සරත් ඉල්ලන ඕනම දෙයක් දෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සරත් ඉල්ලන ඕනම දෙයක් දෙනවා

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා රජයට එක්කර ගැනීම සඳහා ‘ඔහුගෙන් මිල ගණන් කැඳවා ඇති බව ' ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘ලංකා නිවුස් වෙබ් ' වෙත වාර්තා වේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ විගස හිටපු හමුදාපතිවරයාට රජය විසින් ඔහුට අහිමි කරන ලද සියළුම තනතුරු හා වරප්‍රසාද පැය 24 ක් යාමට මත්තෙන් ලබාදෙන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට පිලිතුරක් වශයෙන් ජනාධිපතිවරයා ඔහු විසින් සරත් ෆොන්සේකා මහතාට අහිමි කරන ලද සියළුම දෑ නැවත ලබාදීමට කැමැත්ත පලකර තිබේ.

මේ යටතේ ප්‍රජාඅයිතියත් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව අධිකරණයේ පවරන ලද බොරු නඩු ඉවත් කර ගැනීමටත් අහිමි කරන ලද ජෙනරාල් තනතුර හා හමුදා විශ්‍රාම වැටුප ලබාදීමටත් නාවල කිරිමණ්ඩල පාරේ ඉඩම නැවත ලබාදීමටත් බැංකු කිහිපයක තහනම් කොට ඇති ඔහුගේ මුදල් නැවත මුදාහැරීමටත් මේ යටතේ කැමැත්ත දී ඇත.

නමුත් ඉදිරි ආණ්ඩුවක ආරක්ෂක අමාත්‍ය ධූරය හෝ ආරක්ෂක ලේකම් ධූරය ඒ සඳහා අයිති නොවන බව අවධාරණය කොට තිබේ.

මෙහි පළමු පියවරක් වශයෙන් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න හට ඇප ලබාදීම මගින් රජයේ කැමැත්ත ෆොන්සේකා මහතා වෙත සංඥා කොට තිබේ. මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා ඔහුට නැවත රජයට එක්වන ලෙසට විශාල පීඩනයක් එල්ල කරමින් සිටින බව ෆොන්සේකා පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අද (25) මතුවී ඇති තත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග මේ වන විට පවත්වමින් සිටින අතර යම් හෙයකින් එකී සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි දින කීපය තුලදී සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිරුවා හැර රජය සමග එක්වීමේ හැකියාවක් පවතින බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

එමෙන්ම තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මේ සම්බන්ධයෙන් රජය හා සාකච්ඡා පවත්වමින් සිටින සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් රජයෙන් මේ වන විටත් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බවයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අගමැතිකමයි කෝටි දාහකුයි ඉල්ලපන්.හැබයි අගැමතිකම හම්බ වෙන්නේ නෑ.මොකො මහින්ද මොන සෙල්ලම දැම්මත් පරදිනවා.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මයිත්‍රි අපු ගමන් ෆොන්සෙකා යුනිෆොම් එක අදිනවා. මහින්දට සොරි තමා
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බොරු දාන්න එපා බන්.. ෆොන්සේකා මලාට එන්නෙ නෑ ආන්ඩුවට..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බොරු දාන්න එපා බන්.. ෆොන්සේකා මලාට එන්නෙ නෑ ආන්ඩුවට..
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බොරු දාන්න එපා බන්.. ෆොන්සේකා මලාට එන්නෙ නෑ ආන්ඩුවට..
    ඊයෙත් කිව්වා. "මගේ බලලවත් යන්නේ නැ කියලා"
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අගමැතිකමයි කෝටි දාහකුයි ඉල්ලපන්.හැබයි අගැමතිකම හම්බ වෙන්නේ නෑ.මොකො මහින්ද මොන සෙල්ලම දැම්මත් පරදිනවා.

    Labba tama :lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බොරු දාන්න එපා බන්.. ෆොන්සේකා මලාට එන්නෙ නෑ ආන්ඩුවට..

     
    Nov 24, 2014
    789
    64
    0
    ජයවේවා. දයාසිරිත් කිව්වෙ ඔහොම තමා. ඒ වුනට එකතුවෙනව. පස්සෙ හරි මොලේ පෑදෙන එක ලොකු දෙයක්. කන්න දුන්න අත හපාකාපු එකේ වැරැද්ද දැන්වත් තේරුනොත් හොදයි.