සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-12.jpg


    12

    දවස් දෙක තුනක් හීන් සීරුවෙ ගෙවිලා ගියා. මං ගෙයින් එළියටවත් බැස්සෙ නෑ. මට ආපු හැම කෝල් එකකටම ආන්සර් කෙරුවෙ දෙයියා. ඒ හැම එකකටම උත්තරේ මම ගෙදර නෑ කියන එක. දෙයියා උනත් මගෙන් මොකුත් ඇහුවෙ නෑ. මොනව වුණත් මහ විශාල දෙයක් සිද්ද වෙලා කියලා දෙයියා දැනන් හිටියා.

    "බේබි මහත්තයෝ.."


    මං ඔලුව උස්සලා බැලුවා. දෙයියා මගේ කාමරේ ඉස්සරහා ඉන්නවා. ඒ මූණ මහා අසරණකමකින් පෙගිලා ගිහින් තිබුණා. පහුගිය දවස් ටිකේ දෙයියට සැලකුව, නුරු වැඩියි කියලා මට හිතුණා. දෙයියා හෙමින් සීරුවෙ මං ළගට ආවා.


    "ඔය විදියට කල්පනා කරන්න එපා බේබි මහත්තයෝ.. මට බලන් ඉන්න බෑ.. මොකක් හරි දෙයක් තියෙනවා නම් කියන්න මං බේරලා දෙන්නම්. ඉස්සර වගේ හිනාවෙලා ඉන්නකෝ බේබි මහත්තයෝ.."


    "ලොකු ප්‍රශ්ණයක් නම් තියෙනවා තමයි. ඒත් දෙයියට මෙතනදි මුකුත්ම කරන්න බෑ.. දැනට කරන්න තියෙන දේ තමයි සල්ල නැතුව පැත්තකට වෙලා ඉන්න එක."


    "මට තේරෙන්නෑ බේබි මහත්තයෝ. සංජානි බේබි මේ දවස් ටිකේම ෆෝන් කරලා මහත්තයා ගැන ඇහුවා.... ඔ.. ඔය බලන්න අදත් රිංග්ස් යනවා.."


    ටෙලිෆෝන් එකේ සද්දෙ මට ඇහුණා. මං කාමරෙන් එළියට ඇවිත් කොරිඩෝ එකෙ තිබ්බ ෆෝන් එක ඉස්සුවා. සංජානිට මේ හැමදේම කියල ඉවරයක් කරලා දාන්න ඕන කියන තීරණයකට මං ඇවිල්ලා තිබුණා. ඒත් ෆෝන් එක එහා පැත්තෙ හිටියෙ භවන්ත.


    "අනගි.... ඔයා ඇයි අපේ ගෙදර එන්නෙ නැත්තේ.."


    භවන්ත එකපාරටම ඇහුවා. ඒත් ඒ ප්‍රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මට හදාගන්න බැරි වුණා. මං මුකුත් කිව්වෙ නෑ.


    "අනගි... ඔයා දැන්මම අපේ ගෙදර එන්න ඕන.."


    "ඇයි.... භවන්ත..?"


    "ඔයාට ඒ ඩිංගට ඒකත් අමතක වෙලා.. ඇයි මනුස්සයෝ අපි එදා යන්න ගිය ගමන යන්නැද්ද..?"


    භවන්ත එහෙම කිව්වාමයි මට ඒක මතක් වුණේ. මිනිහගෙ ගර්ළ් ෆ්‍රෙන්ඩ් මට ඉන්ට්‍රොඩියුස් කරන්නනේ එදා ගියේ. ඒත් සිද්ධ වුණේ වෙන දෙයක් නේ. දැන් කරන්න දෙයක් නෑ.. භවන්ත ළගට යන්නම වෙනවා. කමක් නෑ.... භවන්තත් ගෙදර ඉන්න හන්දා අවුලක් වෙන එකක් නෑ කියලා හිත හිතාම මං ඇදුමක් දාගත්තා. භවන්ත ළගට යනවා කියලා දෙයියටත් කියලා මං ගෙදරින් පිටවුණා. වීරයා වගේ ආවට, භවන්තලගෙ ගෙට ඇතුල් වෙනකොටම මගේ පපුව ගැහෙන සද්දෙ වැඩිවුණා. භවන්තත් පේන්න හිටියෙ නෑ. ටිකකින් මගේ ඉස්සරහට භවන්තගෙ අම්මයි, සංජානියි ආවා. සංජානිගෙ අහිංසක මූණෙ පිපිලා තියෙන බලාපොරොත්තු කන්ද දැක්කහම මගේ හිත වෙව්ලලා ගියා.


    මේ අහිංසක කෙල්ල ඉන්නවා ඇත්තේ මං ගැන කොයි තරම් බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙනද කියලත් මට තේරුණා. ඒත් ඒ එක්කම මට භවන්ත මතක් වුණා. හැමදෙයක්ම ඒ විදියට සිද්ධවෙලා ගියාඉන් පස්සෙ
    මට කරන්න දෙයක් තිබුණෙ නෑ. දන්න කියන හැම විදියටම කල්පනා කරලා බැලුවත් මොනවද කරන්න ඕන කියලා මට හරි හමන් උත්තරයක් ලැබුණෙ නෑ..

    "භවන්ත කෝ ආන්ටි....?"


    භවන්න පේන්න නැතුව හිටපු හින්දා මං ඇහුවා. සංජානි තාමත් මං දිහා බලාගෙනයි හිටියේ. මහා ලොකු දුකක් හිතට දැනෙද්දි මං අනිත් පැත්ත බලා ගත්තා.


    "පොඩි වැඩකට මේ ළගට ගියා පුතා.. එන්න... ඇතුළෙන් වාඩිවෙමු. මං බොන්න මොනව හරි හදන් එන්නම්..."


    එහෙම කියලා ආන්ටි ගේ ඇතුළට යන්න හැදුවා. සංජානිගෙ මූණෙ පුංචි හිනාවක් පිපුණා. ඒ මාවයි, සංජානිවයි මෙහෙම තනියෙන් ඉන්දෙද්දි ආන්ටි ගේ ඇතුළට යන හින්දා වෙන්නැති කියලා මට හිතුනා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා.


    "එපා ආන්ටි.. දැන් නම් මොකුත් බොන්න බෑ. භවන්ත එනකන් මං ඉස්සරහට වෙලා ඉන්නම්.. ආන්ටි වැඩ ටික කරගන්න.. භවන්ත ඉක්මනට ඒවි නේ.."


    සංජානිගෙ මූණෙ පිපිල තිබ්බ පුංචි හිනාව බලාගෙනම ඉද්දි පරවෙලා ගියා. ඒ මූණ මහා දුකකින් වැහිලා යද්දි තවත් එයා දිහා බලන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ. ඒ වෙලාවෙ ආන්ටිත් ගේ ඇතුළට ගිහින්. මට ඔහොම කරන්න එපා රත්තරන් කියන පනිවිඩේ සංජානිගෙ මූණ පුරාම ලියැවිලා තිබුණා. කරන්න දෙයක් නැතිකමට මං බිම බලාගෙන ආපහු හැරෙන්නයි හැදුවේ. ඒත් ඊට කලින් ඇස්දෙකේ කදුළු පුරවගෙන, අඩාගෙනම සංජානි ගේ ඇතුලට දුවගෙන ගියා. මගේ හිත පුරාම දැනුණේ මොකක්දෝ හිස් බවක්. කියාගන්න බැරි වේදනාවක් මගේ හිත මිරිකලා දාද්දි මං ඉස්සරහට ආවා. සංජානිට මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්න ඕනෙ මොන විදියටද කියලා මං ගේට් එක ළගට වෙලා හිත හිත ඉන්දියි භවන්ත ආවේ. මාව දැක්ක ගමන් ඒ මූණෙ ලොකු හිනාවකින් පිරිලා ගියා. සංජානිත් එක්ක එකතුවෙලා ඔය හිනාව නැති කරලා දාන්න මට බෑ භවන්ත.. මගේ අතින් කවදාවත් ඒ දේ වෙන්නෙ නෑ. මං හිතාගත්තා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "අනගි... මොකද මේ එළියට වෙලා..?"
    "ඇතුළෙ ඉන්න කම්මැලියි.. ඔයා එනවද බලන්න මම එළීයට ආවා.."


    "ඇයි.... සංජානි ගෙදර හිටියනේ.."


    භවන්තගෙ මූණෙ තිබ්බෙ අපැහැදිලි හැගීම් වගයක්. තකාව සංජානිගෙ පැත්තට යොමුවෙන එකට මං ඒ තරම් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒ ගැන කතා කරන්න ගියොත් දුකම තමයි ඉතුරු වෙන්නෙ කියලා මං දැනන් හිටියා.


    "සංජානිට වැඩත් ඇතිනේ භවන්ත.. මගේ පාලු මකන්න එයාට පුළුවන්ද..? අපි අපේ ගමන යමු.."


    බයික් එක ස්ටාර්ට් කරගත්තා. මුකුත් කියන්නෙ නැතුවම භවන්ත පිටිපස්සෙන් නැග්ගා. බයික් එ රේක් කරන ගමන් මං නිකමට වගේ භවන්තලගෙ ගෙදර බැල්කනි එක දිහා බැලුවා. මගේ හිත හිතුව වගේම සංජානි බැල්කනි එකට වෙලා හිටියා. ඒ මූණෙ උතුරන දුක මම ඈතටම දැක්කා. එදා බයික් එකේ යතුර අමතක වෙලා ආපු දවසෙයි, අද දවසෙයි මායි - සංජානියි කොයි තරම් වෙනස් වෙලාද කියලා මං හිතන්න ගත්තෙ මගේ ඔලුව රිදෙද්දි..


    "අනගි... මොනවද කල්පනා කරන්නේ...?"


    කතාබහක් නැතුව හුගාක් දුර ආවයින් පස්සෙ භවන්ත ඇහුවා. ඇත්තටම මෙච්චර දුකක් සංජානි ගැන හිත හිත ආවා මිසක් බයික් එක පිටිපස්සෙ භවන්ත හිටයද කියන එකත් මට ගානක් වුණේ නෑ..


    "ඔයාගෙ ගර්ල් මොන වගේද කියලා...."


    මං යාන්තන් උත්තරයක් පටබැද ගත්තා..


    "ඒක ගියාම බලමුකෝ... ඔය ඔතන හංදියෙන් දකුණට.."


    භවන්ත කිව්ව හංදියෙන් දකුණට දාද්දියි, මට නවෝදිව මතක් වුණෙ. ඒකිත් ඉන්නෙ මේ පාරෙමනේ. මේ ගමන්ම නවෝදිත් හම්බවෙලා ගියා නම් හොදයි කියලා මට හිතුණා. හැබැයි මගේ මූණ දැකපු ගමන් නවෝදි මෙලෝ සිහියක් නැතුව මට බනින එක නම් ෂුවර්. මෙච්ච දවසක් බලන්න ආවෙ නැති එකටයි ෆෝන් කලේ නැති එකටයි කියන්න ඕන උත්තර හදාගෙන තමා මට යන්න වෙන්නේ..


    "මේ ළග මගේ යාලුවෙකුත් ඉන්නවා භවන්ත.. අපි එයාවත් බලල යමුද..? නැත්නම් ඔයාගෙ ගර්ල්ව බලලා යමුද..? මොකද කියන්නේ..?"


    "ඉස්සෙල්ලා මගේ ගර්ල්ව බලමු අනගි.. මට ලොකු ආසාවක් තියෙනවා, එයාව ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න.."


    භවන්ත එහෙම කියද්දි නවෝදිලගෙ ගෙදරත් ළංවුණා. මේ තමයි මගේ යාලුවගෙ ගෙදර කියලා මං කියන්න හදද්දි. ඔතනින් ඇතුළට කියලා භවන්ත කිව්වා. මං ඩිම්වෙලා ගියා. මේ මොකක්ද මේ වෙන්නේ..? එතකොට භවන්තගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නවෝදිද..? එහෙම හිතනකොට මගේ හිතට දැනුනෙ ලොකු සතුටක්.. බයික් එක මිදුලෙ නවත්තලා මං බැස්සා. භවන්ත මට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නෙ මගේ ළගම යාලුවෙක් නේද කියල මතක් වෙද්දි මට හිනාවකුත් ආවා.


    "පොතේ හැටියට මේ ගෙදර ඉන්න ඕන එක ගෑණු ලමයයි.. ඒ ගෑණු ලමයගෙ කාමරේ තියෙන්න ඕන ඔය මැදින් පේන සාලේ වම් පැත්තට වෙන්න.."


    සාත්තරයක් කියනවා වගේ මං කියවගෙන ගියා. භවන්තගෙ මූණ ලොකු වෙනවා මං දැක්කා..


    "ඒ ගෑනු ළමයා වැඩිපුරම අදින්නෙ ජින්ස්. හරිම හුරතල් කෙල්ල.. නිතරම හිනාවෙන එක තමයි කරන්නේ. හැබැයි ඕන දේකට රෙඩී. හරියට එවරෙඩි බැටරියෙ පූසා වගේ.."


    "අනගි කොහොමද මෙච්චර ඩීටේල්ස් දන්නේ..?"


    භවන්ත ඇහුවෙ තවත් පුදුම වෙලා.. ඒත් ඒ ප්‍රශනෙට උත්තර දෙන්න මට හම්බවුණේ නෑ. ගේ ඇතුළෙ ඉදන් නවෝදි දුවගෙන ආවා. මාව දැක්කහම කෙල්ලට අදහාගන්නත් බැරි වුණා.


    "මයිගුඩ්නස්.... අනගි... උඹට එහෙනම් මාව මතක් වුණා.. උඹ ඇයි මාව අමතක කරලා දැම්මේ...?"


    මගේ අත්දෙකෙන්ම අල්ලගෙන නවෝදි ඇහුවා. ඒ ලොකු අස් දෙකට කදුළුත් ඇවිත්..


    "අමතක කිරීමක් නෙමෙයි නවෝදි.. වැඩ ගොඩකට මං හිරවුණා... උඹව හම්බවෙන්න ආවෙ නෑ කියලා තරහා වෙන්න එපා. මට උඹව අමතක වෙන්නෙ නෑ නේ බං.. "


    ඔන්න දැන් තමයි නවෝදිගෙ මූණට හිනාවක් ආවේ. භවන්ත නිකන්ම නිකන් ප්‍රේක්ෂකයෙක් වෙලා..


    "ඔයාලා දෙන්නා යාලුවොද....? මං ආවේ අනගිට ඔයාව අදුන්වලා දෙන්න..."


    කතා කරන්න පුළුවන් වුණ පලමු තත්පරේම භවන්ත කිව්වා. මටයි, නවෝදිටයි හිනා ගියේ එකපාරටම...


    "අනේ භවන්ත... අනගි කියන්නෙ මගේ හොද යාලුවෙක් නේ.. ඒත් මේකා පහුගිය දවස්වල මාව අමතක කරලා දාලයි තිබුණේ."


    මගේ අතින් එක අතක් අයින් කරගෙන, අනිත් අතින් භවන්තගෙ අතක් අල්ල ගන්න ගමන් නවෝදි කිව්වා.


    "දැන් මෙහේ එද්දිත් අනගි කිව්වා මගේ යාලුවෙක් ඉන්නවා... අපි ඉස්සෙල්ලම එයාව බලලා එමුද කියලත්, මමයි අනගිව ඔයාව බලන්න මෙහෙට ඇදන් ආවේ... බලන් ගියාම දෙන්නම එක්කෙනා නේ..."


    භවන්ත හිනා වෙවී කිව්වා. ඊට පස්සෙ ගෙවිලා ගියේ හුගාක් සුන්දර හොරා කිහිපයක්. භවන්තයි, නවෝදියි ආදරෙන් ළංවෙලා ඉන්න හැටි දැක්කාම මගේ හිතට දුකකුත් දැනුණා. ඒ සංජානිව වතක් වෙලා. අපිට ආදරේ කරන්න, ළංවෙන්න මෙච්චර ඉඩ හම්බවෙලා තියෙද්දිත් ඒ හැමදේම අතරින් භවන්තගෙයි, මගෙයි යාලුකම හරස් වෙලා තිබ්බා. පහුවෙලා ගියපු මාස කිහිපය ගැන නවෝදි මගෙන් හාර හාර ප්‍රශ්න අහද්දි, මගේ හිතත් අවුල්වෙලා ගියා. ඒත් හැම හැගීමක්ම බොහොම අමාරුවෙන් හිර කරගෙන මං හිනාවෙවී උත්තර දුන්නා..


    "අනගි.. තාමත් ඔයාගෙ හිතට හරියන කෙල්ලව හම්බවුණේ නැද්ද...?"


    හැමදේම අහලා නවෝදි අන්තිමට අහපු දේට මට උත්තරයක් දෙන්න බැරි වුණා. හිතට හරියන කෙල්ල තමයි ඔයාගෙ නෑනා වෙන් ඉන්නෙ කියලා කියාගන්න පුළුවන්කමක් තිබ්බා නම් කොයි තරම් හොදද කියලා මට හිතුණා..


    "ඒ ගැන අනගිගෙන් අහන්නෙපා නවෝදි.. මං ඔයාට වෙන වෙලාවක ඒ හැම දෙයක් ගැනම කියන්නම්.. අනගි ඔය හිනාවලො හිටියට ඉන්නෙ හරි හිතේ අමාරුවෙන්.."


    භවන්ත එහෙම හරි කිව්ව එකත් ලොකු දෙයක්. නැත්නම් නවෝදිගෙ මූණ බලාගෙන මං කොහොමද බොරු කියන්නේ..? ඒ කොහොම වුණත් භවන්තත්, නවෝදිත් ආදරය කරන්න අරන් තිබ්බ එක ගැන නම් මගේ හිතේ තිබ්බෙ පුදුම සතුටක්. ඒ සතුට හිතේ තියාගෙනම මං එයාලා දෙන්නට විෂ් කලා..


    "ඔයාලා දෙන්නා කවදාවත් ඈත් වෙන්න එපා.. ඔයාලා දෙන්නම මහා ලොකු ඉඩ ගොඩක් මගේ පපුව ඇතුලෙ අරන් තියෙනවා. මට ළංවුණ ඔයාලා දෙන්නම හුගාක් සන්තෝසෙන් ඉන්න ඕන..."


    මං කියවන් ගියේ හිත ඇතුලෙන්මයි. නවෝදියි, භවන්තයි මං දිහා බලන් හිටියෙ ලොකු ආදරයකින් කියලා මට හිතුණා.


    ********************************


    ඊට පස්සෙ ගෙවුණු දවස් ටික මං ගතකෙරුවෙ සජීවන්ලත් එක්ක. භවන්ත හම්බෙන්න මං පොලීසියට ගියා මිසක ගෙදරට ගියේ නෑ. ගියත්, මං ගියේ සංජානි ගෙදර නෑ කියලා හොදටම දැනගත්තාම විතරයි. සංජානි ඉන්නෙ කොයි වෙලාවක හරි මං තනියෙම අල්ලගන්න කියලා මං දැනන් හිටියා. ඒත් ඉතින් කොයි තරම් කාලයක් මේ හැංගි මුත්තං සෙල්ලම කරන්න පුළුවන් වෙයිද කියලා මං දැනන් හිටියෙ නෑ..


    "අනගි..."


    මං ළගින්ම තාත්තගෙ කටහඩ ඇහුණා. ලොකු හිනාවක් මූණෙ පුරවගෙන තාත්තා මං දිහා බලන් හිටියා. මේ පහුවෙච්ච දවස් ටිකේම තාත්තා ගෙදර හිටියෙ නෑ. දේශපාලනය කියන දේ මනො තරම් මල වදයක්ද කියලා මට නම් තේරිලයි තිබුණේ. ඒත් තාත්තා ඒ දේට ලොකු කැමැත්තක් පෙන්නුවා..


    "හුගක් දවසකින් අපි දෙන්නට එකට ඉන්න බැරි වුණා. අපි පුංචි ගමනක් යමුද පුතා..?"


    තාත්තගෙ මූණෙ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. ඒ ඉල්ලීම අහකට දාන්න මට හිතුනෙ නෑ. තාත්තත් එක්ක අද දවසම ගත කරන්න ඕන කියලා මං හිතාගත්තා...


    "කොහෙද තාත්තා....?"


    "අද මාන්නප්පෙරුම දුවගෙ වෙඩින් එක.. මම යන්නම ඕන.. තනියෙම යනවට වැඩිය ඔයත් එක්ක යන එක කෝකටත් හොදයි නේ... හොද ඇදුමක් දාගෙන පල්ලෙහාට එන්නකෝ.."


    තාත්තා ගියා. කලු පාටට හුරු සෆාරි කිට් එකක් ඇදගෙන මං පල්ලෙහාට ආවෙ පැයකි විතර ගෙවුණට පස්සෙ. තාත්තා ඒ වෙනකොටත් ලෑස්ති වෙලා ඉවරයි. ගෙදර ඉදලා බ්ලූ හොරයිසන් හොලේ එකට යනකන්ම මායි , තාත්තයි හුගාක් දේවල් කතා කර කර ගියා. ඒත් අම්මා ගැන මුකුත්ම කතා නොකරන්න අපි දෙන්නා පරිස්සම් වුණා.. මොකද අම්මා ගැන කතා කරනෙක අපි දෙන්නටම දුකක් කියලා අපි දෙන්නම දැනන් හිටියා. තාත්තටයි, මටයි කාර් එකෙන් බහින්න හම්බවුණේ නෑ. මාන්නප්පෙරුම දුවගෙන වගේ ඇවිත් අපිව පිළීගත්තා. තාත්තා, තාත්තගෙ දේශපාලන මිත්‍රයො වටකරගනිද්දි මං හෙමින් සීරුවෙ එතනින් අයින් වුණා. මනාල යුවල ඉදපු තැනනට ගිහින් ඉස්සෙල්ලම මං ඒ දෙන්නට සුබ පැතුවා. මං හිතාගෙන හිටියට වඩා වැඩි පිරිසක් හොටෙල් එකේ රැදිලා හිටියා. ඒත් මං අදුනන කවුරුවත් හිටියෙ නෑ. ඔය අතරෙ තමයි මගේ සෙල් ෆෝන් එක රින්ග් වුණේ. හොටෙල් එකේ ඉස්සරහට වගේ වෙන්න ඇවිත් මං සෙල් ෆෝන් එක ඔන් කලා.


    "හලෝ... අනගි... මං සංජානි කතා කරන්නේ.."


    සංජානිගෙ කටහඩ ඇහුනා විතරයි මගේ ඔලුව ආයතේ අවුල් වුණා. සංජානිට මොනව කියන්න කියලා හිතාගන්න බැරුව මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. වම් අතේ ඇගිලි වලින් නළල දෙපැත්තට තද කරන ගමන් මං කල්පනා කලේ ෆෝන් එක ඕෆ් කරලා දාන්න ඕන කියලා..


    "ඇයි බබා... ඔලුව රිදෙනවද..? ඔච්චර හයියෙන් නළල මිරිකන්න එපා.. ඔයාට රිදෙයි..."


    මං ගැස්සිලා ගියා.. මං දැන් කරපු දේ සංජානි දන්නෙ කොහොමද...? මං වටපිට බැලුවෙ එයා ළගපාතකවන් ඉන්නවද කියලා බලන්න..


    "ඔය කිට් එකට ඔයා හරිම ලස්සනයි අනගි.. ඔයාට හොදට මැච් වෙනවා.."


    "ඔ... ඔයා කොහෙද ඉන්නේ සංජානි.. ඔයා දන්නෙ කොහොමද මං ඇදන් ඉන්න ඇදුම ගැන..."


    කිසිම දෙයක් හිතාගන්න බැරිව මං ඇහුවා... මේ කෙල්ල මාව කරකවලා අතාරින්න හදන්නේ..


    "ඔයතරම් පුදුම වෙන්න එපා බබා.. ඔයා එ්‍ය ඉන්න කෙලින්ම ඉස්සරහා බලන්න. මං ඉන්නවා..."


    එයා ියපු විදියටම මං ඉස්සරහා බැලුවා. වෙස්ටන් විදියට මහපු ලා දම්පාට දිග ඇදුමක් ඇදන් හිටපු සංජානිගෙ අහිංසක රූපෙ මං දැක්කා. ඒ මූණ මහා බලාපොරොත්තු ගොඩකින් පිරිලා තිබ්බා. ඒ හිනාවකින් පිරිලා තියෙන සුදු මූණ තත්පරෙන් තත්පරේ දුකෙන් බරවෙන හැටි මං ඊගාවට දැක්කා. අනේ පුංචි කෙල්ලේ.. මේ හැමදෙයක්ම ගැනම මං කොහොමද ඔයාට කියන්නේ..? මගේ හිත ඉස් ඉස්සෙල්ලම ආදරේ කරපු ඔය ලස්සන හිත මිහිකර ගන්න එක දැන් හුගාක් ලොකු ප්‍රශ්ණයක් වෙලා..


    "ඇ... ඇයි අනගි.. මගෙත් එක්ක කතා නොකරන්නේ..? මං ඔයාට වැරැද්දක් කලේ නෑ බබා.. ඔයා මට මේ තරම් දඩුවම් දෙන්නේ.. මං නොදැන ඔයාට කරපු දේවල් වලටද කියලවත් මට කියන්න.. ඇයි.. ඇයි..? මට මෙහෙම රිද්දන්නේ..?"


    "මේ වෙලාවෙ මට බීසී... අපි පස්සෙ කතා කරමු.. මං තියනවා.."


    මගේ හිත අඩ අඩා සංජානිව ඉල්ලද්දි මං ෆෝන් එක ඕෆ් කරාත වෙන කරන්න දෙයක් මට තිබුණෙ නෑ... ඒත් සංජානි, මං දිහාට එන්න ලෑස්තිවෙනවා මං දැක්කා. දැන් මොකද කරන්නේ..? මං මගෙන්ම අහගත්තා. මෙතනින් හැරිලා යන්නත් බෑ.. තාත්තා ඉන්නවා.. හිතාගන්නවත් බැරුව මං බාගෙනන ඉන්දෙද්දි සංජානි මට ටිකෙන් ටික ළංවුණා. ඒත් ඒ වෙලාවෙදිම තාත්තා මගේ ළගට ආවා. ඒක හරියට දෙයියො බැලුවා වගේ වැඩක්..


    "අනගි... ඔයා කොහෙද දරුවො ගියේ.. මගේ යාලුවො ඉන්නවා ඔයාව අදුනගන්න බලාගෙන.."


    "තාත්තා මගේ අතින් අල්ලගත්තා.. මං ළගට ආපු සංජානි ගල් ගැහිලා වගේ නතර වුණා. ඒ ලස්සන ඇස්වල කදුලු පුරවලා එකයි, සුදු මූණ රතුපාටට හැරිලා. ලා රෝස පාට තොල් පෙති වේවලනවත් මං දැක්කා. තමන් හුගාක් ආදරෙන් ළග තියන් ඉදපු දෙයක් තවත් කවුරු හරි අරන් යනකොට හිතට ඇතිවෙන දුක සංජානිගෙ මූණෙ අපූරුවට සටහන් වෙලා තිබ්බා.."


    එතනින් එහාට කාලය ගෙවිලා ගියේ හුගාක් ඉක්මනට. හිතේ තිබ්බ කනස්සලල නිසාම මං තාත්තා ගාවෙන් හෙල්ලුනේවත් නෑ. ලන්ච් එක වෙලාවෙදිත් සංජානිගෙ ඇස් තිබ්බෙ මං දිහාවට යොමුවෙලා කියනෙක මං දැක්කා. මං එයා දිහා බලන හැම වෙලාවකදිම සංජානි එයාගෙ මූණට හිනාවක් ගන්න උත්සාහ ගන්නවා මං දැක්කා. ඒත් හිනාවක් නැතුව ඒ මූණෙ ඇදෙන අසරණකම දැකලා මගේ පපුව පිච්චිලා ගියා. අනේ පුංචි කෙල්ලේ... ඔය විදියට බලන් ඉන්න එපා කියලා මට කියන්න හිතුනෙ පාරක් දෙපාරක් නම් නෙමයි. හැම දෙයක්ම පැත්තකට දාලා සංජානි ළගට යන්නත් මට හිතුනා. ඒත් ඒ හැමදේම මැදිස් භවන්තගෙ අසරණ හිනාව මං දැක්කා. මට උඹට ද්‍රෝහි වෙන්න බෑ යාලුවා. මං ඒ තරම් නරුමයෙක් නෙමෙයි. ඒත් සංජානිගෙ අහිංසක මූණ හැම පැත්තකින්ම මැවිලා පෙනෙද්දි, තාත්තාගෙ යාලුවො ඉස්සරහා මට කරන්න උනේ ගරු රගපෑමක්. අන්තිමට මායි, තාත්තයි හොටෙල් එකෙන් පිටවෙලා එද්දිත් සංජානි අර මුලින්ම තිබ්බ අසරණ හිනාවම මූණෙ තියාගෙන මං දිහා බලන් හිටියා...


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-13.jpg


    13

    සංජානිව අමතක කරලා දාන්න මං කොයි තරම් උත්සාහ ගත්තත් මට ඒ දේ කරන්නන බැරි වුණා. ඇත්තටම මං හිටියෙ ලොකු මානසික පීඩනයකින්. මගේ මේ ලොකු වෙනස්කම තාත්තට නොපෙන්වන්න මං උපරිම ශක්තිය දැම්මා. ඒත් තාත්තට බොරුවක් කරන්න මට බෑ කියලා මං දැනගෙන හිටියා. මගෙන් කොයි තරම් බැනුම් ඇහුවත් දෙයියා මගේ ළගින් හෙලවුණේවත් නෑ. නිතරම මොනව මොනව හරි කියව කියවා දෙයියා ගේ පුරාම ඇවිද්දා. ඔය අතරෙ තමයි තාත්තට සති තුනහමාරකට ඉන්දියාවට යන්න වුණේ.

    තාත්තා රට යන දවසෙ හවස අහම්බෙන් වගේ භවන්ත අපේ ගෙදර ආවා. ඒ වෙනකොට මං දවස් දෙක තුනක්ම භවන්ත හම්බවෙන්න ගිහින් තිබුණෙ නෑ. පොලීසියට නිතරම යන එකත් වාතයක්නේ. අනිත්තෙක මේ දවස්වල සංජානිත් ගෙදරින් හෙල්ලෙනන් නෑ කියනෙක මං දැනන් හිටියා..


    "භවන්ත... අනගිව බලාගන්න ඕන හොදද...?"


    සුහද කතාබහකින් පසසෙ තාත්තා එකපාරටම කිව්වා.


    "ඒ ගැන බයවෙන්න එපා අංකල්.. අංකල්ගෙ වැඩ කටයුතු ටික කරගෙන නිවි සැනසිල්ලෙ එන්න.. මගේ පණත් හරි අනගිගෙ පණත් හරි... මං අනගිට මුකුත් වෙන්න දෙන්නෑ.."


    භවන්ත ඒ කියාගෙන ගිය දේවල් මගේ හිත ඇතුළටම වැදුණා. තාත්තා ඔලුව උස්සලා භවන්ත දිහා බලන්න ඇත්තෙ ඒකයි.


    "මං ඒත් අනගිට අඩගැහුවා ඉන්දියා ගිහින් එමු කියලා.. මේ මනුස්සයා කැමති නෑ නේ.. අනිතෙක මෙයා මට කොලේ වහන්න හැදුවට මෙයාගෙ හිත ඇතුලෙ මොකක් හරි අප්සට් එකක් තියෙනවා. මට බොරුවක් කරන්න ඔයාට බෑ අනගි. භවන්ත ඔයා අනගිගෙ හොද යාලුවෙක්නේ.. අනගි මේ දවස්වල ඉන්නෙ අවුල්වෙලා.. ඒ අවුල මොකක්ද කියලා ඔයා අහලා බලන්න.. මං ඇහුවට කියන්නෑ..."


    තාත්තා, භවන්තගෙ පිටට පුංචි තට්ටුවක් දාන ගමන් කිව්වා. එහෙනම් මං මෙච්චර දවසක් හිතේ අප්සට් එකේ හිටපු එක ගැන තාත්තා දන්නවා. තාත්තට මොන තරම් රාජකාරි වැඩ තිබ්බත් මං ගැන අවධානෙ අඩුකරලා නෑ කියනෙක මං ඒකෙන් තේරුම් ගත්තා. හයාමාර විතර වෙද්දි සෙකියුරිටි එකත් එක්ක තාත්තා එයාර්පෝට් එකට යන්න ගියා. භවන්ත ළග උන්නත්, තාත්තා ගියාට පස්සෙ මට දැනුනෙ ලොකු පාලුවක්...


    "අපේ ගෙදර යමුද අනගි.....?"


    "ඇයි....?"


    මං එකපාරටම ඇහුවා. භවන්ත බැලුවෙ පුදුම වෙලා වගේ...


    "වෙනදට ඔයා ඔහොම අහන්නෙ නෑ නේ අනගි... අනේ මංදා මේ දවස් ටිකට ඔයා හුගක් අමුතු වෙලා.."


    "එහෙම මුකුත් නෑ භවන්ත..."


    "මට බොරු කියන්නෙ ඇයි අනගි..? දැන් ඩිංගකට ඉස්සෙල්ලා තාත්තත් කිව්වා මතකද..? ඔයා ළගින් ඉන්න හැමෝම ඔයා හින්දා දුකෙන් ඉන්නෙ කියනෙකවත් තේරුම් ගන්න... ඇයි ඔයාට තියෙන ප්‍රොබ්ලම් මට කියන්න බැරි ආ....? මේ ඔක්කොටම මුල අර කෙල්ල වෙන්නැති කියලා මට ඉවෙන් වගේ තේරෙනවා.. ආයේ එකේ දෙකක් නෑ... ඒකි ඉන්න තැන මට කියන්න.. මං උස්සලා හරි ගෙනත් දෙන්නම්.."


    "ඒ ගැන අපි කතා නොකර ඉමු භවන්ත. මං ඒ ගැන කතා කරන්න කැමති නෑ.. මොකද ඒ ගර්ල්ව මතක්වෙන පාරක් පාරක් ගානේ මගේ හිතට දුක දැනෙනවා වැඩියි භවන්ත.. මේක මගේ ලැබීම.. එයා මට අයිති කෙනෙක් නෙමෙයි.."


    භවන්ත හිටියෙ මගේ මූණ දිහා බාලාගෙන.. පුංචි වෙනස්වීමක් හරි වුනොත් ඒ දේ අල්ල ගන්න වගේ මිනිහ හිටියේ. ඒත් මං ඒ දේට ඉඩක් තිබ්බෙ නෑ. සංජානිව මගේ ළගට ළං කරගන්න බැරිකම හින්දා පෑරිල තියෙන හිතට තවත් දුක්ගන්න ඉඩක් තිබුණෙ නෑ. ඒකයි මං හුගක් පරිස්සම් වුණේ..


    **********************************


    සංජානිට ඔස්බෝන් එකේ කොම්පියුටර් ක්ලාස් තිබ්බ දවසක් නෝට් කරලා මං භවන්තලහට ගියා. ඊට කලින් දවසෙ මොක්කදෝ පොලිස් වටලීමක් කරද්දි භවන්තගෙ කකුල පෙරලිලා තිබුණා. මාව දැක්ක ගමන් ආන්ටිගෙ මූණට ලස්සන හිනාවක් ආවා. ඒ එක්කමයි ෆෝන් එක රිංග් වෙනවා ඇහුණෙ. සංජානි ගෙදර නෑ කියලා දන්න හන්දා මං වීරයා වගේ භවන්තගෙ කාමරේට රිංගුවා..


    "කකුල කොහොමද.....?"


    භවන්තගෙ ඇදෙන් වාඩිවෙන ගමන් මං ඇහුවා. භවන්තට උත්තරේ දෙන්න හම්බවුණේ නෑ. ආන්ටි අපි ඉදපු කාමරේට ආවා..


    "හරි වැඩේනේ පුතා... බස් ඩ්‍රයිවර් කෙනෙකුට ගහලා ටවුන් එකේදි.. දැන් බස් හැම එකක්ම ස්ට්‍රයික්ලු. සංජානි ෆෝන් කරේ.. එන්න විදියක් නෑ කියලා.. කොහොමද කෙල්ල එක්කගෙන එන්නේ...?"


    "ම්... ප්‍රශ්නයක් තමයි.. ඒත් මේ කකුලත් එක්ක මං යන්නෙ කොහොමද...? මං කියන්නද..? අනගි... ඔයායන්න සංජානිව එක්කගෙන එන්න..."


    අන්තිමට කැරකිලා කැරකිලා ඇවිත් මගේ ඉස්සරහින් ඒක වැටුණා. භවන්තට බෑ කියලා කියන්න බැරිකමට මං ඇදෙන් නැගිට්ටා..


    "ඔව් පුතා... මේ වෙලාවේ ඔයා ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද...?"


    ආන්ටි එහෙම කියද්දි මං ගෙයින් එළියට බැස්සා. මගේ හිත මොකක්දෝ නොසන්සුන්කමකින් පිරිලයි තිබුණෙ. මෙච්චර දවසක් කරපු හැංගි මුත්තං සෙල්ලම අදින් ඉවර කරලා දාන්න වෙනවා කියනෙක මට තේරුණා. ඒ කොහොම වුණත් මාව විශ්වාස කරලා භවන්තත්, ඇන්ටිත්, සංජානිව එක්කගෙන එන්න මට බාරදුන්නු එක ගැන නම් මගේ හිතේ ලොකු සතුටක් තිබුණා. බස් නැති හන්දා ටවුන් එක පුරාම මිනිස්සු පිරිලා. වෑන් වලටයි, ත්‍රීවීල් වලටයි රජ මගුල්.. මං ඔස්බෝන් එක ළගට ගියේ නෑ. පොත් ටිකත් තුරුළු කරන් සංජානි මං ළගට දුවගෙන ආවා. ඒ මූණෙ පිපුණෙ හරිම අහිංසක හිනාවක්. ඒත් ඒ හිනාවට පිටුපාල මං කැබ් එකේ දෙවෙනි සීට් පේලියෙ දොර ඇරියා. අර පිරිලා තිබිච්ච හිනාව සංජානිගෙ මූණෙන් සුටුස් ගාලා වාෂ්ප වෙලා ගියා. දැන් ඒ මූණට ඇවිල්ලා තිබ්බෙ පුදුමයකුත් එක්ක පුංචි කේන්තියක්. මං ඇරපු දොර දඩාස් ගාලා වහල දාලා එයා කැබ් එකේ ඉස්සරහා දොර ඇරගෙන සීට් එකේ වාඩිවුණා. මමත් සද්දයක් බද්දයක් නැතුව කැබ් එකට නැගලා ස්ටාර්ට් කරලා ඉස්සරහට ගත්තා. ඇස් නොකට, සංජානිගෙ මූණෙන් පේන හැගීම් කන්දරාව ගැන පොතක් වුණත් ලියන්න තිබ්බා. ඒත් මං කෙලින්ම එයා දිහා බැලුවෙ නෑ. මං මගේ පාඩුවෙ කැබ් එක එලවන් ගියා...


    "ඇයි... අනගි මාත් එක්ක කතා කරන්නෙ නැත්තේ..?"


    ටිකක් දුර ගියාට පස්සෙ සංජානි මගෙන් කෙලින්ම ඇහුවා. එයා හිටියෙ සම්පූර්ණයෙන්ම මගේ පැත්තට හැරිලා..


    "වාහනේ නවත්වන්න.... ප්ලීස්..."


    මගේ අතින් හීන් සීරුවෙ අල්ලන ගමන් සංජානි කිව්වා. එයා ඒ දේ කෙරුවෙ මොන තරම් අහිංසක තාලෙටද..?


    "ඇයි....?"


    "මට ඔයත් එක්ක කතාකරන්න ඕන දෙයියනේ.... ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ..? මං කිය දේ අහලා වාහනේ නවත්තන්න.."


    තාර පාරෙන් ටිකක් ඇතුළට හැරුණු වැලි පාරකට මං කැබ් එක හැරෙව්වා. ඒ හරිය පට්ට පාලුයි. මිනිහෙක්වත් පේන්න නෑ. තවත් ටික දුරක් එලවං ගිහින් වැලිපාර අයිනට කරලා මං කැබ් එක නැවැත්තුවා. මායි, සංජානියි එළියට බැස්සා..


    "මාව මේ විදියට මග අරින එකට මට හේතුවක් ඕන අනගි.. ඔයාට ඔය තරම් වැඩද..? කතා කරොත් බිසී කියලා කියනවා.. ඔයාට මං වෙනුවෙන් එක විනාඩියක්වත් කැප කරන්න බැරිද..? ඇයි මට මෙහෙම කරන්නේ..? ඔයා කලින් ඉදපු අනගි නෙමෙයි.. මට හිතාගන්නවත් බෑ.. ඔයා හුගක් වෙනස් වෙලා.. "


    "නෑ.... සංජානි මං වෙනස් වෙලා නෑ...."


    "ඇයි නැත්තේ...? ඔයා දන්නෑ.. වලන්ටයින් දවසෙ මං මොන තරම් වෙලා බලන් හිටියද..?ඝ ඔයාට ගානක්වත් නෑ.. ඔයා දැන් එයි දැන් එයි කියලා මං පැය කීයක් බලන් හිටියද...? එදා ඉදලා මට නින්දක් නෑ දෙයියනේ.. ඇයි..? ඇයි මගේ හිතට ළංවෙලා ඔයා ගැන හිතන්න පුරුදු කරලා දැන් ඈත් වෙන්නේ..? මං කොයි තරම් විදවනවද කියලා ඔයා දන්නවද..? ඇයි මාව මග අරින්නේ..? මං ඔයාට කරපු වැරැද්ද මොකක්ද අනගි...?"


    "ම.... මං ඔයාව මග ඇරියෙ නෑ......"


    "බොරු කියන්න එපා දෙයියනේ.. බොරු කියන්නෙපා.. එදා ඔයාව පොලීසියෙන් අල්ලන් ගියපු දවසෙ මං කොයිතරම් ඇඩුවද කියලා ඔයා දන්නෑ. මගේ හිත දැන් ඔයා ගැන හිතනවා අනගි. ඔයා ගැන මතක් නොවෙන වෙලාවක් ඇත්තෙම නෑ. මෙහෙම ගියොත් මට පිස්සු හැදේවි. කලින් මගෙන් වුණ දේවල් වලට පලිගන්න නේද ඔයා මේ හදන්නේ..? අනේ... එහෙම කරන්න එපා..."


    සංජානි මගේ අත්දෙකේ එල්ලුණා. මෙච්චර වෙලා හිත ඇතුලෙ හිර වෙලාතිබ්බ ආදරණිය හැගීම් එකින් එක එළියට එන්න හදනවා කියලා මට තේරුණා. සංජානිගෙ ඇස් දේකේම කදුළු පිරිලා. මං මේ මොනවද කරන්නේ..? ඕන දෙයක් වෙන්න කියලා ඇයි මං මේ ලස්සන කෙල්ලව මගේ කරන්න්නැත්තේ..?


    "මොකද නංගි වැලපෙන්නේ... ගාන ප්‍රශ්නයක්ද..? අවුලක් නෑ... අපිත් කස්ටර්මස්ලා තමයි...."


    අපි ළගින්ම ඇහුණු කටහඩකින් මායි, සංජානියි ගැස්සිලා වගේ ඈත් වුණා. රැවුල වවාගත්තු උස මහත මිනිස්සු දෙන්නෙක් අපි ළගින් හිටියා. උන් ලෑස්ති වෙන්නේ මාවයි, සංජානිවයි සුද්ද කරන්න කියනෙක මට තේරුණා..


    "මල්ලී..... තමුසෙ යන දිල්ලියක යනවා.. අපි මේ නංගිත්තෙක්ක ෆුල් ජොලියක් ගන්නම්.. තව ටිකක් රෑවෙලා අපි මෙයාව අත් අරින්නම්.. එතකොට අරන් යනවා."


    එක මිනිහෙක් එහෙම කිව්වාම සංජානි බයටම මගේ ඇගේ එල්ලුණා. මේ අනගි ඉන්නකන් ඔයා යකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ බබා..


    "එතකොට හරිද අයියා....?"


    "හරි තමයි ඩෝ... කයිය නවත්තලා පලයන් යන්න.."


    අනිත් මිනිහා ඇගිල්ලක් දික් කරලා මට කිව්වා. ඒ අතින්ම ඌ සංජානිගෙ අතින් අල්ලන්න හැදුවා. වැඩේ යන විදිය නම් හරියන්නෙ නෑ. අනිත්තෙක තවත් ඉවසන් ඉන්න එක තේරුමකුත් නෑ. වැඩිම උනොත් විනාඩි හතරක් පහක් යන්න ඇති.. සංජානි හොල්මං වෙලා බලන් ඉන්දෙද්දි මං ලේ පෙරෙනකන් උං දෙන්නට ගැහුවා. මූණු අත් දෙකෙන් වහගෙන උන් දෙන්නා ඈතටම දිව්වා. සුදු වැලි පොළවේ උන්ගෙ වැටිච්ච රතු ලේ බිංදු දිගටම තිබ්බා. මං සංජානිවත් අඩගහගෙන ආයෙත් කැබ් එකට නැග්ගා.


    "අපේ අයියට ළංවෙලා ඉන්නවා වගේ මටත් ළංවෙන්න බැරිද අනගි....?"


    තවත් ටික දුරක් යද්දි සංජානි ඇහුවා. ඒත් දෙන්න තරම් උත්තරයක් මට තිබ්බෙ නෑ. මගේ මුළු ලෝකෙ පුරාම ජීවත්වෙලා ඉන්නෙ ඔයා තමයි බබා කියලා කියන්න මට තිබුණා. ඒත් එහෙම කිව්වයින් පස්සේ.. එතනින් එහාට..?


    "මට ආයෙ මේවගේ ඔයත් එක්ක තනිවෙන්න හම්බවෙන්නෙ නෑ අනගි. දෙයියන්ගෙ නාමෙට මං අහපුවට උත්තරයක් දෙන්න.. අඩුමගානේ මං මේ තරම් රිද්දන්නෙ ඇයි කියලවත් කියන්න.. ඔයාට ඕනෙ මාව නැතිවෙලා යනවා දකින්නද..?"


    "නෑ.... සංජානි නෑ.... ඔයා මොන වෙලාවකවත් එහෙම හිතන්න එපා... ඔයා සතුටින් ඉන්නවා දකින එක තමයි මගෙත් සතුට.."


    "මගේ සතුට මොකක්ද කියලා ඔයා දන්නවා අනගි.."


    ගේ ළගට එද්දි සංජානි කිව්වා. අපි එනකන් ඇන්ටියි, භවන්තයි බලන් ඉන්න හැටි මං දැක්කා. මගේ මූණ දිහා ගිලින්න වගේ හොදට බලලා සංජානි, ආන්ටිත් එක්ක ගේ ඇතුළට ගියා. තවත් පැය බාගයක් විතර භවන්තත් එක්ක ඉදලා මං ආන්ටිටයි, සංජානිටයි දෙන්නටම නොකියා එන්න ආවා. භවන්ත වුණත් මොනව හිතුවද දන්නෑ කියලා මට හිතෙන්න ගත්තෙ ගෙදර ආවටත් පස්සේ..


    ***********************************


    එදා මුළු රෑ පුරාම මට නින්ද ගියේ නෑ. මගේ හිත පුරාම රැදිලා හිටියෙ සංජානි විතරයි. අර රැවුල් තඩියො දෙන්නා එයාව අල්ලන්න එනකොට එයා හා පැටියෙක් වගේ මට තුරුල් වෙච්ච හැටි. ගේ ගාවින් බහින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මගේ සතුට මොකක්ද කියලා ඔයා දන්නවා අනගි කියලා එයා කියපු හැටි. ඔ්‍ය අද දවසෙ සිද්ධ වුණු හැම දෙයක්ම මගේ හිතට තත්පරෙන් මතක් වුණා..


    "බේබි මහත්තයෝ....."


    කාමරේ දොර ගාවින්ම දෙයියගෙ කටහඩ ඇහුණා. මේ යකා තාම නිදාගෙන නැද්ද..? දැන් පාන්දර දෙකටත් ළගයි නේ...


    "ඇයි දෙයියා.......?"


    "බේබි මහත්තයට නින්ද යන්නැත්නම් කෝපි එකක් හදලා ගෙනත් දෙන්නද ආ...?"


    "පිස්සුද දෙයියා... කොපි බිව්වාම නිදිමත නැතිවෙනවනේ..


    ඇත්තමයි දෙයියට නම් පිස්සු. නැත්තං මේ උදේ පාන්දර මට කොපි දෙන්න හදාවියැ. ඔන්න ඊට පස්සෙ නම් දෙයියගෙ සද්දයක් ආවෙ නෑ. මටත් එහෙම්ම නින්ද ගියා. පහුවෙනිදා මං ඇහැරුනේ හුගාක් දවල් වෙලා. ඔලුව නිකං බර වෙලා වගේ තිබුණා. ඒක හන්දම මම බාත්රූම් එකට රිංගලා හොදට නෑවා..


    "බේබි මහත්තයෝ................"


    ආයෙත් දෙයියගෙ කටහඩ බාත්රූම් එකේ දොර ගාවින්ම ඇහුනා.. එපාර මොකද..?


    "මොකද.... උඹ මට නාගන්නවත් දෙන්නැද්ද..?"


    "මහත්තයගෙ යාලුවො කට්ටයක් ඇවිත්.."


    දෙයියා මට ගින්නක් දෙන්න හදනවා වගේ කියලයි මට නම් හිතුණෙ. මූ අද දවසත් කාබාසිනියා කරන්නද හදන්නේ..?


    "බොරු නොකිය ඉදපං දෙයියා... මං උදේ කියලා බලන්නෙ නෑ.. දෙන එක දෙනවා කණ කීං කීං ගාන්න.."


    ඒ පාර කිසිම සද්දයක් නෑ.. මං නාලා ඉවරවෙලා ඇදුමක් දාගෙන සාලෙට ආවා. සාලෙ ඉන්න තුන්දෙනා දැක්කහම මං හොල්මං වෙලා ගියා. භවන්තයි, ආන්ටියි, සංජානියි.. දැන් නම් දෙයියව මැරුවත් මගේ හිතට මදි වගේ...


    "හුගාක් වෙලා බලන් හිටියද ආන්ටි...? බලන්නකෝ මේ දෙයියා කිව්වෙ නෑ නේ ඇවිල්ලා ඉන්නෙ කවුද කියලා..."


    "ඒකට කමක් නෑ පුතා.. අපි මේ ළගට ආපු ගමන්.. ඔයාගෙ ගෙදරට ආවෙම නෑ නේ.. ඉතින් එන්න හිතුනා.."


    "ආපු එක නම් කොයි තරම් හොද දෙයක්ද..? ඉතිං මොනවද බොන්නේ..? තේ ද..? කෝපි ද..? කෝක් ද..?"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කතා කලේ භවන්තයි, ආන්ටියි දිහා බලාගෙන විතරයි. ඒත් කෝක් ද කියලා අන්තිම වචනෙ කියද්දි මං සංජානි දිහා බැලුවා. ඒ මූණෙ තියෙන දුක මගේ හිත පත්ලෙම රැදුනෙ දෙපාරක් තියා එක පාරක්වත් හිතන්නෙ නැතුව...
    "අනගි... ගේ නම් හරිම ලස්සනයි.. මෙච්චර ලොකු ගෙයක ඔයා කොහොම තනියෙන් ඉන්නවද මන්දා.. අපි ටිකක් ගේ බලමුද..?"


    වටපිට බල බලා ඉදපු ආන්ටි ඇහුවා.. මටත් ඕන වුණේ සංජානිගෙ ඇස් මායිමෙන් ටිකක් එහාටවෙලා ඉන්න. නැත්නම් මෙතන මටයි, සංජානිටයි දෙන්නටම අඩන්නයි වෙන්නේ
    ..

    "බෑ... බෑ... ඔක්කොටම කලින් කෝපි බීලා ඉන්න ඕන.."


    භවන්ත කෑගහලා වගේ කිව්වා. භවන්ත කෝපි වලට මේ තරම් පෙරේතයි කියලා මං අදනේ දන්නේ...


    "දෙයියා... අපිට කෝපි එවන්න.."


    පල්ලෙහා හිටපු දෙයියට ඇහෙන්න මං කිව්වා. ඒ එක්කමයි සංජානි ඉදපු තැනින් නැගිටලා බිත්ත කබඩ් එක ළගට ගියේ. භවන්තයි, අම්මයි සැටියෙන් නැගිටලා බැල්කනි එකට ගියෙන් ඒ වෙලාවෙම වගේ. අපේ ෆැමිලි එක ගැන භවන්ත දන්න විස්තර ආන්ටිට කියනවා මට ඇහුණා. බිත්ති කබඩ් එකට මෙහායින් තිබ්බ දිග මේසෙ උඩ මං එකතු කරපු පුංචි පුංචි විසිතුරු බඩු ගොඩක් තිබුණා. සංජානි ඒවා දිහා හුගක් ආසාවෙන් බලන් ඉන්න බව මං දැක්කා. මේසෙ කෙලවරටම වෙන්න තිබ්බ රතුපාට පෙට්ටිය දිහාට සංජානිගෙ ඇස් යොමුුණා කියලා මට අන්තිමට පෙනුණා. ඒ පෙට්ටිය එතනින් අයින් කරන්න ඕන කියලා මගේ හිතට හිතුණත් සංජානි ඒ පෙට්ටිය අතට ගත්තා. එයා ඒක හෙමින් සැරේ ඇරලා බලන ගමන් මං දිහා බැලුවා. අඩන්න වගේ මූණ හදන් ඉන්න සංජානිගෙ මූණ දැක්කහම මට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ රතුපාට පෙට්ටිය ඇතුලෙ තිබ්බ දේවල් දැකලා එයාගේ ඇස් ආයෙත් මං දිහාට යොමුවුණා. දැන් ඒ මූණෙ තිබ්බෙ ලොකු පුදුමයක්. රතුපාට පෙට්ටිය ඇතුලෙන් එළියට ගත්තෙ එයාගෙම ටසල් එක. එයයි මායි හම්බවෙච්ච පළවෙන් දවසෙම එයාගෙන් හැලිච්ච ටසල් එක. ඊගාවට එයාගෙන්ම හැලිච්ච බස් ටිකට් එකක්, ටොෆි කොලයක් එයා අතට ගත්තා. අතට අරන් හොදට බලලා ආයෙත් ඒ බඩු තිබ්බ විදියටම තිබ්බා..


    "බේබි මහත්තයා... කෝපි ගෙනාවා.. සංජානි බේබිටත් එන්න කියන්න.."


    දෙයියා කොපිත් අරන් ඇවිත්. මූ බය නැතුව සංජානිටත් කොපි බොන්න අඩගහපු එකනේ වැඩේ. සංජානිගෙ මූණෙ තාමත් තිබ්බෙ අර මුලින්ම තිබ්බ දුකම තමයි. භවන්තයි, ආන්ටියි හිටියෙ නැත්නම් ඔහොම ඉන්නෙපා කියලවත් කියන්න තිබුණා.


    "අනගි දන්නවද අපි ආවේ ඇයි කියලා...?"


    කෝපි බිබි ඉදපු භවන්තගෙ අම්මා මගෙන් ඇහුවා. බොන්න ගත්තු කෝපි මග් එක එහෙම්ම අතේ තියාගෙන මං ආන්ටි දිහා බලන් හිටියෙ, එයා කියන්න යන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරුව..


    "අවුරුදු ගානකට පස්සෙ භවන්ත යාලුවෙක් කියලා ලංකර ගත්තෙ ඔයාව. ඒ හන්දා මේ සුබ ආරංචිය ඉස්සෙල්ලාම කියන්න ආවෙ ඔයාට.. මොකද දැන් ඔයත් මගේ දරුවෙක් වගේ මට ළංවෙලා හින්දා.."


    කිසිම දෙයක් හිතාගන්න බැරුව මං භවන්තයි, සංජානියි දිහා බැලුවා. භවන්ත මගේ දිහා බලන් හිටියත්, සංජානි බිම බලාගත්තා.


    "සංජානිව බලන්න මනමාලයෙක් එනවා.. අපේ පවුල් දෙකම හොදට අදුනනවා. හරිම වැදගත් අය.."


    ආන්ටි කියාගෙන කියාගෙන යද්දි මගේ හිත සීතල වෙලා ගියා.. දෙයියනේ... මේ මොනවද වෙන්නේ..? මගේ හිත ගත්තු පුංචි කෙල්ල මට නැත්තටම නැතිවෙලා යන්නද හදන්නේ...? බිම බලාගෙන ඉදපු සංජානි තාමත් ඔලුව ඉස්සුවෙ නෑ. භවන්තයි, ආන්ටියි සංජානිව බලන්න එන පුද්ගලයා ගැන තවත් මොනවදෝ කියවනවා මට ඇහුණත් මොනවද කිව්වෙ කියලා හරියට මගේ ඔලුවට වැටුනෙ නෑ. සංජානි බදින්න යනවා කියන දේ, මගේ පපුව මිරිකලා දැම්මා වගේ වුණා. ඇයි මේ තරම් ඉක්මනට මේ කෙල්ලව බන්දලා දෙන්න හදන්නේ..? භවන්තලා යන්න ගියායින් පස්සේ මගේ හිතේ කැරකි කැරකි තිබ්බ ප්‍රශ්නෙ ඒකයි..


    **********************************


    කිසිම බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් පිරිලා තිබ්බ මගේ හිතට මේ වෙලා තියෙන දේ ගැන හිතාගන්න බැරි වුණා. සංජානිව හිතෙන් ඈත් කරන්න කොයි තරම් හැදුවත් ඒ දේ කරන්න මට පුළුවන් වුණේ නෑ. සංජානිව හිතට ළංකරගන්න හදන හැම වෙලාවකම, අන්ත අසරණ හිනාවක් මූනෙ තියාගෙන මං දිහා බලන් ඉන්න භවන්තව මට මැවිලා පෙනුනා.


    "බේබි මහත්තයා....."


    ඇපල් ජූස් එකක් අතේ තියාගෙන දෙයියා මං ඉස්සරහ. මං ඇපල් ජූස් එක අතට ගත්තා. දෙයියගෙ මූණ කල්පනාවකින් වැහිලා ගිහින්.


    "මං දෙයක් අහන්නම්.... මහත්තයා අවුල් වෙන්නෑ කියන්න.."


    "මොකක්ද දෙයියා..?"


    "බේබි මහත්තයා දැන් ඉන්නෙත් හිතේ අමාරුවෙන් කියලා මං දන්නවා... ඒත්... ඒත්.... මට මේ දේ මහත්තයට නොකිය බෑ.."


    මූ මොනවා කියන්න හදනවද මංදා මේ තරම් තටම තටමා.. මට මළපනින්නෙ ඔය වගේ වෙලාවට තමයි..


    "උඹ දන්නවනේ ඉවසන එක මට මොනතරම් අමාරු දෙයක්ද කියලා.. කියන දෙයක් කියපං ඇඹරෙන්නෙ නැතුව.."


    "බේබි මහත්තයා හිතනවද ලොකු නෝනා ආයෙත් ලංකාවට එයි කියලා..?"


    එහෙම අහලා දෙයියා මගේ මූණ දිහා බැලුවෙ බයෙන් වගේ. ඌ අහපු ප්‍රශ්නෙන් මං ගැස්සිලා ගියත් මට දෙයියා ගැන පව් කියලා හිතුනා..


    "ඒ ගැන මං දන්නෑ දෙයියා.. එදා අම්මගෙන් ඈත්වුණ දවසෙ ඉදලා අද වෙනකන් මං බලන් හිටියා, අම්මා මාව බලන්න අද ඒවි... හෙට ඒවි කියලා.. ඒක මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රාර්ථනාවක්.. ඒත් ඒ දේ ඉෂ්ඨ වුනේ නෑ... සමහර විට අම්මා මායි, .තාත්තයි දෙන්නම අමතක කරලා දාන්න ඇති. මං දැන් ඒ ගැන නොහිත ඉන්න ට්‍රයි කරනවා.."


    මං කියාගනෙ කියාගෙන ගියා.. මගේ මූණ දිහා දෙයියා බලන් උන්නා මිසක වචනයක්වත් කිව්වෙ නෑ. ඇත්තටම දෙයියට වුණත් කියන්න දෙයක් නැතුව ඇති. උඩ තට්ටුවට නගින්න තියෙන පඩිපෙළ ගාවට ගිහින් දෙයියා අපිට හැරුණා..


    "ම... මට මේවා තේරෙන්නෙ නෑ.. ඒත්.. ඒත්.. බේබි මහත්තයා ඉන්නෙ සන්තෝසෙන් නෙමෙයි කියන එක මට තෙරෙනවා.. ලොකු මහත්තයා යනකොට කියලා ගියේ පුලුවන් තරම් බේබි මහත්තයව සතුටින් තියන්න කියලා. අනිත්තෙක කොයි තරම් වැඩ තිබ්බ වුණත් ලොකු මහත්තයා, බේබි මහත්තයව අතෑරියේ නෑ. මගෙත්තෙක්ක වුණත් කතා කරද්දි නිතරම කියෙව්වෙ බේබි මහත්තයා ගැන.."


    "මං ඒක දන්නවා දෙයියා... තාත්තා මට කොයි තරම් ආදරෙයිද කියලත් මං දන්නවා.."


    මට එතනින් එහාට මුකුත් කියන්න හම්බවුණේ නෑ. ගෙදර ඉස්සරහින්ම භවන්ත මතුවුණා. භවන්ත මේ වෙලාවෙ ආපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු පුදුමයක්. මගේ මූණ දිහා හොදට බලන ගමන් භවන්ත මං ඉස්සරහින් වාඩිවුණා. තේරුම් ගන්න ආමාරු හැගීම් හුගාක් ඒ මූණ මැද්දෙ හිරවෙලා තිබ්බා.. වරදක් කරලා නැති වුණත් මගේ හිත තිගැස්සුනා.


    "භවන්ත අද වැඩට ගියේ නැද්ද...?"


    "නෑ අනගි.. මට දැන් රස්සාව එපාවෙලා.."


    නිල්පාට සෙටියෙ කුෂන් ඇන්දට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න ගමන් භවන්ත කිව්වා. ඒ පාර මොකද වෙලා තියෙන්නේ.. සංජානි බාල්දියක්වත් පෙරලගෙනද..? මං මගෙන්ම අහගත්තා..


    "ලොකු නංගි ඊයෙ අපේ ගෙදර ආවා..."


    භවන්ත එහෙම කියද්දි මගේ හිතට මහ මොක්කදෝ වුණා. කවදාවත් දැකලා තිබ්බෙ නැති වුණත්, භවන්තගෙ ලොකු නංගි ගැන මගේ හිතට අපහැදිලි කේන්තියක් ආවා. සංජානිව ළං කරගන්න බැරුව මං අද විදවන්නෙ එයාලා හන්දා කියන එක හිතට තේරුණත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ..


    "මං අහන් ඉන්නෙ භවන්ත.. ඔයා කියන්න.."


    "ලොකු නංගි ගෙදර එන්න විනාඩියකට දෙකකට කලින් සංජානි මගෙත් එක්ක කතා කර කර හිටියේ. එකපාරටම සංජානි කිව්වා.. අයියා ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. සංජානිගෙ මූණෙ තිබ්බෙ මොකකට හරි බයවෙලා වගේ දෙයක්.."


    අනගි රඹුක්වැල්ල කියන්නෙ යකෙකුටවත් බය නැති කොල්ලෙක් වුණත්, මෙන්න මේ වෙලාවෙදි නම් මගේ හිත හීතල වෙලා ගියා. භවන්තගෙ මූණ දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් මට දැණුනා. ෂුවර් එකටම සංජානි කියන්න යන්න ඇත්තෙ මං ගැන කියන දේ පොල්ලකින් ගැහුවා වගේ මට තෙරුණා..


    "මං ඒ ගැන අහන්න යනකොටම තමයි ලොකු නංගි ගේ ඇතුලට ආවේ. මං ඇහුවා ඇයි ආවෙ කියලා. අපිට මේ කරලා ගියපු හරිය මදිද කියලා.. මාව යකා කරන්නෙ නැතුව මෙතනින් පලයං කියලා.. ඒත්... ගියේ නෑ.. මට අම්මව බලන්න ඕන.. මට අම්මත්තෙක්ක කතා කරන්න ඕන කියලා ලොකු නංගි කෑගැහුවා. ඒ අස්සෙ සංජානි ඇගේ එල්ලිලා කියනවා අක්කිට බනින්න එපා කියලා. ගෙට එන්න දෙන්න කියලා.. ඔයාට තේරෙනවද මංදා අනගි.. එදා මායි, අම්මයි විදවපු හැටි සංජානි තේරුම් අරන් තියෙනවද කියලා.. ඒකනේ එයා එහෙම කිව්වේ. මං සංජානිටත් හොදටම බැන්නා.."


    භවන්ත වෙච්ච දේවල් කියාගනෙ යද්දි මගේ ඔලුව තෝන්තු වෙලා තිබුණා. මේ මොනවද වෙන්න යන්නේ..? සංජානි ඔය කතාව මැද්දට පනින්න ඇත්තෙ මං හින්දා කියන එක මට තේරුණා. වෙච්ච දේවල් භවන්ත ඔක්කොම කියපු නැති හින්දා මං කතා කරන්න උත්සාහ කලේ නෑ..


    "ඔය අස්සෙ තමයි අම්මා ආවේ... ලොනු නංගි අම්මා කියාගෙන ඉස්සරහට ආවත්, අම්මා එයාව නතර කරා.. අම්මා කොහේ ඉන්න අම්මා කෙනෙක්ද..? අපිට මෙච්චර ලැජ්ජාවක් කරලත්, ඇයි ආපහු ආවේ... ඉන්න තැනම ඉන්න තිබ්බනේ. දැන් මේ කෙල්ලගෙ මගුල ළංවෙද්දි ආපහු ආවේ..? ඒ මගුලත් කඩලා දාන්නද..? මං උඹට ඕන නම් වදින්නම් දුවේ... මේ දුන්නු ගින්දර හොදටම ඇති.. අනේ පුතේ මෙයාට කියපං.. කියලා අම්මා අඩාගෙනම ගේ අතුලට ගියා. මං ලොකු නංගිව එළියට දාලා දොර වැහුවා.."


    මහා ලොකු හුස්මක් එළියට පා කරන ගමන් භවන්ත කිව්වා. අඩු ගානෙ භවන්තට මොනවා හරි කියන්න ඕක කියලා මට තේරුණත්, මගේ ඔලුවට කිසිම දෙයක් ආවෙ නෑ..


    "ඔහොම කතා නැතුව ඉන්නෙපා අනගි.. ඔයා කියන්න මං හැසිරිච්ච විදිය වැරදියිද කියලා..? ආ.. ඒ වෙලාවෙ මං වෙන මොනවා කරන්නද..? ලොකු නංගිව එළියට ආදාල දොර වැහුවම, සංජානි මං දිහා බලන් හිටියෙ අපරාධකාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ. එයා වුණත් මං ගැන මොනවා හිතනවා ඇතිද..?"


    "ඔය ගැන වැඩිය හිතන්න එපා භවන්ත.. ඔයාට ඕන දේකට මං ඉන්නවා. අපි එන විදියකට මූණ දෙමු..."


    මං කිව්ව දෙයින් භවන්තගෙ මූණෙ පුංචි හිනාවක් පිපුනා. ඒ හිනාව නැති කරලා දාන්න, මං කවදාවත් හවුල් වෙන්නෙ නෑ කියලා හිතාගත්තෙ ඒ වෙලාවෙදිමයි..


    "මං මේ හැම දෙයක්ම ඔයත්තෙක්ක කියන්නෙ ඇයිද කියලා මට තේරෙන්නෙ නෑ අනගි.. සමහර වෙලාවට ඔයාට මාව කරදරයක් වගේ ඇති. ඔයා ළගදි මගේ හිතට මහා ලොකු ශක්තියක් දැනෙනවා. හරියට මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ඔයා ළග තියෙනවා වගේ.."


    භවන්ත හිටියෙ මගේ දිහාම බලාගෙන.. දෙයියා පේන තෙක්මානෙක නෑ. සද්දෙකුත් නෑ. ඌට මොකද වුණේ..?


    "මං කොයි වෙලාවකවත් ඔයා කරදරයක් කියලා හිතුවෙ නෑ භවන්ත. හිතන්නෙත් නෑ.. සජීවන්ලා, නිර්මාල්ල, නවෝදිලා ඉන්දේදදි මං ඔයාට ළං වුණේ, ඔයා මගේ හිතට ෆිට් වුණ හින්දා. එහෙම මගේ හිතට ෆිට් වුන කෙනෙක් මගේ කෑල්ලෙන් කෑල්ල ගියත් අතාරින්නෙ නෑ භවන්ත..."


    එතකොට සංජානිව අමතක කරලා දාන්න හදන්නෙ සංජානි හිතට ෆිට් වුණේ නැති හින්දද කියලා මං මගෙන් අහගත්තා. දෙයියනේ.. ඒ ප්‍රශ්නෙට උත්තර නෑ. සංජානි වගේ අහිංසක කෙල්ලෙක් ළං කර ගන්න තරම් මට පිනක් නෑ කියලා විතරක් මං හිතාගත්තා. ඒ ගැන හිතනකොට මහා ලොකු වේදනාවකින් මගේ හිත හිරි වැටිලා යනවා මට තේරුණා..


    "මගේ හිතේ තියෙන මේ කරදර නවෝදි එක්ක කියන්න බෑ අනගි.. එයා වුණත් මං ගැන මොනවද හිතන්නේ..? ඒත් ඔයා මං ගැන අහිතක් හිතන්නෙ නෑ කියලා මං දන්නවා... සංජානි වුණත් ඉන්නෙ මං ගැන වැරදියට හිතාගෙන.. වෙනදට දවස පුරාම හිනා වේවි ඉන්න කෙල්ල දැන් ඉන්නෙ මූණ හංගගෙන. ලොකු නංගි නැතුවුණා වගේ මට සංජානිවත් නැතිවේවි කියලා මට බයයි අනගි.. ඇයි එයා මාව මග අරින්නේ...? "


    භවන්ත කියවගෙන යන හැමදේම මගේ හිත ඇතුලෙ වැදුනා. දෙයියනේ.. මේ හැමදේකටම මාත් හවුල්කාරයෙක් වුණානේ. සංජානි කියන්නේ, භවන්තගෙ නංගි කියාලා දැනගත්තු දාම මට සංජානිගෙන් ඈත් වෙන්න තිබුණා. ඒත් දැන් ඒ හැමදේටම පරක්කු වැඩියි. දැන් ඔය ඉන්න තත්වේ උඩ සංජානි වුණත් මොනවා කරයිද දන්නෙ නෑ.. වැරදිලාවත් එයා ඉස්සෙල්ලා වගේ මං ගැන භවන්ත එක්ක කියන්න හැදුවොත්. මේ හැමදේම ඉවරයි.. මෙච්චර කල් තිබ්බ භවන්තගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එකත් ඉවරෙටම ඉවරයි..


    "ලොකු නංගි නැතිවුනා වගේ ඔයාට සංජානිව නැතිවෙන එකක් නෑ භවන්ත. එයා ඔයාට ආදරෙයි.. ඔයාටත් සංජානි නැතුව බෑනේ.."


    භවන්තගෙ මූණට අර මුලින් තිබ්බ හිනාවම ආවා. මිනිහටඒ හිනාව හැමදාම කියනවා වගේ මාර ගති. ඔහොම හිනාවලො ඉන්නවා නම් මොනවා කරන්න බැරිද යාලුවේ..?


    "මගේ දේවල් කිව්වා මිසක ඔයාගෙ විස්තරයක්වත් අහන්න බැරිවුණා නේ.. අංකල් ෆෝන් කරාද..?"


    "ඔව්... භවන්ත.. තව ටික දවසක් යයි තාත්තා එන්න.. කැමති නම්, පාලුයි වගේ නම් දෙයියත් එක්ක මැඩ්රාස් වලට එන්න කිව්වා. මං කිව්වා බලන්නම් කියලා.."


    භවන්තගෙ මූණ අමුතු වෙලා ගියා..


    "ඒ කියන්නෙ ඔයා ඉන්දියා යනවද..?"


    "තාම නම් හිතුන් නෑ... බලමුකෝ.."


    මං කිව්ව දේට භවන්ත මුකුත් කිව්වෙ නෑ. භවන්ත ගිහිල්ලා හුග වෙලාවක් ගියාට පස්සෙත් මං ඉදන් ඉදපු තැනින් නැගිට්ටෙ නෑ. මගේ ඔලුව පුරාම පිරිලා තිබුණේ, භවන්න කියලා ගියපු දේවල් වලින්, බවන්ත සැරින් සැරේට ඇවිත් කියන මේ දේවල් වලින් මායි, සංජානියි අතරේ මහා විශාල බැම්මක් හැදෙන්න පටන් අරන් තිබුනා. ඒත් ජීවිතේ ඉස්සෙල්ලම වතාවට, මගේ හිත ගත්තු පුංචි කෙල්ලව මගේ කරගන්න බැරිවෙන එක ගැන නම් හිත ඇතුලෙ තිබ්බෙ සුළු පටු වේදනාවක් නම් නෙමෙයි. දෙයියට වුණත් මේ හැමදේම මුල ඉදලා කිව්වා කියලා වැඩක් නෑ. දෙයියා කෙලින්ම යන්නෙ භවන්ත ළගට කියෙනක මං දැනන් හිටියා. ඇත්තටම, සංජානි ගැන කෙලින්ම භවන්තත් එක්ක කතා කරොත් නරකද කියන සිතුවිල්ල මගේ ඔලුවට ආවේ ඒ එක්කමයි. ඒත් භවන්ත වෙච්ච හැමදෙයක්ම මට කියලා තියෙද්දි, සංජානිව බලන්න මනමාලයෙක් එන්න තියෙද්දි ඒ වගේ දෙයක් කියනෙක ගැන දෙපාරක් හිතන්න මට ඕන වුණා. අන්තිමට, හිතලා හිතලා වැඩි වෙලාද කොහේද මගෙ ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා..



    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-14.jpg


    14

    හුග දවසකින් සජීවන්ලා හම්බවෙන්න බැරිවුණ නිසා ගැන්සියෙ කොල්ලො ටික හම්බවුණා නම් හොදයි කියලා මට හිතුනා. ඒත් ගෙදරින් පිටවෙලා යන්න බැරි මොකක්දෝ කම්මැලිකමකින් මගේ හිත ගල් කරලා තිබුනා. දෙයියා වුණත් වෙනද වගේ මගෙන් අනවශ්‍ය කිසිම දෙයක් ඇහුවෙ නෑ. ඊයෙ භවන්ත ඇවිල්ලා ගියාමවත් ඒ ගැන මුකුත්ම කිව්වෙ නෑ. එහෙම වුණ එකත් හොදයි. නැත්නම් කණක් ඇහිලා ඉන්න බැරි වෙනව තරමට කච කචේ.. තත්පරෙන් තත්පරේට මං ළගට ඇවිල්ලා අහවි.. බේබි මහත්තයෝ මොකක්ද කාමරේට වෙලා කරන්නේ..? කොහේවත් යන්නෙ නැද්ද කියලා..

    "බේබි මහත්තයෝ..."


    මූ නම් මැරුවත් මැරෙන්න නැති එකෙක්නේ. මං දැන් මූ ගැන හිතුවා විතරයි.. ඒ පාර මොකද දන්නෑ. මං කතා කරේ නෑ.


    "බේබි මහත්තයෝ..."


    "මොකද දෙයියා... මල වදේ.. මට ඩිංගක් නිදහසේ ඉන්න දීපංකෝ.."


    "ම... මං මෙච්චර දවසක් බේබි මහතත්යට කරදර කලේ නෑනේ.. ඒත් අද කරදර කරන්නම වෙනවා.."


    කාමරෙන් එළියෙ ඉදන් ඌ කියන්නේ.. මූ මොන මහප්ප්‍රාණයක් කරන්න හදනවද මංදා.. මූ නම් හිතනවටත් වැඩිය ඇණයක්. මං ඇදෙන් බැහැලා තත්පරේට දෙකට එළියට ආවා. මගේ මූණ ඉස්සරහම දෙයියත්එක්ක ඉදපු කෙනා දැක්කමහ මාව සීතල වෙලා ගියා.. සංජානි.. මායි, සංජානියි මූණෙන් මූණ බලාගෙන ඉන්දෙද්දි දෙයියා හෙමින් සීරුවෙ පඩිපෙළ බැහැලා ගියා. මූ තකහනියක් ගිහින් සංජානිව එක්කං ආවද මංදා. ඒ ජාතියෙ බඩුවනේ..


    "ඔ... ඔයා ආවෙ තනියෙමද..?"


    ලා රෝස පාට වෙලා තිබ්බ සංජානිගෙ කම්මුල් දිහා බලාගනෙ මං ඇහුවා. මගේ අත්මයම පිරික්සන්න හදනවා වගේ මං දිහා බලන් ඉන්න සංජානිගෙ ඇස් දිහා බලන් නැතුව ඉන්න මං හිතාගත්තා.


    "ඕ... ඔව් තවියෙම ඔයා ළගට මෙහෙම එන එක වැරැද්දක් කියලා මං දන්නවා.. ඒත් මෙහෙම හරි එන්න තරම් ලොකු හේතුවක් තියෙනවා. ඒකයි මං ආවේ.."


    සංජානිගෙ ඒ කතාවෙන්ම මගේ හිතට මොකක්දෝ වුණා.. දෙයියනේ.. මායි, සංජානියි අතරෙ සිද්ධ වුණු දේවල් සංජානි භවන්තත් එකක් කියලද..? එහෙම නැත්නම් එයා ගෙදරින් එන්නම ඇවිල්ලද..? ඔය වගේ ප්‍රශ්න දෙක තුනක් මගේ ඔලුවෙ කරකැවුණා. එයා ඊලගට කියන්න යන්නෙ මොනවද කියලා අහන්න මට ඉවසිල්ලක් නැති වුණා.


    "ම.... මට හුගක් බයයි අනගි.. මට හුගක් බයයි.. මාව බලන්න මනමාලයෙක් එනවා.. මං අද ආවෙත් ඒකමයි.. ගෙදර කවුරුවත් දන්නෙ නෑ මං ඔයා ළගට ආවා කියලා. අ... අනේ මොනවා හරි කරන්න අනගි.. ප්ලීස්..."


    පුංචි ඇස්දෙකේ කදුළු පුරවගෙන සංජානි පිස්සියක් වගේ කියවගෙන ගියා. වෙන වෙලාවට බොහොම ඉක්මනට ගේමට රෙඩි වෙන අනගිට අද මොනවද වෙලා තියෙන්නේ..


    "ඔයා කැමති නැද්ද ඒ මනමාලයට..?"


    මං එහෙම ඇහුවා විතරයි සංජානිගෙ මූණ තද රතුපාට වුණා. එයා ඇස්දෙක තවත් පුංචි කරලා මං දිහා බැලුවා..


    "දෙ... දෙයියනේ ඔයා කොහොමද ඒ වගේ දෙයක් මගෙන් අහන්නේ..? මගේ හිත කැමති, මගේ හිත ආස කරන හැමදේම තියෙන්නෙ ඔයා ළග.. මගේ ජීවිතේ මං ඉස්සෙල්ලාම පිරිමි ළමයෙකුට කියලා ආදරේ කලේ ඔයාට.. මගේ මේ හිත පුරාම පිරිලා තියෙන ආදරෙත් ඔයාට විතරයි. එහෙම වෙද්දි මං කොහොමද අනගි, වෙන කෙනෙකුට කැමති වෙන්නේ..?"


    සංජානි මගෙ මූණටම ඇහුවා. එයා අද ඇවිල්ලා තියෙන්නේ මේ හැමදේම බේරගෙන යන්න කියනෙක මට තේරුණා. එකනේ එයා මෙච්චර දවසක් මට නොකියපු එයාගෙ ආදරේ කෙලින්ම අද මට කිව්වේ. ඒත් ඇත්ත ඒක නෙමෙයි කියලා මට හිතුනෙ ටිකකින්ත මොකද මෙච්චර දවසක් මං සංජානිට, ඔය දේ කියන්න දුන්නෙ නෑ නේ. එයා ඉවසලා ඉවසලා බැරිම තැන එන්න ඇති කියලා මට හිතුණා. ඒත් මෙතෙන්දි සංජානිට කියන්න ඕන මොනවද කියලා මට හිතාගන්න බැරිව මං ගොලුවුණා. භවන්ත, එයාගෙ ලොකු නංගිගෙ කතාව මට කියලා නොතිබ්බ නම් සංජානි කියපු ඔය වචන ටික මොන තරම් සතුටක් ගෙනේවිද..? මගෙත් එක්ක මූණෙන් මූණ බලන් ඉදපු සංජානි මේසේ කෙලවරේ තිබ්බ අර රතුපාට පෙට්ටිය ගත්තා. ඒක ඇතුළෙ තියෙන දේවල් මතක් වුණාම මට ආයෙත් නොසන්සුන් වෙලා ගියා.


    "ඇයි ඔයා කතා නොකරන්නෙ අනගි..? දෙයියන්ගෙ නාමෙට මාව පිස්සියක් කරන්නැතුව මට කියන්න.. මාව අයිති කරගන්න ඔයාට ඕන වුණා. එහෙම නෙමෙයි කියලා කියන්න ඔයාට බෑ. ඔයා මට ආදරේ නැත්නම්, ඇයි මේ ටසල් එක තියාගත්තේ...? ඇයි මේ මගේ හැලුණු ටිකට් එක තියාගත්තේ..? ඇයි මේ ටොෆි කොලේ තියාගත්තේ..? ආ.. අනගි..?"


    මං සංජානිට තරම්ම ආදරේ කරපු ඒ අජීවී දේවල් පෙන්න පෙන්නා එයා මගෙන් ඇහුවා. ඒ ඇස්වල කදුලු පිරිලා තිබ්බා..


    "අතීතය මතක් වෙන්න.."


    මං අමාරුවෙන් කියාගත්තා. කදුළු පිරුණු සංජානිගෙ මූණෙ මට හිතාගනන් බැරි අපැහැදිලි හිනාවක් ඇදිලා ගියා.


    "ඔයාට ඕන අතීතය මතක් කර කර ඉන්න විතරයිද දෙයියනේ.. ඒ අතීතය හිමිකරගන්න ඕනෙ නැද්ද..? කියන්න අනගි.. මගේ මූණ දිහා කෙලින් බලාගෙන මට කියන්න.. ඔයාට මාව එපාද..? ඔයා මට ආදරේ නැද්ද..? මට ආසයි ඔයාගෙ කටින්ම ඔව්වට උත්තර දැනගන්න.."


    තවත් දුරට නිහඩව ඉන්නවා කියනෙක තේරුමක් නෑ කියලා මටම තේරුණා. මොකද සංජානි මේ තරම් දුරට විවෘත වෙලා ඉන්දේදදි මටත් මොනවා හරි කියන්න ඕන වුණා. හැම පත්තක් ගැනම හිතන්න යද්දි ඉස්සෙල්ලම වෙන්නෙ අපිට අපිවම නැතිවෙන එක..


    "ඔයා අහපු දේවල් වලට මට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. ඒත් ඊට කලින් ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා සංජානි. මං මේවා ඔයාට කියන්න හිතුවෙ නෑ. ඒත් ඔයා මගේ මූණටම ඔහොම අහද්දි මට නොකියා ඉන්නත් බෑ. මොකද ඔයා හිතන්න පුළුවන් මං ඔයාව ටිකක් දුර එක්කන් ඇවිල්ලා අතෑරලා දැම්මා කියලා.."


    "ඉතිං ඇත්ත ඒකම නෙමෙයිද අනගි...? පෙබරවාරි 14 වෙනිදා ඉදලා ඔයා වෙනස් වුණා. ඒකට නෑ කියලා කියන්න ඔයාට බෑ.."


    පුංචි ලේන්සුවෙන්, ඇස්වලට උනන කදුළු පිහිදාගන්න සංජානිගෙ මං දැක්කෙ පුදුම තරමෙ සුන්දර බවක්. ඒත් ඒ සුන්දර බව විදගන්න තරම් මම පිං කරලා තිබුණෙ නෑ.


    "ම... මට තේරෙන්නෙ නෑ මේවා ඔයාට කොහොම පහදලා දෙන්නද කියලා.. ඔයාගෙ අක්කට වුණ දේ ගැන ඔයා හොදටම දන්නවා. අක්කා ගියා පස්සෙ ගෙදර ඇතිවුණ තත්වේ කොහොමද කියලත් ඔයා දන්නවා. අක්කයි, වික්‍රමුයි කරා වගේ දෙයක් අපිට කරන්න බෑ. ඔයාට තේරෙනවද මංදා මං කියන දේ.. අක්කා කරපු වැඩෙන් පස්සේ, යාංතමට හොදවෙලා තියෙන අයියගෙයි, අම්මගෙයි හිත් ආයෙත් කඩලා බිදලා දාන්න පුළුවන්ද සංජානි..? අනිත්තෙක අක්කා කෙරුව වගේ දෙයක් මං කවදාවත් කරන්නෑ කියලා ඔයා අම්මා ළග දිවුරුවෙ නැද්ද.?"


    සංජානි මං දිහා බැලුවෙ කිසිම හැගීමක් නෑ වගේ.. ඕන දෙයක් වුණාවෙ කියන දේ ඒ මූණෙ ලියැවිලා තිබුණා..


    "ඔය කියන දේවල් මෙතනට ආදාල වෙන්නෑ අනගි.. මට ඕනෙ ඔයා විතරයි.. ඔයාට මාව එපා නම් කෙලින්ම මට ඒ දේ කියන්න.. ඊටපස්සෙ කරන්න ඕන දේ මං තීරණේ කරන්නම්.."


    එන්න එන්නම සංජානිගෙ කටහඩට එකතුවෙන මුරණ්ඩුකම මට හොදටම තේරුණා. මේ හැමදෙයක්ම දරාගෙන මං ඉන්නෙත් අමාරුවෙන්.. ඇයි මේ කෙල්ල ඒක ගැන හිතන්නැත්තේ..?


    "ම... මං ඔයාව එපා කියලා කවදාවත් කියන්නෙ නෑ.. ඒත් මං කියන දේ ඩිංගක් තේරුම් ගන්න බලන්න. මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? මං කොහොමද ආන්ටිගෙ විශ්වාසෙ කඩන්නේ..? එයාලා දෙන්නා මාව හුගක් විශ්වාස කරනවා සංජානි.."


    "අයියයි, අම්මයි ඔයාව විශ්වාස කරන හන්දද, දැක්ක දවසෙ ඉදලා මගේ පස්සෙන් ඔයා ආවේ..? අර මිනිස්සු දෙන්නෙක් මාව ඇදන් යන්න හදද්දි මාව බේරගත්තේ..? ඇයි අර ටසල් එක තියාගෙන ඉන්නේ. දෙයියන්ගෙ නාමෙට එවා හැමදෙයක්ම විසිකරලා දාන්න.. ඔයා මට ලොකු බොරුවක් කලා අනගි.. ඔයා මට ආදරේ කලේ නෑ. ඔයා ගැන හිතන්න දීළා මාව අතරමං කරලා දැම්මා. අනේ... ඔයා මට මේ මොකක්ද කලේ අනගි...?"


    සංජානි කෑගහලා මගෙන් ඇහුවා. හිතේ හරි කරන් ඉදපු බැදීඹ් එකින් එක ලිහිලා යන්න හදනවා කියලා මට තේරුණා. කදුළු වලින් නෑවිලා ගිහින් තිබුණ සංජානිගෙ මූණෙ කදුළු පිහිදාන ගමන් මං එයාගෙ අතින් අල්ලගත්තා..


    "මේ බලන්න සංජානි... මෙහෙම කතා කරලා අපිට මේ ප්‍රශ්නෙට උත්තර හම්බවෙන්නෙ නෑ.. අපිට කවදාවත් එකතුවෙන්න බෑ.. මට ඒ දේ කරන්නත් බෑ.. ඉස්සෙල්ලා ගෙදරට මුල්තැන දෙන්න.. ගෙදර ගිහින් තව ටිකක් හිතන්න.. අම්මගෙයි, භවන්තගෙයි විශ්වාසේ කඩන එක ලොකු පව් වැඩක්.."


    හුගාක් අමාරුවෙන් මං ඒ ටික කියාගත්තේ.. මගේ ඔලුව දැන් යකාගෙ කම්මල වගේ..


    "එහෙනම් මගේ හිත කඩපු එක පව් වැඩක් නෙමෙනේ... මට කරපු මේ හැමදේමත් හිතේ තියාගෙන මං යන්නම්.. ඔයා හැමදාටම හිනාවෙලා ඉන්න.. මං ආයෙ එන්නෑ...."


    එහෙම කියලා සංජානි තත්පරේට දෙකට මගෙන් ඈත් වුණා. ඒ එක්කමයි දෙයියා පඩිපෙල නැගගෙන මං ළගට ආවේ.. ලොකෙ ලොකුම හොල්මන දැක්කා වගේ දෙයියා මගේ මූණ දිහා බලන් හිටියා. උගේ මූණ අමුතු වෙලා ගිහින් තිබුණා..


    "බේබි මහත්තයා.... ඇයි මේ..?"


    ඔලුව හොදටම අවුල් වෙලා තියෙන මේ වෙලාවේ දෙියයා ඇවිල්ලා හරස් ප්‍රශ්න අහනකොට මට සාදාරණ කේනිතයක් ආවා. ඒත් ඒ කේන්තිය දෙයියගෙ පිටින් යවන්න බැරි හින්දා, කාමරේට යනවා කියලා මං හැරුණා..


    "බේබි මහත්තයෝ, මං මේ ඔයාගෙන් අහන්නේ.. මේ සිද්ධවෙන දේවල්වල තේරුම මොකක්ද..? සංජානි බේබි හොදටම අඩ අඩා යන්න ගියේ.. පව් මහත්තයෝ... මහත්තයට පණටත් වැඩිය ආදරේ කරන ඒ වගේ පුංචි කෙලල්ට ඔහොම කරන එක හරි නෑ.."


    දෙයියගෙ කතාව මගේ හිත ඇතුලටම වැදුණා. කාමරේට යන්න ගියපු මං ආයෙ දෙයියා දිහාට හැරුණෙ ඒකයි..


    "ඒ පවුලෙ තියෙන ප්‍රශ්න උඹට තේරෙන්නෙ නෑ දෙයියා... එතන හුගාක ලොකු ප්‍රශ්නයක් තියෙනවා.."


    "මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්නද ලොකු මහත්තයා හදන්නේ..? එදා භවන්ත මහත්තයලත් එක්ක මෙහේ ආපු දවසෙ සංජානි බේබි කොයි තරම් දුකෙන්ද හිටියේ.. පව් බේබි මහත්තයෝ... පුංචි කෙල්ලෙක්ව ඔය තරම් රිද්දන එක පව්.. මහත්තයම දන්නවනේ, එයා මහත්තයට කොයිතරම් ආදරෙයිද කියලා.."


    "උඹ හිතන්නෙ මං සංජානිට ආදරේ නෑ කියලද දෙයියා.. ආ.. උඹම කියපං බලන්න.. උඹට පේන්නෙ එයා මට ආදරෙයි කියලා විතරද..? මං මේ විදවන ඒවා උඹට පේන්නෙ නැද්ද..?"


    "බේබි මහත්තයා මේ කරන්නෙ තේරුමක් නැති වැඩක්. මෙහෙම ඉදලා හරියන්නෙ නෑ. ගිහින් භවන්ත මහත්තයට කියන්න.."


    "මොනවද මං කියන්නේ...?"


    "සංජානි බේබිට ආදරෙයි කියලා.. සංජානි බේබිව බදින්න ඕනෙ කියලා.. වැඩේ ඉවරයි නේ.."


    යාන්තම් හිර කරන් ඉදපු මගේ කේන්තිය දෙයියගෙ කතාවෙන් පස්සෙ ආයෙ වැඩිවුණා. මෙච්චර කියලත් මූට තෙරෙන්නෙ නැති එකනේ වැඩේ.. මට මල කියන්නෙ මලේ මල..


    "උඹට පිස්සුද යකෝ...! භවන්තගෙ ලොකු නංගිගෙ වෙඩින් එක ගන්න ඔන්න මෙන්න තියලා කියෙද්ද, ඒකි පැනලා ගිහින් තිබුණෙ, භවන්තගෙ හොදම යාළුවෙක් එක්ක. ඊට පස්සෙ හුග කාලයක් යනකන් භවන්තට යාලුවෙක් හිටියෙ නෑ. දැන් භවන්තගෙ හොදම යාලුවා මම. සංජානිව වෙන කෙනෙක් බදින්නයි හදන්නේ. එහෙම තියෙද්දි මං කොහොමද මේ මැද්දට පනින්නේ..? මං කොහොමද භවන්තට ද්‍රොහි වෙන්නේ..? වෙච්ච හැමදෙයක්ම භවන්ත මට කියලා තියෙද්දි මං කොහොමද එයාගෙන් සංජානිව ඉල්ලනනේ..?"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "එහෙම කියලා ඉස් ඉස්සෙල්ලම හිතට ආපු ආදරේ මරලා දාන්නද හදන්නේ..? ආ බේබි මහත්තයෝ..?"
    "ඔය ගැන තවත් කතා කරන්න එපා.. මට වෙන කරන්න දෙයක් නෑ..."


    "බේබි මහත්තයත් එක්ක මේ ගැන කතා කරලා වැඩක් නෑ.. මං යනවා භවන්ත මහත්තයා මුණගැහෙන්න.."


    "දෙයියා..... මං උඹට එක පාරක් කිව්වා.. භවන්තට මේවා කියන්න ඕනෙ නෑ.. තේරුණානේ... හැමදේම මං තීරණේ කරලා ඉවරයි.. ආයෙ ඔය ගැන මට ඇහෙන්න කතා කෙරුවොත් දෙනවා දෙකක් කුඩු වෙන්න.."


    මට කේන්ති යන එක තරම් දෙයක් තවත් නෑ කියලා දන්න දෙයියා, තවත් මේ ගැන කතා කරන එක ගැන මට උපරිමේට තදවෙලයි තිබුණේ. ඉස්සෙල්ලා සංජානි ඇවිත් හිතේ තිබ්බ හැමදෙයක්ම කියවලා ගියා.. දැන් මූත් හදන්නෙ මාව කන්න.. තවත් ඉවසනවා කියන එක නම් බෙරු..


    "බේබි මහත්තයට, භවන්ත මහතත්යත් එක්ක තියෙන යාලුකම ලොකුයි. මට ඊටවැඩිය වටිනවා බේබි මහත්තයගෙ ආදරේ.. මේ හැමදේටම වඩා මං කැමතියි බේබි මහත්තයා සතුටින් ඉන්නවා දකින්න.. ඒක හන්දා මං එකම එක පාරක්, භවන්ත මහත්තයව හම්බවෙලා මේ ගැන......."


    මෙච්චර වෙලා මං හිතේ බොහොම අමාරුවෙන් හිර කරන් ඉදපු ඉවසීමෙ රතුකට්ට පැන්නා. මං හැරුණ ගමන් දයේයගෙ කම්මුලට පාරක් ගැහුවා. දෙයියා එක අතකින් කම්මුල අල්ලගෙන මං දිහා බැලුවෙ කිසිම දෙයක් අදහාගන්න බැරුව වගේ..


    "දැන් උඹට තේරුණා නේ දෙයියා.. තවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්න්න එපා... ඇත්තමයි.. මං උඹව මරනවා.. මට ඕන ආදරයක් නෑ යකෝ....... මට මෙහෙම ඉන්න දීපං..."


    "ඉන්න දෙන්නම් බේබි මහත්තයා.. ඉන්න දෙන්නම්.. ඒත් ඇයි මගේ මේ කම්මුලටත් ගැහුවෙ නැත්තේ.? ආ... ගහන්න.. මේ කම්මුලටත්... ආ... ගහන්න.."


    මගේ ළගටම ආපු දෙයියා, උගේ අනිත් කම්මුලත් මගේ දිහාට හැරෙව්වා. මගේ අතින් වැදුනු පාරට දෙයියගෙ කම්මුලේ, මගේ ඇගිලි පහම තද රතුපාටට පේන්න තිබුණා. මං කරේ අනිත් පැත්ත බලාගත්තු එක. තවත් මෙතන හිටියොත් මං මොනවා කරයිද මංදා. මේ පහුවුණ කාලෙ පුරාම මං මගේ සුපුරුදු ගතිපැවතුම් අතෑරලා දාලා තිබුණා. ඒ හැමදෙයක්ම සිද්ද වුණේ සංජානි නිසා කියලා මං දැනගෙන හිටියා. සංජානිව හම්බවෙන්න කලින් ඉදපු අනගි රඹුක්වැල්ලට ආයෙත් පණ දෙන්න මං හිතාගත්තා. මොකද ජීවිතේ කවදාවත් මට සංජානිව ලබාගන්න බෑ කියලා මං තේරුම් ගත්ත හින්දා..


    "දෙයියා......"


    පැය භාගෙකින් විතර මං කෑගැහුවා.. දෙයියා හිටියෙ මං ළගම. ගුටි කාලත් ඌ මගේ ළගින් ඈත්වෙලා තිබුණෙ නෑ..


    "ඇයි බේබි මහත්තයෝ...?"


    උඹට දැන් තියෙන ලොකුම හිතේ අමාරුව මොකක්ද කියලා මං දන්නවා. ඒ මං මෙහේ ඉදන් සංජානි දිහා බල බල විදවන එකනේ.. ඒක හින්දා මං තීරණයක් ගත්තා.. මගෙත් එක්ක යන්න ලෑස්තිවෙයන්..


    "කො.. කොහෙද..?"


    "හරස් ප්‍රශ්න එපා.. අපි යන්නෙ තාත්තා ගාවට.. හෙට උදේ මැඩ්රාස් වලට ෆලයිට් එකක් තියෙනවද බලපං..."


    මං කිව්ව දෙයින් දෙයියා ගල් ගැහිලා ගියා. ඌ හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති මං ඉන්දියාවට යයි කියලා මේ වගේ වෙලාවක. ඒත් තව දුරටත් මං ලංකාවෙ ඉන්න එකෙන් මේ හැමදේම අවුල්වෙනවා කියලා මට තේරුණා. මොකද තව එකම එක පාරක් හරි මගේ මූන ඉස්සරහට සංජානි ආවොත්, මගේ හැම තීරණයක්ම කැඩෙනවා කියලා මං දැනන් හිටියා. ඒක හින්දා ඊට කලින් ඉක්මන් වෙන්න මට ඕන වුණා. ඔය අතරෙ තමයි ෆෝන් එක රින්ග් වුනේ. මේ වෙලාවෙ කවුද කියලා හිත හිතාම මං රිසීවර් එක අතට ගත්තා.. එහා පැත්තෙන් ඇහුණු කටහඩින් මගේ හිතට ආවේ මහා විශාල සනසීමක්..


    "තාත්තා....."


    හිත හොදටම අවුල්වෙලා තියෙන මේ වගේ වෙලාවක, තාත්තා කතා කරපු එක නම් කියලවත් කරගන්න බැරි වැඩක් වුණා...


    "අනගි... ඔයා සනීපෙන් ඉන්නවද පුතේ..?"


    ටෙලිෆෝන් කම්බි දිගේ ගලාගෙන ආපු තාත්තගෙ ආදරේ පිරුණු කටහඩට මගේ ඇස්වලට කදුලු උනාගෙන ආවා. මේ හිතේ ගොඩ ගැහිල තියෙන කිසිම දෙයක් තාත්තට නොකියා මං සතුටින් ඉනනවා කියලා පෙන්නන් මං උත්සාහ ගත්තා. තාත්තා මං ඉස්සරහා හිටිය නම් මට ඒ රගපෑම කරන්න බැරිවේවි. ඒත් දැන් තාත්තයි, මායි අතරේ දුර ප්‍රමාණෙ අනුව මට ඒ දේ කරන්න පුළුවන් වුණා..


    "ඔ.. ඔව් තාත්තා, දෙයියත්තෙක්ක මං සතුටින් ඉන්නවා.. ඔයා නැතුව මට හුගක් පාලුයි තාත්තා..."


    "මටත් ඔයා නැතුව පාලුයි අනගි... ඔන්න ඔයා අප්සට් යන්නැත්තං මං ඔයාට පුංචි මැසේජ් එකක් දෙන්නද..?"


    තාත්තා ඒ ප්‍රශ්නෙ ඇහුව තාලේ මට ඇල්ලුවෙ නෑ. තාත්තගෙ ගාම්භීර කටහඩ, ඒ අන්තිම හරිය කියවෙද්දි වේවලලා ගියා කියලා මට හිතුනා..


    "ඕන දෙයක් කියන්න තාත්තේ.. මං අවුල් වෙන්නෙ නෑ.. රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතව, ලෙසියෙන් අවුල් කරන්න බෑ.. ඉතින් කියන්න මං අහගෙන ඉන්නේ..?"


    රසිවරේ එහා පැත්තෙන් මහා බරට හුස්මක් පාතට දාන හඩ මට හොදට ඇහුණා. තාත්තා කියන්න යන්නෙ මොනවද..?


    "අම්මා, ආයේ ලංකාවට එන එකක් නෑ පුතා.. එයා එහේදී මැරි කරලා කියලා මට ආරංචි වුනා... හ්... හ්...."


    පපවු මැද්දටම වැදුනු පාර මං දරාගත්තෙ හුගාක් අමාරුවෙන්. හිත ඇතුළ ගිනි ගන්නවා කියලා මට තේරුණා. කමක් නෑ.. මේ අනගි රඹුක්වැල්ලට ජීවිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැතිවුනා. පහුවලො ගියපු කාලෙදි මට අම්මා ගැන ඒ තරම් නොහිතුණේ සංජානි මගේ ලෝකේ පුරාම ජිවත්වුන හින්දා. ඒත් මට කවදාවත් භවන්තගෙ හිත රිද්දලා සංජානිව ලබාගන්න බැරි නිසාම, ආයෙත් අම්මා ගැන මං හිතන්න ගත්තා. ඒත්.. දැන් මේ මොකද වෙලා තියෙන්නේ..?


    "අ.... අනගි.. කතා කරන්න පුතේ.. ඔයාට දුක හිතුණා නේද..? මට මේ දේ ඔයාට නොකියා ඉන්නයි තිබුණේ.."


    "දුක හිතුනෙ නෑ කියලා මට බොරු කියන්න බෑනේ තාත්තා... හැමදාම අම්මා අද ඒවි.. හෙට ඒවි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නට වැඩිය, ඔහොම දැනගත්තු එකත් හොදයි.. දැන් මං දන්නවනේ එයාව මට නැතිවුණා කියලා.. කමක් නෑ තාත්තා.. කවුරු නැතිවුණත් ඔයා මගේ ළගින් ඉන්නවනේ.. මට ඒ ඇති.."


    "ඔවු පුතේ ඔව්... අවුරුදු හතේ ඉදලා මං ඔයාව බලාගත්තා.. ඒක ඉස්සරහටත් එහෙමයි.. මං ඔයාව දාලා කොහේවත් යන්නෙ නෑ.. අපි හිටියා වගේම සංතෝසෙන් ඉදිමු.."


    තාත්තගෙ ගාම්භීර කටහඩ ආයෙත් මට ඇහුණා.. මං එහෙම කතා කරපු එකත් හොදයි. නැත්නම් තාත්තා වුණත් අවුල් වෙනවා, මං අප්සට් කියලා දැනගත්තොත්. එහෙම නම් මං වෙච්චර දවසක් අම්මා ගැන හිත හිතා හිටියට අම්මා මං ගැන බිංදුවක්වත් හිතලා නෑ. අම්මා ගැන කියලා, මං තාත්තගෙ හිත රිදෙන්න කීපාරක් නම් කතා කරාද..? මගේ හිතට ආවේ කියාගනන් බැරි පසුතැවීමක්...


    "තාත්තා දන්නවද වැඩක්...?"


    ඒ ප්‍රශ්නෙ අහනකොට මං හුගක් සන්සුන් වෙලා හිටියේ..


    "ම්... මොකක්ද අනගි..?"


    "මං හෙට දෙයියත් එකක්ක මැඩ්රාස් එනවා ඔයාව බලන්න.."


    "ව...වට්.. ඔයා විහිලු කරනවද අනගි..? "


    "නෑ තාත්තා මේක ජෝක් එකක් නෙමේ.. අපි එනවා.. මං හෙට එයාර්පෝට් එකට ගිහින් ඔයාට ෆෝන් කරන්නම්. මටයි, දෙයියටයි ඔයාගෙ හොටෙල් එකට එන්න පුළුවන් නේ.."


    මං කිව්ව දෙයින් තාත්තා හුගක් සන්තෝස වුණා කියලා මට දැණුනා. තාත්තට ඕන වුණේ හැමදාම මාව තාත්තා ළගින් තියාගන්න.. රිසිවර් එක තියලා ඉවරවෙලා මං දෙයියා දිහා බැලුවා.. උගේ මූණ ගන්න දෙයක් නෑ.. මාර විදියට අප්සට් වෙලා..


    "දැන් එතකොට යන්න විතරයි තියෙන්නේ...?"


    මගේ මූණ දිහා බලාගෙනම දෙයියා ඇහුවා..


    "ඔව්... ඇයි...? වෙන මුකුත් අඩුපාඩුවක් තියෙනවා වගේ කියලා උඹට පේනවද.. ආ..?"


    "න්.... න්හෑ.. මෙ.. මේ.."


    "ආයෙත් සංජානි ගැන කතා කරන්නද යන්නේ..? ඒ ගැන කතා කරන්න එපා දෙයියා.. මං උඹට කලිනුත් කිව්වනේ.. මං මේ පුළුවන් තරම් හොදින් කියන්නේ.. මාව තේරුම් ගන්න බලපං.. හැබැයි මේක ලාස්ට් වොනිං එක.. භවන්තලගෙ ගෙදරට ෆෝන් කරලා අහුවනේන එපා.. හෙට එයාර්පොට් යනකන් උඹ ඉන්න ඕන මගෙත් එක්ක.."


    "බේබි මහත්තයගෙ කැමැත්තක්.."


    දෙයියා ඒ ටික කිව්වෙ හුගක් හිතේ අමාරුවෙන්.. ඊයත් වැඩිය හිතේ අමාරුවක් හිතේ දරාගෙන මං කාමරේට ආවා..


    ෴මතුසම්බන්ධයි෴
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover+15.jpg




    15
    එදා මුළු රෑ පුරාම මට නින්ද ගියේ නෑ. හැම දෙයක්ම හිතාගන්නවත් බැරි තරමට සිද්ධවෙන විදියට, තව ඉස්සරහට මොනවා වෙයිද කියලා මට හිතාගන්න බැරි වුණා. ඉන්දියාවට යන්න ගත්තු මේ තීරණේ හරි එකක්ද කියලා මං තව පාරක් කල්පනා කලා. තව සති එකහාමාරකින් විතර තාත්තා ලංකාවට එනවා. එතකොට මමත් තාත්තා එක්ක ආපහු එනවද..? ඒ ප්‍රශ්නෙට මගේ හිත ඇතුළෙන්ම ආපු උත්තරේ නෑ කියන එකයි. කොහොමටත් මේ වෙලාවෙදි මං මේ පළාතෙන්ම අයින්වෙලා ඉන්න එක හොදයි කියලා මට හිතුණා.

    ඒත් සංජානි ගැන මතක්වෙද්දි මගේ හිත ඩිංගෙන් ඩිංග කඩාවැටෙන්න ගත්තා. අන්තිමට මාව හම්බවෙලා යද්දි එයා කොයි තරම් දුකකින් ද ගියේ..? කදුළු වලින් නෑවිලා ගියපු ඒ අහිංසක මූණ මත්ක් වෙද්දි මගේ පපුව හෝස් ගාලා දාලා ගියා. මං ආයෙ කවදම හරි දවසක ලංකාවට එන දවසට ඔයා ඔයාගෙ ජීවිතේ කාටහරි බාරදීළා තියේවි. ජීවිතේ ඉස්සෙල්ලම පාරට මගේ හිත ඇදලා ගත්තු පුංචි කෙල්ලගෙ සතුට දිහා බලලා මට ඈත ඉදන් හරි සන්තෝස වෙන්න පුළුවන් වේවි. ඒත් මට නැතිවෙලා ගියපු මගේ ජීවිතෙත් එක්ක, මං තනිවෙන එක නම් වලක්වන්න කාවටත් බැරිවේවි කියලා මට හිතුණා..


    "මොනවද බේබි මහත්තයෝ කල්පනා කරන්නේ..?"


    හයර් එකට අරන් ආපු වාහනේ, පෑලියගොඩින් මීගමු පාරට දාද්දි දෙයියා මගෙන් ඇහුවා. දෙයියයි, මායි හිටියෙ පස්සෙ සීට් එකේ. තව පැයකින් විතර අපි එයාර් පෝට් එකේ. භවන්ත අද අපේ ගෙදර එයිද දන්නෙ නෑ. මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි..


    "කල්පනා කරන්න හුගක් දේවල් තියෙනවා දෙයියා.. වැඩියෙන්ම උඹට ගහපු කම්මුල් පාර ගැන.."


    මං කිව්ව දේට දෙයියගෙ මූණ හිනාවකින් පිරිලා ගියා. හුග දවසකට පස්සෙ දෙයියා හිනාවුණේ. මං හිතුවෙ මූට හිනාවෙන්න අමතක වෙලා කියාලා..


    "බේබි මහත්තයා මාත් එක්ක තරහා නෑ නේද..?"


    "මොනවටද..?"


    දෙයියා එන්න හදන්නෙ මොකටද කියලා මට හිතාගන්න බැරිව මං ඇහුවා.


    "මං දැන් අහන්න යන දේට.."


    බලන් ගියාම මූ මහ මෝල් මීටරයක් නේ..


    "ඉස්සෙල්ලා අහලා ඉදපංකෝ.."


    "ඊයේ ලොකු මහත්තයත් එක්ක කතා කරනකොට බේබි මහත්තයගෙ ඇස්වල කදුළු පිරුණා. ඒ ඇයි කියලා විතරක් කියනවද..?"


    "මට සංජානිව මතක් වුණා.."


    "නෑ... නෑ... සංජානි බේබි හිංදා මහත්තයා අඩන්නෑ... හිතෙන් පිච්චි පිච්චි දුක් විදිනවා විතරයි.. අඩනවා නම් ඒත් කමක් නෑ.. ඒත් ඔය විදවන විදවිල්ල නම් මට බලන් ඉන්න බෑ.."


    දෙයියාට නම් මොනම දෙයක් කියලවත් බේරිල්ලක් නෑ..


    "අම්මා ආපහු මැරි කරා දෙයියා..."


    මං කිව්වෙ එච්චරයි.. එයාර්පෝට් එකට එනන්ම දෙයියා වචනයක්වත් එතනින් එහාට ඇහුවෙ නෑ.. මගේ හිත මේ වෙනකොට තියෙන්නෙ කොහොමද කියලා දෙයියා හිගාතන්න ඇති කියලා මට හිතුනා. ඇත්තටම මගේ ලොකෙ රැදිලා ඉදපු හුග දෙනෙකුට නොකියාම යන මේ ගමන ගැන මටම දැනිලා තිබුණෙ මහා සංකාවක් වගේ හැගීමක්. නවෝදි, භවන්ත, සංජානි, සජීවන්, නිර්මාල්.. මේ පස්දෙනාගෙන් එක්කෙනෙකුටවත් බායි කියන්නෙ නැතුව නේද මේ රටින් පිටවෙන්න හදන්නෙ කියලා මට හිතුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මේ වෙලාවෙ කරන්න තියෙන හොදම දේ මේකයි කියලා මමම හිතාගත්තා.


    "අඩුගානෙ අපි භවන්ත මහත්තයට කෝල් එකක්වත් දෙමු බේබි මහත්තයෝ.. පොඩි වැඩ වගයකට ඉන්දියාවට යනවා කියලා.. ඔය දෙන්නා හුගක් ලගින් ආශ්‍රය කලානේ.."


    එයාර්පෝට් එක ඇතුලෙදි දෙයියා මට ඒ ටික කිව්වේ හුගාක් හිමීට. භවන්තට කතා කරා නම් හොද තමයි. ඒත් භවන්ගෙ කටහඩ ඇහෙද්දි මාව අප්සට් යන්න පුළුවන්. මොනවා කියවේවිද දන්නෙ නෑ..


    "උඹ කියන දේ හරි දෙයියා... ඒත්... ඒත් මං කොහොමද භවන්තට ෆෝන් කරන්නේ..? මෙහෙන් යනවා කියලා දැන ගත්තොත් ජීප් එකත් අරගෙන කඩාගෙන බිදගෙන මෙතෙන්ට එයි.. අපි මැඩ්රාස් වලට ගිහිල්ලා කෝල් එකක් දෙමු.."


    ඒ වෙනකොට හිතේ දුක අතරින්ම මං හිත හුගක් සන්සුන් කරගෙනයි තිබුණෙ. දෙයියා තවදුරටත් ඒ ගැනම කතා කරද්දි වුණත් මට කේන්ති ආවෙ නැත්තෙ ඒකයි..


    "නෑ බේබි මහත්තයෝ.. මේ වැඩේ හරියන්නෙ නෑ.. අපි එකපාරක් සංජානි බේබිටත් කෝල් කරමු. සංජානි බේබි, මහත්තයට කොයිතරම් ආදරෙයිද කියලා මං කියන්න ඕනෙ නෑ නේ.."


    "මේ දෙයියා.... උඹ හදන්නෙ මාව මරන්නද..? උඹ කැමතිද මං මැරෙනවා දකින්න. තවත් විදවන්න මට බෑ දෙයියා.. ආයෙ ඔය ගැන කතා කරන්නවත් එපා. මං මේ සෑහෙන අමාරුවෙන් හිත හදාගෙන යන්නේ.. ඒක අවුල් කරන්න එපා.."


    "එහෙනම් බේබි මහත්තයෝ මං ඩිංගක් අර පැත්තට ගිහින් එන්නද..?"


    අපි ඇතුළු වුණ පැත්ත දිහා බලලා දෙයියා ඇහුවා.. මූ මොනවද කරන්න හදන්නේ..?


    "මං උඹට එකපාරකුත් කිව්වා. උඹ හදන්නෙ භවන්තට කෝල් කරන්න නේද..? ෆ්ලයිට් එකට නගිනකන්වත් මට වද නොදී ඉදපං..."


    "හරි බේබි මහත්තයෝ.. මං ඔය ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. තව ටිකකින් අපි එනවා කියලා ලොකු මහත්තයට ෆෝන් කරලා කියන්න එහෙනම්.."


    තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා. දෙයියගේ මේ දෙඩවිල්ල හින්දා. සාක්කුවෙ තිබ්බ හෑන්ඩ් ෆෝන් එක අරන් මං තාත්තාගෙ ෆෝන් නම්බර් එක හොයන්න හැදුවා විතරයි. මගේ ෆෝන් එක රින්ග් වුනා. දෙයියා මගේ මූණ දිහා බලද්දි, මං බැලුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා. වැටිලා තිබ්බ නම්බර් එක මට කොහොමවත් හුරු පුරුදු නම්බර් එකක් නම් මෙනෙමයි.. කවුද මේ..?


    "හලෝ...?"


    "අනගි... මං මේ භවන්ත කතා කරන්නේ.."


    එහා පැත්තෙන් භවන්තගෙ කටහඩ ඇහෙද්දි මම ගැස්සිලා ගියා. මේ වෙලාවෙම භවන්ත කතා කරපු එකනේ ප්‍රශ්නෙ. ඒත් භවන්තගෙ කටහඩේ ලොකු කැළඹීමක් මට දැනුනා..


    "ම... මං ආසිරි හොස්පිටල් එකේ ඉන්නේ.. ම... මට හිතාගන්න බෑ.. සංජානි වස බීලා.."


    "ස... සංජානි..?"


    භවන්තගෙ වචන ඇහෙද්දි මගේ මුලු ලෝකෙම දෙදරලා යනවා මගේ මට දැණුනා. දෙයියනේ... මොනවද මේ වෙලා තියෙන්නේ..? ඇයි මේ පුංචි කෙල්ල වස බිව්වේ..? මං හෑන්ඩ් ෆෝන් එක තවත් තද කරලා අල්ලගත්තා..


    "ඔ... ඔව් දෙයියනේ.. ඔව්.. හේතුව මොකක්ද කියලා දන්නෑ අනගි.. ඩොක්ටර්ස්ලා කියනවා හුගාක් සීරියස් ලූ.. බේරගන්න අමාරුයි ලු. අයි.සී.යූ එකේලු. ම.. මට තේරෙන්නෙ නෑ... මං මොනවද කරන්න ඕන කියලා.. ම... මට මගේ නංගි නැතවෙයි කියලා බයයි අනගි..."


    "ම... මයි ගෝඩ්..."


    මගේ අතින් ෆෝන් එක බිම අතෑරුනා. වෙලා තියෙන්නෙ මොකක්ද කියලා මටත් හිතාගන්න බැරුව ඩිංගක් වෙලා ඔහේ බලන් හිටියා. බිම වැටුන ෆෝන් එක අහුලන ගමන් දෙයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..


    "ඇයි... ඇයි බේබි මහත්තයෝ..?"


    "ස... සංජානි.. ව... වස බීලා.."


    බලන් ඉන්දිම දෙයියගෙ මූණ කලුපාට වෙලා ගියා. කෙලින් හිටගන්න පණක් නැතුව මං දෙයියගෙ උරහිස් කෙට අත්දෙක තියාගත්තා.


    "දැන් සන්තෝසද...? ආ බේබි මහත්තයෝ..? දැන් ඔයාට සන්තෝසද..? සංජානි බේබි, මහත්තයට නැහීගෙන ආදරේ කලා. මේ කොහේවත් යන වික්‍රම් කෙනෙක් හින්දා මහත්තයා ඒ ආදරේ පැත්තකට දැම්මා. දැන් තවත් බලන්න දෙයක් නෑ. ලොකු මහත්තයට කෝල් කරලා කියන්න අපි එනවා කියලා.."


    දෙයියා මහා සද්දෙට කියවන් ගියා. බලන් ගියාම උගේ කේන්තිය සාදාරණයි නේ. එතකොට වැරදිකාරයා වෙන්නෙ මමද..?


    "එහෙම නෙමෙයි... තාත්තට ෆෝන් කරලා කියපං අපි එන්නෑ කියලා.. ලංකාවට ආවාම හම්බවෙමු කියලා.."


    ෆෝන් එක දෙයියා අතට දීළා මං කිව්වා. ඊළග තත්පරේ මායි, දෙයියයි හයරින් කාර් එකක් අරන් එයාපෝට් එකෙන් පිටත්වුණා. ඒ වෙනකොට මගේ හිතේ තිබ්බෙ එක දෙයයි. ඒ සංජානිට මුකුත් කරදරයක් වෙන්න එපා කියනෙක..


    කාර් එකේ ස්පීඩ් එක එකසිය විස්සට එහා පැනලා තිබ්බා. හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට පහුවෙලා යන වටපිටාව අස්සෙන් මගේ හිතටත් තටු ඇවිල්ලා තිබුණා. කාර් එකේ ස්පීඩ් එකටත් වැඩිය වේගෙන් මගේ හිත දුවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම ස්ටේෂන් එකේදි මායි, සංජානියි එකට එක හැප්පුන හැටි.. සංජානිගෙ ටසල් එක මට හම්බවුණ හැටි.. බයික් එකේ යතුර අමතක වෙලා ආවාම, මගේ අතට යතුර ගෙනල්ලා දුන්න හැටි.. සංජානිගෙ උපන්දිනේ දවසෙදි මල් බොකේ එක බිමට වැටුන හැටි.. ඔය වගේ දාහක් දවෙල් මගේ හිතේ පෙළ ගැහෙන්න ගත්තා. ඒ හැම සිදුවිමකින්ම මට ලංවුණ ඒ සුදු කෙල්ල වසබීලා කියන එක මට අදහා ගන්න බැරි වෙලා තිබුණා..


    "බේබි මහත්තයා.. බහිමු..."


    හයරින් කාර් එක ආසිරි හොස්පිටල් එකටත් ඇවිල්ලා තිබුණා. කාර් එකෙන් බැහැලා මං කෙලින්ම දුවලා ගියේ රිසෙප්ෂනිස්ට් ගාවට. සංජානිගෙ නම දීලා එයා ඉන්න තැන මං හොයාගත්තා. මටත් කලින් දෙයියා ඉස්සරවෙලා යන්නයි හැදුවෙ. මං එකපාරටම දෙයියගෙ අතින් අල්ලගත්තා..


    "දෙයියා.... මාවයි, සංජානිවයි අතර වෙච්ච කිසිම දයෙක් මෙතන කියවන්න බෑ.. තේරුණානේ.. එහෙම වුණොත් මට භවන්තගෙ මූණ බලන්න බැරි වෙනවා. මේ මං කියන ඒවා අහගනිං.. ආය මං නරක මිනිහා කියන්න එපා.."


    මං කිව්ව දේට දෙයියා මුකුත් කිව්වෙ නෑ. දෙයියගෙ මූණ තවත් අදුරු පාටට හැරුණා. අපි ඉස්සරහම තිබුණෙ එකටයට අල්ලපු කාමර දෙකක්. ඒ එක කාමරයක භවන්තයි, ආන්ටියි ඉන්නවා මං දැක්කා. දෙයියව එළියනේ තියලා දොර ඇරගෙන මං ඇතුල් වුණා. මාව දැක්ක ගමන් භවන්ත දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. භවන්තගෙ ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙන හැටි දැක්කාම මගේ ඇස්වලින්තු කදුලු හැලෙන්න ගත්තා..


    "ම.. මට තවත් මේ දිහා බලන් ඉන්න බෑ අනගි.. උදේ ඉදන් මගෙත්තෙක්ක හොදට කතා කර කර හිටපු කෙල්ල මේ කරන් තියෙන දේ මට හිතාගන්නවත් බෑ දෙයියනේ.."


    මගේ උරහිසට අත්දෙක තියලා, මූණට එබීගෙන භවන්ත කියවන් ගියා. ඒ මූණෙ තියෙන අසරණකම මට හොදට තේරෙද්දි, පෙනෙද්දි මං බිම බලාගත්තා. භවන්තගෙ අම්මත් බිත්තිය අල්ලගෙන අඩන හැටි දකිද්දි මට දැනුණෙ පුදුම දුකක්... දෙයියනේ.. කෝ එතකොට සංජානි..?


    "දැං.. කෝ සංජානි භවන්ත....?"


    ඒ ටික අහන්න මම කොයිතරම් ට්‍රයි කරාද කියලා දැනන් හිටියෙ මම විතරයි..


    "අයි.සී.යූ එකෙන් අර කාමරේට ට්‍රාන්සර් කලා අනගි.. තාම සිහිය නෑ.. මට බයයි අනගි.. මට බයයි.. මගේ පුංචි කෙල්ලව ඕන.. හ්.. හ්..."


    භවන්ත ආයෙත් අඩන්න ගත්තා. ඔයා මේ තරම් ඉක්මන් වුණේ ඇයි සංජානි..? ඔයාලෙ ලෝකෙට මාව මේ තරම්ම වටිනවද..? ඔයාගෙ ඔය රත්තරන් ජීවිතේ නැතිකරගන්න තරම්ම..? හිතාගන්නවත් බැරුව, කතා කරගන්නවත් බැරුව අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගෙන හුගක් වෙලා ඉද්දි තමයි, සංජානිගෙ රූම් එකේ ඉදලා ඩොක්ටර් එළියට ආවේ. කවදාවත් නැති විදියට මගේ පපුව ගැහෙන්න ගත්තා. අනේ දෙවියනේ... මගේ පුංචි කෙල්ලට මුකුත් කරදරයක් නම් වෙන්න එපා.. මං හිතින් හිතාගත්තා..


    "පේෂන්ට් ට සිහිය ආවා.. දැන් බයවෙන්න දෙයක් නෑ.. තරුණ ළමයි ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන.."


    භවන්තයි, ආන්ටියි සංජානිගෙ කාමරේට තරගෙට වගේ යද්දි, ඩොක්ටර් කියනවා මට ඇහුණා. මේ වෙලාවේ ඉදලා ඉස්සරහට මොනවා වේවිද කියන ප්‍රශ්ණෙ තමයි මගේ හිතට ඊගාවට ආවේ.. ඒ මොනවා වුණත් සංජානිගෙ ජීවිතේට ප්‍රශ්නයක් නෑ කියලා මගෙ හිතට තේරුණාම තමයි යාන්තම් වගේ පපුවට හුස්ම වැටෙන්න ගත්තේ.. කාමරේ දොරකඩට ඇවිල්ලා මං හෙමින් සීරුවෙ සංජානි දිහා බැලුවා, එයාගෙ ඇස් ලොකු බලාපොරොත්තුවකින් වෙව්ලුම් කන හැටි මම දැක්කා. මාව දැක්කා විතරයි ඒ මූණ මහා සතුටකින් පිරිලා ගියා. ඒ අතරෙ තමයි ආන්ටි ගිහින් සංජානිගෙ අතකින් අල්ලගත්තේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "අ... අනේ රත්තරං.. ඔයා මොනවද මේ කරගත්තේ..? ඔයාට තියෙන ප්‍රශනෙ මොකක්ද දරුවෝ..? අනේ දෙවියනේ.. ඔයා මේ මගුලට කැමති නෑ කියලා මට කිව්වා නම් ඉවරනේ රත්තරනේ.. මං ඔයාව බලෙන් කාටවත් දෙන්නේ නෑ..."

    ආන්ටි අඩ අඩාම කියනවා.. සංජානිගෙ ඇසුත් කදුළු වලින් උතුරලා යනවා මං දැක්කා. රෝස පාට මූණ මැලවිලා ගිහින් සංජානිගෙ මූණත් එක්ක වෙනස් වෙලා. ඒත් එයා මුකුත්ම කිව්වෙ නෑ. එයාගෙ ඇස් වැඩිපුරම රැදිලා තිබුණෙ මගේ මූණෙ.


    "කතා කරන්න රත්තරන්.. අනේ ඔයාට අමාරුද වස්තුව..?"


    භවන්තගෙ මුලු මූණම කලුපාට වෙලා ගිහින් තිබුණා. භවන්ත අහපු දේට නෑ කියලා කියන්න වගේ සංජානි ඔලුව දෙපැත්තට වැනුවා. සංජානිගෙන් අහන්න තරම් දේවල් සෑහෙන්න තියෙද්දි මෙහෙම පැත්තකට වෙලා බලන් ඉන්න එක කරන්නම බැරි දෙයක් කියලා මට දැනුනා. ඒත් භවන්තත්. ආන්ටිත් ඉන්න හන්දා මට තවත් ඉවසන්න හිතුනා.


    "අඩන්න එපා රත්තරන්... ඔයා අඩනවා මායි අම්මයි බලන් ඉන්නෙ කොහොමද..? ඔයා එකපාරටම ඔය වගේ තීරණයක් ගත්තෙ, මායි අම්මයි ඔයාට මංගල්ලයක් කතා කරපු හන්දද..? ආ.. කියන්න බබා.. ඔයා නැති වුණා නම් හෙට අපි දෙන්නට වෙන්නෙ මොනවද කියලා ඔයා හිතුවද..? එහෙනම් අපි දෙන්නම මැරෙයි.."


    සංජානිගෙ අත් දෙකම අල්ලගෙන භවන්තත් අඩන්න ගත්තා. මං පුදුම තරම් හිතේ අමාරුවකින් ඒ දිහා බලන් හිටියේ.. මේ තරම් සංවේදි කතාබහක් මට හුගකාලෙකින් ඇහිලා තිබුණෙ නෑ. ඒත් භවන්ත අහපු කිසිම දේකට සංජානි උත්තර දුන්නෙ නෑ.. එයා බලන් හිටියෙ මං දිහා. ඒ කියන්නෙ ඔයා වස බිව්ව මං හින්දා... ඒත් ඒ ප්‍රශ්නෙ මං කොහොමද සංජානිගෙන් අහන්නේ..?


    "මං ඔයාට වැරැද්දක් කෙරුවද රත්තරං.. මං ඔයා ගාව යාලුවෙක් වගේ නේද හිටියේ..? ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නයක් මට කියන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බෙ නැද්ද..? ඔයා මේ මංගල්ලෙට කැමති නැද්ද..? ඔයා කාටහරි කැමතිද..? ඔයාගෙ හිතේ තියෙන ආදරේ ඉෂ්ඨ කරගන්න බැරි වුණාද.? කමක් නෑ මට කියන්න... ඔයා මේ දේ කරගත්තේ ආදරේ හින්දා නේද..? මට කියන්න බබා.. මට කියන්න.. කවුද ඔයාගේ ආදරේට වග කියන්න ඕන කියලා..?"


    භවන්ත, සංජානිගෙන් මහා ප්‍රශ්න ගොඩක් අහගෙන අහගෙන ගියා. මගේ පපුව ගැහෙන වේගේ තවත් වැඩි වුණා. සංජානි මගේ මූණෙන් ඇස් අහකට අරන් පියාගත්තා. ඒ එක්කමයි අහසින් කඩන් පාත්වුණා වගේ දෙයියා අපේ කාමරේට කඩන් පාත් වුණේ.. දෙයියනේ.. මූ මොනවා හරි කියාවිද..?


    දෙයියගෙ මූණ දිහා මං බැලුවත්.. දෙයියා බලන් හිටියෙ භවන්තගෙ මූණ දිහා.. මොනවදෝ කියන්න දෙයියා කට හදද්දි මං ඌ ළගට යන්න හැදුවත්, ඊට කලින් දෙයියා භවන්ත ළගට ලංවුණා..


    "මේවට වගකියන්න ඕන කවුද කියලා සර් ඇහුවනේ.. සංජානි බේබිට ආදරේ කරන්නෙ කවුද කියලා මං කියන්නම්.."


    දෙයියා කියවන් ගියා... මූ.. මූ.. බලන් ඉද්දිම මගේ පොරොන්දුව කැඩුවා. කලින් අපි ඉදපු කාමරේට එන්න කලින් මං මූව පොරොන්දු කර ගත්තනේ. මමයි, සංජානියි ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ කියලා. දෙයියා නම කියන්න කලින් මං ඌ ළගට ළං වුණා. මගේ මූණෙ තිබුන පෙනුම දැකලද කොහෙද දෙයියට වචන හිරවුණා. දෙයියා බිම බලාගත්තා. සංජානිත් බයවෙලා වගේ මං දිහා බැලුවා. ආන්ටිගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් ඉදපු භවන්ත, දෙයියා ළගට ආවා. වචනයක්වත් කතා කරගන්න බැරිව මං ගොලුවුණා.


    "කියපං දෙයියා කියපං.... මගේ නංගි ළග මේ තරම් කල් ඉදලත් මට දැනගන්න බැරිවුණ දේ උඹ දැනගෙන.. ඒ කවුද කියලා මට කියපං.."


    භවන්ත අත් දෙකෙන්ම දෙයියව අල්ලගෙන මහ හයියෙන් හොලවලා ඇහුවා..


    "වෙන කවුරුත් නෙමේ.. අපේ බේබි මහත්තයා.."


    ගල් බෝරයක් ගහනවටත් වැඩිය සද්දෙට දෙයියගෙ කටහඩින් එහෙම කියැවුණා. ජීවිතේට හිතාගන්නවත් බැරි දෙයක් ඇස් ඉස්සරහා වුණා වගේ භවන්තගෙ මූණ විරූපී වෙලා ගියා. ආන්ටිගෙ මූණ සුදුමැලි වෙලා ගියේ මං බලන් ඉද්දිමයි. මං දෙයියා ඉස්සරහට පැන්නා..


    "ම... මං උඹට කිව්වා දෙයියා... මං උඹට කිව්වා... උඹ මේ ඕන නැති දෙයක් කරේ.. මං උඹට කවදාවත් සමාව දෙන්නෙ නෑ.."


    දෙයියව පැත්තකට තල්ලු කරලා දාන ගමන් කිව්වා..


    "බේබි මහත්තයා මාව මරලා දැම්මත් මට කමක් නෑ.. පැත්තකට වෙලා ඉදගෙන බේබි මහත්තයා විදවනවා මට තවත් බලන් ඉන්න බෑ.. මේ හැමදේම අද කියලා ඉවරයක් කරලා දාන්න ඕන.."


    දෙයියගෙ කටහඩට මොකක්දෝ ලොකු ශක්තියක් එකතුවෙලා තිබුණා. පුංචි කාලෙ ඉදලම දෙයියා ළගින් මං ඉදලා තියෙන හින්දා දැන් දෙයියව නවත්තන්න දෙයියන්ටවත් බෑ කියලා මට තේරුණා. භවන්ත කන්න වගේ මගේ මූණ දිහා බලන් ඉද්දි, මං සංජානි දිහා බැලුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ මහා අසරණ පෙනුමක්. ජීවිතේ හැම දෙයක්ම අහිමිවෙලා ගියපු කෙනෙක්ගෙ ඇස්වල තියෙන කදුළු පොදියක අඩුවක් නැතුවම සංජානිගෙ ඇස්වල තිබ්බා. ඊට පස්සෙ ගෙවිලා ගියපු විනාඩි ගානෙදි දෙයියා හැමදෙයක්ම ගිරවා වගේ කියවලා දැම්මා. භවන්තයි, ආන්ටියි හිටියෙ කිසිම දෙයක් අදහා ගන්න බැරුව වගේ...


    "අන්තිමට යාලුවට ද්‍රෝහි වෙන්න බැරි හින්දම බේබි මහත්තයා මේ රටෙනුත් යන්න ගියේ. අපි එයාර් පෝට් එකට වෙලා ඉන්නකොට තමයි සංජානි බේබි වසබීළා කියලා භවන්ත සර් කිව්වේ.. ඔයා, අපේ බේබි මහත්තයගෙ ඔය තරම් හොද යාලුවෙක් වෙලත්, බේබි මහත්තයගෙ හිතේ ඉදපු ගෑණු දරුවව කවුද කියලා දැනගත්තෙ නෑ නේ.."


    දෙයියා ඒ ටික කියවලා ඉවරවෙනකොටම භවන්ත මගේ ළගට ආවා. ඒ මූණෙ තියෙන්නෙ මොන වගේ හැගීම් ද කියලා මට හිතාගන්න බැරි වුණා. ආන්ටිගෙයි, සංජානිගෙයි මූණු වලට අලුතින් එක්කහු වෙච්ච බයක් වගේ හැගීමක සටහන් ඇදිලා තිබුණා. භවන්ත මගේ ළගට ඇවිල්ලා, ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ දේ වළක්වන්න වගේ දෙයියා අපේ ළගට පැන්නත්, භවන්ත දෙයියව පැත්තකට තල්ලු කරලා දැම්මා..


    "මෙච්චර දුක හිතෙන දේවල් හිත ඇතුලෙ තියාගෙන.. උඹ මාත් එක්ක හිනාවෙවි හිටියා නේද..? ආ..?"


    භවන්ත අහපු දේට මං මුකුත්ම කියන්නෙ නැතුව, භවන්තගෙ අත ගසලා දැම්මා. ඊට පස්සෙ ෂර්ට් එක හරියට හදාගෙන මං භවන්ත දිහා කෙලින් බැලුවා. වෙන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව ආන්ටියි, සංජානියි ගල් ගැහිලා වගේ බලන් හිටියා..


    "වික්‍රම්ගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එකට ඔයාගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂීප් එක සමාන කෙරුවෙ ඇයි අනගි..? ඌ වෙනයි, ඔයා වෙනයි.. ඌ ගැන හිතුවා වගේ ඔයා ගැනත් මං හිතයි කියලා ඔයා කොහොමද හිතුවේ..? ඔයා කවුද...? ඔයා කවුද..?"


    මගේ පපුවට දකුණු අත තියලා භවන්ත මගෙන් ඇහුවා.. ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ..


    "ඔයා කවුද...? ඔයා මගේ අනගි... මගේ මේ කැඩිලා කුඩු පට්ටම් වෙලා තියෙන හිතේ ඉන්න එකම යාලුවා ඔයා.. එකම යාලුවා.. මාවත් දාලා ඔයා කොහේ යන්නද හැදුවේ..? මේ ලෝකෙ තියෙන ලස්සනම හිත තියෙන්නෙ ඔයාට.. ඔයා වගේ රත්තරං යාලුවෙක් මං ආයෙ කොහෙන්ද හොයන්නේ..?"


    මං හීනෙකින්වත් හිතපු නැති විදියට භවන්ත කතා කරන්න ගත්තා. පපුව ඇතුළට දැනෙන මොකක්දෝ අමුතු සහනයකින් මගේ හිත උතුරන්න පටන් ගත්තා.


    "ඔයාගෙ මූණ බලාගෙන මං කොහොමද ඒ වගේ දෙයක් කියන්නෙ භවන්ත..? ඒකයි මම මේ හැමදේම දාලා යන්න ගියේ.. "


    "මටත් කියන්නෙ නැතුව ඔයා යන්න ගියා.. ඔයාට දෙන්න බැරි දෙයක් මගේ ළග නෑ.. මගෙන් සංජීවනී ඕන කියලා ඉල්ලුවා නම් මං ඔයාට දෙන්නෙ නැද්ද අනගි..? මගේ නංගිට මනමාලයෝ ඕන න.. ඔයා තමයි මගේ නංගිට ඕන.. ඔයා තමයි අපේ පවුලට ඕන.."


    එහෙම කියලා භවන්ත මාව බදාගත්තා. ඇස් දෙකෙන්ම කදුළු පුරවගෙන අගේ ළගට ආපු ආන්ටි මගේ කම්මුලත් ඉම්බා. මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි ඒ කදුළු අතරං මං සංජානි දිහා බැලුවා. ඒ සුදු මූණ රෝස මලක් වගේ ලස්සන හිනාවකින් පිරිලා ගිහින් තිබුණා. හෙමින් සීරුවෙ භවන්තගෙන් ඈත්වෙලා මං සංජානි ළට ගිහින් ඒ මූණට පාත් වුණා..


    "ම..... මට සමාව දෙනවා නේද රත්තරං...?"


    "ඔ... ඔව් රත්තරනේ ඔව්...."


    මගේ ඔලුව වටේට අත් දෙකම දාලා, එයාගෙ මූණ මගේ මූණට තද කරගන්න ගමන් සංජානි කිව්වා. මේ තරම් කාලයක් හීනෙන් විතරක් විදගත්තු ඒ ලොව්තුරු පහසට
    ආසාවෙන් මං තවත් සංජානිට ළංවුණා..

    ෴සමාප්තයි෴