සයිටම් පවරා ගන්න - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්&#35

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සයිටම් පවරා ගන්න - වෛද්‍ය නෙවිල් ප්‍රනාන්&#35

    සයිටම් දෙන්න සූදානම්
    :eek::eek::eek:
    February 15, 2017 04:11 pm
    2062396836Nevil-ferando-L.jpg

    තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා වැයවූ ණය මෙන්ම ආයතනයේ ආචාර්ය,මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන් ඇතුළු සියලුමදෙනාට වැටුප් ගෙවීමට යන මුදල් ගෙවීමට හැකිනම් ආයතනයේ අයිතිය සම්පූර්ණයෙන්ම පවරා ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊයේ දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුවූ අවස්ථාවේදී තමන් ඒ ආකාරයෙන් ඉල්ලා සිටි බව නෙවිල් ප්‍රනාන්දු මහතා අද දෙරණට කියා සිටියේය.

    ආයතනය පිහිටුවීම සඳහා ලබාගත් ණය බිලියන 2ක් පවත්නා බවත්, සේවය කරන උදවියට වැටුප් ගෙවීම සඳහා මසකට මිලියන 50 ක් වැයවන බවත්, එම විදයම් දරාගැනීමට හැකිනම් මෙම ආයතනය පවරාදීමට හැකි බව තමන් පැවසූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළ බවත්, අඛණ්ඩව සිසුන් බඳවා ගන්නා ලෙස දැනුම්දුන් බවත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

    හිටපු ජනාධිපතිවරයා සයිටම් ආයතනය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත්, එය වසාදැමීමේ අවශ්‍යතාව ඇත්තේ එතුමා අසළ සිටින ගොඩ පෙරකදෝරුවාටයි, ත්‍රී වීල් පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ මනුස්සයටයි බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

    හිටපු ජනාධිපතිවරයා විසින් සයිටම් ආයතනයේ කිහිපදෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නු බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන ගිය නමුත්, එම ශිෂ්‍යත්ව ලබාදුන්නේ තමන් විනා හිටපු ජනාධිපතිවරයා නොවන බවද නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

    ඒ සාමාර්ථ හා බී සාමාර්ථ ලබා ගත් නමුත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණු කිහිපදෙනෙකුට අවස්ථාවක් දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් අනුව උපකුලපති මල්කාන්ති චන්ද්‍රරත්න මිය සමග කතා බහ කොට තමන් විසින් එම කිහිපදෙනාට ශිෂ්‍යත්ව දුන් බවත්, ඒවා ප්‍රදානය කිරීම පමණක් හිටපු ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් තමන් මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින්නේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=69675

    ගොඩ පෙරකදෝරුවාටයි, ත්‍රී වීල් පක්ෂයක් :oo:

    කව්ද බන් ඒ :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගම්මන්පිල ද ගොඩ පෙරකදෝරුව

    ගම්මන්පිල නීතීය කලේ නෑනෙ නාමල් බේබි වෙන්න ඇති මං හිතන්නෙ :oo: :oo:

    පවර ගන්නකොට නම වෙනස් කරනවද ? :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ගම්මන්පිල නීතීය කලේ නෑනෙ නාමල් බේබි වෙන්න ඇති මං හිතන්නෙ :oo: :oo:

    පවර ගන්නකොට නම වෙනස් කරනවද ? :eek::eek:

    ගම්මන්පිල නීතියත් කරලලු බන් පස්සෙ, හරියට කියන්න බෑ ඔක්කොම පෙරකදොරුවොනේ ඉන්නෙ පාර්ලිමේන්තුවේ :oo:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද බන් පවරල දෙන්න ?
    ඇයි කුහකයංට බය වෙන්නෙ ?:sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගම්මන්පිල නීතියත් කරලලු බන් පස්සෙ, හරියට කියන්න බෑ ඔක්කොම පෙරකදොරුවොනේ ඉන්නෙ පාර්ලිමේන්තුවේ :oo:

    බොරු වෙන්න ඇති බං අනික ඌ කලත් හොර පෙරකදෝරුවෙක් වෙන්නෙ කොහොමද ? :dull: :dull:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    me rate unta minihek salli karayek venawa balan inna ba...

    sakkiliyo inna ratak bn....mage adahasa nam hama field ekenma thawa private universities hadanna one....

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කෙසේ වෙතත් තමන් මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින්නේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටපු ජනාධිපතිවරයා විසින් සයිටම් ආයතනයේ කිහිපදෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නු බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන ගිය නමුත්, එම ශිෂ්‍යත්ව ලබාදුන්නේ තමන් විනා හිටපු ජනාධිපතිවරයා නොවන බවද නෙවිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

    ඒ සාමාර්ථ හා බී සාමාර්ථ ලබා ගත් නමුත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණු කිහිපදෙනෙකුට අවස්ථාවක් දෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් අනුව උපකුලපති මල්කාන්ති චන්ද්‍රරත්න මිය සමග කතා බහ කොට තමන් විසින් එම කිහිපදෙනාට ශිෂ්‍යත්ව දුන් බවත්, ඒවා ප්‍රදානය කිරීම පමණක් හිටපු ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    ඇඩ්වටීස්මන්ට් එකක් විදියට ජනාධිපතිව ඇරන් නේද... :eek::eek::lol::dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ශ්‍රි සුමංගලේ ආදි ශිෂ්‍යෙයක් වීම ආඩම්බරයි නෙවිල් සර්
    අත්අරින්න එපා ගේම් එක
    ඔබතුමාගේ පවුල් පසුබිම එක්ක සල්ලි වල අවශයතාවයක් හෝ තන්හාවක් නැති බව නම් එකෙන්ම දන්නවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රි සුමංගලේ ආදි ශිෂ්‍යෙයක් වීම ආඩම්බරයි නෙවිල් සර්
    අත්අරින්න එපා ගේම් එක
    ඔබතුමාගේ පවුල් පසුබිම එක්ක සල්ලි වල අවශයතාවයක් හෝ තන්හාවක් නැති බව නම් එකෙන්ම දන්නවා

    හැමෝගෙම විරෝධයත් නොසලකා, වෛද්‍යසභාවත් ට්‍රොල් කරලා, දේශපාලුවොන්ට අල්ලස් දීලා ඇතිකරපු බිස්නස් එකක්, ඒවගේම වැරදි බව දැන දැනත් එක දිගට තම හීනය වෙනුවෙන් ඒ බිස්නස් එකට අත දීපු දෙමාපිය කොටසක්...... මේ ඔක්කොමත් එක්ක මෙච්චරකල් පවත්වාගෙන ගිය බිස්නස් එකේ වැරදි එක එක එළි වෙනකොට, රැවටීම් රඟපෑම් එළිවෙනකොට, ගුණාත්මක අවසරය නොමැතිව ආරම්භ කිරීම මත ළමයි පිරිසකගේ කාලය විනාශ වෙනකොට,වියදම් ටිකයි ලෝන් එකයි ගෙවලා බිස්නස් එක පවරලා එයා ගෙදර යන එක ශෝයිලු.... විකාර...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ශ්‍රි සුමංගලේ ආදි ශිෂ්‍යෙයක් වීම ආඩම්බරයි නෙවිල් සර්
    අත්අරින්න එපා ගේම් එක
    ඔබතුමාගේ පවුල් පසුබිම එක්ක සල්ලි වල අවශයතාවයක් හෝ තන්හාවක් නැති බව නම් එකෙන්ම දන්නවා

    Game eka? Ahinsaka minissunge jiwitha ekka sellam karanna license ganna game ekada? Ane palayan hu