සමාවෙන්න......

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    උස්ව සාදා
    මහත් වූ උත්සවශ්‍රීයෙන්
    ඔබට පිරිනැමීමට තනන ලද
    සුවිසල් දායාදයන් රහිතව
    ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

    මග තොට යන්නවුන් විසින්
    දෙවරක් හැරී බලනු වෙනුවට
    එක් වරක් වත්
    නොසෙල්වෙන දෑසින්
    බලා හිඳීමට තරම්වත්
    නොතරම් රුවකින්
    ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

    සයුරු තලාවල දිව නොයන
    වැහි අඳුරු ළඟ තුරුලු නොවෙන
    අතොරක් නැතිව
    තොඳොල් බස් නොදොඩන
    යථාවාදී දැඩි හදකින්
    ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

    අදටත් දුරට වී
    ඔබට ආදරය කිරීම සම්බන්ධයෙන් සමාවෙන්න...

    මාතෘකා
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    හරි හරි බන්. ඔච්චර අඩන්න එපා.
    ඔන්න සමාව දුන්නා...
    දැන් හිනා වෙයන්...