සයිටම් අහෝසියි..!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සයිටම් අහෝසියි..!

යිටම් අහෝසි කරන්නැයි මෙතෙක් කී සයිටම් විරෝධීහු ආණ්ඩුව ගෙනා සයිටම් අහෝසි කරන විසඳුමටත් විරුද්ධ වෙති: ලාල්කාන්ත විසඳුම ඉරයි


(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.30, පෙ.ව‍‍‍.5.25) සයිටම් අර්බුදය නමින් පටලවමින් අධ්‍යාපනයේ නිදහස අහෝසි කර වෛද්‍ය අධ්‍යාපනය පමණක් රජයෙන්ම කළ යුතු යැයි කියන සයිටම් විරෝධීන් විසින් රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද විසඳුමද පයින් ගසා ඉවත දමනු ලැබීය.

සයිටම් ආයතනය අහෝසි කර එය ලාබ නොලබන ආයතනයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිසමේ අධීක්ෂණය යටතේ සහ වෛද්‍ය සභාවේ නිර්දේශිත අවම ප්‍රමිතිය යටතේ යලි වෙනත් පුළුල් හිමිකාරත්වයකින් ආරම්භ කිරීමට රජය ඊයේ සවස තම අවසන් විසඳුම ලෙස යෝජනා ගෙන ආවේය.

ඊයේ සවස සයිටම් විරොධීන් විසින් නුගේගොඩ පැවැති රැලියකදී එම විසඳුම ද ප්‍රතික්ෂේප කළහ.

විරෝධයට එක්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජොස්තර හරිත අලුත්ගේ කියා සිටියේ රජයේ විසඳුම දැක්වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් වල වෙනස් කම් තිබෙන බවයි.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් කොලූ කියා සිටියේ බෝඩ් ලෑල්ල පමණක් වෙනස් කළාට ආණ්ඩුවේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කර නොමැති නිසා විරෝධතා දිගටම ගෙන යන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත ආණ්ඩුවේ යෝජනාවන්ට විරෝධය පළකරමින් ආණ්ඩුවේ නිවේදනය දැක්වෙන ලියැවිල්ල ප්‍රසිද්ධියේ ඉරා දැමුවේය.

ඔවුන් විසින් ලබන 6 වෙනිදා ආරම්භ කිරීමට නියමිත මාරාන්තික උපවාසය වෙනසකින් තොරව ආරම්භ කරන බවද දෙමව්පිය සංගමය පැවසූහ.

සබැඳි පුවත

ආණ්ඩුව විසඳුම දෙයි : සයිටම් අහෝසියි..