සරම ඇඳෙන් බිමට වැටෙන කොට ..........

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
සරම ඇඳෙන් බිමට වැටෙන කොට ..........

aliza_tariq.e6v42zmx628s4o0okkoggo0o4.97bcdx3jiokcs4c8o4w8ss00s.th1-595x475.jpg


"හිරාන් මට ඔයාගෙ සිටුවේෂන් එක තේරෙනවා. මම ඔයාට ළං වුණේ ඒ වගේ දේකට නෙවෙයි. බයවෙන්න එපා. මම නිකරිට මේ ගැන කියන්නෙ නෑ."


හුටා කඩන කඩන ගෙඩිය මඩට වැටෙන්නෙ. ඇයි දෛවය ඔයා මාත් එක්ක මේ තරම් ඔරොප්පු. ඔයා නිසා මම කන්නෙ පරිප්පු දාන්නෙ සෙරෙප්පු. අහෝ මේ දුක කාට වුණත් මටනම් සිදුනොවේවා.
"මම මේ කතා කරන දේවල්වල මොන තරමට හරි වැරැදි ගෑවිල තියෙනවද කියලා මම දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ මට දැනෙන දේ."
"ඔව් හිරාන් මට තේරුම් ගන්න බැරි කමක් නෑ. මම කියන්නෙ ලව් ෆීලිං එකක් ඔයා ගැන මගේ හිතේ නෑ කියලා. සමහර විට ඔයාගේ හිතේ අවංකවම එහෙම දෙයක් ඇති."


"නෑ මියුරු, මට නං හිතෙන්නෙ ඔයාගෙ හිතෙත් එහෙම දෙයක් තියෙනවා. ඔයා ඒකට ඉඩදෙන්නෙ නෑ."
"ඔයාට සකුලිගෙන් ලැබුණු දේවල් මගෙන් ලැබෙයි කියලා කොහොමද විශ්වාස කරන්නෙ. හිරාන් ඇත්තම කිව්වොත් ඔයාට තියෙන්නෙ දැන් සෙක්ස් ඇරියස් එකක්."
මියුරු එහෙම කිව්වට පස්සෙ මම ඒ ගැන මාරාන්තික විදියට කල්පනා කළා. ඇත්ත මට එහෙම අවුලක් මේ වෙලාවෙ නිර්මාණය වෙලා තියෙනව තමයි. සමහර විට මම ඒ ඇරියස් එක මියුරුගෙන් කවර් කරගන්න හදනව ඇති. ජීවිතේ ගැන මියුරුට තියෙන්නෙ මාර නොලේජ් එකක්නෙ බලාගෙන ගියාම. කතා කරන වාර ගාණ, කතා කරන වෙලාව ටික ටික වැඩි කරාද ඒක ඉබේ වුණාද කියල දෙයියො තමයි දන්නෙ. මියුරුට මීට කලින් කොල්ලො හත් අට දෙනෙක් ඉඳල තියනව. වැඩි හරියක් ඒවට මෙයා බූට් එක තියල. මට නං කෙල්ලොන්ගෙ අතීතයෙන් තඹ ‍ෙදායිතුවක වැඩක් නෑ. මාත් එක්ක ජීවත්වෙන වර්තමානෙයි හදාගන්න හිතාගෙන ඉන්න අනාගතෙයි අනාගන්නෙ නැතුව හිටියනං ගොඩ.

images


* * * * * *
හා හා පුරා කියලා සරල ජ්ර් එකේ වැඩ පටන් ගත්ත. ජීවිතේ කිසිම ගෝ එකක් නෑ. ඔහේ ගෙවිල යනවා. ඒත් මෙතැනත් නාගෙන බෑ. දුවින් තක්ෂිලා ලබන සතියෙ එන්ගේජ්මන්ට් එක ගන්නවලු. උන් දෙන්න නං කොහොම හරි කට්ට කාගෙන උනන්දුවෙන් ගොඩයයි. හැමදාම යාළුවො කියලත් උන්ට මාව බදාගෙන ඔතාගෙන ඉන්නත් බෑනෙ. මගේ ජීවිතේ ළඟ හිටපු ගොඩක් අය පුදුම ඉක්මනට අෑත් වුණේ. පරදිනකොට ඔහොම තමයි. ජ්ඕ එක පැත්තෙ මතක ඇති කාලෙකින් ගියේ නෑ. වල්පැළත් වැවිල ඇති ඒ පැත්තෙ. සකුලිලට වීසා වැදිල තිබුණ. එයා නං ඒ ගැන කිව්වේ ලොකු සතුටකින්. අලුතෙන් දුක් වෙන්න මගේ හිතෙත් ඉඩ තිබුණෙ නෑ. හිරුනි ඉඳලා හිටල හරි කතා කරල දුක සැප බෙදාගත්ත. මේ දේවල් අතරින් දවස් හත අටක් ගෙවිලත් ගියා.


ඉස්සර මට මොන තරම් කෝල්ස් ආවද ෆෑන්ස්ලගෙන්ම. ජ්ඕ එක පැත්තෙ යන්න බෑ ඩ්ඪ පාරවල් චැට් එකේ වැහි වැහල. ඒකට දැන් බලු බල්ලෙක් නෑ. හරියට නිකන් ඇඳිරිනීතිය දාලා වගේ. කමක් නෑ. කමක් නෑ. ආපහු මගේ පැත්තටත් බඹරෙ කැරෙකෙයිනෙ. එතකොට බලා ගමුකො.
හැමදේම දන්න නිකරිට මියුරුගෙ ප්‍රශ්නෙ නොකිව්ව එක හිතට අවුල් වගේ. ඕන මඟුලක් වෙයං කියලා හිතාගෙන අමු අමුවෙම මියුරුගෙ කතාව නිකරිට කිව්ව. එයාට ඒක දැනුනලු. වැඩිය අපිත් එක්ක මූ වුණේ නැත්තෙත් ඒකලු. හැබැයි නිකරි නං කියන්නෙ මියුරු එහෙම ලව්වලට වැඩිය කැමැති කෙනෙක් නෙවෙයිලු. හිටිය හැම කොල්ලම තියාගෙන හිටියේ ටයිම් පාස් කරන්නයි සෙක්ස් පාර්ට්න කෙනෙක් විදියටයිලු. නිකරිට ජෙලද දන්නෙ නෑ. මම මියුරුට කොක්ක ගහනවට. හැබැයි මමමයි මියුරුට කිව්වේ නිකරිට කියන්න එපා කියලා. දැන් මාත් එක්ක මල පනීද දන්නෙ නෑ.


එක අතකට දෙන්න අතර පොඩි අවුලක් නිර්මාණය කරන එක හොඳයි. එතකොට මියුරුව මගේ ළඟට ගන්න ලේසියි. මම මියුරුත් එක්ක මලක් වගේ එකක් කඩ කඩ ඉන්නකොට සකුලි කෝල් කළා.

cute%2Band%2Bhandsome_indian-babe.jpg


"හිරාන් අපි හෙට උදේ ලංකාවෙන් යනව. 6.45ට ෆලයිට් එක තියෙන්නෙ. මොකද කරන්නෙ. කාත් එක්කද වේටිං ආ."
"මියුරු තමයි එහා පැත්තෙ හිටියෙ සකුලි. මට ජොබ් කට්ටක් නං ලැබුණ. සරල ජ්ර් එකේ. මම ඉතින් කාලයට වෛර කර කර ඉන්නව."
"ඒ මොකද ඒ."


"කාලය අපි අතරින් ගලාගෙන ගියේ නැත්තං ඔයා තාම මගේ තුරුල්ලෙ. මේ ගෙවල්, බිත්ති, කොට්ට, මෙට්ටවල පවා ඔයාගේ උණුහුම තාම තියෙනව සකුලි."
"මට තේරෙනවා හිරාන්, ඒත් වුණ හැම දෙයක්ම හොඳට වුණේ. අවුරුදු දෙකකින් අපි ලංකාවට එනවනෙ. මම ඔයාට ර්චඪත කරන්නම්. පරිස්සමෙන් ඉන්න චාරුකගෙ හිතෙ කිසිම කහටක් නෑ. එයා හරිම හොඳ කෙනෙක් හිරාන්. ළඟදි දවසකත් මොකක් හරි එකකට ඔයා ගැන කතා කරද්දි කිව්ව, අපරාදෙ මම නිකං ඒ අහිංසක කොල්ලව සැක කළා කියලා."


මට මල පැන්න කොහොමද දන්නවද. ආයෙ නෑ ඉතින් අම්ම මුත්ත මතක් වෙන්නම. ඒත් ඉතින් මේ වෙලාවෙ තරහ අරගෙන බෑ. චාරුකය තමයි දවසකට හරි මිනිහ. උෟ මටත් කෙළවල ගෑනිවත් ගානට බැලෙන්ස් කරගත්ත එහෙනං.
"ආාාාාා එහෙමද? ඇත්ත ඇත්ත චාරුක ගොඩක් හොඳ මිනිහෙක් තමයි. ඔයා ගිහින් මට ස්කයිප් එඩ්රස් එකත් එවන්න. මං ඇඩ් කරගන්නං."


"හරි හිරාන් එහෙනං මම නතරවෙනව. ඔයාට බුදු සරණයි. ලංකාවෙ මට දාල යන්න හිත දෙන්නෙ නැති එකම දේ ඔයා විතරයි."


"මටත් ඒ වගේ තමයි සකුලි. ඒත් දැන් ඒ අතීතය ගෙවිල ඉවරයි. අපි පොඩි දරුවො නෙමෙයිනෙ. අපේ ආදර හුස්ම හැංගිලා තියෙන ඒ රහ අතීතෙට හැමදාම මම ආදරෙයි. ඔයාටත් බුදු සරණයි. පරිස්සමෙන් ගිහින් එන්න. ඔයා එනකොට මගේ ජීවිතේ මොන විදියට වෙනස් වෙලා තිබුණත් හිතින් මම ඔයාට ආදරෙයි."


සකුලි ෆෝන් එක තිබ්බාම මගේ පපුව කඩාගෙන වැටිල වගේ ලොකු වේදනාවක් දැනුණ. අම්මටසිරි මියුරු තාමත් හෝල්ඩ් එකේ ඉන්නව. දැන් මූඩ් ගහල හිටියොත් වැඩේ අවුල් යනව.
"සොරි මියුරු ඒ කෝල් එක ටිකක් දිගට ඇදුණ. ලොකු දෙයක් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. එයාලා හෙට උදේ ලංකාවෙන් යනව. දෙයියනේ කියලා දැන් මට මගේ පාඩුවේ ඉන්න පුළුවන්."


මගේ කටට හෙණ ගහන්න ඕනෙ කියන බොරුවලට.
"ලොකු දෙයක් තමයි ඒක නම්."
"තත්පරයක් ඉන්න මියුරු. මගේ සරම ඇඳෙන් බිමට වැටුණා."
"මොකක් ආ. යූ කේ්‍රසි."
"හරි හරි දැන් වැඩේ ගොඩ. අවුලකට තිබුණෙ සරම බිම වැටෙද්දි ඒක ඇතුලෙ මමත් හිටපු එක."
"ඔයාට නං පිස්සු හිරාන්. එනි වේ ජෝක් එක ගොඩාක් ක්‍රියේටිව්. මම කැමැතියි ඒකට."
"ඒ ජෝක් එක කරපු මට කැමැති නැද්ද එතකොට."


"ඔයා නං හරිම කපටියෙක් හිරාන් ඇත්තමයි. හොඳට දන්නව කෙල්ලො කොටුකර ගන්න. හ්ම් දැන් ඇති නිදාගන්න. මම හෙට කෝල් එකක් දෙන්නං."


වැඩේ ගොඩ වගේ. මාත් හැඟීම් දැනීම් නැති බූරුවෙක් ගානට වැටිල. ඊළඟ කෑල්ල තවත් රසවත් නිසා පරණ සබන් කෑල්ලට යන්න කියනව. ආපහු සකුලි හිතට ආව. දැන් යන්න ලෑස්ති වෙනව ඇති. අපි ලෝකෙට පේන්න මොන තරං බොරු කරනවද? ජීවිතේ හැටි. දවසක් සකුලි එයා වෙනුවෙන් සිංදුවක් ලියන්න කිව්ව. අද තමයි ඒකට දවස.


කිරුල නුඹ මගේ නම්
කඳුළු ඇයි මෙතරම්
රත් කොපුල් මත හාදු තවරා ආදරෙන්
ඔබට සමුදෙන්නම්
ඔබෙන් සමුගන්නම්
සුසුම් ගංගා සොරොව් සිඳදා
ආදරේ දියබත් කළා
සවන් සනසා වදන් වැපිරූ
දෙකන්නෙම අද ගොළු වෙලා
මතක මං පෙත් පාරා
සිතෙහි ඇඳි රූ සේයා
ඔබයි මියුලැසියේ...


තෙරක් නොපෙනෙන මායිමක් නැති
ඉසව්වක අප තනිවෙලා
ලොවෙන් සැඟවූ රහස් පෙම අද
අතීතය මත වැළලිලා....
මතක මං පෙත් පාරා
සිතෙහි ඇඳී රූ සේයා
ඔබයි මියුලැසියේ....


25848.jpg