සමුගෙන ගිය ආදරම අයියේ...

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
සමුගෙන ගිය ආදරම අයියේ...

ආදරම අයියේ...:(

හයියෙන් මහ වැස්‌ස ඇවිත් - කතා කරයි හිතට මගේ
ඇස්‌ පියවමි එතකොට මන් - මතක එක්‌ක ළමා වියේ
අම්මෙක්‌ ළග පාත නැතිව - උඹව හදා ගත්ත අගේ
...
කොතැනද අයියේ නුඹගෙන් - අත්වැල අපේ ලිහී ගියේ....

සිව්මහ ගංගා තරමට - හඩා වැටෙන සිතට මගේ
දරා ගන්න එක සැරයක්‌ - කියපන් ඇයි ඔහොම මළේ
අවුරුද්දට අපේ ගෙදර - එන්න නංගි ඔයා මගේ
කිව්ව ඕන් අපි ආවා - බක්‌මහ මළගෙදර නුඹේ...

ඇස්‌ පියවෙන හැම මොහොතෙම - සිහිවන ඒ දසුන අනේ
කොහොමද අමතක කරන්නේ - අම්ම අප්පා එහෙම මගේ
මෙ පාළුව තනිකම ගැන - කවි ලීවට පොතක්‌ වගේ
හිත රිදෙනව මිසක්‌ සතුට - බිදුවක්‌ නෑ මගේ ළයේ...

යන්තම් අතැගිලි අල්ලන් - නුඹ වාගෙම දුවත් නුඹේ
"තාතා" කොයි අහනව දැන් - මේ දුක වාවන්නේ කෙසේ
සීතල ගෙයි බිමට ඇවිත් - තතු විමසන විටදි අපේ
මට මැවෙනව ඔය සිනහව - අයියේ මගෙ මැණික්‌ කැටේ...

රණ්‌ඩු කරල යාළු වෙන්න - ආයෙ පුංචි කාලේ වගේ
නුඹ එන්නෑ මන් දන්නවා - තරහද අයියන්ඩි මගේ
ඉපදෙමු අපි ආයේ කුසක - අයියලා නංගිලා වගේ
රැක ගන්නම් ජාති ජාති - ඔයාව මගෙ හුස්‌ම වගේ...
 

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
අවසන් කදුළු.....

අහස උසට මහා මෙරක්‌ - පැතුම් නොමැත මට තිබුණේ
මල් යායක හීන දිගේ - නෑ මගේ අත්වැල් බැදුනේ
යන්තන් පා පොඩිති තියා - අම්මා කොයි අසන පැයේ
... දුර රටකට ගිහින් මගේ - පහදන්නැති පියා මගේ...

නිලට නිලේ දිළිහෙන ඔය - වෙල් ඉපනැලි සුවද දිගේ
දගකම් කළ අතීතයට - ආසයි හැමදාම වගේ
එතරම් දුර තිබුණෙම නෑ - දුකයි සැපයි අතරතුරේ
නමදින්නට ආයේ ඇවිත් - නංගියේ මගෙ දෙපා අනේ...

යන්තම් කරදඩු උස්‌ වී - කොළුකම් හිනහෙද්දි අගේ
අත්ත බිදෙයි මග වැරදෙයි - හිතුවෙම නෑ අම්මේ මගේ
හීන පතුම් පොදි බැදගෙන - ලගට ආව නෙළුම මගේ
තව එක සැරයක්‌ හඩන්න - පාත් වෙන්න ළයට මගේ...

මග වැරදුන ජීවිතයට - සමාදෙන්න පුංචි දුවේ
කාටවත්ම නොකියයි මන් - මේ අවසන් ගමන ගියේ
මතු උපදින හැම භවයෙම - ඔයාලා ළග ඉන්න හිතේ
එක පැතුමක්‌ ළයේ තියන් - යන්නම් සුදු පුංචි දුවේ...
 

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    හරිම සංවේදියි, ඒ වගේම ලස්සනයි.
    මේ වගේ පබැඳුම් වලින් ඇත්තටම මිනිස් සිත හොඳ මගට යොමු කරන්න පුලුවන්. මොකද අද සමාජය මුදල් පසු පස දුවන විකෘති සමාජයක් හින්ද.