සමු ගන්න මාලිංග

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මාලිංග සමු ගන්න


    19059055_753642911449309_9163376235261733988_n.jpg

    ඊයේ උඹ මලික්ගේ විකට් එක අරං උඩ පැනපු විදිහ දැක්කම මං වගේම ඉන්ටර්නැශනල් කමෙන්ටේටර්ස්ලා පවා පුදුම උනා...මොකෝ උබ ලේසියකට එහෙම විකට් එකක් සමරන එකෙක් නෙවේ..😕

    පිට්ටනිය ඇතුලට බැස්සම එලියෙ ඉන්න හිතුවක්කාරයා වෙනුවට අමුතුම තේරුම් ගන්න බැරි චරිතයක් තමා මාලි කියන්නේ..
    උබේ බෝලෙකට 6ක් ගැහුවත් ප්‍රතිවාදියාගේ පොල්ල ගැලවිලා ගියත් හැම වෙලේම මූනේ සුන්දර හිනාවක් තියාගෙන සෙල්ලම් කරපු උබ ක්‍රීඩාව වෙනම තලේකට ගෙනිච්ච ක්‍රීඩාව වෙනස් කරපු ක්‍රීඩකයෙක්... ☺

    උබ මගේ රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරීමෙටත් වඩා කලා මාලිංග..

    ලංකාව වෙනුවෙන් උබ ගත්තු කඩුලු ත්‍රිත්ව 04 නොපෙනුන මීඩියා කාරයින්ට පෙවුනේ උබ අයී.පී.එල් වල ලීඩින් විකට් ටේකර් උන එක විතරයි..😔

    උබ කකුලේ සර්ජරි දෙකක් තියාගෙන වේදනානාශක බිබී හිතේ හයියෙන් සෙල්ලම් කරපුවා නොපෙනුන පොශ් පැලැන්තියට පෙවුනේ උබේ ඉංග්‍රීසී බැරිකම මාලියෝ😔

    උබේ කකුලේ මුලින්ම ආබාදේ ආවාම ඒක නොපෙනුන අපේ ලෙජන්ඩ්ලට පෙවුනේ උබේ හිතුවක්කාර කතාබහ විතරයි..😔

    උබ ලංකාව වෙනුවෙන් කකුල අල්ල අල්ල බෝල් කරන එක නොපෙනුන පකේ මීඩියාකාරයින්ට පෙවුනේ උබ "මාව මීට කලින් දැකලා නැද්ද,වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කිව්ව වචන ටික විතරයි මාලියෝ..😔

    2016 අයි.පි.එල් එකට කලින් ඒශියා කප් එකේ උබ ඉන්ජර්ඩ් උනාම සාරංග කියන මීඩියා කාරයා රටේ ප්‍රදාන පුවත් විකාශයක විනාඩි 05ක් විතර අරං උබට එක දිගට ගහපුවා උබේ ඔය සර්ජරිය කරපු කකුලේ අමාරුවට වඩා උබට රිදෙන්න ඇති මාලිංග..😔

    මං උබ උනා නම් මේ අරුම පුදුම රටේ තවත් ක්‍රිකට් ගහන් නෑ මාලියෝ..ඒත් උබ දිගටම අපි වෙනුවෙන් සෙල්ලම් කරපු විදියෙ වෙනසක් තිබ්බේ නෑ කවදාවත්..

    මයියා වේවා සංගා වේවා මැතිව්ස් වේවා සචින් වේවා රෝහිත් වේවා ඕනම නායකයෙක්ට විකට් එකක් ඕනේ උනාම උබට බෝලේ දික් කරන්නේ අනික් 10දෙනා ගාව නැති දෙයක් උබ ගාව තිබ්බ නිසයි මාලියෝ😢

    උබ ඊයෙත් මැතිව්ස් කතා කරලා විකට් එකක් අරං දියං මාලිංග කිව්වම එන්නේ අපිට විකට් එකක් අරං අපිව සෙමි ෆයිනල් එකට ගෙනියන්න බලාගෙන..😢😢

    උබේ රට වෙනුවෙන් ,මගේ රට වෙනුවෙන් සෙල්ලම් කරන අන්තිම අයි.සී.සී තරඟාවලියේ තවත් ඉස්සරහට යන්න තිබ්බ චාන්ස් එක තිසර අතින් ගිලිහෙන්නේ උබටවත් හිතා ගන්න බැරි විදියට..කිසිම දවසක උබේ බෝලෙකට කැච් එකක් බෑවම උබ පෙන්නන්නෙ නැති රිඇක්ශන් එකක් එවලේ අපි දැක්කා..ඒ උබේ උත්සාහය වතුරේ ගියා කියනවට වඩා උබ උබේ රට වෙනුවෙන් සෙල්ලම් කරන අන්තිම අයි.සී.සී ඉවෙන්ට් එකෙන් උබේ රටට ඉවත් වෙන්න වෙනවා කියල දැනුන නිසා වෙන්න ඇති රත්තරං මාලියෝ...😔😔😔

    උබ ඊයේ උබේ අන්තිම ඕවර තුන කකුල අල්ලන් බෝල් කරපු විදියට පුදුම දුකක් ආවා..

    ඉස්සර දුවගෙන ඇවිත් 140+ යෝකර් දාන උබට දැන් 130-135ට වගේ තමා බෝල යවන්න පුලුවන්..දිගින් දිගටම උබ බෝල් කරද්දි ගංගුලි "නෝ පේස් -නෝ පේස්" කියද්දි ඌව මරන්න හිතෙන්නේ ඇයි කියන්න නම් දන් නෑ..😡😡
    උබේ කකුලේ සර්ජරි දෙකක් තියාගෙන වේදනානාශක බිබී 140-145ට දාන්න අමාරුයි...සමහරුන්ට උබ දැන් වයසයිලු😒

    මට උබ හැමදාම ටීම් එකේ සිංහයා..ඒත් අද සිංහයා ඉන්නේ නරි රැලක් ඉන්න ටීම් එකක..සිංහයෙක් නරියො එක්ක ලගින එක ගැලපෙන් නෑ උබට..සමු ගනින් මාලි සමුගනින්...😒😒

    පහු ගිය ටිකේ පෝස්ට් දැක්කා ෆිට්නස් නැති මාලි ටීම් එකට බරක් කියලා..උබව දැන් බරක්ලු අපේ යන්ග් ටීම් එකට..අයින් වෙයන් මාලිංග ඔය කුණු කතා තවත් අහන්න එපා..😡😡

    දෙයක් කියන්නම්..ලියලා තියා ගනින්..
    මාලි ලංකාවෙන් සමුගන්න දාට වඩා ඌ මුම්බායි වලින් සමුගන්න දාට ඌට සලකයි උන්ගේ උන්..😢
    මාලි සමුගන්න දාට ඌට තානාපතිකම් භාරගන්න තියා ලොකු ගෞරවයක් නැතුව නිකන්ම සමුගෙන යන්න වෙයි බොහෝ දුරට..

    ඊයේ දවස අපේ ටීම් එක පරදින්න සුදුසු උනාට උබ ඊයේ පරදින්න සුදුසු එකෙක් නෙවේ..😔😔

    සංගා ගිය දා අබර හැඩුවා ,
    මයියා ගිය දා අබර හැඬුවා ,
    උබ යන දාට අබර හැඬුවේ නැතත් මං අඬනවා සත්තයි මාලිංග...

    #ඉස්සා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකයි සීන් එක..:cool:

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් වල හිටපු ලෝකෙම හොල්ලපු හැම ලෙජන්ඩ් කෙනෙක්ටම පොදු වෙච්ච දෙයක් . මේ පොස්ට් එක දාපු කෙනා 2000 න පස්සේ ක්‍රිකට් බලන කෙනෙක් වගේ . ඒකාලේත් අරවින්දට ,සනත්ට වාස්ට අතපත්තුට අර්ජුනට ඔවුන්ගේ අවසාන ක්‍රීඩා කලේ අපේ කස්ටිය කිව්වේ ඔය ටිකම තමයි:angry:

    ආයේ ඕක මාලිංගට විතරක් වෙච්ච දෙයක් නෙමේ
    :dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    catch ඒක ගත්තා නම් දිනුම් වගේ තමා
    එත් උට මොනවත් කියන්න බෑ
    උත් රැට දිනවපු එකෙක්

    මලින්ගය හිතේ කහටක් නැතුව කෙලින් කතා කරන එකෙක්

    කියන්න තියන සේරම ලෙසටම කියලා තියනව ලියපු එකා
    ආය කියන්න දෙයක් නෑ ඒ ගැන