සමාජ_භීතිකාව

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    Social anxiety disorder හෙවත් Social phobia
    social_phobia.png

    සමාජ භීතිකාව යනු සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බියයි. මෙම භීතිකාව ඇති අයට සාමාජීය වශයෙන් වැඩ කිරීමේදී සහ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේදී දැඩි අපහසුතා ඇතිවේ. රෝගය සහිත පුද්ගලයින් ගේ මූලික ලක්ෂණය වන්නේ, අන් අය තමන් ගැන කෙසේ සිතාවි දැයි යන අධික සහ නිරන්තර භීතියයි. කවර දෙයක් කලද මෙම බිය ඔවුන්ගේ පිටුපස පැමිණෙයි.

    රෝගයෙන් පෙලෙන්නන්ගේ කායික රෝග ලක්ෂණ වන්නේ: රතු වීම, අධික ලෙස ‍දහඩිය දැමීම, ‍අධික පපුවේ ගැස්ම, ක්ලාන්ත ගතිය, ගොත ගැසීම, වේගයෙන් සහ නොවැටහෙන පරිදි කථා කිරීම යනාදියයි. මෙම ලක්ෂණ වැඩි වශයෙන් මතු වන්නේ ආතතිය ගෙන දෙන සමාජශීලී අවස්ථාවන් වලය. මෙම භීතිය අතිශයින් ම උග්‍ර වුවහොත් Panic Attacks සහ depression යන තත්ව මතුවීමට ඉඩ තිබේ. මෙවැනි සමහරක් රෝගීන් සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බිය පහ කර ගැනීමට ඇතැම් විට මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරයි. කලින්ම රෝගය හදුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම නතර කළ හැකිය.

    සමාජ භීතිකාව සහිත පුද්ගලයින් තමන් ගැන අවශ්‍ය පමණට වැඩිය සිතයි. කිසියම් ක්‍රියාවක් කළ පසු ඔවුන් ඒ ගැන අවශ්‍ය පමණට වඩා කල්පනා කරයි. එසේම ඔවුන්ට තමන් ගැන අධි තක්සේරැවක් ඇත. එනම්, කිසියම් වැඩක් කරන විට එම වැඩය තමන් විශිෂ්ඨ ලෙස අකුරටම කළ යුතු යැයි ඔවුන් සිතයි. මෙනිසා තමන් කළ යම් වැඩක් වැරදී ගියහොත්, එයින් ඔවුන් දැඩි අසහනයට පත් වේ. ඔවුන් අනෙකුන් ඉදිරියේ උසස් හැසිරීමක් සහ තත්වයක් පෙන්වීමට උත්සාහ කරන නමුත්, තමන් පහත් බව හැම විටම සිතයි. බිය ඇති කරවන කිසියම් සමාජීය අවස්ථාවකට අනාගතයේ දී මුහුණ දෙන්නට තිබේ නම්, ඔවුන් කළින්ම සිතන්නේ එහිදී තමාට වැරදීමට සහ ලැජ්ජාවට පත්වීමට ඇති ඉඩකඩ ගැන සහ, එම අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනයි. එම සමාජීය අවස්ථාව නිම වූවායින් පසු ඔවුන් තමන්ගේ හැසිරීම විචාරයට ලක් කරන අතර, එවිට ඔවුන් සිතන්නේ තමන් හැසිරැණු සැටි හොද මදි යැයි කියාය. මෙමහැගීමෙන් ඇතැම් විට දින ගණනාවක් යන තෙක් ඔවුන් පීඩා විදිති. අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත්තේ, සමාජ භීතිකාව ඇති පුද්ගලයින්ට, තමන් ට ලැබුණු ඍණ අත්දැකීම්, ධන අද්දැකීම් වලට වඩා ඉතා හොදින් මතක හිටින බවය.

    නමුත් මෙවැනි රෝගියෙකු දකින අන් පුද්ගලයින් වැරදි ලෙස සිතන්නේ ඔහු හෝ ඇය අධික මානයක් සහිත පුද්ගලයෙකු බවය. මන්ද යත් ඔහු/ඇය වැඩි කතා බහකින් හෝ සිනාවකින් තොරව පසු වන හෙයිණි. එහෙත් සිදුවන්නේ එම සාමාජීය අවස්ථාවේදී රෝගියාට දැඩි අපහසුවක් දැනීමෙන්, වැඩි දුර කථා කිරීමට හෝ පුද්ගලයින් සමග එම මොහොතේ සමාජශීලී වීමට නොහැකි වීමය. එවැනි පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ, තමන්ට ආතතිය ගෙන දෙන එම ස්ථානයෙන්හැකි ඉක්මනින් ඉවත් වී හුදකලා වීමට ය.
    මෙම රෝගය සදහා උදාහරණයක් වශයෙන්, රෝගය සහිත කෙනෙක් පිරිසක් ඉදිරියේ කථා කිරීමේ අවස්ථාවක් සළකමු. ඔහුට හෝ ඇයට එක් තැනකදී කිසියම් වචනයක් ගොත ගැසේ යැයි සතමු. මෙහිදී ඔහු/ඇය සිතන්නේ මෙම ගොත ගැසීම අසන්න්නට ‍හොදින් ඇසුණු නිසා ඔවුන් තමන් ට සිනාසෙන බවය. මෙසේ දිගින් දිගටම සිතීම නිසා ඔහුට/ඇයට කථාව තුළ තව තවත් ගොත ගැසීම් සහ දහදිය දැමීම සිදුවේ. තත්වය උග්‍ර වුවහොත් Panic attack තත්වය දක්වා යයි.

    සමාජ භීතිකාව ඉතාම ප්‍රබල ලෙස පුද්ගලයකුට බලපෑම් ඇතිකරයි. එම භීතිකාව ඇති අයකුට යම් කෙනෙකු සමඟ හෝ සමූහයක් සමඟ කතා කිරීමට නොහැකිය. කතා කළත් බිම බලාගෙන හෝ අහක බලාගෙන එය කරයි. බොහෝ විට අසන ප්‍රශ්නවලට හැකි තරම් කෙටි උත්තර දෙයි. ඒවා ද යම් කාලයක් ගෙන ඉතා හෙමින් කරනු ලබයි. ප්‍රශ්න අසන්නේ ඉතාම අඩුවෙනි. අසන ප්‍රශ්නවලට උත්තර ප්‍රමාද වන අතර උත්තර ද බොහෝ විට දුබලයි. එය බොහෝ විට සිසුන් තුළ දැකගත හැකිය.

    සමාජ භීතිකාව ඇති අය විවිධ පුද්ගලයන් හමුවීමට යෑම ඔවුන්ගේ මුහුණ බැලීම ඉතාම අඩුවෙන් කරයි. තම කාර්යාලයේ ප්‍රධානියකු හමුවීමට පවා බිය වෙයි. සමහර අය තෝරා ගත් අය සමඟ පමණක් කතා කරයි. තෝරාගත් ස්ත්‍රීන් හා පුරුෂයින් සමඟ පමණක් කතා කරයි.

    සමාජ භීතිකාව ඇති අය කතා කිරීමට පමණක් නොව සමාජය ඉදිරියේ හෝ පුද්ගලයකු බලා සිටින විට හෝ විවිධ ක්‍රියා කිරීමට පවා නොහැකි වේ. තමා හොඳින් දන්නා ක්‍රියා පවා කිරීමට නොහැකි වේ. රඟපෑම, ක්‍රීඩා කිරීම, ලිවීම නිර්මාණයන් කිරීම පවා කළ නොහැකි වේ. සමහර විට එවැනි අය “මා දිහා බලා ඉන්නට එපා, අහකට යන්න, මම එය කරලා පෙන්වන්නම්” වැනි ප්‍රකාශ කරන අවස්ථා ඇත.
    ඒ නිසා එවැනි අය දුර්වල ක්‍රියා ඇති අය වශයෙන් පත්වන අතර එය ඔවුන්ගේ ජීවිතයට ද බලපායි.
    සමහර සිසුන්ට පංතිවලදී අසන ප්‍රශ්නවලට උත්තර දීමට නොහැකි වී දැඩි පීඩාවන්ට ලක්වීම ද සමාජ භීතිකාවේදී ලක්‍ෂණයකි. සමාජ භීතිකාව ඇති අයට තමන් වෙනස් වී ඇති බවක් දැනෙයි. එසේම විශාදි ලක්‍ෂණ ද දැනෙනු ඇත. මෙයට අමතරව ග්‍රස්ථිය (Obsessions) නැමති රෝගී තත්ත්වය ආශි‍්‍රතව මතුවන රෝගී ලක්‍ෂණ ද මතුවීමට ඉඩ ඇත.

    සමාජ භීතිකාව ඇතිවන සාධක රාශියකි. කුඩා කාලයේදී ලබන විවිධාකාර අත්දැකීම්, ප්‍රධාන කරුණකි. එසේම විවිධාකාර කතා, රූප දැකීම, අන් අයගේ විවිධ අත්දැකීම් ඇසීම, මනසට විවිධ වැරදි, අසුබවාදී සිතුවිලි ගලා ඒම, තවත් සාධක කිහිපයකි. විවිධාකාර වූ අස්වාභාවික මතිමතාන්තර, අවබෝධයන්, විශ්ලේෂණ ඇති වීම ද තවත් බලපාන කරුණකි.

    එසේම ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය හා පෞරුෂත්වයේ ඇති දුබලතා ද එම භීතිකාව කෙරෙහි බලපාන ප්‍රබල සාධකය. අන් අයගේ හැසිරීම්, විවේචන, බලපෑම්, තර්ජන, බියගැන්වීම් දිගින් දිගටම ඇතිවීමෙන් ද සමහර අයට සමාජ භීතිකාව ඇතිවේ. එසේම සමහර පවුල්වල ඇති විවිධ මතිමතාන්තර ද මෙයට යම් ආකාරයට බලපාන සාධකයකි. මෙයට අමතරව තමන්ගේ හිතට දැනෙන අනාරක්‍ෂිත භාවය, අසරණ භාවය ද මෙලෙස භීතිකාව වර්ධනය වීමට හේතු වේ.

    සමාජ භීතිකාව දිගින් දිගටම තිබීමෙන්, නිරන්තරයෙන්ම මානසිකව පීඩනයන්ට ලක්වෙයි. මෙය මානසික සෞඛ්‍ය හීනවීමට හේතුවකි. තවද විවිධ ක්‍රියාකාරීත්වවල�� �න් පසුබෑමකට ලක්වෙයි. එසේම තමන්ගේ ආත්ම ශක්තිය, ආත්ම අභිමානය අඩු වී දුර්වල පෞරුෂත්වයක් ද ඇතිවේ. මේ නිසා ජීවිතයේ ගුණාත්මක භාවයට ලොකු බලපෑමක් ද ඇතිකරයි.

    සමාජ භීතිකාවට ප්‍රතිකාර ඇත. ඖෂධ ප්‍රතිකාර ඇත. එසේම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ද ඇත. එය ඉතාම ප්‍රබල සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. විවිධාකාර පියවර අනුගමනය කර පුද්ගලයකු හුරු පුරුදු පරිසරය තුළම එය සිදුකරනු ලබයි.


    උපුටාගැනීම ඊසරලංකා සහ දිනමින ඇසුරෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඕනම දේ දාල නැහැ. ප්‍රතිකාර ක්‍රම දාපං.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado ow ban poddak e gana hoyalandaahanko..kauda hida docs la mekata

    gym palayan,ita passe samadhi meditation karapan.ita passe start learn to not give a fk about anyone or anything etakota hari yanawa.anxiety medicine biwwata social anxiety nathi wenne ne ban.tama cure ekak ne
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,586
    113


    Face your fears

    One of the most helpful things you can do to overcome social anxiety disorder, or social phobia, is to face the social situations you fear rather than avoid them. Avoidance keeps social anxiety disorder going.

    Avoidance leads to more problems

    While avoiding nerve-wracking situations may help you feel better in the short term, it prevents you from becoming more comfortable in social situations and learning how to cope. In fact, the more you avoid a feared social situation, the more frightening it becomes.
    Avoidance may also prevent you from doing things you’d like to do or reaching certain goals. For example, a fear of speaking up may prevent you from sharing your ideas at work, standing out in the classroom, or making new friends.

     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    practical method ekak nenan kivve:dull:



    Face your fears

    One of the most helpful things you can do to overcome social anxiety disorder, or social phobia, is to face the social situations you fear rather than avoid them. Avoidance keeps social anxiety disorder going.

    Avoidance leads to more problems

    While avoiding nerve-wracking situations may help you feel better in the short term, it prevents you from becoming more comfortable in social situations and learning how to cope. In fact, the more you avoid a feared social situation, the more frightening it becomes.
    Avoidance may also prevent you from doing things you’d like to do or reaching certain goals. For example, a fear of speaking up may prevent you from sharing your ideas at work, standing out in the classroom, or making new friends.


    adowatinawa......tawa daapan..