සරත් නිසා මොනවා වෙයිද?
උපුටා ගැනීම - දිවයින - 2009/12/13
සරත් ජ. වි. පෙ. හා ජාතිකත්වය
මහාචාර්ය නලින් ද සිල්වා
ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි ඒ වෙනුවෙන් සටන් කළ සරත් ෆොන්සේකා පමණක් නොව යලට මහට ලෙස ජාතිකත්වයේ ධජය අතට ගත් ජ. වි. පෙරමුණද අද දක්නට නැත. ඒ වෙනුවට අද ඇත්තේ විජාතික බලවේගවල නියෝජිතයකු වූ සරත් ෆොන්සේකා කෙනකු සහ එලෙසම විජාතික බලවේගවල තවත් පක්ෂයක් වූ ජ. වි. පෙරමුණය. ජනවාරි මස 26 වැනි දිනට යෙදී ඇති ජනාධිපතිවරණය මෙරට ජාතිකත්වයේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර එයින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම ඉර හඳ මෙන් සහතික වුවද ජනාධිපතිවරණයෙන් බලවේගයක් ලෙස ජාතික බලවේගයට යම් පසුබෑමක් සිදුවනු ඇත. අප ඒ බව සඳහන් කරන්නේ මන්දෝත්සාහි වීමට නොව ජාතිකත්වයේ මීළඟ අදියරට පිවිසීමට පසුබිම සකස් කර ගැනීමටය.
සරත් ෆොaන්සේකා රනිල් වික්‍රමසිංහ තරම්වත් ඡන්ද ලබාගනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ උච්ඡතම අවස්ථාව වූයේ දැනට සති දෙකකට පෙර පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවයි. ඒ සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරණය තෙක් ඇත්තේ අවගමනය හා අවමානය පමණකි. දැන් ජ. වි. පෙ තවත් සරත් කෙනෙකු ගැන කතා කරයි. ඒ අගමැති ධුරය සඳහාය. ඒ සරත් හා මේ සරත් හැරෙන්නට තවත් සරත්ලා ඇත්දැයි අපි නො දනිමු. එහෙත් ජ. වි. පෙ. නායකයන්ට දැන් තමන් කියන්නේ කුමක්ද යන්න ගැනවත් අවබෝධයක් නැති බව පැහැදිලිය.
විටෙක ඔවුන් කියන්නේ මීළඟ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් පමණක් බවත් එහි අගමැතිවරයෙකු නැති බවත්ය. එ. ජා. පක්ෂයට නම් අවශ්‍ය වන්නේ විධායක අගමැතිවරයෙකි. එහෙත් ඒ අගමැති භාරකාර ආණ්ඩුවේ අගමැති කෙනකු විය නොහැක්කේ එවැන්නකු පත්කරගැනීම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බැවින්ය. ඒ කෙසේ වෙතත් අගමැතිවරයෙකු නැති ආණ්ඩුවක තවත් සරත් කෙනකු අගමැති කරන්නේ කෙසේද යන්න ජ. වි. පෙරමුණේ නායකයන් පමණක් දන්නා කරුණක් විය යුතුය.
ඒ අතර ඊනියා පොදු අපේක්ෂකයා හෙවත් එ. ජා. පෙරමුණේ අපේක්ෂකයා කියා ඇත්තේ තමා හුදෙක් උත්සවවලට පමණක් සීමා වූ ජනාධිපතිවරයෙකු නොවන බවය. කවුරුන් කුමන බලාපොරොත්තු ඇතිව සිටිය ද සරත් ෆොන්සේකා බැරිවෙලාවත් ජනාධිපති වුවහොත් (ඒ සඳහා ඔහුට කිසිම ඉඩක් නැත. එහෙත් තර්කය සඳහා ඒ එසේ යෑයි අපි උපකල්පනය කරමි. එසේ ඔහු ජනාධිපතිවීමෙන් හා රනිල් අගමැති කිරීමෙන් පසුව මියගියහොත් රනිල්ට ජනාධිපති වීමේ අවස්ථාවක් ලැබෙන බවත් අමතක නොකරමු.) ඔහු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට එකඟ නොවනු ඇත. එ. ජා. පක්ෂයටවත් ජ. වි. පෙරමුණටවත් එවැනි බලාපොරොත්තු ඇතැයි සිතිය නොහැකිය. අප කලින් ද කියා ඇති පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු තමන් පරදින බව දන්නා මේ පක්ෂ දෙකම ජනාධිපතිවරණයෙන් ඉවත්වීම සඳහා යොදාගන්නා උප්පරවැට්ටියක් පමණකි. ඒ ව්‍යාජ පොරොන්දුවක් බව කිසිවකුටවත් වඩා හොඳින් දන්නේ මේ පොරොන්දුව මත කිහිප වතාවක්ම ජනාධිපතිවරණවලින් ඉවත්වී ඇති ජ. වි. පෙරමුණය. බලාපොරොත්තු ඇතිකර ගන්නේ දේශපාලන මගඩි ගැන අවබෝධයක් නැති අහිංසක ජනතාවය.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය යන්න සාකච්ඡා වීමට පටන්ගැනීමෙන් පසු එහි ඇති භයානකත්වය අපි කියා සිටියෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ ජාතිකත්වයට ඉන් පහර වැදීමය. ජාතිකත්වයේ ඡන්ද බෙදී යැමක් ගැන මෙහිදී නො කියෑවෙයි. ජාතිකත්වයේ ඡන්දවලින් නොගිණිය හැකි ප්‍රමාණයක ඡන්ද සරත් ෆොන්සේකාට ලැබෙනු ඇත. ඔහුට ලැබෙන්නේ සාම්ප්‍රදායිකව එ. ජා. පක්ෂයට දෙන ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හා ජ. වි. පෙ සාමාජික සාමාජිකාවන්ගේ ඡන්දවලින් යම් ප්‍රමාණයක්ය. ජ. වි. පෙ හිතවත්තු විශාල ප්‍රමාණයක් මෙවර ජ. වි. පෙරමුණ, එ. ජා. පක්ෂය ප්රමුඛ එ. ජා. පෙරමුණේ අපේක්ෂකයාට ආධාර කිරීම ගැන කලකිරී සිටිති. ඔවුන්ගේ ඡන්ද සරත් ෆොන්සේකාට නො ලැබෙනු ඇත. අනෙක් අතට මනෝ ගණේෂන් හා රවුෆ් හකීම් කුමක් කීවද දෙමළ හා මුස්ලිම් ජනයාගෙන් අති විශාල බහුතරය සරත් ෆොන්සේකාට ඡන්දය නො දෙනු ඇත. ඒ සියල්ලෙහි හා තවත් කරුණුවල ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා තරග කිරීම හේතුවෙන් ජාතික බලවේගයේ ඡන්දවල අඩුවක් සිදු නොවනු ඇත. ජාතික බලවේගයට ඉන් හානිය වන්නේ ඊනියා තොරතුරු ඔස්සේය. ජනාධිපතිවරණයේදී නොයෙකුත් චෝදනා හා ප්රතිචෝදනා ඉදිරිපත් කෙරෙනු ඇත. සරත් ෆොන්සේකාට විරුද්ධව කෙරන ප්රචාරක හා චෝදනා වැඩි වශයෙන් ම එල්ල වනු ඇත්තේ ජාතික ව්‍යාපාරයටය. එහි දී එ. ජා. පක්ෂය ඔස්සේ ජාතිකත්වයට එල්ල වන ප්‍රධාන ප්‍රහාරයක් නැත. ඔවුන්ට විරුද්ධව ඇත්තේ සටන් මෙහෙයුම්වලට ඔවුන් එරෙහි වීමය. එහෙත් ඒ චෝදනාව එ. ජා. ප විජාතික බලවේගයේ කොටසක් වීම නිසා එල්ලවන්නකි.

Last edited: