සමූහ ස්ත්‍රී දූෂණයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමූහ ස්ත්‍රී දූෂණයක්

    දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මීට 20 වසරකට පෙර 1998 සිදුකළ සමූහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ විද්‍යාත්මක ඩීඑන්ඒ සාක්ෂි සනාථවීම නිසා දැනට ලංකාවේ සිටින ඔවුන් සොයා විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ඒකකයට ඊයේ අධිකරණ නියෝග ලැබිණි.
    මේ කියන කොරියානු තරුණිය සමූහ දූෂණයෙන් පසු ඇය එරට අධිවේගී මාර්ගයක වාහනයක හප්පා ඝාතනය කර හදිසි අනතුරකින් මියගිය ආකාරයක් පෙන්වා මෙම අපරාධය වසන් කරන්නට ශ්‍රී ලාංකිකයින් තිදෙනා
    උත්සාහ කර තිබුණි. නමුත් කොරියානු පොලිසියට ඒ ආසන්න ස්ථානයකින් හමුවූ ඇයගේ යට ඇඳුම් වල තැවරී තිබුණ තරල ඩීඑන්ඒ පරීක්ෂණයකට ලක්කර තිදෙනෙකුගේ තරල එහි ඇති බවට හඳුනාගෙන එය සමූහ ස්ත්‍රී දූෂණයකින් පසු සිදු කළ මරා දැමීමක් ලෙස හඳුනාගෙන ඇත. නමුත් අපරාධකරුවන් සොයාගන්නට ඔවුන්ට එම අවස්ථාවේ හැකිවී නැත.
    එරට පොලිසිය එම තරල සාම්පල සහ දත්ත ගබඩා කර තිබූ අතර ඉන් වසර 12 කට පසු කාලීනව ස්ත්‍රී දූෂණයකට පෙළැඹවීමේ වරදකට අත්අඩංගුවට පත්වූ අයෙකුගේ තරල හා එම සාම්පල ගැලපී ඇත. ඒ අනුව එම

    සමූහ දූෂණයට සම්බන්ද අයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙකු හඳුනාගෙන ඇත. නමුත් ඔහුගේ එම ගැලපීම කොරියානු පොලිසිය හඳුනාගෙන ඇත්තේ ඔහු අත්අඩංගුවට පත්ව වසරකට පසු එම වරදට දඩ ලබා ඔහු නිදහස්වී තිබූ අවස්ථාවකය. ඒ වනවිට ඔහු එරටින් පිටව ගොස් ඇත්තේ මිතුරන් දෙදෙනෙකුද සමගයි.
    මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කළ කොරියානු පොලිසිය මුලින් සඳහන් සමූහ දූෂණය සිදු කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ අවසරය පැතුවත් වසර 10 ඉක්මවූ ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් කොරියානු නීතිය යටතේ ක්‍රියාකාරීම අසිරු බව හඳුනාගෙන තිබුණි. ඒ කෙසේ වෙතත් ලංකාවට පළාවිත් සිටින ස්ත්‍රී දූෂකයින් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ප්‍රකාරව කටයුතු කරන්නට හැකිදැයි ඔවුන් උනන්දුවී තිබෙන අතර මේ ගැන එරට බලධාරීන් මෙරටට පැමිණ ඒ ගැන සොයා බලා ඇත.

    අධිකරණ සංවිධාන පනතේ 9 වන වගන්තියේ, දක්වා ඇති ප්‍රතිපාදන ප්‍රකාරව ශ්‍රි ලංකා පුරවැසියකු ශ්‍රි ලංකා දේශ සීමාව පිටතදී සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ අධිකරණයට මේ ගැන අධිකරණ බලය තිබෙන බවට නීතිපති උපදෙස් ලැබීම නිසා
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ඊයේ නියෝග ලැබුණි.
    ඒ අනුව මෙම ස්ත්‍රී දූෂකයින් පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

    වර්ෂ 1998 කොරියානු ජනරජයේ තේගු නැමැති ප්‍රදේශයේ ගුමා අධිවේගී මාර්ගයේදී එවකට වයස අවුරුදු 18ක්වූ කොරියානු ජාතික තරුණියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී මෙන් පසු කොරියානු පොලිසිය හා අනෙකුත් බලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට විමර්ශනයක් පවත්වද්දී මියගිය තරුණියගේ යට ඇඳුම්, බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන්නේ වෙනත් ස්ථානයක දමා තිබියදිය. බලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේදි එම ඇඳුම්වල ශුක්‍රාණු කොටස් තැවරී ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර

    එම ශුක්‍රාණු පැල්ලම් වලින් නිස්සාරණය කරගත් DNA මගින් DNA ආකෘතියක් වර්ධනය කරගෙන ඇත. නමුත් එම අවස්ථාවේදී එම DNA කවරෙකුදැයි හඳුනාගෙන නොමැත. අනතුරුව එම බලධාරීන් විසින් DNA ආකෘති ගබඩාකර තබාගෙන ඇත.

    මේ අතරතුරදී ඊට වසර 12කට පසු එනම් 2010 වර්ෂයේදී කොරියානු රටේ රැකියාවකට ගොස් සිටි ශ්‍රි ලාංකිකයකු වෙනත් බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයකට මුදලට ආරාධනා කිරීම සම්බන්ධයෙන් තේගු අධිකරණය ඉදිරියේ වැරදිකරු වී ඇත. එම බලධාරීන් විසින් අධිකරණ වලින් වැරදිකරු වන පුද්ගලයින්ගේ DNA සාම්පල ලබාගෙන ඒවා ගබඩා කිරීම කර තැබිමත් එමෙන්ම එම DNA සාම්පල හඳුනා නොගත් සැකකරුවන්ගේ DNA සාම්පල සමඟ සැසඳීමක් සිදුකරන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එම පුද්ගලයාගේ DNA සාම්පලය ඉහත මරණකාරියගේ යට ඇඳුම්වල තිබී සොයාගත් DNA සාලය සමග සැසඳෙන බවට 2011 වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත.
    අනතුරුව
    මරණකාරියගේ පියා විසින් එම බලධාරින්ට දිගින් දිගටම පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොරියානු ජනරජයේ සිටි අදාල ශ්‍රි ලාංකික පුද්ගලයාට එරෙහිව තේගු අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇතත් කොරියානු නීතිය අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන්
    නඩු පැවරීමේ කාලසිමාව ( කාලාවරෝධය) වසර 10ක් බැවින් සහ ඒ වන විට එම වසර 10ක කාලය ඉක්මවා ගොස් තිබූ බැවින් තේගු අධිකරණය විසින් එම නඩුව ප්‍රතික්ෂේප කර ඇත.
    මියගිය තැනැත්තියගේ පියා සහ ඥාතීන් මේ පිළිබඳව දිගින් දිගටම උනන්දුවී තිබිණි. තවද ඉහත සැකකරු සමඟ මෙම සමූහ දූෂණය සම්බන්ධව සිටි තවත් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙක් ඒ වන විට ශ්‍රි ලංකාවට පැමිණ තිබිණි.

    මේ සිද්ධිය පිළිබඳව කොරියානු ජනරජය 2017 ශ්‍රි ලංකා රජය වෙත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු ඉදිරිපත් 2018 මැයි මස ශ්‍රි ලංකාවට පැමිණ නීතිපති තුමාවද අධිකරණ අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද මුණගැසිමෙන් අනතුරුව මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට අදාළ මාර්ග පැදිණි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩ්ඩක් හිතලා බලපන් ඒ රටේ නීතියයි නිළධාරිනුයි රටේ ජනතාව ගැන කොයිතරම් සැලකිලිමත්ද කියලා... බලපන් අච්චර පරණ දෙයක් ගැන උනත් ඒ මිනිස්සුන්ගේ තියෙන සැලකිලිමත්කම... ඒකට මේකේ හැතිකරේ... ඇස්පනාපිට කෙල්ලෙක් දූෂණේ කරත් ගල් මූසලයෝ වගේ හැසිරෙයි...
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    පොඩ්ඩක් හිතලා බලපන් ඒ රටේ නීතියයි නිළධාරිනුයි රටේ ජනතාව ගැන කොයිතරම් සැලකිලිමත්ද කියලා... බලපන් අච්චර පරණ දෙයක් ගැන උනත් ඒ මිනිස්සුන්ගේ තියෙන සැලකිලිමත්කම... ඒකට මේකේ හැතිකරේ... ඇස්පනාපිට කෙල්ලෙක් දූෂණේ කරත් ගල් මූසලයෝ වගේ හැසිරෙයි...

    Eth wadak nane bn awrudu 10kata wada wadi kiyala un naduwa prathikshepa karalane. yako kellawa dushanaya karala madiwata maralath daala eth ehe un naduwa prathikshepa karala. Maara asadarana gon part ekak a scene ekanam.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Eth wadak nane bn awrudu 10kata wada wadi kiyala un naduwa prathikshepa karalane. yako kellawa dushanaya karala madiwata maralath daala eth ehe un naduwa prathikshepa karala. Maara asadarana gon part ekak a scene ekanam.

    ලංකාවේ අවුරුදු 20 පුළුවන් , ලංකාවේදී ෂොට් එක දෙන්න යන්නේ, අන්න බලපන් කොරියෝ, උන්ගේ ඩේට බේස් කොමද සිස්ටම් ?

    ආයේ ඉතුරු ටිකත් කියවන්න... අපි අසරණ සිංහලු :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Un thundena Kiriye Comment kotana ewunda danneth naha :)

    නැ බන්, ගොඩක් කොරියන් යන එවුන් එඩියුකෙටඩ් නැ, මන්ත්‍රීගේ පස්සෙන් ගිහින් චාන්ස් අරන් ගියේ ඉස්සර මම දන්නවා
    මෙහෙ ජල්තර අය්යල එහෙ ගිහින් ඕවත් කරනවා, හැබය් ගොඩක් එඋන් හැදෙනවා රට ලෝකේ දැකල