උඹ ඉතින් දන්න තරම තමා ඔය.. මොකද්ද කැම්පස් එක.. ෆැකල්ටිය ?

මට එහෙයි කියා ගන්න ඕනේ නං ඕන තරං කට්ටිය ඉන්නවා බං.. ඒත් උඹ වගේ තනියම ඇවිදින ආත්මයක් නෙමෙයි.. දවසක ට්‍රිප් එකක්වත් වරෙන් කැම්පස් එකට එහෙයි කියන උං පෙන්නන්න.. මොන රටෙන් ඩිග්‍රිය කරලද දන්නේ නෑ නේ දිසාපති උනේ මට ආසයි දැන ගන්න...
ikmanata DR kenek mt welaමගේ FB ලින්ක් එක උබට පීඑම් කරන්නම් .. ඇවිත් පුළුවන් දෙයක් කරපං...
Machan, Can u please tel me a date when this campusses start?? now its been like 2 and a half months. this is freaking us out.
ගිහිල්ල හම්බ වෙලා අහපන් අදුරන ලෙක්චරර් කෙනෙක් ගේන් උගන්න එක විතරමද කරන්නේ කියල..... කෑ ගහල නොදන්න කම පෙන්නන් එපා... උබලට වඩා ගොඩක් ලගින් අපේ ඩිපාට්මන්ට් එකේ ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය සම්බන්ද තාවයක් තියෙනවා....
SL universities + lecturers sucks
nikan idagena padi ganna thama oya okkoma rilaw tika lehestiya. wena ratawal wala nwa soya genim karala ratata weda dai deyak karanawa. ekata meke inna un. raten padi gannawa nikan innawa. ekarala pita rataka suddonge puka hodanna gihin hema dema karala salli gannawa. rata adare ne bolaw. ratata wedak karanne oya inna achrya warungen .001% th aduwen. boru kibul kadulu halanna epa methana. weda karanne podi un. un padi gananwa witharai![]()
මෙහෙමද බන් අපේ රටේ මිනිස්සු හිතන්නේ..අපේ රටට බඩුම තමා...






කොනකපාල007;10656379 said:1. සහයෝගය පල කරමි
2. ප්‍රොපෙක්ගේ පඩිය ලක්ශ 4ක් වත් කරන්න ඕන
3. අනිකුත් පඩි නඩි නියමිත පරිදි වෙනස් වෙන්න ඕන
4. රිසර්ච් කරන්න පහසුකම්/සල්ලි දෙන්න ඕන ( ජේශ්ඨ ඇමති මන්ඩලේ කියන නාකි මඩම වැහුවොත් ඕන තරම් සල්ලි හොයා ගන්න පුලුවන් )
5. පුරප්පාඩු පුරවන්න ඕන.
මේවා නොකෙරෙනවා නම්, මෝඩයොන්ට බඩ පිනුම් ගහන්න ඉඩ දීලා, බුද්ධියට සලකන රටක් බලා තොලොංචි වෙන්න ඕන.![]()

කොනකපාල007;10656379 said:1. සහයෝගය පල කරමි
2. ප්‍රොපෙක්ගේ පඩිය ලක්ශ 4ක් වත් කරන්න ඕන
3. අනිකුත් පඩි නඩි නියමිත පරිදි වෙනස් වෙන්න ඕන
4. රිසර්ච් කරන්න පහසුකම්/සල්ලි දෙන්න ඕන ( ජේශ්ඨ ඇමති මන්ඩලේ කියන නාකි මඩම වැහුවොත් ඕන තරම් සල්ලි හොයා ගන්න පුලුවන් )
5. පුරප්පාඩු පුරවන්න ඕන.
මේවා නොකෙරෙනවා නම්, මෝඩයොන්ට බඩ පිනුම් ගහන්න ඉඩ දීලා, බුද්ධියට සලකන රටක් බලා තොලොංචි වෙන්න ඕන.![]()

මේවා තමයි වෙන්න ඕන...උඹලට වෙලාව වැඩිනම් විතරක් ඉස්සරහට කියවන යන්න.
මුලින්ම කියන්න ඕනේ, මම පිළිගන්නේ නෑ කියල හැම lecturer කෙනෙක්ම හොඳ අය කියල.
මම final year project එකට කරේ ටිකක් කටු project එකක් (දන්නා අය දන්නවා මේකට ඕන බොරුවක් කරලා ගොඩ යන්න පුළුවන් කියල, නමුත් මම ඒක කරේ කැහිල්ලට). මගේ project adviser ගාවට උපදෙස් ගන්න ගිහිපු හැම වතාවකම කිව්වේ google එකේ ගහල බලන්න කියල. ඒ වගේම ඒ කාලේ ආව අලුතෙන් එක්කෙනෙක්, පුදුම කැපවීමක් තිබ්බ. අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරා. NIC එකේ මොකක්ද සිද්ධියක් නිසා මුල් මස 4 පඩි හම්බ උනේ ගොඩක් පරක්කු වෙලා. අපේ lectures ඉවර වෙලා හැමදාම රෑ 7-8 වෙනකන් ඉන්නවා අපේ project වල විස්තර අහල උපදෙස් දෙන්න. අපිට ඉගැන්නුවට පස්සේ campus ඒක එපා වෙලා වෙන ලොකු තැනකට ගියා. හැබැයි අදටත් visiting lecturer කෙනෙ විදියට යනවා. ඒ වගේම තව කෙනෙක් හිටිය, යුධ්ධේ කාලේ ඉගෙන්වීමට අමතරව හමුදාවට ගොඩක් සහය දුන්න කෙනෙක්. එයා ළමයින් එක්ක එකතුවෙලා ස්වයන්ක්‍රීයව බිම් බෝම්බ හොයන්න පුළුවන් උපකරණ හදන්න ව්‍යාපෘති කරා, ලංකාවට ආයුධ ගනිද්දී ඒවායේ තාක්ෂණික දේවල් evaluate කරන්න ඉදිරිපත් උනා. එක දවසක් ඇවිත් කිව්වා "මේ රටට කිසි දෙයක් කරලා වැඩක් නෑ කියල", office එකේ බදු ටිකත් අරන් ගියා, රටිනුත් ගියා, එච්චරයි. මගේ තාත්තත් මොරටුවට visiting lecturer කෙනෙක් විදියට යනවා, ඒක නිසා මම දන්නවා මේ හොඳට උගන්වන අය කටු කාගෙන උගන්වන්නේ පිනට වගේ කියල.
මේකේ මම ප්‍රශ්න කීපයක් දකිනවා. ලංකාවේ කැම්පස් වලත් බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ වගේ යම් කිසි විෂයක් උගන්වල, අන්තිමට විබාගේ තියල ලකුණු දෙන එක. ඒක නිසා ආණ්ඩුවෙන් නිකන් ගුරුවගුන්ට සලකන විදියට තමා, විශ්වවිද්‍යාල වල ආචාර්ය වරුන්ට සලකන්නේ. මේ system එකේ පරණ වෙච්ච සමහර අචාර්ය වරු පවා මේ system එකෙන් පිටට යන්න කැමති නෑ. රටේ මිනිස්සුන්ට දැනුමක් නෑ විශ්වවිද්‍යාලයකින් මොකද වෙන්න ඕනේ කියල. පටු දේශපාලන උවමනාවලට කඩේයන මාධ්‍ය වලින් මිනිස්සුන්ට කියන බයිලා නිසා වෙන්නේ මේක හදන්න තවත් අමාරු වෙන එක. අනිත් කැම්පස් ගැන මම දන්නේ නෑ, නමුත් මොරටුවෙන් එලියට එන බහුතරයකට, තව කෙනෙක් හදපු දෙයක් බලන්, ඒක ඉගෙනගෙන, පාවිච්චි කරන්න දැනුම තිබ්බට අලුත් දෙයක් කරන්න හැකියාව අඩුයි කියලයි මම හිතන්නේ.
මම දැන් ඉන්න කැම්පස් එකේ එක්කෙනෙකුට semester එකකට කරන්න තියෙන්නේ lectures එකයි , නැත්නම් දෙකයි. අනෙක් වෙලාවට ළමයින්ට ගිහින් තමන් කරන ව්‍යාපෘති වලට උපදෙස් ගන්න පුළුවන්, ඒ වගේම ඒ අයත් පිට සමාගම් වලට උපදෙස් දෙනවා. සල්ලි හම්බ කරන්න ඒ දේවල් කරනවා කියල කවුරුවත් කුහක විදියට ඒ අය ගැන බලන්නේ නෑ. මොකද, processor ගැන උගන්වන එක්කෙනා Intel එකත් එක්ක වැඩ කරන නිසා, Networking උගන්වන කෙනා cisco එකත් එක්ක වැඩ කරන නිසා, කොටින්ම radar ගැන උගන්වන කෙනා ප්‍රශ්නයක් දෙන්නේ ඇත්ත radar එකකින් (සමහර විට එදා උදේ) ගත්ත දත්ත වලින්. ඉතින් මේකෙන් වෙන්නේ ඔක්කොටම හොඳක්.
අන්තිමට මේ ආචාර්ය වරුන්ට බනින සහෝදරයන්ගෙන් සහෝදරින්ගෙන් අහන්න කැමති, අර මොකක්ද වපුරලා තව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියල.

SL universities + lecturers sucks
they will not get $4000 salary even after 20 years i guess. However I believe that their salary should be at least about 50 000 Rs. If have Masters degree or above.



සිරා බං. මම නම් මෙහෙම ඉනෙනෑ.
එක අතකට පුදුමයි මේ අය මෙහෙම දඬුවම් විඳ විඳ මෙහෙම හිටී එක ගැන...

