සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial
ගොඩනැගිල්ලක සැලසුමක් නිර්මාණය කිරිමට පෙර ඔයාලා එය සාදන ස්ථානයේ බිම් සැලැස්මේ දිග හා පළල ගැන අවබෝධයක් ලබාගෙන ඉන්න ඔනේ. මොකද අපි සැලසුම් කරන ගොඩනැගිල්ල මේ බිමෙහි සැදිමට හැකි එකක් විය යුතු නිසාවෙන්. ඒ වගේම වට පිටාවේ තිබෙන ගොඩනැගිලි, පාරවල්, ලිං වගේ දේවල් ගැනත් අවබෝධයක් තිබෙනවානම් ඔබට නිවැරදිව මේ සැලසුම කිරිමට අවකාශය ලැබෙනවා. මේ සදහා තමා මම යෝජනා කරන්නේ සැලසුමක් නිර්මාණයට ප්රථම එම බිමෙහි, බිම් සැලැස්ම එහෙම නැත්නම් Survey Plan / Site Plan එක ඔයාලගේ මෘදුකාංගයට ඇතුල් කරගෙන, එය නිවැරදි පරිමාණයට සකස් කරගෙන ඉන් අනතුරුව ඔයාලගේ සැලසුම් වලට යන්න කියලා.
මම සැලසුම් නිර්මාණයට AutoCAD මෘදුකාංගය භාවිතා කරන නිසා අද මම ඔයාලට AutoCAD Tutorial එකක් විදිහට "සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි" කියලා දෙනවා.
මම සැලසුම් නිර්මාණයට AutoCAD මෘදුකාංගය භාවිතා කරන නිසා අද මම ඔයාලට AutoCAD Tutorial එකක් විදිහට "සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි" කියලා දෙනවා.
උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : Saagaraya AutoCAD Tutorial - How to Scale Site Plan