සයිබර් සංග්‍රාම-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සයිබර් සංග්‍රාම-2

    kuiPBjA.jpg

    රුසියානු සයිබර් සොල්දාදුවෝ සහ එක්සත් ජනපද ජනාධිපතිවරණය

    එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ හිලරි ක්ලින්ටන් පරාජය ලබා වැඩි කල් යන්නට මත්තෙන් පරාජයට හේතුව ලෙස රුසියානු හැකර්වරුන්ට ඇඟිල්ල දිගුවිය.රුසියාව,පුටීන්,රුසියානු සයිබර් ප්‍රහාර,මැතිවරණය හැකි කිරීම ආදි වචන දැන් ඇමෙරිකානු මාධ්‍යවල නිතර ඇසෙන වචන බවට පත්ව තිබේ.ඇමෙරිකානු මාධ්‍ය වාර්තා විශ්වාස කල හැකි නම් ෆැන්සි බෙයාර්ස් සහ කොසි බෙයාර්ස් යන රුසියානු හැකර්වරුන්ගේ කණ්ඩායම් ඩොනල්ඩ් ට්‍රම්ප් හට මැතිවරණය දිනා දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහ හිලරි ක්ලින්ටන්ගේ කඳවුරේ දූෂණයන් හෙළි කර තිබේ.ප්‍රධාන පෙලේ ජනප්‍රිය මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ නිර්මාණය කල කතාවල අරමුණ ඉවත්ව යන ඔබාමා පාලනතන්ත්‍රය රුසියාව සමග නව සීතල යුද්ධයක් ආරම්භ කිරීමට කරන ලද උත්සාහයකි.ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන්ගේ අසාර්ථක වීම් වසා ගැනීමට තැත් කිරීම තවත් එක් ලැජ්ජා සහගත කුමන්ත්‍රණයකි.ඔබාමා ඉවත්ව යන්නේ මැදපෙරදිග ඇතුලුව ලෝකයේ අලුතින් ප්‍රශ්න රැසක් ඇතිකරමින්ය.

    1.ඉරාකය

    2.ලිබියාව

    3.සිරියාව

    4.යේමනය

    5.සෝමාලියාව

    යන රටවල ගැටුම් ඇතිකිරීමට සහ ඒවා අස්ථාවර කිරීමට ඔබාමාගේ පාලන සමයේදී රහසේ සහ එළිපිට ක්‍රියා කරන ලදි.අරාබි වසන්තය ඔස්සේ අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් අස්ථාවර කෙරිණි.අප්‍රිකාවේ සමෘදිමත්ම රාජ්‍යය වූ ලිබියාව නේටෝ ඇමෙරිකානු හවුල විසින් විනාශ කලේ එරට නිම නොවන යුද්ධයකට ඇද දමමින්ය.ඊජිප්තුවද අන්තවාදී මුසලුන්ගේ අතට පත්වන්නට ඉඩ හැරිය මුත් එරට හමුදාවේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ කෙරිණි.අරාබි වසන්තයේ අවාසනාවන්තම ගොදුර බවට පත්වූයේ සිරියාවයි.අවසානයක් නොපෙනෙන සිරියානු යුද්ධය දැන් ගෙවා දමන්නේ එහි සත්වන වසරයි.යේමනයේදී ඇමෙරිකාවේ සහාය ලබන සෞදි හමුදා විසින් දැවැන්ත විනාශයක් සිදුකරමින් තිබේ.මෙම රටවල් අස්ථාවර කිරීම පිටුපස තිබෙන්නේ රුසියාව දුර්වල කිරීම බව පෙනේ.මන්ද කුමන්ත්‍රණකරුවන්ගේ ගොදුරු බවට පත් රටවල් බොහොමයක් ඇමෙරිකානු විරෝධී සහ රුසියාවේ මිත්‍ර රටවල්ය.

    කෙසේවෙතත්,රුසියානු සයිබර්-සංග්‍රාමික හැකියාවන්ට සහ ගෝලීය සයිබර් සංග්‍රාම භූමියට අවධානය ලබාදීම ඔවුන්ට අතුරු ප්‍රතිඵල අත් කරනු ඇත.​

    රුසියාවේ සයිබර් හැකියාවන් ගැන ලෝක අවධානය යොමුවූ පළමු වතාව මෙය නොවේ.රුසියානු හැකර්වරයා යන සංකල්පය බටහිර විඥානයට ඇතුල් වූයේ 1999 දී නේටෝව සර්බියාවට බෝම්බ හෙළන සමයේදී සහ ඉන්පසුව ජෝර්ජියාව සහ යුක්‍රේනය සමග රුසියාව ඇතිකරගත් ගැටුම්වලදීය.රුසියාවේ නායකත්වය ප්‍රතික්ෂේප කර බටහිරට නැඹුරු වූ කාලයක් සෝවියට් දේශයේ කොටස් ලෙස පැවති බෝල්ටික් රටවල් ආදිය කලින් කලට රුසියානු සයිබර් ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය.

    IPLeiJ9.jpg
    United States Cyber Command​

    තොරතුරු මෙහෙයුම් භට කණ්ඩායම් නිල වශයෙන් ක්‍රියාකාරී වන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පවෙල් පොපොව්ගේ පාලනය යටතේ 2014 වර්ෂයේදීය.මෙම තොරතුරු මෙහෙයුම් ඒකකය තාක්ෂණය සංවර්ධනය,සන්නිවේදන සුරක්ෂිතතාවය ආදිය කේන්ද්‍ර කරගෙන,හැකින් විධික්‍රම සහ උපායමාර්ග අතින් ප්‍රවීණ විශේෂඥයින් අලුතින් බදවා ගන්නා ලදි.ඊට අමතරව තොරතුරු මෙහෙයුම් ඒකකය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ පර්යේෂණ කේන්ද්‍රය,පර්යේෂණ ආයතන වන NII Kvant ආදියේ සහ හමුදා අවශ්‍යතා සඳහා විශේෂයෙන් පිහිටුවන ලද විද්‍යාත්මක සමාගම් සහ කොන්ත්‍රාත් පදනම මත දැනටමත් සේවය කරන යෝග්‍ය සුදුසුකම් සහිත සෙබලුන් සහ දක්ෂතාවලින් සපිරි රුසියාවේ පුළුල් ලෙස පැතිරුණ හැකර්වරුන්ගේ ප්‍රජාවේ සිටින රුසියාව ඉලක්ක කරගෙන භාවිතා කල බටහිර මැල්වෙයා ප්‍රතිවර්තන-ඉන්ජිනේරු විද්‍යාවට ලක් කර බේරුම් කරන දක්ෂයින්ගේ සහාය ලබාගනියි.

    රුසියාවේ සයිබර්-සංග්‍රාමික හැකියාවන් තක්සේරු කිරීම අතිශය අසීරු කටයුත්තක් වන්නේ ඔවුන්ගේ මෙහෙයුම් ඉතා රහසිගත සහ භෞතිකව හානි සිදුනොකරන ආකාරයේ ඒවා නිසාය.කෙසේවෙතත් පරිවේෂණීය සාක්ෂි වක්‍රාකාරව පවසන්නේ අනෙක් රාජ්‍යයන් ඉක්මවා යන තරමේ අති නූතන හැකියාවන්ගෙන් රුසියානු සයිබර්-බලකායන් සන්නද්ධ බවයි.ඔබාමා සහ මැකේන් රුසියාව වැදගැම්මකට නැති සහ පසුගාමී රාජ්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම විහිළුවක් වන්නේ ඵලදායි සයිබර් සංග්‍රාමයක් දියත් කිරීමට තරම් හැකියාවන්ගේ සංකලනයක් එනම් ගණිතමය හැකියාව සහ ක්‍රමලේඛන පරාක්‍රමයක් රුසියාව සතුව තිබෙන බව ඔප්පු කර තිබෙන නිසාය.සෝවියට් සහ රුසියානු ගණිතඥයින්ගේ හැකියාව සම්බන්ධව තිබෙන හොඳම සාක්ෂිය වන්නේ න්‍යෂ්ඨික සහ අභ්‍යාවකාශ ගමන් තාක්ෂණයන් අතින් රුසියාව ලෝකයේ ප්‍රමුඛයෙක් ලෙස වැජඹීමයි.තවද රුසියාව යනු අමිශ්‍ර උත්පන්නයක් සහිත නවීන ක්‍රමලේඛන සංස්කෘතියක් සහිත රටකි.වරක් සෝවියට් සමූහාණ්ඩුව දත්ත සැකසුම් බලය අතින් බටහිරට පසුපසින් ගමන් කරන්නට වූ පසු සීමා සහිත දත්ත සැකසුම් බලයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉල්ලා සිටීමෙන් තොරව ක්‍රියා කරන කේතයක් කාර්යක්ෂමව ලිවීමට ඔවුන්ගේ ක්‍රමලේඛන ශිල්පීන්ට බල කරන ලදි.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව රුසියානු ක්‍රමලේඛන ශිල්පීන් ඉහළ අවධානයක් හිමිවූයේ මෙම හැකියාව නිසාය.

    රුසියානු සයිබර්-සංග්‍රාමික පරාක්‍රමය කොතරම්ද යත් එකදු සයිබර් මෙහෙයුමක් හෝ රුසියානු රජයේ මෙහෙයුම්කරුවන් සිදුකලා යැ‍යි ස්ථිරවම ප්‍රකාශ කර නොමැත.වෙනත් අයුරකින් කියන්නේ නම් රුසියානු සයිබර් බලකායන් ලොව පුරා මෙහෙයුම් දියත් කර ඇත්නම් අනාවරණය වීමේ හෝ තම සිටිබවට සලකුණක් තබා යන්නට හෝ ඉඩක් තබන්නේ නැත.රුසියාව සමග සයිබර් යුද්ධයකට මැදිහත්වීම අතිශය පරිස්සම් සහිතව කල යුතුබව එක්සත් ජනපද රජය ප්‍රත්‍යක්ෂ කරගෙන තිබේ.සයිබර් යුද්ධයකට යෑම වෙනුවට රුසියාව එක්සත් ජනපදයේ ජනපතිවරණයට මැදිහත්වීමට දඬුවම් ලෙස විකල්ප ක්‍රම යොදාගන්නට ඔබාමා පාලනතන්ත්‍රය ක්‍රියා කරන්නේ මේ නිසාය.සතර අත විහිදී තිබෙන ඇමෙරිකානු සයිබර්-අධිරාජ්‍යයට එරෙහිව රුසියානු සයිබර්-පළිගැනීමක් නිර්මාණය කරගැනීම කොතරම් අවදානම්ද යන්න ඇමෙරිකානු බලධාරීන් සහ විශේෂඥයින් හොඳින් දනියි.

    tpVvFip.jpg

    රුසියාව සතු හැකියාවන්ට ස්තුතිවන්නට ඇමෙරිකාවේ ආක්‍රමණකාරීත්වයට සාර්ථකව රුසියාවෙන් බාධා කල හැකි තවත් ක්ෂේත්‍රයක් වන්නේ සයිබර් සංග්‍රාම භූමියයි.මෙම තත්ත්වය හමුවේ සයිබර් සංග්‍රාමයන් ජාත්‍යන්තර ප්‍රතිමාන රෙගුලාසි යටතේ පාලනය කිරීමට වරක් එක්සත් ජනපද බුද්ධි සේවා ප්‍රජාවට අවශ්‍ය වූයේ ස්වෛරී රාජ්‍යයන්ට එරෙහිව සයිබර් සංග්‍රාම සිදුකිරිම තහනම් කිරීමේ අරමුණින්ය.එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී දෙවරක්ම සයිබර් මෙහෙයුම් පාලනය කිරීමට ජාත්‍යන්තර නෛතික රාමුවක් සැකසීම සඳහා ස්ථීර යෝජනා ගෙන ඒමට රුසියාව ක්‍රියා කලේය.2009 වර්ෂයේදී ජාත්‍යන්තර තොරතුරු සුරක්ෂිතතා ගිවිසුම සහ 2011 වර්ෂයේදී ගෙන ආ තොරතුරු සුරක්ෂිතතාවය සඳහා ජාත්‍යන්තර නීති සංග්‍රහය ආදිය ඊට උදාහරණයි.නමුත් මෙම යෝජනා දෙකම ඔබාමා පාලනතන්ත්‍රය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.ඇමෙරිකාව මෙවැනි ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීම පිටුපස තිබෙන්නේ අනාගතයේදී වෙනත් රටවලට එරෙහිව සිය සයිබර් ප්‍රහාරක හැකියාවන් නීතිමය බාධාවකින් තොරව යොදාගැනීම බව එඩ්වර්ඩ් ස්නෝඩන්ගේ හෙළිදරව් කිරීම් වලින් පැහැදිලිවේ.ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපයට පිළිතුරක් ලෙස රුසියාව 2014 දී තොරතුරු මෙහෙයුම් ඒකකය පිහිටුවන ලදි.ට්‍රම්ප්ගේ පාලන සමයේදී රුසියා-ඇමෙරිකා සබදතා යහපත් අයුරින් වර්ධනය වුවහොත් සයිබර් සංග්‍රාම ප්‍රශ්නය න්‍යායපත්‍රයේ කොටසක් වේවි.





    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: shanur