සමුදුරු පත්ලේ සැඟව ගිය, අභිරහස් ලෙසින් අතŢ
ගිලුණු නැව් ගැන කියද්දි මුලින්ම අපි හැමෝගෙම මතකෙට එන්නෙ ටයිටැනික් නැව තමයි. 1912 අවුරුද්දෙ අප්‍රේල් 15 වැනිදා ටයිටැනික් නැව අත්ලාන්තික් සයුරෙ ගිලිල යන්නෙ ඒකෙ ගමන් ගත්ත මගීන් 1500ක පමණ ප්‍රමාණයකගෙ ජීවිත අහිමි කරවමින්. පස්සෙ කාලෙකදි ජනප්‍රිය සිනමානිර්මාණකිහිපයකටම නැගෙන්නට තරම් මේ දැවැන්ත නෞකාවේ මුහුදුබත් වෙච්ච කතන්දරේ ජනප්‍රිය වුනානෙ.
අපි අද කියන්න යන්නෙ හැබැයි කවුරුත් දන්නා ටයිටැනික් නැවේ කතන්දරේ නම් නෙවෙයි. වැඩිපුර දෙනෙක් නොදන්න ටයිටැනික් වගේම ගිලීගිය, අතුරුදන් වුන නැව් කිහිපයක් ගැනයි. මේ සමහරක් නැව් ගිලීයාම් පිටුපස තියන කතන්දර ඉතාම ශෝචනීයයි, ඒ වගේම තවත් කතන්දර කුතුහලයපිරුණු ඒව. කියවලම බලන්නකො.
1) ටයිටැනික්නැවේනිවුන්සොයුරිය–බ්රිටැනික්නැව
මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ගිලී ගිය ටයිටැනික් නැව ගැන හැමෝම දැනගෙන හිටියට ටයිටැනික් නැවේ සහෝදර නෞකාවක් වෙන බ්‍රිටැනික් නැවට සිද්ධ වෙච්ච විනාශය ගැන වැඩි දෙනෙක් දන්නෙ නැහැ. බ්‍රිටැනික් කියන්නෙ ඒ වෙද්දි ටයිටැනික් නැව නිපදවපු ‘ඔලිම්පස්’ නැවු පෙළේඅලුත්ම නෞකාව. ටයිටැනික් නැවටත් වඩා විශාල සහ විශිෂ්ට නැවක් තමයි බ්‍රිටැනික් කියන්නෙ. ඒ විතරක්ද? අයිස් පරයක හැපිල ටයිටැනික් එකට සිද්ධ වෙච්ච විනාශය නිසා ඒ වගේ අනතුරු වළක්වගන්නටත් විශේෂආරක්ෂිතක්රමවේදරැසක් බ්‍රිටැනික් නෞකාවට යොදලයි තිබ්බෙ. මේ මොනවතිබුණත් බ්‍රිටැනික් නැවේ අවාසනාවන්ත ඉරණම වළක්වන්න ඒ කිසිවකට හැකි වෙන්නේ නැහැ. විනාඩි 55ක් ඇතුළත, ඒ කියන්නෙ ටයිටැනික්නැවගිලීයන්නටගතවුණවෙලාවටවඩාතුන්ගුණයක්විතර ඉක්මනට බ්‍රිටැනික් නැව මුහුදු පතුල වැළඳගන්නව.
මගී ප්‍රවාහනය සඳහා හදපු නැවක් උනාට පළමු ලෝක යුද්ධය ආරම්භ වීමත් එක්කම යුද්ධයෙන් තුවාල ලැබූවන්ට සහන සලස්සන රෝහල් නෞකාවක් හැටියට බ්‍රිටැනික් නැව පවරාගනු ලබනව. මැදපෙරදිග සහ මහා බ්‍රිතාන්‍ය අතර තමයි බ්‍රිටැනික් නැව රෝගීන් සහ තුවාලකරුවන් රැගෙන ගමන්ගන්නේ. රෝහල්නෞකාවක් හැටියට යුධ වාතාවරණය මැද බ්‍රිටැනික් නැවට ආරක්ෂාව සැපයෙන නිසා ගමන් වාර 5ක්ම සාර්ථක විදිහට නිමා කරන්නටත් බ්‍රිටැනික් නැව සමත්වෙනව. කොහොම වෙතත් බ්‍රිටැනික් නැවට අවාසනාවන්ත ඉරණම උදාවෙන්නෙ 1916 නොවැම්බර 12 වැනිදාපිටත්වෙන ඇගේ හයවැනි ගමන් වාරය අතරතුරයි.
1916 නොවැම්බර් 21 වැනිදා කියාසමුද්රසන්ධිය පසු කරමින් ඉඳිද්දි එකපාරටම මහා පිපුරුමක් එක්ක බ්‍රිටැනික් නැව කම්පනයට ලක්වෙනව. මුහුදේ අටවා තිබුණ බෝම්බයක මේ නැව හැප්පුන නිසා මහා පිපිරීමක් සිද්ධ වෙනව. නැව ඇතුළට මුහුදු ජලය ගලාගෙන එන්න පටන් ගන්නෙ හිතනවටත්වඩා වේගයෙන්. ජලය ගලා එන එක වළක්වන්න තිබුණු දොරවල් අවහිර වීමත්, නැවේ හෙඳියන් විසින් වාතය ගලා එන්නට ඇරල දාල තිබුණු කවුළු නිසාත් තත්ත්වය තවත් භයානක අඩියකට වැටෙනව. පිපිරීම සිද්ධ වෙලා විනාඩි 10ක් 15ක් යද්දිම නැව තියෙන්නෙ ගිලී යාමට ආසන්න භයානකතැනකයි. කොහොම වෙතත් නැවේ තිබ්බ ජීවිතාරක්ෂක බෝට්ටු විශාල ප්‍රමාණයට පින් සිද්ධ වන්නට ජීවිත 30ක් හැරුණහම නැවේ අනෙකුත් සියලු දෙනාගෙම ජීවිත බේරෙනවා. ටයිටැනික් සිද්ධියෙදි වගේ මුහුදේ සහ අවට අධික සීතලක් නොතිබීමත් මගීන්ගෙ වාසනාවට හිටිනවා.
අද වෙනකොට වසර සීයක් තිස්සෙ බ්‍රිටැනික් නැව සමුදුරු පතුලෙ නිදන්ගතව තියෙන්නෙ මුහුදු පත්ලේ සැඟවිලා තියන විශාලම නැව හැටියටයි.
2) යුධචෙස්පුවරුවේඉත්තන්බවටහැරවුණුමිනිස්ජීවිත–ලුසිටේනියානැව
1906 අවුරුද්දෙදි සේවයට යොදවපු ලුසිටේනියා නැමැති බ්‍රිතාන්‍ය නෞකාව තමයි ඒ වෙද්දි තිබ්බ විශාලම මගී ප්‍රවාහන නෞකාව. ඒ විතරක් නෙමෙයි ඒ වෙද්දි තිබුණ වේගවත්ම නෞකාව වුනෙත් ලුසිටේනියා තමයි. අවුරුදු 8ක් තිස්සේ මුහුදේ එහා මෙහා ගමන්වාර ගියපු මේ සද්දන්ත නෞකාවසම්පූර්ණයෙන්ම ගිලිල යන්න ගතවෙන්නෙ විනාඩි 20කටත් අඩු කාලයක්. ලුසිටේනියා නැව ගිලී යන්න හේතු වෙන්නෙ ජර්මානු සබ්මැරීනයක් විසින් තියපු තනි ටෝපිඩෝප්රහාරයක්. හැබැයි මේ ප්‍රහාරය ගැන සහ ලුසිටේනියා නෞකාවේ අවාසනාවන්ත අවසාන චාරිකාව හා බැඳිච්ච අදටත්නොවිසඳුණු කරුණු රාශියක් තියනවා.
අවුරුදු 8ක් තිස්සේ මගී ප්‍රවාහණේ යෙදුණු ලුසිටේනියා නෞකාව තමන්ගෙ අවාසනාවන්ත 202 වැනි ගමන් වාරය සඳහා නිව්යෝර්ක් වල ඉඳ ලිවර්පූල් බලා පිටත් වෙන්නෙ 1915 මැයි 1 වැනිදා. ඒ වෙද්දි ජර්මානු යූ බෝට් සබ්මැරීන සහ බ්‍රිතාන්‍ය යුධ නෞකා අතර සමුදුරු සටන් දිගටම ඇවිලී ගියකාලයක්. මැයි 1 වැනිදා ලුසිටේනියා තමන්ගෙ තීරණාත්මක ගමන පිටත් වෙද්දි ජර්මානු තානාපති කාර්යාලය හරහා මේ මගී ප්‍රවාහන නෞකාවේ ගමන් ගන්නා අමෙරිකානුවන්ට මේ ගමන අනතුරුදායකයි කියල අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලයි තිබ්බෙ. ඒ විතරක් නෙමෙයි, ඒ නැවේ ගමන් ගත්තඅමෙරිකානු ධන කුවේරයෙක් වෙච්ච ඇල්ෆ්රඩ්වැන්ඩර්බිල්ට්ට අභිරහස් පණිවුඩයකුත් ලැබෙනව ‘වහාම නැවෙන් බහින්න’ය කියල. කොහොම වුනත් කවුරුවත් මේ අනතුරු ඇඟවීම් ගණන් ගන්නෙ නැහැ. නෞකාවේ කවුරුත් තමන්ගේ ගමන නිදහසේ විනෝදයෙන් ගත කරමින් තමයි ඉන්නෙ.
මේ විදිහට ගමන් කරල මැයි 7 වැනිදා තමන්ගෙ ගමනාන්තයට ළඟාවෙමින් ඉන්න ලුසිටේනියා නැවට ජර්මානු සබ්මැරීනයක් මගින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙනවා. එක ටෝපිඩෝ ප්‍රහාරයකින් මේ තරම් සද්දන්ත නැවක් ගිල්වන එක කරන්නට අමාරු කාර්යයක්. ඒ වුනත් නැව ඇතුලේ දෙවැනිපිපුරුමකුත් සිද්ධ වෙනවා. නැවට ලොකුම හානිය සිද්ධ වෙන්නේ ඒකෙන්. මේ දෙවැනි පිපිරුම සිද්ධ වුනේ කොහොමද කියන එක අදටත් අභිරහසක්. ලුසිටේනියා නැවේ බ්‍රිතාන්‍යය වෙත ප්රවාහණය කරමින් තිබ්බ වෙඩි උණ්ඩ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය නිසා මේ දෙවැනි පිපිරුම සිද්ධ වුනාය කියලසමහරු සිතුවත් පසුව කරපු පරීක්ෂණ වලින් ඒ බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාධක ලැබෙන්නෙ නැහැ. තවත් මතයක් තමයි නැවේ එන්ජින් කාමරය අසල තිබ්බ අඟුරු දුහුවිල්ල නිසා මේ පිපිරීම සිද්ධ වුනාය කියන එක. කොහොම වෙතත් මේ වෙනකොට මේ පිපුරුමට වඩාත් ආසන්න හේතුවහැටියට බොහෝ දෙනෙක් පිළිගන්නෙ මේක බොයිලේරු කාමරයක සිද්ධ වෙච්ච පිපිරීමක්ය කියලයි. හැබැයි මේ පිපිරීමට හේතු හැටියට ඉදිරිපත්වෙලාතියනමතවාදඑතනින්අහවරවෙන්නෙනෑ. සමහරු කියනව අර එල්ල වෙච්ච ටෝපිඩෝ ප්‍රහාරය අවාසනාවන්ත විදිහට ලුසිටේනියාවේභයානකම නිලයකට වැදිච්ච හින්ද මේ මහා විනාශය සිද්ධවුනා කියල. මේ කුමන හේතුවක් නිසා උනත් දැවැන්ත ලුසිටේනියා නැව ගිලෙන්න ගතවෙන්නෙ මිනිත්තු 18ක් විතරයි.
ලුසිටේනියා නැවේ ගමන් ගත්ත 1962ක් මගීන් අතරින් 1198 දෙනෙක්ම මරු වැළඳගන්නවා. ඒ අතරින් 128 දෙනෙක්ම අමෙරිකානු ජාතිකයින්. ලුසිටේනියා නැවට වෙච්ච මේ අනතුර ගැන තියන ජනප්‍රියම මතයක් තමයි මේ සිද්ධිය ඒ වෙද්දි ලෝක යුද්ධයට සම්බන්ධ නොවී හිටපු ඇමරිකාවයුද්ධෙට ඈඳගන්න බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් ගහපු ගැටයක්ය කියන එක. ජර්මානු අනතුරු ගැන කිහිප විටක්ම වාර්තා පලවුනත් ලුසිටේනියා නැවේ නියමුවා ඇතුලු පිරිසට ඒ ගැන නිසි දැනුවත්කිරීමක් හෝ සහය සැපයීමක් සිද්ධ වුනේ නැත්තෙ චර්චිල්ගෙ මේ යටි අරමුණ නිසා කියල කියවෙනව.
3) ආසියාවේටයිටැනික්ඛේදවාචකය–MV දෝනාපැස්
කළින් අපි ගෙන ආපු නෞකා දෙකම පළමු ලෝක යුද්ධයට බිළිවෙච්ච නෞකාවන්. හැබැයි මේ කියන්න යන පිලිපීනයේ දෝනා පැස් නැව සාමකාමී වාතාවරණයකදි සිද්ධ වෙච්ච විශාලම ජීවිත හානි රැගත් නෞකා අනතුර විතරක් නෙමෙයි, ලෝකයේ එතෙක් මෙතෙක් වෙච්ච භයානකම නෞකාඅනතුරද වෙනවා. දෝනා පැස් නැවේදි ජීවිතෙන් වන්දි ගෙවුව පිරිස හාරදහසකටත් වැඩි ගණනක්.
දෝනා පැස් නැව “ආසියාවේ ටයිටැනික්” කියන විරුදාවලිය ලැබුවට හිතන්න එපා මේක ටයිටැනික් වගේ සුඛෝපබෝගී නැවක්ය කියල. මගීන් 1500ක් විතර ප්‍රවාහනය කරන්න හදපු මේ නැව පිලිපීනයේ ලෙයිට් දූපතෙන් තමන්ගෙ අවසාන ගමන්වාරය පිටත් වෙද්දි නියමිත ප්‍රමාණය වගේ තුන්ගුණයක් සෙනග මේකෙ ඉඳල තියනවා. නැවේ කොච්චර සෙනග හිටියද කියනවනම් කෙනෙක්ට ඉඳගන්නට තරම්වත් ඉඩක් නොතිබ්බ බවයි මේ මහා අනතුරෙන් දිවි ගලවගත්ත අය කියන්නෙ. 1987 නත්තලට දවස් 5ක් විතර තියෙද්දි තමයි මේ ගමන පිටත් වෙන්නෙ. ඒ වෙද්දිත් නැවේ යම් යම්ආරක්ෂිත අඩුපාඩුකම් රැසක්ම තියනවා. ඒ මදිවට නැවේ යම් ඇලවීමක් තිබුණය කියලත් කරුණු වාර්තා වෙනව. කොහොම වෙතත් නත්තල් තදබදය නිසා මේ දේවල් ගණන් ගන්නෙ නැතිව ප්‍රමාණෙටත් වැඩි පිරිසත් පටවගෙන දෝනා පැස් තම ගමන පිටත් වෙනව.
දෙසැම්බර් 21 වැනිදා පාන්දර ජාමය වෙද්දි මැනිලා නුවරට ළඟා වෙන්න තිබ්බ මේ නැවේ වැඩි පිරිසක් රාත්‍රී නින්දෙ පසුවෙද්දි තමයි දෝනා පැස් නැව අනතුරට ලක්වෙන්නෙ. ඒ රටේ වෙලාවෙන් රාත්‍රී 10.30ට විතර දෝනා පැස් නැව තවත් මුහුදු යාත්‍රාවක හැපෙනව. එයත් එසේ මෙසේ යාත්රාවක්නෙමෙයි, පෙට්‍රල් සහ භූමිතෙල් බැරල් 8800ක් රැගත් MT Vector නම් යාත්‍රාවක්. මේ ඝට්ටනය සිද්ධ වෙලා සුලු මොහොතකින් දෝනා පැස් නෞකාව ගිනි දැල් වලට බිලිවෙනවා. කලබලය සහ නිසි ආරක්ෂිත ක්‍රමවේද නැති නිසා කරකියාගන්න දෙයක් නැතිවෙන අසරණ මගීන්ගෙන කොටසක්ගිනිදැල් මැදින්ම මෝරුන්ගෙන් වටවුණු මුහුදට පනිද්දි, අනිත් අය නැව ඇතුලේම අතරමංවෙලා පණපිටින් පිළිස්සෙනව. ජීවිත 4000කටත් අධික ප්‍රමාණයක් අතරින් ගැලවෙන්නේ ජීවිත 24ක් විතරයි.
4) ගිලීගියනිදන්ආකරය–සැන්ජොසේ
සැන් ජොසේ කියන්නෙ 17 වැනි සියවසට අයත් ස්පාඤ්ඥ රුවල් නැවක්. 1708 අවුරුද්දෙදි තමයි මේ නැව මුහුදේ ගිලී යන්නෙ. මුහුදේ ගිලී ගිය නැවු අතරින් විශාලතම ධනස්කන්ධයක් රැගත් නෞකාව හැටියටයි සැන් ජොසේ සැළකෙන්නෙ. දකුණු අමෙරිකානු කොලනි වලින් එකතු කරගන්නා ලදරන්, රිදී. මරකත මැණික් ආදී වස්තු සම්භාරයක් ගබඩා කරගෙන ප්‍රංශය බලා ගමන් ගන්නා අතරතුරදි මේ නෞකාව බ්‍රිතාන්‍ය යුධ නෞකා ප්‍රහාරයකට ලක්වෙනව. නැව තුල තියන වෙඩි බෙහෙත් පුපුරායාමෙන් නැව මුහුදුබත් වෙනව. කොලොම්බියානු මුහුදු සීමාව ආසන්නයේ ගිලී ගිය මේ නැවසතු වස්තුවේ වර්තාමාන වටිනාකම අමෙරිකානුඩොලර්බිලියන 3 ඉක්මවනබව සඳහන් (මේක ඩොලර් බිලියන 17ක් පමණ වෙනවා කියලත් සමහරු මත පලකරනව).
2015 අවුරුද්දෙදි කොළොම්බියානුඉතිහාසසහමානවවිද්යාආයතනයත් එරට නාවික හමුදාවත් එකතුවෙන් මේ නෞකාව හොයාගත්තය කියල නිවේදනයක් නිකුත් කරනව. හැබැයි මේ හොයාගැනීමට එක දෙයක් හරහට හිටිනව. ඒ තමයි Sea Search Armada කියන අමෙරිකා එක්සත් ජනපදයේආයතනයක්. ඒ අය කියන්නෙ 1982 අවුරුද්දෙදි ඒගොල්ලොන්ගෙ ආයතනය විසින් තමයි මුල්වරට මේ නැව හොයාගත්තෙ කියල. මේ නැවේ හොයාගැනීමත් එක්ක ඒ අය කොළොම්බියානු රජයත් එක්ක වස්තුව බෙදාගැනීමේ ගිවිසුමකට එළඹුනත් ඒකට කොළොම්බියානු පාර්ලිමේන්තුව හරස්වීමනිසා මේ ගිවිසුමටඅනුවවැඩසිද්ධවෙනඑකවැළකිලාතියනව. මේ සියලු කතා අතරතුරේදි කොළොම්බියානු රජය කියන්නෙ මීට අවුරුදු තිස් ගාණකට උඩදි නැව තිබ්බය කියල ඇමරිකානු ආයතනය කියන තැන නෙමේය නැව තියෙන්නෙ. පුලුවන්නම්ඒකඔප්පුකරලපෙන්නන්නය කියලයි. තමන්නැව හොයාගත්ත ස්ථානය ගැන තොරතුරු මේ වෙනකොට කොළොම්බියානු රජය රාජ්‍ය රහසක් හැටියට සඟවගෙනයි ඉන්නෙ.
නාවික ඉතිහාසයේ වැළලුණු විශාලතම ධනස්කන්ධය වෙච්ච සැන් ජොසේ නිධානය කාට අයිතිවේවිද කියන එක කාලයට ඉඩදීල බලන්නට වෙන කාරණයක්. මේ වෙනකොට කොලොම්බියාව සහ අමෙරිකානු Sea Search Armada ආයතනය මෙහි අයිතිය වෙනුවෙන් දීර්ඝ නීතිමය සටනකපැටළිලයි ඉන්නෙ.
5) ලෝකයේඅභිරහස්මඅතුරුදන්නෞකාව–SS වරතාහ්
ලෝකයේ නැවු ඉතිහාස කතන්දර අතරින් විශාලම අභිරහසක් හැටියට සැළකෙන්නේ ඕස්ට්‍රේලියාවට අයත් එස්. එස් වරතාහ් නැවේ අතුරුදහන් වීමයි. 1909 ජුලි මාසයේදි 211ක පිරිසක් සහිතව දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් බලා යාත්‍රා කරමින් තිබ්බ වරතාහ් නෞකාව අද වෙනතුරුත් කිසිමසළකුණක් හමු නොවෙන විදිහට අතුරුදන් වෙනවා. ජුලි 29 වැනිදා කේප්ටවුන් වරායේ නැංගුරම් ලන්නට තිබුණු වරතාහ් නැව අවසන් වරට මිනිස් ඇසට හසුවන්නේ ජුලි 27 වැනිදායි. එදින රාත්‍රියේ වරතාහ් නැවට ඉදිරියෙන් යාත්‍රා කරමින් තිබූ හාර්ලෝ නම් නැවක් වාර්තා කරන ආකාරයට එකවරම දීප්තිමත් ආලෝක ධාරා දෙකක් විහිදුවමින් වරතාහ් නැව අතුරුදහන්ව තිබෙනවා.
වරතාහ් නැවේ අතුරුදහන් වීමෙන් පසුව ගෙවීගිය අවුරුදු සීයකට වැඩි කාලය ඇතුලත මේ නැව සෙවීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරල තිබෙනවා. වරතාහ් නැව සොයායාමේ මහත් උනන්දුවකින් සහ පිපාසයකින් පෙළුණු කෙනෙක් තමයි එම්ලින් බ්‍රවුන් (Emlyn Brown) කියන්නෙ. අවුරුදු22ක් තිස්සේ සිදුකරපු වරතාහ් නැව සොයායෑමේ පරීක්ෂණ එම්ලින් විසින් 2004 වර්ෂයේදීනිමාවටපත්කරනවා. ඒ “මේ නැව කොහෙන් හොයාගන්නටදැයි තව දුරටත් තමන්ට හිතාගන්නට බැරි බව” කියමින්. වරතාහ් නැවේ අභිරහස් අතුරුදන් වීමට හේතුව හැටියට බොහෝ අය සළකන්නෙ දැවැන්තරළ පහරකට හසුවෙලා නැව අනිත් පැත්ත පෙරළී ගිලී යන්නට ඇතිය කියලයි. තවත් සමහරු කියන්නේ නැව පුපුරා යන්නට ඇති බවයි. මේ කතා වලට අමතරව වරතාහ් නැවේ අතුරුදන්වීම එක්ක බැඳිච්ච වෙනත් ගුප්ත, අද්භූත කතන්දරත් නැතුවා නොවෙයි.
වරතාහ් නැව කේප්ටවුන් වෙත යන අතරවාරයේ ඩර්බන් තොටුපලේදි එක් මගියෙක් නැවෙන් බැස ගිහින් තියනවා. ඒ ක්ලෝඩ් සෝයර් කියන පළපුරුදු මුහුදු සංචාරකයෙක්. මේ පුද්ගලයා අතරමගදී නැවෙන් බැස යන්න එක් හේතුවක් හැටියට සඳහන් කරල තියෙන්නෙ නැවේ සිද්ධ වුනයි කියන යම්යම් අද්භූත සිදුවීමුයි. අමුතු ඇඳුමකින් සැරසිළා, ලෙයින් තෙත්වෙච්ච දිග කඩුවක් අතැතිව සිටි පුද්ගලයෙක්ව කීපවතාවක් නැවේදි දැක්කය කියලයි ඔහු කියන්නේ. ඒ දර්ශනය ගැන හිතේ බියක්, දෙගිඩියාවක් ඇතිවුන නිසා තමයි ඔහු නැවෙන් බැස ගිහින් තියෙන්නෙ. ඒ වගේම වරතාහ් කියන නමසාපලත් නමක් හැටියටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊට පෙරත් වරතාහ් නමින් නම් කරන ලද නැවුකීපයක්මඅතුරුදන්වීමට ලක්ව ඇති බව සඳහන්.
6) නුඑස්ට්රාසිඤෝරාඩිඅටෝචා – ලෝකයේවටිනාමගිලුණුනැව
නුඑස්ට්රා සිඤෝරා ඩි අටෝචා කියන්නෙ ස්පාඤ්ඤයේ 4 වැනි පිලිප් රජතුමාට අයිති රුවල් නැවක්. “Our Lady of Atocha” කියන තේරුම ඇතිව තමයි මේ නැව නම් කරල තියෙන්නෙ. අටෝචා නැව ඇතුලු තවත් නැවු කණ්ඩායමක් 1622 සැප්තැම්බර් 4 වැනිදා කියුබාවේ හවානා නැව් තොටින්පිටත් වෙනව. නිකම්ම නෙමෙයි, දකුණු ඇමරිකානු රටවලින් එක්රැස් කරගත්ත විශාලවස්තුසම්භාරයක්පුරවගෙන. පිටත් වෙන්නට මාස ගණනාවකට පෙර ඉඳන්ම මේ නැව් වලට රන්, රිදී, මුතු, මැණික් ආදී වස්තු කන්දරාවක් එකතු කරනව. බරට බරේ මේවත් පුරවගෙන තම රට බලා යාත්‍රා කලාටමොකද අටෝචා නැවට යහතින් ගමන් කරන්න හම්බුවෙන්නෙ දවස් දෙකක් විතරයි. මහා සැඩ කුණාටුවක් ඇවිත් අටෝචා ඇතුළු පරිවාර නැවු සියල්ලම සුන්නද්දූලි කරල දානව. නැවේ ගමන් ගත්ත 265 දෙනෙක් අතරින් බේරෙන්න හම්බවෙන්නෙ 5 දෙනෙක්ට විතරයි. නැව ගිලුණත්, ගිලුණු නැවේවස්තුව ගොඩ ගන්නට පුලුවන් වේවිය කියල ස්පාඤ්ඤකාරයන්ට යම්කිසි බලාපොරොත්තුවක් තිබ්බත්, ඔක්තෝම්බරයේදි එන දෙවැනි කුණාටුවක් නිසා අටෝචා නැව තියන තැනක් හොයාගන්න බැරි වෙන්නම සමුදුරේ සැඟවෙනව. ඉන්පස්සෙ අවුරුදු ගණනාවක් තිස්සේ ඒ අය මේ නැව හොයාගෙනගියත් හම්බවෙන්නෙ නෑ.
අටෝචා නැව අතුරුදන් වෙලා අවුරුදු තුන්සීයකටත් එහා ගිය තැන, 1969 අවුරුද්දෙදි ඇමරිකාවෙ හිටපු කුකුල් ගොවිපල හිමියෙක් මේ නැව සොයාගෙන යාම අරඹනව. එයාගෙ නම තමයි මෙල් ෆිෂර්. මෙල් ෆිෂර් අවුරුදු දාසයක්ම මේ ගිලුණු නැවට ඉව අල්ලමින් එයාගෙ සහචරයො පිරිසත් එක්කනිධන් සෙවීම සිදු කරනව. දවසින් දවස ඒ අයට මේ නැව ළඟ ළඟම ඇතිය කියලා ඔත්තු සපයන එක එක විදිහෙ පැරණි වටිනා වස්තූන් හම්බවෙනව. මේ නිදන් දඩයම අතරතුරදී බෝට්ටුවක් ගිලී යාමෙන් මෙල් ෆිෂර්ගේ පුතා සහ ලේලියත් මරණයට පත් වෙනව. ඒත් මෙල් ෆිෂර් දිගටම අටෝචා නැවපසුපස්සෙ එළවනව. අවසානෙ 1985 දී මෙල්ෆිෂර්ගේ අටෝචා හඹායාම කෙළවර වෙනව. ඒ ඔහුගේ පුතෙක් වන කේන් ෆිෂර් විසින් මේ නැව ඇති ස්ථානය සොයාගැනීමත් එක්ක. නැවෙන් හමුවෙන දැවැන්ත වස්තු කන්දරාවට අමතරව නාවික සහ යුධ උපකරණ, ඉපැරණි පිඟන් භාණ්ඩ විතරක්නෙමෙයි 17 වැනි සියවසට අයත් සංරක්ෂණය කරපු බීජ වර්ග සහ කෘමීන් පවා හමුවෙනවා. මේ වස්තු සියල්ලම මෙල් ෆිෂර් සතු වෙනවා. නිකම්ම නෙමෙයි, කාලයක් තිස්සේ ඇදීගෙන ගිය නඩුවිභාගයකට පස්සෙ.
කොහොම වෙතත් නුඑස්ට්රා සිඤෝරා ඩි අටෝචා නැව සම්බන්ධයෙන් ගොඩක් විශේෂඥයින් දරණ මතයක් තමයි නැවේ වටිනාම වස්තුව සහිත කොටස තවම හමුවෙලා නැතිය කියන එක. වටිනාම මරකත මැණික් සහ රත්රන් සහිත ඒ කොටස නැවේ කපිතාන්ගේ කැබිනයේ විශේෂ තැනක ගබඩාකර තිබෙන්නට ඇති බවට ඔවුන් විශ්වාස කරනවා.
මේ ඉපැරණි මහා වස්තු සම්භාරයෙන් කුඩා කොටසක හරි හිමිකාරයෙක් වෙන්න කැමැත්තක් තියනවනම් දැන් ඔන්න ඒකටත් අවස්ථාවක් තියනවා. නුඑස්ට්රා සිඤෝරා ඩි අටෝචා නැවෙන් ගොඩගත්ත වටිනා එමරල්ඩ් මැණික් සහ ඒවායින් නිෂ්පාදනය කරපු අලංකාර ස්වර්ණාභරණ රැසක්ම අප්‍රේල්25 වැනිදා ගර්නීස්වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසි කරනු ලබනවා. ඉතින් ලෝකයේ මරකත මැණික් අගනුවර කියල හඳුන්වන මූසෝහි පතල් වලින් සොයාගනු ලැබූ විශිෂ්ටමමරකතමැණිකක හිමිකාරයෙක් වෙන්න ඔබටත් හැකියාවක් තියනවා.

+17