:::සමාන්තර::: [3 කොටස]

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :::සමාන්තර::: [3 කොටස]

    සමාන්තරව ගමන්කරනා කතාවේ තෙවන දිගහැරුම. මේ කොටස කොයි ආකාරයෙන් බාරගනීවිද දන්නේ නෑ, මට බනින්නත් ඉඩ තියනවා.

    ගිම්හාන්ගේ දෘෂ්ටිකෝණයෙන්:

    "ගිම්හාන්,,, ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ,,,"
    හපෝ මාව දැක්ක නේද වර්ශා, ඒ පාර මොකද්ද.

    "හලෝ, කොහොමද ඉතින්? හුඟ කාලෙකින්"
    වර්ශා හිනා වුණා, මහ කපටි හිනාවක්.
    "එච්චර හොඳක් නෑ, හැබැයි ඔයා උදව්වක් කලොත් මම සතුටු වේවි"
    "මොකද්ද අප්පේ ඒ?"
    "අර ඔයාගේ යාළුවා, මාලන්, අන්න එයාට, පණිවිඩයක් "
    "හරි මම කියන්නම්"
    "කියන්න නෙමෙයි අනේ, මම ලියල තියෙන්නේ, මේ,,, මේ ලියුම එයාට දෙන්න හොඳේ,,"

    පෙරලුනොත් ඉතින් බාල්දියක් මටම තමා, මේකි මොනාටද මේ එන්නේ, මොකක් උනත් හොඳක් නම් වෙන්න බෑ.

    ආදරණීය මාලන්,

    මට ඔයාට තවම එහෙම කතාකරන්න පුළුවන් කමක් නෑ,
    ඒ මට තමා ඔයාව අයිති නැති හින්ද, එත් මම දන්නවා අපි දෙන්න වෙන්කරන්න කාටවත් බෑ උත්තරාටවත්,
    එයාට ඔයාව අයිති නැහැ, අයිති මටයි, ඔයා මන් ගැන තාම හරියට දන්නෙත් නැනේ,
    මාව ඔයා දැකලත් මාත් එක්ක කතාකරලත් තියනවා,
    අපි දෙන්න මුලින්ම දැකපු දවසේ තමයි අපි දෙන්න අපිටම විතරක් උරුම බව මම දැන් ගත්තේ
    මම ඔයාව දැකපු මුල්ම දවසේ, ඔයා දෙකපු වෙලාවේ මට අදහගන්නවත් බැරි උනා,
    ඒ තරමට සමීප බවක් දැනුනේ, හරියට අපි හොඳට දන්නාවා වගේ,
    ඒක ආත්මීය බැඳීමක් වෙන්න ඇති නේද මාලන්? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?
    මට ඔයාව දැක්ක වෙලාවේ ඉඳල මගේ හිතින් ඔයාව තප්පරෙකට වත් අයින්කරන්න බැරි උනා,
    කොයි වෙලාවෙත් ඔයා මගේ හිත ඇතුලේ රැව්දෙනවා,
    ඒ වෙලාවේ ඉඳල ඔයා මාත් එක්කම ජීවත් වෙනවා වගේ, මගේම කොටසක් වෙලා,
    කනකොට බොනකොට විතරක් නෙමේ මම නිදගනිද්දී පවා ඔයා මාත් එක්ක ඉන්නවා,
    මගේ හිතේ. මම එකට බයත් නැහැ, මොකද ඔයා මගේ මම ඔයාගේ කියල මට හොඳටම දැනෙන හින්ද,
    මම දන්නවා මම මේවා කියද්දී ඔයා හිතයි මට පිස්සු කියල,
    ඔව් ඔයා හිතවා හරි, මට පිස්සු තමයි ඒ ඔයා හින්ද ඔයාට තියන ආදරේ හින්ද.
    මාව ඔයා විශ්වාස කරන එකක් නැහැ, ඒ ඔයා දැන් බොරුවක පැටලිලා,
    ඒ බොරුකාරියක් ඔයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන හින්ද,
    ඔව් ඒ බොරුකාරී තමයි උත්තරා, එයා මහ බොරුකාරියක් ඔයාට ආදරෙයි වගේ හිටියට එහෙම නැහැ,
    එයා ආදරේ අර අවිශ්කට, ඔයාව රවට්ටනවා. මට හරි දුකයි මාලන් ඔයා ගැන,
    එත් බය වෙන්න එපා මම ඔයාව බෙර ගන්නවා, අපි අයිති අපිට විතරයි,
    දැන් ඔයාට මේ ලියුම විකාරයක් වගේ පෙනේවි,
    ඒ ඔයා උත්තරා හින්ද අන්ධ වෙලා ඉන්න හින්ද, මම ඔයාව බේරා ගන්නවා රත්තරන්.

    ඔයාට ආදරේ කරන එකම කෙල්ල,
    වර්ශා.


    මම දන්නවා අනුන්ගේ ලියුම් කියවන එකනම් හොඳ වැඩක් නෙමේ, එත් අවස්ථාවෙදිනම් මට ඒ ගැන කිසිම වැරදි කාරී හැගීමක් නැහැ,
    හෙහ් වර්ශා වර්ශා,,,, ඔයාට මාලන්වම ලැබෙයි.

    *******​

    "දැන් ඉතින් අපි මේකට මොකද කරන්නේ?" අවිශ්ක ඇහුවා.
    "විසිකරලා දාල, කවදාවත් ඔහොම එකක් දන්නෙත් නෑ වගේ ඉන්නවා,"
    අවිශ්ක මන් දිහා රවල බලපු විදිහට හිනා ගියා.
    "හරි එහෙනම් දැන් මොකද්ද කරන්න ඕන?"
    "උඹ මේක මාලන්ට දෙන්න, අපිට ඕක අදාල නැනේ,,,"
    "ආ හරිද එතකොට, උඹේ යාලුවනේ ඕකෙන් අමාරුවේ වැටෙන්නේ,"
    "මම ඒක ගැන උත්තරාට කියන්නම් "
    "එහෙම කලාම හරියාවි කියල හිතනවද? ඔන්න මම වගකියනු නොලැබේ, අනිත් එක උඹේ නමත් ගැවිලා තියනවනේ"
    "හ්ම්ම් ප්‍රශ්නයක් උනත් ඉතින් මටනේ."
    "ඇයි අමතක උනාද ඔයාට ප්‍රශනයක් කියන්නේ මටත් ප්‍රශ්නයක් කියල"

    අවිශ්ක මනමාල විදිහට හිනාවුණා, මගේ අතින් අදාල ලඟට ගත්තා, මමත් අවිශ්කගේ බෙල්ල වටේ අත් දෙක දාල එයාව තවත් ලඟට ගත්තා.

    ____________​

    පෙරදා හමුවූ කොටස්: 1 , 2
     
    Last edited: