සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

Thinking

Member
Oct 31, 2011
240
61
0
සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

මෙය පාට දේශපාලනයේ අන්ධ ඈසින් නොබලා මධ්‍යස්ථව සම්පූර්ණ ලිපියම කියවන ලෙස ඉල්ලා සිටිමි........:cool:


සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද ????

සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම සඳහා වන ව්‍යාපාර ගණනාවක්‌ මේ වන විට දියත් වෙමින් තිබේ. එජාපය විසින් පසුගියදා ලිප්ටන් වට රවුමේදී කරන ලද උද්ඝෝෂණයේ එක්‌ අරමුණක්‌ වූයේද සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීමය. එම උද්ඝෝෂණයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, සරත් ෆොන්සේකාගේ ප්‍රශ්නය, ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය හමුවට රැගෙන යන බවය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන විසින් එක්‌ වාරයදී අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, තවත් වරකදී පාප් වහන්සේටත් ලිපි භාර දෙමින් සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම සඳහා වන අරමුණ ජාත්‍යන්තරයට රැගෙන ගියේය. සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම සඳහා මෙවැනි ව්‍යායාමයන් දියත් වන විට මුලින්ම තේරුම් ගත යුත්තේ එතැනදී සිදුවන්නේ කුමක්‌ද කියාය.

තිස්‌ වසරක්‌ දිග් ගැස්‌සී ගිය එල්. ටී. ටී. ඊ ත්‍රස්‌තවාදයේදී කැපී පෙනෙන කටයුත්තක්‌ වුණේ ත්‍රස්‌තවාදය යුද්ධයෙන් පරාජය කළ හැකි යන ස්‌ථාවරයේ හමුදාව සිටියත් ඒ සඳහා දේශපාලන නායකත්වයක්‌ නොලැබීම පිළිබඳව ප්‍රශ්නයක්‌ තිබූ බවය. 1987 දියත්වූ වඩමාරච්චි මෙහෙයුම ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම සඳහා ආසන්න අවස්‌ථාවටම පැමිණ තිබිණි. බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විමලරත්න වැනි හමුදා නායකයින් සිය කර්තව්‍යය එතැනදී සාර්ථක ලෙස ඉටු කළද, ඉන්දියාවෙන් පැමිණි බලපෑම හමුවේ එම මෙහෙයුම නතර කරන්නට ජනාධිපති ජයවර්ධන තීරණය කළේය. එතැන් සිටම සිදුවුණේ හමුදාවන් යුද්ධය ජය ගත හැකි ශක්‌තිමත් තත්ත්වයක සිටියද, දේශපාලන නායකත්වය විසින් ඒ සඳහා අත්‍යවශ්‍ය වරපත හමුදාවන්ට ලබා නොදීමය. අනුරුද්ධ රත්වත්තේ විසින් යාපනය මුදාගෙන එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන් පරාජය කිරීම සඳහා හමුදාව පෙළ ගස්‌සවා තිබුණද චන්ද්‍රිකා කුමාරතුංගට එවැනි අවශ්‍යතාවයක්‌ නොවීය. ඇයට අවශ්‍ය වුණේ එල්. ටී. ටී. ඊ. ය අඩපණ කර ෆෙඩරල් තත්ත්වයේ දේශපාලන විසඳුමක්‌ ලබාදීමය. ඒ මොහොතේ හමුදාවන්ට සිය කර්තව්‍යය කරන්නට සිදුවුණේ එම තත්ත්වයනට සරිලන ලෙසය.

රනිල් වික්‍රමසිංහගේ අගමැති පාලන කාලය තුළදී හමුදාවන්ට කටයුතු කරන්නට සිදු වුණේ පැවැති රජයේ සාම ක්‍රියාදාමය සඳහා අවශ්‍යතා සපුරාලන්නටය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් සමඟ කරන සාකච්ඡාවලට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්‌ටේගොඩට යැමට සිදු වුණේ ඒ අනුවය. හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මහ දවාලේ එල්. ටී. ටී. ඊ. පිස්‌තෝල කල්ලිය විසින් ඝාතනය කරන විටත් පැවති රජයේ සාම පිළිවෙත අනුව ආත්ම ආරක්‍ෂාව සඳහාවත් සටන් කරන තැනකට හමුදාවට යැමට නොහැකි වූයේ, යුද්ධය යනු සෑම විටම දේශපාලන තීන්දුවක යන්න සනාථ කරමිනි.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කරන කාලයේදී, ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව, ශ්‍රී ලංකාවේ හමුදා ශක්‌තිය සම්බන්ධයෙන් වන පුළුල් විමර්ශනයක්‌ ඇමරිකානු යුද විශේෂඥයන් පිරිසක්‌ විසින් සිදු කරනු ලැබූහ. එහි ප්‍රතිඵල වාර්තාවක්‌ ලෙස එවකට ආරක්‍ෂක ලේකම් වූ ඔස්‌ටින් ප්‍රනාන්දු වෙත එම පිරිස බාර දුන්හ. ඒ මොහොතේ ශ්‍රී ලංකා හමුදාවන් සිටියේ, ඉතිහාසයේදීම ඔවුන් සිටි දුර්වලතම මානසික මට්‌ටමේය. හමුදා බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම පාහේ දුර්වල වී තිබුණි. බංකර් තුළට වී කල් ගත කරන පිරිසක්‌ බවට මුළු හමුදාවම පත්ව තිබුණි. එවැනි දුර්වල තත්ත්වයක ශ්‍රී ලංකා හමුදාව සිටියදී පවා, ඇමරිකානු යුද විශේෂඥයන් විසින් ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය ගැන දුන් තක්‌සේරුව තිබුණේ ඉහළ තැනකය. ශ්‍රී ලංකා හමුදාව ඉතාමත් විනය ගරුක, මනා පුහුණුවකින් යුත්, කුඩා කණ්‌ඩායම් මගින් පහරදීමේ ශක්‌තිය ඇති ඉහළම වෘත්තීය ගුණාංගයන්ගෙන් පිරි හමුදාවක්‌ බවත්, එහි නිලධාරීන්ද විශිෂ්ට මට්‌ටමේ පිරිසක්‌ බවත් එයින් කියෑවිණි.

මෙවැනි තැනක ශ්‍රී ලංකා හමුදාවන් ඒ මොහොතේ සිටියත් දේශපාලන නායකත්වයේ අත්‍යවශ්‍ය අවසරය නොමැති වීම තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අත් ඔසවන්නටවත් ශ්‍රී ලංකා හමුදාවන්ට ඉඩ ලැබුණේ නැත.

මෙම තත්ත්වය අනික්‌ පිටට හැරුණේ 2005 ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජය ගැනීමත් සමඟය. මහින්ද රාජපක්‍ෂ විසින් මෙතෙක්‌ කිසිදු රාජ්‍ය නායකයකු විසින් නොගත් තීන්දුවක්‌ ගනු ලැබීය. කුමන බලපෑම් පැමිණියත්, එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය යුද්ධයෙන්ම පරාජය කළ යුතුය යන්න රාජපක්‍ෂ ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් දැරූ ප්‍රතිපත්තිය තීරණය විය.

සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත්වන්නේ මෙම තීරණය සමඟය. ඒ වන විට ඔහු විශ්‍රාම යැමට දින 10 ක්‌ පමණක්‌ ඉතිරිව සිටි යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියා විය. යුද හමුදාපති ලෙස සිටි මේජර් ජනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ තවත් වසර එකහමාරක සේවා කාලයක්‌ සම්පූර්ණ කිරීමේ අවකාශ ඇතිව එම ධුරයේ රැඳී සිටියේය. රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ආරක්‍ෂක ලේකම් ලෙස පත්වී සිටි ගෝඨාභය රාජපක්‍ෂ ඊළාම් යුද ඉතිහාසයේ නමගිය සේනාධි නායකවරයෙකු විය. එම අතීත උරුමයත් සමඟ රාජපක්‍ෂ ආණ්‌ඩුවේ ත්‍රස්‌ත විරෝධී යුද්ධයේ තීරණාත්මක බලය ඔහුට තනතුරෙන් මෙන්ම අත්දැකීමෙන්ද හිමිවිය. විශ්‍රාම යැම සඳහා යුද හමුදාවේ එළි පත්තට පැමිණ සිටි සරත් ෆොන්සේකාට සේවා දීර්ඝයක්‌ ලබාදී යුද හමුදාපති තනතුරට පත් කිරීමේ තීරණය ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනි. මෙම තීරණය යුද හමුදාව තුළ යම් කැළඹිලිකාර පසුබිමක්‌ නිර්මාණය කළේය. සරත් ෆොන්සේකා යුද මෙහෙයුම් සඳහා දක්‌ෂයෙකු ලෙස මෙන්ම යුද හමුදාවේ නිලධාරීන්ගෙන් පළිගැනීමේ දක්‌ෂයෙකු ලෙසද හමුදාව තුළ පතළව සිටියේය. මේ නිසා සරත් ෆොන්සේකා යුද හමුදාපති වීම හමුදාවේ දක්‌ෂයන් රැසකට හමුදා සේවය අහිමි කිරීමට කැපු පාරක්‌ බවට අලුත් රාජපක්‍ෂ ආණ්‌ඩුවට චෝදනා එල්ල විය. මෙවැනි චෝදනා මධ්‍යයේ වුවද විශ්‍රාම යැමට නියමිතව සිටි සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර ලැබිණි. මේ සමග යුද හමුදාපති ලෙස සිටි ශාන්ත කෝට්‌ටේගොඩට විශ්‍රාම යැමට ද සැලසුණි. පසු කාලයකදී ශාන්ත කෝට්‌ටේගොඩගෙන් මා කළ විමසීමකදී ඔහු ඒ ගැන මෙසේ පැවසුවේය. මට විශ්‍රාම යන්න කියන කොට මම ජනාධිපතිතුමාව හමුවුණා. මම එතුමාගෙන් ඇහැව්වා ඔබතුමාට අවශ්‍ය එල්. ටී. ටී. ඊ. යුද්ධය නිමා කරන්න නම්, මම ඒක කරලා දෙන්නම් කියලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වුණේ සාමය. ඒ අනුව මට රාජ්‍ය නිලධාරියකු ලෙස ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වුණා. යුද්ධ කිරීම සඳහා පුරුදු පුහුණු කළ හමුදාවක්‌ සමග සාමය කිරීම අපහසු කරුණක්‌. ඒ අපහසු කාරණය ඉටු කළ මට හමුදාවට වෘත්තියෙන් භාරදී සිටින යුද කිරීම අපහසු කාරණයක්‌ නොවෙයි. ඒ සඳහා මට අවශ්‍ය ඔබතුමාගේ අණ පමණයි. මම එල්. ටී. ටී. ඊ. ය ඉවර කරලා දෙන්නම් කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා. නමුත් ඒ වන විටත් සරත් ෆොන්සේකා හමුදාපති කිරීමට තීරණය කර තිබුණා. ඒ නිසා මට විශ්‍රාම ගන්න සිදු වුණා.

මෙම කතාවෙන් ද පැහැදිලි වන්නේ හමුදාව යුද්ධ කිරීම, සාමය කිරීම තීරණය වන්නේ දේශපාලන නායකත්වයේ තීරණය මත බවය. මෙය වඩාත් පැහැදිලි වන තැනක්‌ පෙර කියූ ඇමරිකානු විශේෂඥයන් ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ හමුදා දක්‍ෂ විනයගරුක කුඩා කණ්‌ඩායම් ප්‍රහාර සඳහා සුවිශේෂ තත්ත්වය ඉසිලුවද ඒa රටේ ජාතික දැක්‌මේ ඒ සඳහා අවශ්‍යතාවක්‌ යොමු නොවීම ප්‍රශ්නයක්‌ බව කියා තිබිණි.

සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් වීමත් සමග රටේම ප්‍රසිද්ධ රහසක්‌ බවට පත් වෙමින් ඔහු හා නාවික හමුදාපති අතර විරසකයක්‌ ඇති වුණි. ත්‍රස්‌තවාදයට එරෙහිව තීරණාත්මක සටනක්‌ කරන අතරේ ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලටද මුහුණ දෙමින් යුද හමුදාපති හා නාවික හමුදාපතිගේ අභ්‍යන්තර අර්බුදය ද සමනය කරගෙන සටන ගෙන යැමට මේ නිසා සිදුවිය. ගෝඨාභය රාජපක්‍ෂ විසින් එය කළමනාකරණය නොකර ගන්නට රටක්‌ තුළ ප්‍රථම වතාවට යුද හමුදවේ හා නාවික හමුදවේ සටනක්‌ද බලා ගැනීමේ වරම ශ්‍රී ලාංකිකයන්ට උදා වන්නට තිබිණි.

සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුර දරන විට ඔහුගෙන් ඉටු වූයේ ජාතික කර්තව්‍යයකි. ඒ මොහොතේ එජාපයේ දැඩි දෝෂ දර්ශනයට සරත් හසුවිය. සරත් ෆොන්සේකා සුදුසු ගැලවීමේ හමුදාවට බව මංගල සමරවීර ප්‍රසිද්ධියේ කීවේය. සරත් ෆොන්සේකා සතුව අතුරු හමුදා තිබෙන බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහුගේ සම්බන්ධයක්‌ තිබෙන බවටත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. මෙසේ සරත් විපක්‍ෂයෙන් චෝදනා ලබන විට ඔහු නිරත වී සිටියේ ඊට පෙර වසරේ එµa. බී. අයි. සංවිධානය විසින් ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවේ අංක 1 ට නම් කර තිබූ එල්. ටී. ටී. ඊය විනාශ කර දැමීමේ ජාතික කර්තව්‍යයේය. විපක්‍ෂය ජාතික අභිලාෂයක්‌ සහිතව කටයුතු කළේ නම් සරත් ෆොන්සේකා වෙනුවෙන් කළ යුතුව තිබුණේ ඔහුට ඒ මොහොතේදී උදව් දීමය.

මේ සියල්ල වෙනස්‌ වුණේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වීමත් සමගය. සරත් ෆොන්සේකා යුද ජයග්‍රහණයට දායක වුණු යුද හමුදාපති වරයාය. එය කිසිසේත් අවතක්‌සේරු කළ හැකි කාර්යයක්‌ නොවේ. නමුත් ඒ සමගම නාවික හමුදාපති ලෙස වසන්ත කරන්නාගොඩද තීරණාත්මක කාර්යයක්‌ ඉටු කළේය. ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකායද තමන්ට පැවරී තිබූ කාර්යයන් විශිෂ්ට අන්දමින් ඉටු කළේය. හමුදා ක්‍රියාමාර්ග පමණක්‌ නොව ඒ මොහොතේ යුද ජයග්‍රහණය සඳහා දේශපාලන ක්‍රියාමාර්ගය සාමාන්‍ය තත්ත්වයටත් වඩා අත්‍යවශ්‍ය විය. 87 වඩමාරච්චි මෙහෙයුම සඳහා දේශපාලන තීරණය ගැනුණි. එම අණ පරිදි හමුදාවන් විසින් එල්. ටී. ටී. ඊයට දරුණු ප්‍රහාර එල්ල කළේය. ඉන්දියාවෙන් පැමිණි බලපෑම හමුවේ ජයග්‍රහණය කරා යමින් සිටි හමුදා යෙහෙයුම නතර කිරීමට ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවට සිදුවිය. එදා මෙන් නොව මේ වාරයේදී එල්. ටී. ටී. ඊ. ඩයස්‌ පෝරාව හේතුවෙන් ලෝකයේ නොයෙක්‌ දෙසින් හමුදා මෙහෙයයුමට එරෙහිව දේශපාලන බලපෑම් එල්aල වන්නට පටන් ගත්තේය. හයෙන් පහක පාර්ලිමේන්තු බලයක්‌ තිබූ ඡේ. ආර්. ට ඉන්දියාවෙන් පැමිණි බලපෑම දරා ගන්නට නොහැකිව අවුරුදු විස්‌සකට දික්‌ ගැස්‌සුණු යුද්ධය, නිමා කරන්නට බහුතර පාර්ලිමේන්තු බලයක්‌ සහිත මහින්දට මුහුණ දීමට සිදු වූයේ ඉන්දියාවෙන් නොව ප්‍රධාන බටහිර රටවලින් පැමිණෙන බලපෑම් වලටය. ඒවා සමනය කර ගැනීම අතිශය දුෂ්කර කාර්යයකි. කුඩා රටකට රාජ්‍ය තාන්ත්‍රික බලතුලනය හැසිරවීම පහසු කාර්යයක්‌ නොවන තත්ත්වයක්‌ තු=ළදීත් සියල්ල තුලනය කර ගනිමින් තමන්ගේ තීරණය ක්‍රියාත්මක කරන තැනින් අඩියක්‌ හෝ නොසෙල්වන්නට රාජපක්‍ෂ රජය සමත් වී තිබිණි. යුද ජයග්‍රහණයේ ප්‍රතිඵලය යනු මේ සියල්ලේම සම්මිශ්‍රනයකි.

යුද හමුදාපති සරත් ෆොන්සේකා කළ කාර්යය සම්බන්ධයෙන් රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ඔහු අගැයීමට ලක්‌ කළේය. ශ්‍රී ලංකාවේ පළමු තරු හතරේ ජෙනරාල්වරයා ලෙස ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවේය. පාර්ලිමේන්තු පනතක්‌ සම්මත කරමින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධාන ධුරයක්‌ ඇති කොට බලාත්මක තනතුරකට සරත්ට උසස්‌වීමක්‌ද ප්‍රදානය විය. එම පනත සම්මත වන අවස්‌ථාවේදී ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ආණ්‌ඩුවට චෝදනා එල්ල කළේ යුද්ධය නිමවී තිබියදී මෙවැනි ප්‍රබල තනතුරක්‌ ඇති කිරීමේ තේරුම ප්‍රශ්න කරමිනි.

2009 ඔක්‌තෝබර් මස සරත් ෆොන්සේකා විසින් ඇමරිකාවේ යෙදුණු සංචාරය තීරණාත්මක විය. ඇමරිකානු ස්‌වදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කිරීමට යන බව ඔහු විසින්ම ශ්‍රී ලංකාවට දන්වා සිටියේය. රජයේ ඉහළම ආරක්‍ෂක නිලධාරියා ලෙස ඔහු ඒ ගැන කතා කළ යුතුව තිබුණේ රජයේ ප්‍රධානීන් සමග වුවත් ඔහු එරට සිට ජ. වි. පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමගද ඒ ගැන සාකච්ඡා කළ බව ටිල්වින් විසින්ම 2010 ජනාධිපතිවරණය ආසන්න කාලයේදීම ප්‍රකාශ කළේය. මෙයින් පෙනී යන්නේ මේ කාලය වන විට සරත් ෆොන්සේකා විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම සඳහා පසුබිම සකස්‌ කරගෙන සිටි බවය. ඇමරිකානු ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුවට සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශයක්‌ ලබා දීමට සැලසුමක්‌ සකස්‌ව තිබුණද ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා රජය ඒ සඳහා වන අවස්‌ථාව වසා දමා වහාම සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. නොවැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සරත් ෆොන්සේකා නොවැම්බර් 13 වැනිදා තමා එතෙක්‌ දැරූ හමුදා තනතුරෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය භාර දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අතින් එය ප්‍රශ්නයක්‌ නොවන කටයුත්තක්‌ වුවත්, ජාතියේ අනාගතය අතින් එය අර්බුදකාරී තීරණයක්‌ විය. එල්. ටී. ටී. ඊ. ය සම්පූර්ණයෙන් විනාශ කර තිබුණද දෙමළ වර්ගවාදය පරාජය කිරීමේ සටන් ඉතුරු වී තිබිණි. ඒ මොහොතේ ජාතියට අවශ්‍ය වූයේ යුද ජයග්‍රහණයට හවුල් වූ පාර්ශ්ව ආණ්‌ඩු බලයට පොරකන තත්ත්වයක්‌ නොව, ඉතිරි කටයුත්තද නිමවා, දෙමළ වර්ගවාදය සහමුලින්ම නැති කිරීමේ කර්තව්‍යයට අත ගැසීමය. වැටි සිටී දෙමළ වර්ගවාදයේ මුවඟට සිනාවක්‌ මතු කරමින් යුද ජයගහණය සඳහා නායකත්වය දුන් ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්ට එරෙහිව, ඒ මොහොතේ යුද හමුදාව මෙහෙය වූ සරත් ෆොන්සේකා දේශපාලනයට අවතීර්ණ විය.

2010 ප්‍රකාශයට පත් කර තිබූ ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කෙසේ ද යන අර්බුදයේ සිරවී සිටි විපක්‍ෂය, මෙතෙක්‌ තමන් විසින් පහර ගැසූ සරත් තමන්ගේ පොදු අපේක්‍ෂකයා බවට පත් කර ගත්තේය. ජාතික කර්තව්‍යයේදී හෙවත් තමන් රටෙන් වීරයකු ලෙස පිළිගැනීමට ලක්‌වූ කර්තව්‍යයේදී තමන්ට සතුරුකම් කළ පිරිස අතරට යන තැනට සරත් ද පත් විය.

දෙමළ ජාතිවාදය මුළුමනින්ම අතුගා දැමිය යුතු සටන පටන්ගත යුතුව තිබුණු මොහොතේ ලද ජයග්‍රහණය ආපසු හරවන දේ සිද්ධ වන්නට පටන් ගත්තේ ඒ අතරේය. සුදු කොඩි කතාව ප්‍රකාශ වූයේ ඒ අතරේය. එය මැරි සිටි එල්. ටී. ටී. ඊ. ය උට්‌ඨානය කරනු පිණිස කළ ප්‍රකාශයක්‌ විය. සන්ඩේ ලීඩර් පත්‍රයට පමණක්‌ නොව රත්නපුරයේ පැවැති ජන

රැළියකදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය. බී. බී. සි. ගුවන් විදුලියේ හාර්ඩ් ටෝක්‌ වැඩ සටහනේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සුදු කොඩි චෝදනාව එල්ල කළ විට ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. නමුත් පෙරළා ප්‍රශ්න කරන ලද්දේ, "මේ කතාව කියන්නේ ඔබගේ හමුදාපති" යනුවෙන් අසමිනි. පසුව හෙළි වූයේ එම වැඩසටහන මෙහෙයවන ස්‌ටීවන් සකර් සමග සරත් ෆොන්සේකා සිරබාරයේ සිට කරන ලද දුරකථන සාකච්ඡාවකදී ඔහුට ඒ බව ප්‍රකාශ කළ බවය.

සුදු කොඩි කතාව විසින් ශ්‍රී ලංකාව බරපතළ ලෙස ජාත්‍යන්තර තලයේ අපහාසවලට මුහුණ දුන්නේය. දරුස්‌මාන් වාර්තාව, චැනල් 4 වීඩියෝව ආදිය සඳහා ද පසුබිම සැකසීමට මෙම පදනම බලපා තිබිණි. දිනාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යනවා වෙනුවට එය පස්‌සට ඇදෙන තත්ත්වයක්‌ මේ නිසා මතු වන්නට විය.

අද සරත් ෆොන්සේකා නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් කතා කරන පාර්ශ්වයන් සැමදාම සිටියේ එල්. ටී. ටී. ඊ. යට හා දෙමළ වර්ගවාදයට සෘජුව හෝ වක්‍රම ජයග්‍රහණය දෙන තැනකය. සරත් ෆොන්සේකා ඔවුන්ට නතුවීමම ඔහු සිරකරුවකුගේ තත්ත්වයකට පත්වීමක්‌ බව කිව හැකිය. තමන් රටට වීරයකු වූ කර්තව්‍යයේදී සතුරුකම් කළ පිරිසගේ පොදු අපේක්‍ෂකයා වන විට එයින් පිළිබිඹු වූයේ සරත් ෆොන්සේකා තමන්ගේ ආකල්පයට සතුරු පිරිසකගේ සිරකරුවකු වීමය. යළි ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට නම් පළමුව ඔහු නිදහස්‌ විය යුත්තේ ඒ සිරගෙයිනි. ඉන්පසුව ඔහු යුද්ධයේදී කරන ලද සේවය සලකා බන්ධනාගාරයෙන් ඔහු නිදහස්‌ කර ගැනීමේ කතිකාව ඇරඹිය හැකිය.

නමුත් අද සිදුව තිබෙන්නේ ඒ කතිකාවද අතට ගෙන තිබෙන්නේ ජාතික කර්තව්‍යයේදී සරත් ෙද්‍රdaහියකු ලෙස නම් කළ පිරිස වීමය. සරත් බන්ධනාගාරයෙන් නිදහස්‌ කිරීම සඳහා ඔහුට සමාව ලබාදීම සුදුසු කටයුත්තකි. නමුත් ඒ කතිකාවත සඳහා සුදුසුකම තිබෙන්නේ සරත් ෆොන්සේකා ජාතික කර්තව්‍යයේ යෙදී සිටියදී ඔහු වීරයකු ලෙස සැලකූ පිරිස මිස අන් අය නොවේ.

මනෝජ් අබයදීර

source
 

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුර දරන විට ඔහුගෙන් ඉටු වූයේ ජාතික කර්තව්‍යයකි. ඒ මොහොතේ එජාපයේ දැඩි දෝෂ දර්ශනයට සරත් හසුවිය. සරත් ෆොන්සේකා සුදුසු ගැලවීමේ හමුදාවට බව මංගල සමරවීර ප්‍රසිද්ධියේ කීවේය. සරත් ෆොන්සේකා සතුව අතුරු හමුදා තිබෙන බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහුගේ සම්බන්ධයක්‌ තිබෙන බවටත් රනිල් [/COLOR]වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. මෙසේ සරත් විපක්‍ෂයෙන් චෝදනා ලබන විට ඔහු නිරත වී සිටියේ ඊට පෙර වසරේ එµa. බී. අයි. සංවිධානය විසින් ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවේ අංක 1 ට නම් කර තිබූ එල්. ටී. ටී. ඊය විනාශ කර දැමීමේ ජාතික කර්තව්‍යයේය. විපක්‍ෂය ජාතික අභිලාෂයක්‌ සහිතව කටයුතු කළේ නම් සරත් ෆොන්සේකා වෙනුවෙන් කළ යුතුව තිබුණේ ඔහුට ඒ මොහොතේදී උදව් දීමය


    එම පනත සම්මත වන අවස්‌ථාවේදී ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ආණ්‌ඩුවට චෝදනා එල්ල කළේ යුද්ධය නිමවී තිබියදී මෙවැනි ප්‍රබල තනතුරක්‌ ඇති කිරීමේ තේරුම ප්‍රශ්න කරමිනි.
     
    Last edited:

    -Nazir-

    Member
    Dec 3, 2011
    1
    0
    0
    ඔය ඔක්කොම හරි වන්න පුළුවන්
    අපේ රට අපේ අම්ම හා සමානයි නේද?
    ඒ අම්ම ඔක්කොගෙම කැප කිරීමෙන් බෙරා ගත්ත නේද ?

    එක හරියට මේ වගේ
    ඔබගේ මව ළිදක වැටි ජීවිතය අයදමින් සිටින විට දිවි නොතකා කෙනෙක් ඇයව බේරාගයි
    පසුව ඇය යථා තත්වයට පැමිණි පසු අර ඇයව ගොඩගත් තැනැත්තාම ඔබගේ මව දුෂණය කරයි

    අද අප රටට සිදුවන්නේ ඒ දෙයි ඉතින් ඔබ එකට කැමතිද මව බේරගත්තට ඇයව දුෂණය කිරීමට අයිතියක් තිබේද

     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    hemoma anthima wenakan kiyawanna on ekak.......rep nam kepei dapu kenage........eth aththa nam deshapalane wedak ne...kawruth ekai.....eth aparade udde dinuwata passe apita lassana rata hadaganna thibuna.....sf gei mahinda gei fight ekak nathuwa strong wipakshayak ekka anduwe fight eka thibuna nam melahakatath anduwe hoda wedath nawathila rata hedila......e wenuwata me minissu kale balaya ganna weerayo dennekwa fight ekata genapu eka....
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බල ලෝබයෙන් අඳ බාවයට පත් වෙලා.. පලි ගැනීමේ චේතනාවෙන් ඉන්න කෙනෙක් රටට තර්ජනයක් නේද.. කරුනා ආන්ඩුවෙ ඉන්නව තමයි.. ඒත් එයා දැන් අපේ අයට වෙඩි තියන්නෙ නැහැනෙ.. KP පිටරට ඉන්න කොටි සංවිදාන වල විස්තර ගන්න උදව් කරනව.. කරපු දේ නෙමෙයි වැදගත් වෙන්නෙ. කරන දේ.. කරපු දේවල්වලට එයාලට දඬුවම් ලැබෙයි.. ආගමක් කියල දෙයක් විස්වාස කරනවනෙ හැමෝම
     
    • Like
    Reactions: shanefarcry
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මගෙ රෙප් කැපුවට ජෙනරාල්ව එලියට ගන්න බැහැ. අන්න ඒකයි උඹලට වැරදුන තැන. ගිහින් අඩු ගානෙ අර 25000ට අත්සන් කරපන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවුවනමි මම දන්නෙ නැ,ඔය unp කාරයො ටික සුද්දගෙ පෙත්තසට අත්සන් කරන්නෙ 25000 පිරිචිච ගමන් ඔබාම නියෝග කරනවලු වහාම ෆොන්සේකා නිදහස් කරන්‍ඩ කියල.:lol::lol::lol:
    ඒකනේ ඔය සුද්දට කියන්ඩ යන්නෙ ඔබාම ලංකාවෙ ජනාධිපතිනෙ අපි ගරැ කරන්ඩ ඔනේ, :yes::yes::P
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    ඔය ඔක්කොම හරි වන්න පුළුවන්
    අපේ රට අපේ අම්ම හා සමානයි නේද?
    ඒ අම්ම ඔක්කොගෙම කැප කිරීමෙන් බෙරා ගත්ත නේද ?

    එක හරියට මේ වගේ
    ඔබගේ මව ළිදක වැටි ජීවිතය අයදමින් සිටින විට දිවි නොතකා කෙනෙක් ඇයව බේරාගයි
    පසුව ඇය යථා තත්වයට පැමිණි පසු අර ඇයව ගොඩගත් තැනැත්තාම ඔබගේ මව දුෂණය කරයි

    අද අප රටට සිදුවන්නේ ඒ දෙයි ඉතින් ඔබ එකට කැමතිද මව බේරගත්තට ඇයව දුෂණය කිරීමට අයිතියක් තිබේද

    100% + true. we need people who think like You.
    tks.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    reputation_neg.gif
    සරත් නිදහස ලැබිය යුත්තේ... 12-11-2011 10:10 AM ow ne ban KP maru neda shit ban aththata ubala idakin
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා නිදහස් කරගැනිමට අපේ කටිටියට කළ හැකි දේවල්
    1 මහින්ද ජනාධිපතිවරයාට කුණු හරපෙන් බැනිම. :baffled:
    2 සාපකිරිම,ඉරිසියාව,කුහකම,වෛරය සිතේ පුරවාගෙන සිටිම :lol::lol:
    3 ෆොන්සේකට පක්ෂ නොවන අයගේ ‍රෙප් හොරෙන් කැපිම :lol::lol:
    4 සුද්දගෙ පෙත්සමට අත්සන් කිරිම :lol::lol:
    5 තව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:............. වෙන නැ :lol::lol: