සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ බන්ධනාගාරය තු
සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ බන්ධනාගාරය තුළ ලබා දී ඇති පහසුකම් ඉතා සතුටුදායක බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිත මාර්ක් ට්‍රොවල් මහතා පවසයි.
පසුගිය 10 වැනිදා පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් සරත් ෆොන්සේකා මහතා සිටින සිරකුටිය පරීක්ෂා කිරීමෙන් පසු ට්‍රොවල් මහතා මේ බව දන්වා තිබේ. තමාට සරත් ෆොන්සේකා සිටින සිර කුටිය බැලීමට අවසර ලබාදෙන ලෙස ට්‍රොවල් මහතා කරන ලද ඉල්ලීම, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැන්වීමෙන් පසු ජනාධිපතිවරයා ට්‍රොවල් මහතාට මේ විශේෂ අවසරය ලබාදීමට උපදෙස් ලබා දී ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා පැවැසුවේ ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සමඟ විනාඩි විස්සක පමණ කාලයක් ට්‍රොවල් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ගත කළේය.
සරත් ෆොන්සේකාගේ සිරකුටිය මෙන් ම අනෙකුත් රැඳවියන්ගේ කුටි හා පහසුකම් නිරීක්ෂණය කිරීම ද ඒ මහතා සිදුකර ඇත.
එහි සිටින විදේශීය මෙන් ම දේශීය සිරකරුවන් සමඟ ද කතාබහක යෙදුණු ඒ මහතා රැඳවියන්ගෙන් බන්ධනාගාරයේ ඇති පහසුකම් පිළිබඳව ද විමසීමක් සිදු කර ඇත.
එහි දී රැඳවියන් පවසා ඇත්තේ තමන් මේ බන්ධනාගාරය තුළ තිබෙන පහසුකම් පිළිබඳව සෑහීමකට පත්වන බවයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතාගේ නිල කාමරයේ ඇති අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සටහනක් තබමින් ට්‍රොවල් මහතා සඳහන් කර ඇත්තේ සරත් ෆොන්සේකා මෙන් ම අනෙකුත් රැඳවියන්ට වැලිකඩ බන්ධනාගාරය තුළ සපයන පහසුකම් පිළිබඳව තම ප්‍රසාදය හිමි වන බවය.
මේක තමයි Mr.සරත් සමාව අරන් එලියට යන්නේ නැති හේතුව. ඇතුලේ මාර සැපලුනේ හැමදාම ජෙලර්ලගෙනුත් ලැබෙනවා ඇති.
ගෙදර ගියාම අනෝමා එක්ක ඉදලා එපා වෙලා ඇති.