සරත් ඉල්ලන ඕනම දෙයක් දෙනවා
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා රජයට එක්කර ගැනීම සඳහා ‘ඔහුගෙන් මිල ගණන් කැඳවා ඇති බව ' ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ‘ලංකා නිවුස් වෙබ් ' වෙත වාර්තා වේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ විගස හිටපු හමුදාපතිවරයාට රජය විසින් ඔහුට අහිමි කරන ලද සියළුම තනතුරු හා වරප්‍රසාද පැය 24 ක් යාමට මත්තෙන් ලබාදෙන බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයට පිලිතුරක් වශයෙන් ජනාධිපතිවරයා ඔහු විසින් සරත් ෆොන්සේකා මහතාට අහිමි කරන ලද සියළුම දෑ නැවත ලබාදීමට කැමැත්ත පලකර තිබේ.
මේ යටතේ ප්රජාඅයිතියත් සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව අධිකරණයේ පවරන ලද බොරු නඩු ඉවත් කර ගැනීමටත් අහිමි කරන ලද ජෙනරාල් තනතුර හා හමුදා විශ්‍රාම වැටුප ලබාදීමටත් නාවල කිරිමණ්ඩල පාරේ ඉඩම නැවත ලබාදීමටත් බැංකු කිහිපයක තහනම් කොට ඇති ඔහුගේ මුදල් නැවත මුදාහැරීමටත් මේ යටතේ කැමැත්ත දී ඇත.
නමුත් ඉදිරි ආණ්ඩුවක ආරක්ෂක අමාත්‍ය ධූරය හෝ ආරක්ෂක ලේකම් ධූරය ඒ සඳහා අයිති නොවන බව අවධාරණය කොට තිබේ.
මෙහි පළමු පියවරක් වශයෙන් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න හට ඇප ලබාදීම මගින් රජයේ කැමැත්ත ෆොන්සේකා මහතා වෙත සංඥා කොට තිබේ. මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා ඔහුට නැවත රජයට එක්වන ලෙසට විශාල පීඩනයක් එල්ල කරමින් සිටින බව ෆොන්සේකා පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අද (25) මතුවී ඇති තත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග මේ වන විට පවත්වමින් සිටින අතර යම් හෙයකින් එකී සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි දින කීපය තුලදී සරත් ෆොන්සේකා මහතා ප්රජාතන්ත්රවාදී පක්ෂය විසිරුවා හැර රජය සමග එක්වීමේ හැකියාවක් පවතින බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
එමෙන්ම තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මේ සම්බන්ධයෙන් රජය හා සාකච්ඡා පවත්වමින් සිටින සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් රජයෙන් මේ වන විටත් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇති බවයි.