සයිටම් සහ උපාධියේ යථාර්ථය

Jul 5, 2012
1,773
265
0
සයිටම් සහ උපාධියේ යථාර්ථය

Doctor_padeniya_x-ray.jpg


කඩයක් යනු යමක් විකුණන තැනකි. මුදල් ඇති ඕනෑම කෙනෙකුට මේ කඩයේ ඇති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිළදී ගත හැකිය. මුදල් තිබූ පමණින් මිළ දී ගත නොහැකි භාණ්ඩයක් හෝ සේවාවක් කිසි කඩයක තිබිය නොහැක. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ, රජයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය රටේ සමස්ත ජනතාව විසින් මිළදී ගෙන ශිෂ්‍යයාට නොමිලේ ලබා දීමත්, පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී ශිෂ්‍යයා විසින් තමන්ගේ මුදලින්ම එය මිළදී ගැනීමත් ය. ප්‍රශ්නය තිබිය යුත්තේ, රජයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයා හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයාට යම් මිළකට පිරිනැමෙන එම භාණ්ඩයේ ඇදක් කුදක් ඇතොත් පමණි. ලංකාවේ පාසල් 10,000 ක් තිබේ. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 440,000 කි. 2015 වසරේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 255,191 කි. ඒ අතරින් විභාගය සමත් වෙමින් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලත් ශිෂ්‍ය සංඛ්‍යාව 155,447 කි. එහෙත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබුවේ 27,603 ක් පමණි. එනම්, විභාගය සමත් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට සියයට 83 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර නොගත් බවයි.
2006 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපොස උසස් පෙළ සමත්වූවන් අතරින් විශ්ව විද්‍යාලයකට තෝරාගනු ලබන්නේ සියයට 14.34 ක් පමණි. 2009 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ආචාර්ය තාරා ඩි. මෙල් මහත්මිය එදා පෙන්වා දුන් පරිදි, විෂයයන් තුනටම ‘ඒ‘ සාමර්ථ ලද ශිෂ්‍යයන් 164 දෙනෙකු කිසි විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගෙන නැත. ‘ඒ‘ සාමර්ථ දෙකක් සහ එක් ‘බී‘ සාමර්ථයක් ලද ශිෂ්‍යයන් 1464 ක් කිසි විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගෙන නැත.
2011 දී ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 60,000 කි. එහෙත් වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගනු ලැබුවේ 1500 කට අඩු පිරිසක් හෙවත් සියයට 2.5 කට අඩු පිරිසකි.


ඩිල්ෂාන් සම්පත්ට වූ වින්නැහිය

සයිටම් ආයතනයේ ශිෂ්‍ය ඩිල්ෂාන් සම්පත් 2011 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් විෂයයන් තුනටම ‘ඒ‘ සාමර්ථ ලබා ගනිමින් සමත් විය. ඔහුගේ ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9191 කි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කයෙන් රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කර ගැනීම සඳහා සළකා බැලූණු ‘ඉසෙඩ්‘ ලකුණු මට්ටම වුණේ 1.9196 කි. ඒ අනුව, කොළඹ මට්ටමට සාපේක්ෂව 0.0005 ක් වැනි හිඟයක් නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ දොර වැසුණි. මතක තබා ගත යුතු කාරණය වන්නේ, මොහුට විශ්ව විද්‍යාලයේ දොරටු වැසෙන්නේ විභාගය අසමත් වීම නිසා නොව, විභාගයෙන් ඉහළම ‘ඒ‘ සාමර්ථ තුනක් ලබා සිටියදීත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටීම නිසා වන බවයි.
මේ ක්‍රමයේ අමානුෂික හෙළුව පෙන්වන අපූරු ඛේදවාචකය මේ කතාව පසුපසම සැඟවී තිබේ. ඇත්තෙන්ම ඩිල්ෂාන් ඉපිද ඇත්තේ කොළඹ නොවේ. ඔහු උපන්නේ මාතර ය. එහෙත් මාතර නොදියුණු පාසලක 5 ශිෂ්‍යත්වයෙන් ඔහු ඉහළින්ම සමත් විය. ඉතිං ඔහුගේ ඉදිරි අධ්‍යාපනයට ‘අතහිත දීමක්‘ වශයෙන් ඔහුව කොළඹ ආනන්ද විද්‍යාලයට තෝරා ගැනුණි. අවසානයේ, ඔහුට රජයේ විශ්ව විද්‍යාලය අහිමි කරනු ලැබුවේ, රජයේ 5 ශිෂ්‍යත්වයෙන් ලද ඒ ‘අතහිත දීමයි.‘
එම වසරේම කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අපොස උසස් පෙළට පෙනී සිට ‘සී‘ දෙකක් සහ ‘බී‘ එකක් ලබා ගත් ශිෂ්‍යයෙකු යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය වුණේ, 1.1028 කි. එනම් ඩිල්ෂාන්ට වඩා 0.8163 ක් අඩු ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට මේ ක්‍රමය යටතේ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් විය හැකි වූ බවයි.
2009 දී කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් යාපනේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෝරා ගැනුණු එක් ශිෂ්‍යයෙකුගේ අපොස උසස් පෙළ ප්‍රතිඵලය වුණේ ‘එස්‘ තුනකි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.1149 කි. එම වසරේම, එනම් 2009 දීම සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාව සඳහා ශිෂ්‍යයන් 24 දෙනෙකු තෝරා ගැනුණි. ඒ අතරින් අඩුම අපොස උසස් පෙළ ප්‍රතිඵල සහිත ශිෂ්‍යයාට ‘එස්‘ දෙකක් සහ ‘සී‘ එකක් තිබුණි. ඔහුගේ ඉසෙඩ් ලකුණු අගය 0.2351 කි. එනම්, මේ සයිටම් ශිෂ්‍යයාට වඩා 0.1202 ක් අඩුවෙන් ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙකුට රජයේ වෛද්‍ය පීඨයක ඉඩ තිබුණු බව ය. රජයේ විශ්ව විද්‍යාලවල සිටින්නේ රටේ ශිෂ්‍ය ප්‍රජාවේ හොඳම ‘මොළකාරයන්‘ යැයි කියන මිථ්‍යාවේ මහත කොතරම්ද..?

මෙසේ සිදුවන්නේ, ‘දිස්ත්‍රික්ක ක්‍රමය‘ යනුවෙන් හැඳින්වෙන එක්තරා සූත්‍රයක් නිසා ය. මේ සූත්‍රය තුළ, අපොස උසස් පෙළ විභාගයෙන් දීප ව්‍යාප්තව ඉහළම ලකුණු ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්ව විද්‍යාලයකට තෝරා ගැනෙන්නේ සියයට 40 ක් පමණි. එනම්, සියයට 60 ක්ම තෝරා ගැනෙන්නේ අඩු ලකුණු මට්ටමක් ඇති ශිෂ්‍යයන් අතරින් වන බවයි. ඒ සඳහා භාවිත කෙරෙන නිර්ණායකය වන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්ක සඳහා වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය යන කාරණයයි. මේ පිරිස මා හඳුන්වන්නේ ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වශයෙනි. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ අමානුෂික ක්‍රමය පිටුදැකීමයි. එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෑමොර දෙන පුද්ගලයන් අතරේ මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්‘ කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී.


ජුඩිත් පීරිස්ට සිදුවූ වින්නැහිය

ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාව, ජීව විද්‍යා අංශයෙන් 2010 දී ලන්ඩන් අපොස උසස් පෙළ විභාගයට ලංකාවෙන් පෙනී සිටියාය. ඇගේ දෙමාපියන් බොහෝ කාලයක් විදේශ රටවල සේවය කළ හේතුවෙන් රජයේ විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඈට නොහැකි වූ නිසා, ඈ මේ විභාගයට පෙනී සිටියේ ලංකාවේ ජාත්‍යන්තර පාසලකිනි. ඒ විභාගයෙන් ඈ ‘ඒ‘ සාමර්ථ හතරක් ලබා ගත්තාය. ඒ වසරේ ලංකාවේ ඉහළම ප්‍රතිඵලය වුණේ එයයි. එපමණක් නොව, ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු ලෝකයේම ශිෂ්‍යයන් අතරින් එම වසරේ ඈ පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබුණි. එහෙත්, ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රමය අනුව, ඇයව කිසි විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර නොගැනුණි. ඒ ගැන ඈ කියන්නේ මෙවැන්නකි: “මං පිටරට ඉඳගෙන මේ විභාගෙම කළා නං, විදේශ ශිෂ්‍ය අනුපාතික ක්‍රමය යටතේ යම් ගාස්තුවක් ගෙවා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්න මට පුළුවන් කම තිබුණා. ඒත් අපේ සංස්කෘතියට අනුව මාව හදාවඩා ගන්න මගේ දෙමාපියන්ට ඕනේ කළ නිසා මාව ලංකාවට ගෙනල්ලා ලංකාවේ පෞද්ගලික පාසලකින් මට අධ්‍යාපනය දුන්නා. ඒකෙන් වුණේ, ලංකාවේ විශ්ව විද්‍යාලෙකට ඇතුළත් වෙන්න තිබිච්ච අවස්ථාව මට නැති වෙච්ච එක.“
ලංකාවේ සුපිරි පාසලක තමන්ගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සළසා දිය යුතු බවට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරති. එනම්, තමන්ගේ දරුවන්ට සුපිරි පාසලක් වෙනුවෙන් දුප්පත් රෝගීන්ගේ ජීවිත බිල්ලට ගනිති. එවැනි හයිරංකාර වෘත්තීය සමිති බලයක් නැති ජුඩිත් පීරිස් නැමැති ශිෂ්‍යාවට පහසුකම් සහිත පාසලක් සොයා ගැනීමට බැරි නිසා, තරමක් අතමිට සරු ඇගේ දෙමාපියෝ ඇයව ලංකාවේ ජාත්‍යන්තර පාසලකට ඇතුල් කළහ. ඒ ‘පාප කර්මය‘ නිසා ඇයට ලංකාවේ විශ්ව විද්‍යාලයක් අහිමිව යාමෙන් පෙන්නුම් කරන්නේ, ‘මොණරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වෙනුවෙන්, නැති බැරි මාතර උපන් ඩිල්ෂාන් සම්පත්ට සේම, ඇති හැකි ජුඩිත් පීරිස්ටත් එක විට දඬුවම් විඳීමට සිදුව ඇති බවයි.

මේ තත්වය තුළ වසරකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ලංකාවෙන් පිටරටවලට යන ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට අධික බව ගණන් බලා තිබේ. එහිදී දැරීමට සිදුවන වියදම රටින් රටට වෙනස් වෙයි. බංග්ලාදේශයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන ලංකාවේ ශිෂ්‍යයෙකු රුපියල් මිලියන දෙකක වියදමක් සාමාන්‍යයෙන් දැරිය යුතු බව කියැවේ. චීනයේදී එය රුපියල් මිලියන 6 ක් ද, ඉන්දියාවේදී රුපියල් මිලියන 10 ක් ද, ඇමරිකාවේ හෝ එංගලන්තයේ නම් රුපියල් මිලියන 40 ක් ද වන්නේය. මේ සියල්ල රුපියල් ශත නොව, විදේශ විනිමය බවත් අමතක නොකළ යුතුය.

ලංකාවේ වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් තිබේ. මහාචාර්ය ලලිතා මෙන්ඩිස්ගේ එක් අධ්‍යයනයකට අනුව, ලංකාවේ ලක්ෂයක ජනගහනයකට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 55.2 කි. එනම්, 1811 දෙනෙකුට එක් වෛද්‍යවරයෙකි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා හිඟයි. ජනතාවගෙන් 25,000 කට සිටින්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණි. මෙවැනි වෛද්‍ය හිඟයක් දිගටම පවත්වා ගැනීම තුළින්, අඟහිඟකම් ඇති දුගී රෝගියා වෙනුවෙන් ප්‍රශස්ත මට්ටමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරයෙකු විසින් නැති කර ගැනීමට අමතරව, අතමිට සරු රෝගීන් සඳහා ස්ථාපිත පෞද්ගලික රෝහල්වල රෝගීන්ගේ සාක්කුවෙන් යම් ගතමනාවක් උපයා ගැනීමටත් වෛද්‍යවරයෙකුට හැකි වන්නේය. වෛද්‍යවරුන් එසේ මුදලට සේවය කිරීම මේ ලියුම්කරු කිසිසේත්ම වරදක් වශයෙන් දකින්නේ නැත. රජයේ රෝහලක නොමිලේ සැපයෙන ප්‍රතිකාර ගැනීම සඳහා සල්ලිකාරයනුත් පැමිණ තවත් තදබදය වැඩි කරනවා වෙනුවට, ඒ සල්ලිකාරයා වෙනුවෙන් කරන ‘සේවය‘ සඳහා යම් මිලක් නියම කිරීම අත්‍යන්තයෙන්ම යථායෝග්‍ය ය. එහෙත් ඒ ආකාරයෙන්ම, රජයේ විශ්ව විද්‍යාලවල තදබදය නිසා එළියට වීසි වන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ගෙන් යම් කොටසකට සල්ලි ඇත්නම්, ඒ මුදලින් ඔවුන් වෛද්‍යවරුන් වීම නුසුදුසු වන්නේ මන්ද යන්නයි අපට ඇති ප්‍රශ්නය. (ඉතිරිය ඊළඟට)

-ගාමිණී වියන්ගොඩ විසිනි-
 
Last edited:

IdealBro

Banned
  • Apr 7, 2017
    149
    37
    28
    උඹලට ඔය විතක්ෂනශීලී බුද්ධිය ඒ කාලෙ තිබුනනම් නෙවිල් වගේ සක්විත්තෙකුට අහුවෙන්නෙ නෑ :lol:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    පව් හුත්තෝ ඔහොම රෙදි ගලවන්න එපා... මුනුත් සමාජේ ජීවත් වෙන්න එපැයි :lol:
    ෆොටො කොපියක් නම් ටිකක් එක්ක පිතූරයක් දැම්මම රෙදි ගැලවෙනවද, ඔව් ඉතින් ලෙටර් හෙඩ් එකක්, යුනිවසිටි ක්‍රෙසන්ට් එකක් ගැන අහලවත් නැති මුඩුක්කුවොන්ට නම් ෆොටො-කොපි පින්තූර මැජික්, තව ඔනේ නම් මාත් හදල දෙන්නම්, ෆොටො ශොප් ඕනෙත් නෑනේ. හිහ් හිහ් හූ!:lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,872
    17,547
    113
    පිළි-ඇඳි-දොළ
    ජිංතක ජිල්ලබකිට;21445755 said:
    Hancok,

    get a life dude!

    just posting some snaps of photocopies does not prove anything.:lol:

    although your dinosaur brain cannot grasp that, people on elakiri are smarter:P
    Dilahan sampath ge result sheet eka pennapanko ban.

    Lajja nathuwa kiyanawa uge z ekath dala medicine yanna bari unalu. E awrudds cutoff eka baladdi uta yanna puluwanlu:lol:

    Lide panapan dude:lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Dilahan sampath ge result sheet eka pennapanko ban.

    Lajja nathuwa kiyanawa uge z ekath dala medicine yanna bari unalu. E awrudds cutoff eka baladdi uta yanna puluwanlu:lol:

    Lide panapan dude:lol:

    Dude this is not written by me. This is written by a celebrated scholar and academic in Sri Lanka, Gamini viyangoda, who now lives in France.

    Do you honestly think Mr. Viyangoda will write unsubstantiated information ?

    Seriously dude, go meet your shrink!:P


     
    Jul 5, 2012
    1,773
    265
    0
    Photo eka dapu ekatanam hodatama ridila :lol:

    මචං සයිටම් ලෙටර් හෙඩ් එකක්, සයිටම් ක්‍රේසන්ට් එකක් එහෙම දාල ඇත්ත වගේ හදන්න කියපං, හදපු එකාට, දැන් කාලේ ෆොටො ශොප් පුලුවන් උං වැහි වැහල. බොරුව උනත් ක්ලාස් එකක් ඇතුව කරහං.:lol::lol::lol:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,140
    635
    113
    Sri Lanka
    Waidya hingayak thiyenawaa yayi kiyaagena desa paaluwange lamayi tikata yanna deepan thawa oya wage ewa daagena thawa kaalayak giyapuwaama kelawagena hitapan...... oya waidya hingaya piyawanna kiyala faculty godak indiyaawe daagena dan untama yana ena man nathi welaa inne..... hama dr 6kinma 1k unqualified...... anika waidya hingaya tiyenne dushkara palaath walane... oken ena eun yai polime hadda pitisarata wada karanna... ane nikan palayan bn......

    Widesha winimaya ithuru karanna ochchara ona nam ayi ehenam indiyawe manipaal faculty eka ekka mehe faculty daanna kath karanne?.. indiyaawe unta yana salli widesha winimaya neweida?. Ehe yana aya avith erpm liyalane enne..... un genuth 15 % k withara pass wenne......

    Oya colombo walin liyana ayata wena eka asaadaranayi..... ekata thawa state medical faculty arinna ona.... distrikka kramaya nathuwa merit list eka anuwa A/L result walin ganna ona ...quota ekata ganne pahasukam, disthrikka wala shishyayo gaana balalane.... anika oya colomba indala ona tharam honda class iskole gihin ena lamayageyi lakunu mattama ta wada monaraagala idan yanna class ekak nathuwa igena ganna hari iskolayak nathuwa guruwaru nathuwa ena lamayage result adu wena eka kohomath wena dene.... lankaawe ona kenekta pudgalika ayadum karuwek widihata a/l liyanna puluwan.... eka liyala enne nathuwa enna ba thamayi ithin... ehenam ithin loke thiyana oya wage exam eka eka ewa liyala ena ayata mehe sudusukam balanna wei..... Australia wala pr ganna yanakota salakala balanne ielts hari tofl hari ne.... ethakota api wena english exam karala ehe residancy denne na kiyala marenna hadala hariyanawada? Ewage wadak thama mekath... monaragala un tikai campus select wenne unge quoata adui.... unge merit adui.... uba kiyana tharam anika disthrikke nisa eka eka pahath wenne na. Unta thiyana pahasukam matha thamaa un campus yanne....

    Medicine walata ena gaana adui kiyalane uba kiyanne.... eka ehema wela thiyenne patan ganna puluwan kama tiyana wayambai sabaragamuwai faculty 2 patan aran thibuna nam uba kiyana oya asaadaranayata lak una ayath yai ban.... saitm eka daagena thanikara me karanna hadanne salli hoyanna misak nathuwa me leddunta thiyana aadareta newei....

    Anika uba me eka eka kiyana ewa quote karanne nathuwa ube deyak hithala daapanko... danna reddakuth na.... kiyawanna nam enawa methana.....
     
    • Like
    Reactions: sithija.h
    Jul 5, 2012
    1,773
    265
    0
    Anika uba me eka eka kiyana ewa quote karanne nathuwa ube deyak hithala daapanko... danna reddakuth na.... kiyawanna nam enawa methana.....

    ගාමීනි වියන්ගොඩ කියන්නේ "එක එකා" ගොඩට වැටෙන එකෙක් නෙවෙයි.

    This is written by a celebrated scholar and academic in Sri Lanka, Gamini viyangoda, who now lives in France.

    අනිත් එක උඹ මොන ලොල්ලෙක්ද මිනිහෝ මම දාන්න ඔනේ පෝස්ට් මොනවද මම ලියන්නේ මොනවද කියල මට උපදෙස් දෙන්න? ඉස්සෙල්ල සිංහලෙන් කොටන්න ඉගෙන ගෙන වරං. ඒකවත් කොරගන්න බෑ අනුන්ගේ රෙද්දවල් උස්සල බලන්න තටමනව.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,874
    3,341
    113
    A/L Nikan Dena Exam Eka 3 parinwath goda daanda bari eun

    Aha mata amathaka una, Api Badu Gewana Salli Waling, Anuduwe Ewun Sapa Windata , Nikan Adayapane Denda Epa Neda,

    Ane mehemath Moda Gonnu, issarahata wenne oya horunge/politician lage ewun witharai nikam ma dostarala wenne, ita passe itin wena de modayontanam therenne.




    By the way who is this "Gamini viyangoda"
     
    Last edited: