සයිකල්~වීරයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක චිත්‍රපටි ජවනිකාවක් වගේ කියලා මේ කතාව කියවා ඉවර උනාම සමහරවිට ඔයාලාට හිතෙයි. ඒත් මේ සිද්ධිය මගේ ඇස් දෙකෙන් දැකපු සත්‍ය සිදුවීමක්.

    දිනය නම් හරියටම මතක නෑ. සති 3කට විතර කලින්. සෙනසුරාදා දවසක්. වෙලාව රෑ 9ට කිට්ටුයි. අවශ්‍ය කලමනා කීපය මිලදී ගන්නට මම ගියා පෑලියගොඩ කීල්ස් සුපිරි වෙළඳසැල වෙතට. ඒ කලමනා මිලදීගෙන නැවතත් ගෙදර ඒමටමම පිටත් උනා. මම ගියේ පයින්. පෑලියගොඩ කිව්වාට කීල්ස් එක තියෙන්නේ නුවරපාරේ 4 කණුවේ. මම නුවරපාරේ IOC ඉන්ධන පිරවුම් හල පසුකලා පමනයි. සෙනසුරාදා නිසා පාරේ වාහන ගොඩාක් අඩුයි. මට මීටර 30-40ක් ඉදිරියෙන් කිරිබත්ගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් එක්වරම පාරෙන් ඉවතට පැන්නා. ඉවතට පැන්න යතුරුපැදිය මීටර කීපයක් පදිකවේදිකාවේ ධාවනය වී ඒ අසල තිබුනු ලයිට් කණුවක ගෑවී නැවතත් නුවරපාරට පැන්නා. ඒ එක්කම ආවේ 228 ලංගම බස් එකක්. (බස් එක 228ක් කියලා හොඳට මතක හිටියා යුරාජ් නිසා.:P) බස් රථයේ බඳ පෙදෙසේ යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා නැවත වැදී සයිකලයත් සමඟ බිමට වැටුනා. අනතුර සිදු වූ ආකාරය සම්පූර්ණයෙන්ම දුටු මට එකවරටම හැඟුනේ බයික් එකේ ඩයල් එක අම්බානක බීලා වෙන්න ඕන කියලයි. ඉක්මනිනෙතනට ගිය මම සයිකලය කෙලින් කර වැටී සිටි පුද්ගලයාට කෙලින් සිට ගැනීමට උදවු උනා.
    මගේ සැකය හරි. ඔහු වෙතින් අධික මත්පැන් ගඳක් වහනය උනා. ඒ එකම ඉදිරියෙන් නැවතූ බසයේ කොන්දොස්තර මහතා පැමිනියා. " මල්ලි උඹ බීලා නේද? බීලා සයිකල් පදින්න එපා බං. උඹලත් අමාරුවේ. අපිත් අමාරුවේ. උඹට තුවාලද? " කොන්දොස්තර මහතා විමසා සිටියා. " නෑ නෑ. මට අවුලක් නෑ. මම හිමින් යන්නම්" යාන්තම් සිහි එලවාගත් ඔහු කීවා. "හරි හරි අපි යන්නම්. උඹ පරිස්සමෙන් පලයං." කියූ කොනදොස්තර මහතා එතනින් පිටව ගියා. ඇත්තටම සම්පූර්ණ වරද බීමත් සයිකල්කරුගේ. ඔහු ඒ බීමත් සයිකල්කරුට කාරුණික උනා.
    ඔහු වයස 28ක පමණ තරුණයෙක්. " පරිස්සමෙන් පලයං. උඹට හොඳටම වැඩී. මේ ලඟ යාළුවෙක් හරි ඉන්නවා නම් ඒ ගෙදර සයිකලේ දාලා බස් එකේ පලයං. මම යනවා" කියූ මම එතනින් එන්නට ඇරුනා පමනයි. මේ සියල්ල සිදි වීමට විනාඩි 03කට වඩා ගියේ නෑ. කඩිමුඩියේ අයෙක් නුවරපාරේ අනිත් පැත්තේ ඉඳලා දුවගෙන ආවා. ඔහු අතේ හෙල්මට්යක් තිබුනා. පාරේ අනිත්පැත්ත බැළු මට නවතා තිබුනු තවත් යතුරුපැදියක් පෙනෙන්නට තිබුනා. ඒ ඔහු පැමිණි යතුරුපැදිය විය යුතු යැයු මට හිතුනා.
    එක්වරම අනතුරට ලක් වූ පුද්ගලයාගේ හෙල්මටය ගැලවූ දෙවැන්නා ඔහු අතේ වූ හෙල්මටය බීමත් යතුරුපැදිකරුට පැළඳවූවා. "ගලවහං ජැකට් එක යකෝ" කීවත් බීමතින් සිටි ඔහුට ජැකට් එක ගැලවීමේ හැකියාවක් නෑ. ක්ෂනිකයෙන් ජැකට් එක ගලවා ගත් දෙවැනි පුද්ගලයා, ඒ සැනින්ම ගලවාගහ් ජැකටය ඇඳගත්තා. ජැකට් එක දමාගත් සැනින් ඔහු අනතුරට ලක් වී මා කෙලින් කල සයිකලයට ගොඩ උනා. මට හිතා ගන්නට බැරි උනා මොකද්ද මෙ වෙන්නේකියලා. එක්වරම හිතුනේ මූ සයිකලේ උස්සන්නවත් යනවාද කියලා.
    පිටුපසින් වාහනයකෙන සද්දේ මට ඇහුනා. " මොකද්ද මෙතන වෙන්නේ?" පිටුපසින් ආවේ පොලිස් ජීප් එකක්. එහි සිටි නිළධාරියෙක් මහ සද්දෙන් ඇහුවා. කළබලෙන් සිටි දෙවැනි යතුරුපැදිකරු සන්සුන් උනා.
    ජීප් එක ඉදිරියෙන් නවතා නිළධාරීන් කීප දෙනෙක් එතනට ආවා. "මොකද උනේ මෙතන?" නැවතත් ඔහු විමසුවා. "බයික් එක බැලන්ස් නැතුව බස් එකේ පොඩ්ඩක් ගෑවුනා රාළහාමි" දෙවැනි යතුරුපැදිකරු පිළිතුරු දුන්නා. "මෙයා බීලා නේද ඉන්නේ? තවත් නිළධාරියෙක් අනතුරට ලක් වූ පුද්ගලයා පෙන්නා විමසා සිටියා. "ඔව් රාළහාමි. මගේ යාළුවා පාර්ටි එකකට ගිහිල්ලා එන ගමන්. මම ආවේ එයා එකන් යන්න. මූට අද වැඩී හොඳටම. මූ බැලන්ස් නැතුව වැනිලා තමයි බස් එකේ ගෑවුනේ"
    දෙවැනි යතුරුපැදිකරු කළබල නොවී පිළිතුරු දුන්නා. " තුවාලද දෙන්නාගෙන් කාටහරි?" නැවත්ත නිළධාරියා විමසුවා. "නෑ නෑ. ප්‍රශ්නයක් නෑ රාළහාමි. තුවාල නෑ." දෙවැනි යතුරුපැදිකරු කියා සිටියා. " හරි එහෙනම්. හිමින් යනවා. කියූ ජීප් රථය කොළඹ දෙසට හරවාගෙන ගියා.
    අනතුරට ලක් වූ පුද්ගලයාට ඔහුගේ ජැකටයත් හෙල්මටයත් ඇන්ද වූ
    දෙවැනි යතුරුපැදිකරු පාර පැන ඔහුගේ යතුරුපැදිය පනගනවාගෙන කොළඹ දෙසට ගමන් කරා.
    :):):)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කියද්දිම මාත් හිතුවෙ බයිසිකලේ ඉස්සුවා තමයි කියලා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බේරුණ එකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නවනම් හරි. ඒත් ඉතින් සිහියෙන් නෙමෙයිනෙ ඉන්නෙ වුණ දේවත් දන්නෙ නැතුව ඇති. අර පුද්ගලයගෙ කාරුණික කමට එහෙම කළා වුණාට අද කාලෙ ඔය වගේ දෙයක් කරන්න වුණත් මිනිස්සු බයයි සමාජයේ වෙන දේවල් හැටියට.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම බේරුණ එකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නවනම් හරි. ඒත් ඉතින් සිහියෙන් නෙමෙයිනෙ ඉන්නෙ වුණ දේවත් දන්නෙ නැතුව ඇති. අර පුද්ගලයගෙ කාරුණික කමට එහෙම කළා වුණාට අද කාලෙ ඔය වගේ දෙයක් කරන්න වුණත් මිනිස්සු බයයි සමාජයේ වෙන දේවල් හැටියට.

    :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද හිතක් තියෙන පුද්ගලයෙක් තමයි හැබැයි කලේ ඇත්තටම උදව්වක්ද කියන එක තමයි ප්‍රශ්නෙ... :rolleyes: