අපි ලඟදි ඔතනින් බඩු ටිකක් ගත්තා
සරනේරු නං මෙල්වා තරං ෆිනිශින් එක නං හරි නැහැ ඒක දැකපු ගමන් පේනවා,
නමුත් අවුලක් නැහැ. නිතර ඇරෙන වැහෙන ප්රධාන දොරවල් වලට වගේ මෙල්වා වගේ දාල ඒ තරං අරින්නෙ නැති දොරවල් ජනෙල් වලට ඕකෙන් අරං දාන්න පුලුවන්. ජනෙල් වලට නං මේව අවුලක්ම නැහැ. මේව ටිකක් තද ගතියට තිබුනෙ ඒව නං තෙල් ටිකක් දැම්මම හරි ගියා
සොයිබ නං අවුල් ෆිනශින් එක හරි නැති නිසා සොයිබ හරිම හිරයි, මම සමහර දිග අඟල් 8 වගේ සොයිබ අඬුවෙන් අල්ලලා වහපු ඒවත් තියනවා, අතින් අල්ලලා වහන්න බැහැ අත කැපෙන්න වගේ වෙනවා
සොයිබෙ තියන අර උඩ පහල යන කූර හරිම රෆ් ඒක නිසා මේක වෙලා තියෙන්නෙ
ගනිද්දි එකින් එක බලලා හිර නැති ඒවයින් ගත්තා නං හරි
ඔවරෝල් ගත්තම ෆිනිශින් එක ගොඩක්ම කොලිටි නැහැ, රෆ් එජස් තියනවා. සොයිබ හරි අමාරුයි අරින්න වහන්න වෙන්නෙ
හැබැයි සොයිබ සහ සරනේරු ගොඩක් වෙලාවට කර්ටන් වලින් වැහිල එහෙම තියන නිසා මහා ලොකු ගානක් වියදම් කරන එකත් එක අතකින් බැලුවම අපරාදෙ වගේ