන වීර ඉරාන ජනතාවට ජයවේවා........
     
    Last edited:
    • Like
    Reactions: snm1990 and KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පළමුව කියන්න ඕනේ මම මේ Subject එක ඉගෙනගත්තේ පිටරට Universities වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එක නිසා සමහර වචනවලට සිංහල තේරුම් නොදනිමි. දෙවනුව ශ්‍රී ලංකාවේ සමාගම් පනත ගැන මට හසල දැනුමක් නොමැත, මෙහි ඇති සියලු කාරණා පදනම් වී ඇත්තේ United states of America & Canada යන රටවල සමාගම් සම්බන්ද නීති අනුවය. බොහෝ සමාගම් නීති මුළු ලෝකයේම එකම ස්වභාවයක් ගන්නා අතර නිර්වචන සහ සීමා අතර පමණක් වෙනසක් ඇත.
    ..............

    Thank You මචන් වටිනා අදහස් ටිකක් ... +11​