සමුගත්_කෝරා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(වසර 3ක් පුරා අපරාධකරුවන් රැසක් අල්ලා ගත් කෝරා ජීවිතයෙන් සමුගනියි

    NDUynWX.jpg


    හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ අපරාධ රැසක් හා ශ්‍රී පාද වන්දාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහය දුන් කෝරා සුනඛයා අද අළුයම(29) මිය ගොස් තිබේ.හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3කට වැඩි කාලයක් රාජකාරි කල කෝරා සුනඛයා අද මෙලෙස මිය ගොස් ඇත.

    බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර, මඩකලපුව, බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර ඇත.

    හැටන් පොලිස් කොට්ඨාශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහයෝගය ලබාදි ඇති කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කල කාලය තුළ ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහයෝගය දක්වා ඇත.

    මධ්‍යම පළාතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා කෝරා සුනඛයාව රැගෙන ගිය අවස්ථාවේ කෝරා මිය ගොස් ඇති බව හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේය.

    ljU5YUK.jpg


    -------------

    Source

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මිනිස්සුන්ටත් වැඩිය අවංකව තමන්ගේ රාජකාරිය කරපු බල්ලෙක්.

    RIP :sorry::sorry: