සයිටම් දොස්තරට වෙඩි!

Jul 5, 2012
1,773
265
0
සයිටම් දොස්තරට වෙඩි!

“නඩු තීන්දුවෙන් පසු මරණ තර්ජන වැඩි වුනා.. ‘අවසන් වෙඩි මුරය‘ ‘මාරයා‘ ආදී නම් වලින් තර්ජන කළා“ -වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දොස්තර සමීර කියයි (Video)'

සයිටම් ආයතනයෙන් ඉවත් නොවුනහොත් මරා දමන බවට තමාට දිගටම තර්ජන තිබූ බවත් නඩු තීන්දුවෙන් පසු එම තර්ජන වැඩි වූ බවත් වෙඩි ප්‍රහාරයට ලක් වූ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සහ ශික්ෂන රෝහලේ ප්‍රධාන විධායක දොස්තර සමීර සේනාරත්න මහතා පවසයි.

ලිඛිතව මෙන්ම දුරකථන ඇමැතුම් මගින් එල්ල වූ මෙම මරණ තර්ජන පිළිබඳ අද උදෑසන පවා පොලිසියට පැමිණිලි කරන ලද බවත් තර්ජන ඇමැතුම් දුන් දුරකථන අංක පොලිසියට ලබා දුන් බවත් දොස්තර සමීර පවසයි.

‘අවසන් වෙඩි මුරය‘ නමින් කණ්ඩායමක්ද ‘මාරයා‘ යයි කියා ගත් අයෙක්ද තර්ජනය කළ බව දොස්තරවරයා වැඩි දුරටත් කියයි.

වෛද්‍ය විද්‍යාලයක් වසා දමන්නැයි කියමින් නීතියට හිස නොනමා කටයුතු කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ත්‍රස්ත සංවිධානයේ ලේකම් නවීන්ද සොයිසා හෙවත් ‘ගුටි කන මූණා‘ නමැත්තා ජනවාරි 30 වෙනිදා පැවැති රැස්වීමකදී තමාට පහර දීමට කඩා පැන ‘‘එළියේදී මං තෝ ගැන බලා ගන්නවා‘‘ යි තෙවරක්ම මරණ තර්ජන කෙළේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාද මීට දින කිහිපයකට පෙර මරදාන පොලිසියට සහ කොළඹ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණ.

කෙසේ වෙතත් අද රාත්‍රී සිදුකරන ලද වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

අද වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දොස්තර සමිර සේනාරත්න මහතාගේ ප්‍රකාශ සහිත වීඩියෝවක් පහතින්



 

topkollek

Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,000
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.

    මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක්‌ සඳහා කළ සැලසුමක්‌ද යන්න සොයා පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

    මේ සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඇතුළු පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ඊයේ (8) වන විට ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබූ අතර, ඇතැම් ප්‍රකාශ පරස්‌පර විරෝදී ඒවා බවද පොලිසිය පවසයි.

    මෙම වෙඩි තැබීම සිදු වූ අවස්‌ථාවේ සමීර සේනාරත්න මහතා මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වී ජීවිතය බේරා ගත් ආකාරයට පොලිස්‌ නිලධාරියකු යොදවා පරීක්‌ෂාවක්‌ කිරීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

    එහිදී අනාවරණය වූයේ මෙම වෙඩි ප්‍රහාර එල්ල වූ ආකාරය අනුව වාහනය තුළ රියදුරු අසුනේ සිටින පුද්ගලයාට අනතුරක්‌ සිදු නොවී බේරී යා නොහැකි බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‌ෂකවරයාගේ වාර්තාව ලැබෙන තුරු නිගමනයකට එළඹිය නොහැකි බවද පොලිසිය පවසයි.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පොලිසිය ඊයේ (08 දා) දිනයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් පදවා ගෙන ගිය මෝටර් රථයට ඉදිරිපසින් මුලින්ම වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වූ බවයි.

    ඒ සමඟම තමන් මෝටර් රථය තුළ එක්‌ පසෙකට ඇල වූ බවත් පසුව දකුණු පසින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් නැවතත් තමන් ඉලක්‌ක කර වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල කර පලා ගිය බවත්ය.

    මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න මහතා ඉකුත් 06 වැනිදා රාත්‍රි 8.15 ට පමණ සිය නිවස බලා යමින් සිටියදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ ප්‍රහාරයට ලක්‌ වී තිබිණි.

    බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි විදුර ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‌ෂණ පවත්වා ගෙන යයි.

    -දිවයින-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක්‌ උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි.
    ......

    :rolleyes: මරන්න ඕනේ නං ඔච්චර කරදර වෙන්නෙ නෑ එක ෂොට් ඒකෙන් වැඩේ කරන්න උන් දන්නව. මේක එක්කෝ බය කරන්න කරපු දෙයක්. නැත්තන් සයිටම් එකේම අය ප්ලෑන් කරලා කරපු වැඩක් :oo:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙම වෙඩි ප්‍රහාර එල්ල වූ ආකාරය අනුව වාහනය තුළ රියදුරු අසුනේ සිටින පුද්ගලයාට අනතුරක්‌ සිදු නොවී බේරී යා නොහැකි බවය

    මටත් මේකම හිතුන ෆොටෝස් දැක්කට පස්සෙ :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රථයේ නොසිටි අවස්ථාවක කාරයට වෙඩි තැබු බවයි පෙනී යන්නෙ ඉන් පසු හින්දි චිත්‍රපටයක පරිදි කාර්රථයට ගොඩවී බුදු අම්මො මෙන්න මට වෙඩි තියනෝ කියලා කෑගහපු බවටයි නිරික්ෂණය වෙන්නෙ
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    රථයේ නොසිටි අවස්ථාවක කාරයට වෙඩි තැබු බවයි පෙනී යන්නෙ ඉන් පසු හින්දි චිත්‍රපටයක පරිදි කාර්රථයට ගොඩවී බුදු අම්මො මෙන්න මට වෙඩි තියනෝ කියලා කෑගහපු බවටයි නිරික්ෂණය වෙන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol: 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️😂😂😂😂😂😂