සමානුපාතික ජන්ද ක්‍රමය

මේක වැදගත් Thread එකක්

  • නැ

    Votes: 0 0.0%
  • සාමාන්‍යයි

    Votes: 0 0.0%

  • Total voters
    1

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සමානුපාතික ජන්ද ක්‍රමය

    [FONT=&quot]සමානුපාතික[/FONT][FONT=&quot] ජන්ද[/FONT][FONT=&quot] ක්‍රමය යට[FONT=&quot]තේ[/FONT][/FONT][FONT=&quot] මහා මැතිවරණයකදී ජන්දයෙන් [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ජාතික [/FONT][FONT=&quot]ලයිස්තුවෙන්[/FONT][FONT=&quot] මන්ත්‍රීවරුන් තෝරා ගන්නා ක්‍රමය[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]1978 ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය සතුව පැවති විධායක බලය ඇතුලු තවත් බලතල, වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ගෙන් විමසන ලද ජන්දයකින්(ජනාධිපතිවරණයකින්) 51%ට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන තනි පුද්ගලයකු(ජනාධිපති) වෙත ගොනුකරමින් විධායක ජනාධිපති ධුරය බලාත්මක කරනලදි. ඉන්පසු පැවති කේවල ජන්ද[/FONT][FONT=&quot] ක්‍රමය සහමුලින්ම අහෝසිකොට පවතින සමානුපාතික[/FONT][FONT=&quot] ජන්ද [/FONT][FONT=&quot]ක්‍රමය හදුන්වාදෙනලදි[/FONT][FONT=&quot]. මෙහිදි දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රීවරුන් 196ක් ද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29ක් ද තෝරා පත්කරගනි.

    [/FONT] [FONT=&quot] දිස්ත්‍රික්කයකින් ලබාදුන් ජන්ද සංඛ්‍යාවෙන් නරක් වු ජන්ද හැර දෙන ලද වලංගු ජන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකක් (1/20) ලබාගැනීමට අසමත් වු පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී අසුන් අහිමි වෙයි.[/FONT][FONT=&quot]එහෙයින් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා නිදසුනක් ලෙසින් 1994දී මෙරට පැවැත්වු මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද ප්‍රතිඵල පිළිබඳව විමසා බලමු.

    [/FONT] [FONT=&quot] 1994 මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජන්දදායකයන් විසින් ලබාදෙනලද වලංගු ජන්ද සංඛ්‍යාව වුයේ 9,21,933කි. ප්‍රතික්ෂේප වු ජන්ද සංඛ්‍යාව 36,635කි. වලංගු ජන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකක් (1/20) යනු 46,095කි. එවර මහජන එක්සත් පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ ජන්ද 42,734කි. එම ප්‍රමාණය 1/20 ට අඩුවීම නිසා මන්ත්‍රීධුර වෙන්කිරීමේදී මහජන එක්සත් පෙරමුණට මන්ත්‍රීධුර හිමිවුයේ නැත.

    [/FONT] [FONT=&quot] මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ දෙවන පියවර වන්නේ මන්ත්‍රීධුර ලැබීමට හිමිවියයුතු ජන්ද සංඛ්‍යාව නිගමනය කිරීමයි. එහිදී පළමුව දිස්ත්‍රික්කයේ දෙනලද වලංගු මුළු ජන්ද සංඛ්‍යාවෙන් 1/20 නොලැබු පක්ෂ හා කණ්ඩායම් ලැබු මුළු ජන්ද ප්‍රමාණය අඩු කළයුතුය.

    [/FONT] [FONT=&quot] නිදසුනකට 1994 කොළඹ දිස්ත්‍රික්කයේ දෙනලද වලංගු ජන්ද සංඛ්‍යාව වුයේ 9,21,933කි. එවර 1/20 නොලැබු මහජන එක්සත් පෙරමුණ,ටෙලෝ,න.ස.ස.ප,[/FONT][FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot].ක.කො,[/FONT][FONT=&quot]ශ්‍රි[/FONT][FONT=&quot].ල.ප්‍ර.පෙ සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 ලැබු මුළු ජන්ද සංඛ්‍යාව වුයේ 67,191කි. එම ප්‍රමාණය වලංගු ජන්ද සංඛ්‍යාවෙන් අඩුකළවිට මන්ත්‍රීධුර තෝරා ගැනීමට අදාළ ජන්ද සංඛ්‍යාව වනුයේ 8,54,742කි.

    [/FONT] [FONT=&quot] දිස්ත්‍රික්කයෙන් පත්කිරීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාවෙන් ප්‍රසාද මන්ත්‍රීධුරය අඩුකොට ඉතිරි සංඛ්‍යාවෙන් අදාළ ජන්ද සංඛ්‍යාව බෙදා එක් මන්ත්‍රීධුරයකට නියමිත ජන්ද සංඛ්‍යාව නිගමනය කලයුතුය.

    උදාහරණයකට කොළඹ දිස්ත්‍රික්කයට 1994 දී හිමි මන්ත්‍රීධුර සංඛ්‍යාව 20 කි. එකක් ප්‍රසාද මන්ත්‍රීධුරයට වෙන්කලවිට 19 කි. 1994 කොළඹ දිස්ත්‍රික්කයේ අදාළ ජන්ද සංඛ්‍යාව වු 8,54,742 මන්ත්‍රී ආසන 19 න් බෙදුවිට එක් මන්ත්‍රීධුරයක් ලබාගැනීමට ලැබියයුතු ජන්ද ප්‍රමාණය වනුයේ44,986කි.[/FONT]
    [FONT=&quot] 1994 කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදු පෙරමුණ ලැබු ජන්ද සංඛ්‍යාව 4,69,642කි. එම සංඛ්‍යාව 44,986න් බෙදුවිට එම පෙරමුණට පුර්ණ මන්ත්‍රීන් 10ක් හිමි වී ජන්ද 19,782ක් ඉතිරි විය.[/FONT][FONT=&quot]එක්සත් ජාතික පක්ෂය ලැබු ජන්ද සංඛ්‍යාව 3,85,100කි. එය 44,986න් බෙදුවිට මන්ත්‍රීන් 08ක් ලැබී ජන්ද 25,212ක් ඉතිරිවිය.

    පුර්ණ මන්ත්‍රීන් තේරීමෙන් පසු තේරී ඇති සංඛ්‍යාව 18කි. 19 වැනි මන්ත්‍රීධුරය ඉතිරි වු වැඩි ජන්ද වලින් වැඩි ප්‍රමාණයක් හිමි වු පක්ෂයට ලැබෙයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි ජන්ද ප්‍රමාණය 25,212ක් වු හෙයින් එම මන්ත්‍රීධුරය එජාපයට හිමිවිය. එවිට එජාපයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 09කි.

    දිස්ත්‍රික්කයෙන් වැඩිම ජන්ද ප්‍රමාණයක් ලබාගත් පක්ෂයට ප්‍රසාද මන්ත්‍රීධුරය හිමිවේ. ඒ අනුව එය පොදු පෙරමුණට හිමිවිය.

    [/FONT] [FONT=&quot] අවසාන වශයෙන් 1994 මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොදු පෙරමුණට 11ක් හා එජාපයට 09ක් වශයෙන් මන්ත්‍රීධුර 20 බෙදීගියේය.

    [/FONT] [FONT=&quot] ජාතික[/FONT][FONT=&quot]ලයිස්තු මන්ත්‍රීවරුන්[/FONT][FONT=&quot] 29 දෙනා තෝරාගනුලබන්නෙ මහා මැතිවරණයේදී එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලැබු ජන්ද සංඛ්‍යාව ඒ මහා මැතිවරණයේදී දෙනලද මුළු ජන්ද සංඛ්‍යාවට අනුපාතය අනුවය.

    [/FONT] [FONT=&quot] 1994 මැතිවරණයෙදී දෙන ලද වලංගු ජන්ද සංඛ්‍යාව 79,43,715කි. එම සංඛ්‍යාව ජාතික[/FONT][FONT=&quot]ලයිස්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන්[/FONT][FONT=&quot] (29) බෙදුවිට එක් මන්ත්‍රීධුරක් ලැබීමට පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගතයුතු ජන්ද සංඛ්‍යාව වනුයේ 2,73,921කි.

    පොදු පෙරමුණ ජාතික වශයෙන් එවර ලැබු ජන්ද සංඛ්‍යාව වුයේ 38,87,823කි. ඒ අනුව එම පෙරමුණට ජාතික[/FONT][FONT=&quot]ලයිස්තු මන්ත්‍රීධුර[/FONT][FONT=&quot] 14ක් හිමිවිය. ඉතිරි වු ජන්ද ප්‍රමාණය 52,929කි. එජාපයට ජන්ද 34,98,370ක් ලැබුනි. ඒ අනුව ජාතික[/FONT][FONT=&quot]ලයිස්තු මන්ත්‍රීධුර[/FONT][FONT=&quot] 12ක් ලැබී ඉතිරි වු ජන්ද 2,11,328ට එක් මන්ත්‍රීධුරයක්ද(පුර්ණ මන්ත්‍රීන් තේරීමෙන් පසු ඉතිරි වු වැඩි ජන්ද වලින් වැඩි ප්‍රමාණයක් හිමි වු පක්ෂය එජාපය වීමනිසා) ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ලබා තිබු ජන්ද 1,43,307ට එක් මන්ත්‍රීධුරයක්ද ජන්ද 1,32,461ක් ලබා තිබු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධුරයක්ද හිමිවිය.

    ඒ අනුව අවසානයේදී ජාතික[/FONT][FONT=&quot]ලයිස්තු මන්ත්‍රීධුර[/FONT][FONT=&quot] 29, පොදු පෙරමුණ 14, එජාප 13, මුස්ලිම් කොන්ග්‍රසය 01, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 01 වශයෙන් බෙදීගියේය.[/FONT]

    [FONT=&quot]සමානුපාතික[/FONT][FONT=&quot]ජන්ද[/FONT][FONT=&quot]ක්‍රමයේ වාසි[/FONT][FONT=&quot] :-

    [/FONT] [FONT=&quot] -සුළු ජාතික පක්ෂ,පාක්ෂිකයන් අඩු පක්ෂ පාර්ලිමෙන්තුව නි‍යොජනය කිරීම මගින් නිවැරදි ජනමතය ලැබීම.[/FONT]
    [FONT=&quot] - පාර්ලිමෙන්තුවට යැවියයුතු හා නොයැවියයුතු පුද්ගලයන් ජනතාවට තෝරාගත හැකිවීම.( පාර්ලිමෙන්තුවට සුදුසු පුද්ගලයන් නැත්නම් පක්ෂයට පමනක් ජන්දය දියහැක.)[/FONT]
    [FONT=&quot] -යම් හෙයකින් පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයක් පුරප්පාඩු වුවහොත්(මන්ත්‍රීවරයා මියයාම,සිරගතවීම,[/FONT]
    [FONT=&quot][FONT=&quot]මන්ත්‍රීවරයා [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]ජනාධිපති [FONT=&quot]වී[FONT=&quot]ම[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot],[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]මන්ත්‍රීධුරය තහනම්වීම වැනි) නැවත අතුරු මැතිවරණයක් නොපවත්වා අදාල දිස්ත්‍රික්කයේ ඊලගට වැඩිම මනාප ඇති අපෙක්ෂකයා පාර්ලිමෙන්තුවට තෝරාගතහැකිවීම.[/FONT]

    [FONT=&quot]සමානුපාතික[/FONT][FONT=&quot]ජන්ද[/FONT][FONT=&quot]ක්‍රමයේ අවාසි[/FONT][FONT=&quot]:-

    [/FONT] [FONT=&quot] - දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරුන් තෝරාගන්නා බැවින් අපෙක්ෂකයන්ට ඉතා අධික මුදලක් තම ප්‍රචාරණ කටයුතු වලට වැයකිරීමට සිදුවීම. මේනිසාම නවක අපෙක්ෂකයන්ට ඉතාම අපහසුතාවයක් ඇතිවීම.[/FONT]
    [FONT=&quot] - එකම පක්ෂයේ අපෙක්ෂකයන් අතර මනාප සඳහා තරගයක් ඇතිවීම. මේනිසා පක්ෂ අභ්‍යන්තර ගැටුම් ඇතිවිම මගින් ජනතා සේවයේදී ගැටලු මතුවීම.[/FONT]
    [FONT=&quot] - ඉතා විශාල අපෙක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වීම මගින් මැතිවරණ ක්‍රියාවලියට නොයෙක් ආකාරයෙන් අධිකව මුදල් වියදම්වීම.[/FONT]
    [FONT=&quot] - මනාප ලබාගැනීම සඳහා ඇතැම් අපෙක්ෂකයන් ජන්ද දායකයාට පඟාව (රෙදි,ටකරම්,උදලු,මුදල්වැනි) දීමට ක්‍රියාකරයි. මේනිසා එම අපෙක්ෂකයන් මැතිවරණයෙන් පසු වියදම් වු මුදල් සෙවීම සඳහා නොයෙකුත් ආකාරයේ අයථා ක්‍රියාදාම වල නිරතවීම බහුලව සිදුවේ. ඇතැම් අපෙක්ෂකයන් ජන්ද ව්‍යාපාරයට රුපියල් කෝටි 20කට අධිකව මුදල් වියදම්කරයි.

    [/FONT] [FONT=&quot]ජාතික ලයිස්තුවේ ඇති වාසි හා අවාසි[/FONT][FONT=&quot]:-

    [/FONT] [FONT=&quot] ජාතික ලයිස්තුව හදුන්වාදීඇත්තෙ දේශපාලනයට පිවිසිමට නොහැකි(අකමැත්ත නිසා,මුදල් නොමැතිවීම නිසා වැනි හේතු ඇති) උගත්,බුද්ධිමත් විද්වතුන්ගේ නියෝජනයත් පාර්ලිමෙන්තුව තුල ඇතිකිරීමටය. එහෙත් 1988 සිට පැවති මැතිවරණ වලදී එවැනි තත්වයක් එතරම් ඇතිවීනැත.ඒ වෙනුවට දේශපාලන පක්ෂ මේසදහා පැරදුනු අපෙක්ෂකයන් ඉදිරිපත්කිරීම,තමන්ට සහයෝගය දැක්වු පුද්ගලයන් ඉදිරිපත්කිරීම, ඥාතින් ඉදිරිපත්කිරීම, අපෙක්ෂකයන් අතර තරගය වැලැක්වීමට ඇතැම් පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත්නොකර මෙම ලයිස්තුවට දැමීම වැනි ක්‍රියාකාරකම් සිදුකර ඇත. අවසානයට සිදුවී ඇත්තේ මෙය නුසුදුසු පුද්ගලයන්ට පාර්ලිමෙන්තුවට ඇතුලුවීමට ඇති වෙස්වලාගත් ආශිර්වාදයක් වීම පමනි.[/FONT]

    -------------------------------------------------------

    Thread එක හොදනම් Rep+ එහෙමත් දෙන්න :D