සරත් පොන්සේකා මේ වගේ කෙනෙක්

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
සරත් පොන්සේකා මේ වගේ කෙනෙක්

මගේ පුතා නිසා තමයි සරත් ෆොන්සේකා මහත්තයා අද ජීවත්වෙලා ඉන්නේ. මගේ පුතා එදා වීරයෙක් වගේ මරාගෙන මැරෙන කොටි කාන්තාවට පයින් ගහලා තිබුණා. එහෙම නොවෙන්න ඒ කොටි කාන්තාව ෆොන්සේකා මහත්තයාගේ කාර් එකට පැනලා ඒ මහත්තයා මරා දානවා. හැබැයි එතුමාට අද ඒවා මතක නැහැ. අඩුම වශයෙන් එතුමා විශ්‍රාම ගියාට පස්සේවත් අපේ ගෙදරට ඇවිත් අපේ දුක සැප සොයා බැලුවේ නැහැ. එතුමාට හිතක් පපුවක් නැහැ කියලා මට හිතෙනවා.”

මේ හඬ අවදි කරන්නේ රට වෙනුවෙන් දිවි දුන් අභීත රණවිරුවකුගේ ආදරණීය මවකි.

ඇය 61 හැවිරිදි ඩබ්ලිව්.ඒ. ප්‍රේමාවතී ය. පදිංචිය ඇල්පිටිය, ගොළුවාමුල්ල ප්‍රදේශයේ ය. ඇගේ පුතණුවන් මවුබිම වෙනුවෙන් තම ජීවිතය පූජා කළේ කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී ය. ඒ 2006 වසරේ අප්‍රේල් 25 වෙනිදා ය. මේ අභීත රණවිරුවා නමින් කෝප්‍රල් ප්‍රියන්ජන් විරාජ් ය. (සෙබල අංක 67649)

යුද හමුදා කොමාන්ඩෝ බළකායට අනුයුක්ත ව සේවය කළ කෝප්‍රල් ප්‍රියන්ජන් තම ජීවිතය පූජා කළේ එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය කොටි බෝම්බකාරියගෙන් බේරා ගැනීමට ය.

ඒ වනවිට ත්‍රිවිධ හමුදාවෝ කොටි සංවිධානයට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් පරාජය කරමින් සිටියහ. එවැනි මොහොතක එවකට යුද හමුදාපතිවරයා එල්.ටී.ටී.ඊ යට බිලි වූයේ නම් එය හමුදාවේ චිත්ත ධෛර්යයට යම් හානියක් කිරීමට තිබූ අවස්ථාවකි... එහෙත් මරාගෙන මැරෙන කොටි කාන්තාවගේ ඉලක්කය වැරැදිණි. ඒ ප්‍රියන්ජන් විරාජ් රණවිරුවා නිසා ය. ඒ බව එදා මුළු රටම මාධ්‍ය මගින් දැන ගත්තේ ය.

ඕ.කේ.ඩී. විල්සන් මහතා (පියා)

ඩබ්ලිව්.ඒ. ප්‍රේමවතී මහත්මිය (මව)

එවකට කෝප්‍රල් ප්‍රියන්ජන් සේවය කළේ යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක යතුරුපැදි බළකායට අනුයුක්තව ය. යුද හමුදා මූලස්ථානයේ තම කාර්යාලයේ සිට දිවා ආහාරය ගැනීමට නිල රථයෙන් ගමන් ගනිද්දී යුද හමුදාපතිවරයාට මරාගෙන මැරෙන කොටි ප්‍රහාරය එල්ල විය.

කෝප්‍රල් යකන්දාවල සමඟ ප්‍රියන්ජන් විරාජ් යුද හමුදාපතිවරයාගේ නිල රථයට ඉදිරියෙන් යතුරුපැදි ආරක්ෂාව ලබා දෙමින් ගමන් ගනිමින් තිබිණි. ඒ සමඟම හමුදාපතිවරයාගේ නිල රථය දෙසට දිව ආවේ කාන්තාවකි. වහා ක්‍රියාත්මක වූ ප්‍රියන්ජන් විරාජ් යතුරු පැදිය අඩි කීපයක් ඉදිරියට පන්නා දිව ආ කාන්තාවට පා පහරක් එල්ල කළේ ය.

මරාගෙන මැරෙන කොටි කාන්තාවට ඉලක්කය ගත නොහැකි වීය. යුද හමුදාපතිවරයා බරපතළ තුවාල ලබා දිවි ගලවා ගත්තේ ය. කොටි කාන්තාවගේ ඉලක්කය අහිමි කළ කෝප්‍රල් ප්‍රියන්ජන් එම ස්ථානයේ දී ම මරු වැළඳ ගත්තේ ය.

එවකට යුද හමුදා ප්‍රධානියාගේ ජීවිතය බේරා ගන්නට තම ජීවිතය පූජා කළ කෝප්‍රල් ප්‍රියන්ජන් හට යුද හමුදාවේ නිසි ගෞරව සම්මාන හිමි විය. ප්‍රියන්ජන් ගැන දන්නා නොදන්නා බොහෝ දෙනා ඔහුගේ නිවෙසට පැමිණ අවසන් ගෞරව දැක්වූහ. එදා මුළු රටම ප්‍රියන්ජන් ගැන කතා කළහ. ඒ යුද හමුදාපතිවරයාගේ ජීවිතය ගලවා ගත්තේ ඔහු බව කියමිනි.

කෝප්‍රල් ප්‍රියන්ජන් රට වෙනුවෙන් කළ මෙහෙයට නිසි ගෞරව සම්මාන ලැබුණ ද ප්‍රියන්ජන්ගේ මව, පියා සහෝදරිය සහ ප්‍රියන්ජන්ට ආදරය කළ ගොළුවාමුල්ල ගමේ උදවිය අද කියන්නේ වෙනත් කතාවකි. ඔවුන්ගේ ඒ කතාව දැන ගන්නට අපි පසුගියදා ගියේ ප්‍රියන්ජන්ගේ ඇල්පිටියේ පිහිටි නිවෙස වෙත ය.

ඕ.කේ.ඩී. විල්සන් (72) මහතා ප්‍රියන්ජන් රණවිරුවාගේ පියා ය. හෙතෙම රජයේ විශ්‍රාමිකයෙකි. අප එහි යන විට හෙතෙම තරමක රෝගී තත්ත්වයෙන් පසු වූයේ ය. ඔහුට අතීතය හොඳ හැටි මතකය. ඔහු අප හා කතාවට එක්වූයේ දෙනෙතේ කඳුළු පුරවාගෙන ය.

“මහත්තයෝ අපට ගොඩක් කනගාටුයි. මගේ එකම පුතා ෆොන්සේකා මහත්තයාගේ ජීවිතය බේරුවා. එදා එයා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළා. හැබැයි මහත්තයෝ සිංහල ජාතිය කළ ගුණ දන්න ජාතියක්. හැබැයි ෆොන්සේකා මහත්තයා ඒවා දන්නේ නැහැ.” ඔහු ගේ දෙනෙතින් කඳුලක් කඩා හැළෙයි. ඔහු යළිත් තම හඬ අවදි කරයි.

රණවිරු ප්‍රියන්ජන් අවසන් ගමන් යනදා එකම දියණිය හඬා වැටෙමින්

“ෆොන්සේකා මහත්තයා ටී.වී. එකේ රණවිරුවන් ගැන කතා කරනවා මම දැක්කා. හැබැයි එතුමාගේ ජීවිතය බේරා ගන්න ජීවිතය පූජා කළ මගේ පුතාගේ පවුලේ අය ගැන එතුමා නිකමටවත් සොයා බැලුවේ නැහැ. අඩුම ගානේ එතුමා විශ්‍රාම ගියාට පස්සේ මේ ගෙදරට ඇවිත් අපේ දුක සැප බලාවි යැයි කියලා ගමේ හැමෝම කිව්වා.

හැබැයි නිකමටවත් එතුමා අපේ ගෙදරට ගොඩවෙලා ගියේ නැහැ. එතුමාගේ ගම අම්බලන්ගොඩ. අපි ඉන්නේ ඇල්පිටියේ. ඉතින් කිලෝමීටර් කීයද තියෙන්නේ. එතුමා රණවිරුවන්ගේ පවුල් ගැන සොයා බලනවා කියන්නේ බොරුවක්. ඒක අපිට හොඳටම තේරෙනවා. මට මේ දේ රටට කියන්න ඕනෑ වුණා.”

ඔහුගේ වචනවලින් පිට වූයේ හදවතේ වේදනාව ය. මුළු රටටම ෆොන්සේකා මහතාගේ බොරු ගැන පණිවිඩයක් දෙන්නට අවශ්‍ය බව ඔහු කියයි. ෆොන්සේකා මහතාගේ ජීවිතය බේරා දෙන්නට ජීවිතය පූජා කළ තම පුත්‍රයාගේ පවුලේ උදවිය ගැන සොයා නො බැලූ ෆොන්සේකා මහතා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ගැන සොයා බලනු ඇද්දැයි ප්‍රියන්ජන්ගේ පියා ප්‍රශ්න කරයි.

“ෆොන්සේකා මහත්තයා ජනාධිපති වුණොත් රණවිරුවන් ගැන සොයා බලනවා කිව්වට ඒවා බොරු කතා. ඒවට රැවටෙන්න එපා කියලා මම රණවිරුවන්ගේ මවුපියන්ගෙන් ඉල්ලනවා.” ප්‍රියන්ජන් විරාජ් රණවිරුවාගේ පියා අප සමඟ කීවේ ය.

ඕ.කේ.ඩී. ප්‍රියංගනී ප්‍රියන්ජන් රණවිරුවාගේ වැඩිමහල් සහෝදරියයි. ඇය අපට කීවේ ප්‍රියන්ජන් රණවිරුවා එදා කී කතාවකි.

“මල්ලි ඒ දවස්වල නිතරම ෆොන්සේකා මහත්තයා ගැන කියනවා. ඒ මහත්තයා ගොඩක් සැරයිලු. ඉක්මනට කේන්ති යනවා කියලා මල්ලි අපිට කියනවා. හැබැයි මල්ලිට ෆොන්සේකා මහත්තයා ගොඩක් හිතවත් කියලා තියෙනවා.

ඕ.කේ.ඩී. ප්‍රියංගිකා මහත්මිය (සොහොයුරිය)

ෆොන්සේකා මහත්තයාගේ සමහර පෞද්ගලික ගමන්වලට පවා මල්ලි එක්කගෙන ගිහිං තියෙනවා. අන්තිමට එතුමා මරාගෙන මැරෙන්න ආපු කොටි කාන්තාව වළක්වා තියෙන්නේ මල්ලි කියලා හමුදාවේ මහත්තුරු අපිට කිව්වා. ඒ මොනවා වුණත් ෆොන්සේකා මහත්තයා අපේ පවුලේ අය ගැන සොයා බැලුවේ නැහැ” ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව පවසන්නී ය.

මේ ළඟදි ඇල්පිටිය නගරයේ ෆොන්සේකා මහත්තයාගේ රැස්වීමක් තිබුණා. ගමේ හැමෝ ම කිව්වේ අපේ අම්මයි තාත්තයි ඒ රැස්වීමට ගෙන්වලා එතුමාගේ ජීවිතය බේරුවට ස්තුති කරයි කියලා. අඩු ම ගානේ එතුමා අපේ ගෙදරට ගොඩවෙලා යාවි කියලා තවත් සමහරු කිව්වා. හැබැයි ඉතින් එහෙම වුණේ නැහැ.

ගමේ හැමෝ ම ඒ ගැන කල කිරිලා ඉන්නේ. හැමෝ ම කියන්නේ එතුමා රණවිරුවන් ගැන කතා කළාට එතුමා ගැන විශ්වාස කරන්න බැහැ කියලා. එතුමාගේ ජීවිතය බේරපු අපේ මල්ලි ගැන සොයා නොබලපු කෙනා රටේ ම රණවිරුවන් ගැන සොයා බලයිද කියලා හැමෝම අහනවා.” රණවිරු ප්‍රියන්ජන්ගේ වැඩිමහල් සහෝදරිය කීවා ය.

සුමනදාස විතානආරච්චි (49) ප්‍රියන්ජන් රණවිරුවාගේ ඥාති සොහොයුරෙකි. ඔහුගේ හදවතේ වේදනාව වචනවලට පෙරළිණ.

“හමුදාවේ මහත්වරු අපේ මල්ලි වෙනුවෙන් හැම යුතුකමක් ම ඉටු කළා. හැබැයි ෆොන්සේකා මහත්තයා ළඟින් ම හිටපු එතුමාගේ ජීවිතය බේරාගත් අපේ මල්ලී ගැන ෆොන්සේකා මහත්තයා සොයා බැලුවේ නැහැ. එහෙව් එතුමා ජනාධිපති වුණොත් රණවිරුවන්ට සලකනවා කියනවා. මේවා අමූලික බොරු. එතුමාට ඕනෑ බලයට එන්න විතරයි. එතුමාගේ වචනවල තියෙන්නේ වෛරය.

ආදරය කරුණාව එතුමා ළඟ නැහැ කියලා අපේ මල්ලිට සලකපු විදියෙන් ම පෙනෙනවා. එහෙම කෙනෙක් රටේ නායකයා වුණොත් දෙයියන්ගේම පිහිටයි” ප්‍රියන්ජන් රණවිරුවාගේ ඥාති සොහොයුරා සිය අදහස් වචනවලට පෙරළුයේ ආවේගශීලීව ය. දයාසිරි සයිමන් මහතා ගොළුවාමුල්ල සුමිතුරෝ සංවිධානයේ සභාපතිවරයා ය. හෙතෙම විශ්‍රාමලත් කෘෂිකර්ම උපදේශකවරයෙක් ද වෙයි. ඔහු ගම්මු වෙනුවෙන් අදහස් දක්වන්නට ඉදිරිපත් වීය.

“ඇත්තටම අපි හිතුවා ෆොන්සේකා මහත්තයා ප්‍රියන්ජන්ගේ පවුලේ අය ගැන පෞද්ගලිකවම සොයා බලයි කියලයි.

මොකද එතුමාගේ ජීවිතය බේරුණේ ප්‍රියන්ජන් වහාම ක්‍රියාත්මක වුණ නිසා. ප්‍රියන්ජන් කළේ රාජකාරිය බව ඇත්ත. ඒත් අපි සිංහලයෝ විදියට කලගුණ දන්න මිනිස්සු. ජෙයරාජ් ඇමැතිතුමා කොටි විසින් ඝාතනය කරපු වෙලාවේ එතුමාගේ බිරිය ඇමැතිතුමාගේ දේහය ගෙදර තියෙද්දීම එතුමාගේ ආරක්ෂක නිලධාරීන් දෙන්නාගේ මළ ගෙවල්වලට ගියා. ඒක මොන තරම් වටිනවාද?

“ෆොන්සේකා මහත්තයා විශ්‍රාම ගියාට පස්සේවත් අඩුම ගානේ ප්‍රියන්ජන්ගේ පවුලේ අය ගැන සොයා බලන්න තිබුණා. හැබැයි ෆොන්සේකා මහත්තයාට එහෙම කෙලෙහි ගුණයක් නැහැ කියලා මේ අවට ගම්වල හැමෝම කියනවා. ඒ වගේ කෙනෙක් රටේ නායකත්වයට ගැළපෙන්නේ නැහැ. මේවා මුළු රටේ ම ජනතාව දැන ගන්න ඕන දේවල්. අපි මේ හැම දෙයක් ම කියන්නේ ෆොන්සේකා මහත්තයාගේ අල්ලපු ගම ඇල්පිටියේ ඉඳලා” දයාසිරි සයිමන් මහතා කියා සිටියේ ය.

af1001242-1.jpg


ප්‍රියන්ජන් විරාජ් රට වෙනුවෙන් ජීවිතය පූජා කරන විට ඔහු එක්දරු පියෙකි. ඔහුගේ ආදරණීය බිරිය පූර්ණිමා වික්‍රමසිංහ ය. ප්‍රියන්ජන් ගේ එකම දියණිය මේ වනවිට අධ්‍යාපනය ලබන්නේ් බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ දෙවන වසරේ ය. අප මේ කතා බහට ප්‍රියන්ජන් රණවිරුවාගේ බිරිය මුණ ගැසීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඒ ඇය ඒ වෙනවිට තම දියණියගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා කොළඹ පැමිණ සිටි නිසා ය.
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
ආප්පෙකින් දමල ගහයිද මන්ද?
rep කපන්න එපා උට්ටො, දැන් මම රෑට කන්නේ කොහොමද රේප් නැතුව.
ආප්ප කතාව තේරුනේ නැති උක් කන්නලාට: උඹල පොන්සේකා ආප්පෙකින් soldier කෙනෙක්ගේ මුනට දමල ගහපු කතාව අහල නැද්ද?
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආප්පෙකින් දමල ගහයිද මන්ද?
    rep කපන්න එපා උට්ටො, දැන් මම රෑට කන්නේ කොහොමද රේප් නැතුව.
    ආප්ප කතාව තේරුනේ නැති උක් කන්නලාට: උඹල පොන්සේකා ආප්පෙකින් soldier කෙනෙක්ගේ මුනට දමල ගහපු කතාව අහල නැද්ද?

    ආප්පෙ කනට තියලා බන් ගහලා තියෙන්නෙ... බිත්‍තරේ කනේ හිටින්න.... :lol::lol::lol::lol: