සමාජ මතය වෙනස් වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ...,
    ඔබ තරම්..මඩ,අවලාද වලට ලක්වුනු, මේ රට වෙනස් කරන්න,ඉදිරිපත් වුනු..එ නිසාම ජීවිතයේ දැනටමත් බොහොදේ අත් හැරපු, තරුණ නායකයෙක් වර්තමාන දේශපාලනය තුල නැතිතරම්.
    ඔබ...වම් ඉවුරේ හිටගත්තානම්...
    මේ ඉතාමකෙටි කාලය තුල ඔබ තරම් ජනප්‍රිය තරුණ දේශපාලන නයකයකු ලාංකීය දේශපාලනය තුල නොසිටින්නට තිබුනා.
    නමුත්...ඔබ තෝරගත්තේ....ජනප්‍රිය දේශපාලනය නොව...රට වෙනස් කරනා දේශපාලනය යි.
    එය..වමාංශිකද...දක්ශිනාංශිකද...වැරදි ද,නිවැරදි ද යන්න. ඉතිහාසය විසින්ම තීරණය කරනු ඇත.!!
    ඔබේ නිවැරදි බවේ අයිතිය වෙනුවෙන්
    හඬ අවදිකිරීම ගැන සතුටු වන අතර...
    රටේ අලුත් පරම්පරාවක් ඔබ ගැන බලාපොරොත්තු තබා ඇත්තේ...තුට්ටු දෙකේ අවලාද වලින් ඔබ අත් හැරීමට නොව...වචනයේ පරිසමාප්තියෙන්ම වෙනස් රටක් උරුම කර ගැනීම පමණක්ම අවසන් ජයග්‍රහණය සේ විශ්වාසය තබාගෙන පමණක් බව මතක් කරමි.