සමාජ වෙබ් අඩවි මඟින් රජයට එරෙහිව කෘත්‍රී&#3512

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
සමාජ වෙබ් අඩවි මඟින් රජයට එරෙහිව කෘත්‍රී&#3512

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් විසින් මෙහෙයවන සමාජ වෙබ් අඩවි මඟින් සැලසුම් සහගතව රජයට එරෙහිව කෘත්‍රීම ජනමතයක් ගොඩනඟන්නට උත්සාහ කරමින් සිටින බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කැරමින් මෙම වෙබ් අඩවි අසත්‍යය හා මිථ්‍යා මත පතුරුවන බවද ඒ මහතා කීය.

මහනුවර ඩෙවෝන් රෙස්ට්හි දී පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට පවතින දේශපාලන උණුසුමත් සමඟ පක්ෂ මාරු සම්බන්ධව විවිධ දේශපාලනඥයින්ගේ නම් සඳහන් කැර මෙම වෙබ් අඩවි අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ඒවා අසත්‍යය බව තහවුරුවීමත් සමඟ මෙම වෙබ් අඩවි කෙරෙහි පවතින ජනතා විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටමෙන් පවතින බවත් ඒ මහතා අවධාරණය කළේය.

රජයට එරෙහිව ව්‍යාජ ජනමතයක් උළුප්පා පෙන්වීම සඳහා විපක්ෂය කටකතා හමුදාවක් නිර්මාණය කරන බවට මාධ්‍ය අනාවරණය කළ බවත් මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කෙරෙන්නේ එම වැඩපිළිවෙළ යටතේ විය හැකි බවත් හෙතෙම කීය.

අන්තර්ජාලය ඇසුරු කරමින් තොරතුරු දැනගැනීම්, මිලදී ගැනීම් හා තොරතුරු හුවමාරු කැරගැනීම් සිදුකරන ලක්ෂ 12ක පමණ පිරිසක් මෙරට සිටින බවත් ඔවුන් ද නොමඟ යවමින් ඒ හරහා සමාජය තුළ වැරදි මතයක් ස්ථාපති කිරීම විපක්ෂයේ අරමුණ වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ගැමි‍ ‍ෙස්වා පදනමේ සභාපති ජපන් ශ්‍රී ලංකා ශිෂ්‍ය අධ්‍යාපන හුවමාරු වැඩසටහන් සම්බන්ධීකාරක කරුණාරත්න ගල්කොටුව මහතාද සහභාගි විය.