සමුගෙන ගිය ආදරම අයියේ...
ආදරම අයියේ...
හයියෙන් මහ වැස්ස ඇවිත් - කතා කරයි හිතට මගේ
ඇස් පියවමි එතකොට මන් - මතක එක්ක ළමා වියේ
අම්මෙක් ළග පාත නැතිව - උඹව හදා ගත්ත අගේ
... කොතැනද අයියේ නුඹගෙන් - අත්වැල අපේ ලිහී ගියේ....
සිව්මහ ගංගා තරමට - හඩා වැටෙන සිතට මගේ
දරා ගන්න එක සැරයක් - කියපන් ඇයි ඔහොම මළේ
අවුරුද්දට අපේ ගෙදර - එන්න නංගි ඔයා මගේ
කිව්ව ඕන් අපි ආවා - බක්මහ මළගෙදර නුඹේ...
ඇස් පියවෙන හැම මොහොතෙම - සිහිවන ඒ දසුන අනේ
කොහොමද අමතක කරන්නේ - අම්ම අප්පා එහෙම මගේ
මෙ පාළුව තනිකම ගැන - කවි ලීවට පොතක් වගේ
හිත රිදෙනව මිසක් සතුට - බිදුවක් නෑ මගේ ළයේ...
යන්තම් අතැගිලි අල්ලන් - නුඹ වාගෙම දුවත් නුඹේ
"තාතා" කොයි අහනව දැන් - මේ දුක වාවන්නේ කෙසේ
සීතල ගෙයි බිමට ඇවිත් - තතු විමසන විටදි අපේ
මට මැවෙනව ඔය සිනහව - අයියේ මගෙ මැණික් කැටේ...
රණ්ඩු කරල යාළු වෙන්න - ආයෙ පුංචි කාලේ වගේ
නුඹ එන්නෑ මන් දන්නවා - තරහද අයියන්ඩි මගේ
ඉපදෙමු අපි ආයේ කුසක - අයියලා නංගිලා වගේ
රැක ගන්නම් ජාති ජාති - ඔයාව මගෙ හුස්ම වගේ...