සරත් ෆොක්සේකා අත්අඩංගුවට ගැනීම....

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    සරත් ෆොක්සේකා අත්අඩංගුවට ගැනීම....

    සරත් ෆොක්සේකා අත්අඩංගුවට ගැනීම අනුමත කරන්නේ නෑ - අස්ගිරි මහ නාහිමියෝ

    'ජනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. මේ කළ වැඩේ හොඳමදි. එතුමා රටට විශාල සේවයක් කරලා රටට සහනයක් උදා කළා. මේ විදියට කළ දේ අනුමත කළ නොහැකියි. මීට වඩා ගෞරවාන්විත අන්දමට දේ කරන්න තිබුණා. ප්‍රශ්න කිරීමත් ඒ ලෙස කරන්න තිබුණා.'

    උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැ දැකීමට පෙරේදා (09) පැමිණ එක්සත් ජාතික පක්‍ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවේදීය.

    එහිදී අස්ගිරි නාහිමියෝ මෙසේද කීය.

    මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ හරියට දාමරිකයෙකු අත්අඩංගුවට ගන්නවා වගේයි. ඒ අවස්ථාවේදී ක්‍රියාකරපු ආකාරය අපි කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. දාමරිකයෙකු වුවත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තියෙනවා. වැරදි තිබෙනවා නම් ප්‍රශ්න කිරීමේත් ක්‍රමයක් තියෙනවා. ෆොන්සේකා මහතා පැනල ගිහින් සැගවී සිටියේ නැහැ. එතුමා එළිපිට සිටි කෙනෙක්. අපි කවුරුත් අමතක නොකළ යුතුයි එතුමා රට වෙනුවෙන් යම් සේවයක් කළ කෙනෙක්.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කලබල නොකර කලකෝලාහල නොකර අවිහිංසාවාදීව තමන්ගේ විරෝධය පළ කිරීම සුදුසුයි. රට අවුල් කරන තත්ත්වයේ වැඩ නොකර සාමකාමීව කටයුතු කරන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ක්‍රමය වැරදියි. අයථා විදියට ගත් බව තමයි අපටත් ලැබී තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. අපිත් මේවා දැනගත යුතුයි.

    පක්ෂ බේද නෑ. ෆොන්සේකා මහතා කවුරුත් ගරු කරපු කෙනෙක්. නීතිය එක හා සමානව පැවතිය යුතුයි. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නම්. යැයි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නාහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    Defeated Sri Lankan candidate Sarath Fonseka urges calm


    _47281537_008716047-1.jpg



    Defeated Sri Lankan presidential candidate Sarath Fonseka is appealing for calm, his wife has announced.

    More details.......
     
    • Like
    Reactions: nismok