සමාගමක් යනු කුමක්දැයි දැනගමු
පළමුව කියන්න ඕනේ මම මේ Subject එක ඉගෙනගත්තේ පිටරට Universities වලින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එක නිසා සමහර වචනවලට සිංහල තේරුම් නොදනිමි. දෙවනුව ශ්‍රී ලංකාවේ සමාගම් පනත ගැන මට හසල දැනුමක් නොමැත, මෙහි ඇති සියලු කාරණා පදනම් වී ඇත්තේ United states of America & Canada යන රටවල සමාගම් සම්බන්ද නීති අනුවය. බොහෝ සමාගම් නීති මුළු ලෝකයේම එකම ස්වභාවයක් ගන්නා අතර නිර්වචන සහ සීමා අතර පමණක් වෙනසක් ඇත.
පළමුව සමාගමක් යනු කුමක්දැයි දැනගමු, සමාගමක් යනු Legal Entity එකකි සමාගමක මුලික අරමුණ සීමාසහිත වගකීමක් සහිත ව්යපරක්යක් ස්ථාපිට කීරීමයි. Legally සමාගමකට unlimited life span එකක් ඇත එනම් ප්‍රධාන කොටස්හිමියන් නීතියෙන් සමාගමක් විසිරුවා (Dissolution) කරන තුරු නීතිය ඉදිරියේ සමාගම් අවලංගු නැත. තනි පුද්ගලයකුට වුවද සමාගමක් පටන් ගත හැක එවිට එම තනි පුද්ගලයා ප්‍රදාන කොටස් හිමිය බවට පත්වන අතර 100% අයිතිය හිමිවේ, ඔහු තම බිරිඳව සම කොටස් හිමියෙක් ලෙස නම්කළහොත් දෙදෙනාට 50% බැගින් කොටස් හිමිවේ, කිසි ලෙසකවත් Ownership Percentage එක 100% ඉකමවා යාමට නොහැක.
ප්‍රධාන වශයෙන් අයිතිවාසිකම් අනුව සමාගම් වර්ග දෙකකට බෙදේ
1. පොදු සමාගම් (Public Corporation)- අඩුම වශයෙන් කොටස් හිමියන් 7 දෙනෙකු සහ Dollar million 5 ක ප්‍රාග්ධනයක් තිබිය යුතුයි. කොටස් වෙලදපොලේ කොටස් විකිනීමට අවසර ඇත. උදාහරණ ( Apple , Google , Amazon , General Motors, Boeing, McDonalds)
2. පුද්ගලික සමාගම් (Private Corporation)- කොටස් හිමියන් සහ ප්රාග්ධනය අවම සීමාවක් නැත, කොටස් වෙලදපොලේ කොටස් විකිණීමට අවසර නැත, කොටස් විකිණිය හැක්කේ ඉන්වෙස්ට්මෙන්ට් Bank එකක් හරහා ප්රචරයකින් තොරවය, පොදු මහජනයාට මිලදීගැනීම තහනම් අතර ඉතා ඉහල වත්කමක් ඇති අයවලුන් මෙහි මිලදී ගැනීම සිදුකරයි. උදාහරණ- (Koch Industries, Cargill USA, Dell Computers, Bechtel)
සමාගම් සිය අරමුදල් සහ ප්රාග්ධනය සොයාගන්නා ප්‍රදාන ක්‍රම දෙකකි
1. ණය ගැනීම (Debt Financing)- බැංකු, ආයෝජන අරමුදල් (ඉන්වෙස්ට්මෙන්ට් Funds) ප්‍රදාන වශයෙන් ණය ලබාදෙයි, ණය සදහා පොළිය ගෙවිය යුතු අතර මුල් මුදල (principal ) එකද ගෙවා පියවිය යුතුය. සමාගම් මුලිකවශයෙන් නය ලබාගැනීම සදහා බැදුම්කර නිකුත්කරයි. පොදු මහජනයාට ආයෝජන බැංකු හරහා බැදුම්කර මිලදී ගතහැක.
2. අයිතිය විකිණීම( Equity Financing)- කොටස්වෙලදපල හෝ Investment Bank හරහා කොටස් විකුණා මුදල් ලබාගැනීම. සමාගම ලියාපදිංචි කරනවිට වත්කම් අනුව විකිණීය හැකි උපරිම කොටස් ප්‍රමාණය තීරණය වන අතර වත්කම් අඩු වැඩි වීම මත Equity Valuation නිකුත් කල හැකි කොටස් ප්‍රමාණය තීරණය වෙයි. වැඩි පුර කොටස් ව්කිනුවහොත් අයිතිකරුවන්ගෙන් අයිතිය දියවෙයි (Ownership Dillution).
කොටස් වර්ග දෙකකි
2.1 Common Shares සාමාන්‍ය කොටස්- චන්ද බලය ඇත, අධ්‍යක්ෂක වරුන් තේරීමට බලය ඇත, සමාගමේ ලාභ අලාභ අනුව ලාභාංශ (Dividends) ගෙවයි. සමාගමක් විසිරුවා හැරීමේදී අවසාන ඉතුරුව බෙදෙන්නේ මොවුන් අතරය. (ණය කරුවන් පළමුවද, වරණීය කොටස් හිමියන් දෙවෙනුවද, සාමාන්‍ය කොටස්හිමියන් අවසනයටද ගෙවුම් ලබයි)
2.2 Preferred Shares වරණීය කොටස්- චන්ද අයිතිය නැත ලාභ ලැබුවද නොලැබුවද අනිවාර්යයෙන්ම ලාභාංශ ගෙවිය යුතුය.(ලාභාංශ අනුපාතය කොටස් නිකුත්කරනවිට තීරණය කරයි)
සමාගමක සැකසුම (Composition of a Corporation)
1. කොටස් මිලදීගත් කොටස්හිමියන්
2 .අධ්‍යක්ෂක මණ්ඩලය (කොටස් හිමියන්ගේ චන්දයෙන් පත්වෙයි අවම වශයෙන් තුන් දෙනෙකි)
3. සභාපති (Chairman of the Board)- අවසාන වගකීම පැවරෙන්නේ මොහුටය සමාගමේ ඉහලම තනතුරයි, නිතිය ඉදිරියේ සමාගමේ සියලුම වගකීම් ඇත්තේ මොහුටය අධ්‍යක්ෂක මණ්ඩලේ චන්දයෙන් පත්වෙයි.
4. විධායක නිලදාරීන් (Execuitive Officers) (අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඇතුලතින් හෝ පිටතින් සොයාගනු (Hire) කරනු ලබයි. සමාගමේ කොටස් හිමිවීම මුලික සුදුසුකමක් නොවේ).
4.1 Chief Executive Officer (ප්‍රධාන විධායක නිලදාරිය) CEO - පත්කිරීම සහ අස්කිරීම අධ්‍යක්ෂක මණ්ඩල විසින් සිදු කරයි.මුලික Duties වනුයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව ව්‍යාපාරයේ සැලසුම් සහ උපක්‍රම ක්‍රියාත්මක කිරීමයි. අධ්‍යක්ෂක මණ්ඩලයට වගකියයි, කොටස් හිමියන්ගේ වටිනාකම වැඩි කිරීම මොහුගේ අභිප්‍රායයි.
4.2 Chief Financial Officer (ප්‍රධාන මුල්‍ය නිලදාරිය) CFO - පත්කිරීම සහ අස්කිරීම CEO විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය සහිතව සිදුකරයි. ව්‍යාපාරයේ මුල්‍ය කටයුතු සහ budgeting සිදුකරයි.
ඔක්කොම ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනයි සිතමි. මේ ටික කියෙවුවත් Canada &US university එකක first year student කෙනෙක් ගේ මුලික knowledge එක ලැබෙයි.
Steve Jobs CEO අස් කරේ John Scully කියන Board Chairman, පොදු සමාගමකට අයිතිකාරයින් එක්කෙනෙක් නැහැ අධ්‍යක්ෂක මණ්ඩලය කැමතිනම් ඕනෑම පුද්ගලයෙක් අස් කිරීමට පුළුවන්.
මේ ටික type කරේ ඉරානයේ සිදුවන කලකෝලාහල Youtube එකේ live බලන ගමන්, ආගමික අන්තවාදීන්ගේ සපත්තුවට පෑගී තමන්ගේ නිදහස උදෙසා සටන්කරන වීර ඉරාන ජනතාවට ජයවේවා........